“අන්තර්ජාලයේ අසීමිතව මුදල්”නම විකුණා සීමිතව මුදල් සොයන අපේම Internet ගුරූලා
Sorry, there are no polls available at the moment.මේ දවස් වල පුවත්පත්, සගරා වල ඔබත් සිත්ගන්නා සුළු දැන්වීම් දැක ඇති. අන්තර්ජාලය භාවිතා කර නොමිලේ මුදල් සොයන ක්‍රම යන්නෙන් ටික කලක ඉදන් තමයි, අපෙ රටෙත් Internet ගුරුලා බිහි වෙන්න පටන් ගෙන තියෙන්නේ. සමහර විට ඔබත් මේ Internet ගුරු යන වචනයට ආගන්තුක ඇති, පොඩ්ඩක් තේරුම් කළොත් “අන්තර්ජාලයෙන් මුදල් සොයන ක්‍රම ඉගැන්වීමට විවිධ කෘති, CD, Software අලෙවි කරන්නන්” (හැබැයි ඔවුන්ගෙ ප්‍රධාන ආදායම නම් මේ දේවල් අලෙවි කිරීමෙන් ලැබෙන දේ තමා
), මෙවැනි පුද්ගලයන් විශාල ප්‍රමාණයක් අද වන විටත් විවිධ රටවල සිටිනවා. Joel Comm(Adsense Secret), Rich Jerk, Even Chia වැන්නවුන් මීට වසර කීපයකට පෙර මෙම ජාවාරම ගජරාමෙට කරගෙන සිටියා. මුලදි $197, 97, 47වැනි අධික මිල ගණන් වලට තිබූ පොත් මේ වන විට $9,7 වැනි පහල අගයකට වැටී තියෙනවා. මෙයට ප්‍රධානම හේතුව නම් Digitalpoint වැනි Forums වල සිටින සාමාජිකයන් විසින් දිගින් දිගටම එල්ල කරන ලද විවේචනාත්මක ලිපි සහ ඔවුන්ගේ එකමුතුවයි. කතාවක් තියෙනවනේ බොරුවට වැඩි ආයුශ නැහැ කියලා.
අනෙකුත් රටවල නම් තත්වය එසේයි, නමුත් අප රටේ? අප රටේ එක්තරා සගරාවක් පරිශීලනය කරද්දි දැකපු දැන්වීම් ටිකක් මමත් ඔය නිකමෙට කියවලා බැලුවා. එකක තිබුනා Google සමාගමේ part Time Job එකක් කරන එකක් ගැන, අනෙක් දැන්වීමක අසීමිතව මුදල් සොයන්න එම දැන්වීමේ තිබෙන වෙබ් අඩවිය දිනපතා පරිශීලනය කරන්න කියලා සදහන් කරලා තිබුනා, බැලින්නම් එම වෙබ් අඩවිය පුරාවට තිබ්බෙ Google Adsense දැන්වීමක් සහ වචන 20ක් පමණ. අඩුම තරමෙ එම වෙබ් අඩවියට වෙන කිසිදු පිටුවක් වත් එකතු කර නැහැ. ඉතින් ඔහුගේ ප්‍රධානම අරමුණ ඉතින් වෙන දෙයක් නෙවෙයිනේ, හැකි තරම් Ads මත Clicks ලබා ගැනීමනේ.
මෙම දැන්වීම් සෑම එකකම පාහේ ප්‍රධාන මාතෘකාව Google Adsense, හැබැයි බොහො දෙනෙක් මේ බව කෙලින්ම සදහන් කරන්නේ නැහැ. තවත් අය සදහන් කරන්නේ වෙබ් අඩවි වල දැන්වීම් නරඹා මුදල හොයන හැටි, ඒ(Survey, Bux) ගැන නම් කතා කරලා වැඩක් නැහැනේ. මුල් අවධියෙදි ගොඩක් නවකයන් මුලා වෙන තැනක් තමා Bux.to වගේ දේවල්. නම් අන්තර්ජාලයෙන් සිගමන් යැදීමක් වැනියි
ඔබත් මෙවැනි දැන්වීමක් දකින විට එහ වෙබ් අඩවියක ලිපිනයක් සදහන් කර ඇත්නම් නිකමට පිවිසෙන්න. බොහො වෙබ් අඩවි වලට Google PageRank එකක් නැති තරම්, Alexa rank එක ගැන සැලකුවොත් එම අඩවි වලට පිවිසෙන්නන්ගේ(Unique Visitors, daily Traffic) ගණන හොදින් තේරුම් ගන්න පුළුවන්. ඇත්තටම මට අවශ්ය වුනේ කාටවත් මඩ ප්‍රහාරයක් එල්ල කරන්න නොවේ, සත් ක්‍රියාවක් ලෙස මොකුත්ම නොදන්නා නවකයන්ට මෙවැනි පාඨමාලා මෙහෙයවන්නන් අප රටේ සිටිනු ඇත. නමුත් අපට මේ ගැන කතිකාවතක් අනිවාර්යයෙන් තිබිය යුතුය, නැත්නම් වෙන්නෙ තවත් සක්විතිලා අප රටේ බිහි වීමය
Comments
113 Comments on “අන්තර්ජාලයේ අසීමිතව මුදල්”නම විකුණා සීමිතව මුදල් සොයන අපේම Internet ගුරූලා
-
එළද on
සඳුදා, 2nd පෙබ 2009 ප.ව. 7:05
-
රුක්ෂාන් කොත්වල on
සඳුදා, 2nd පෙබ 2009 ප.ව. 7:17
-
එළද on
සඳුදා, 2nd පෙබ 2009 ප.ව. 7:31
-
මලින්ත on
සඳුදා, 2nd පෙබ 2009 ප.ව. 7:34
-
කුඹිටික්කා on
සඳුදා, 2nd පෙබ 2009 ප.ව. 7:39
-
prageeth on
සඳුදා, 2nd පෙබ 2009 ප.ව. 7:57
-
ගයාන් කල්හාර on
සඳුදා, 2nd පෙබ 2009 ප.ව. 8:28
-
Manjula on
සඳුදා, 2nd පෙබ 2009 ප.ව. 8:32
-
ගයාන් කල්හාර on
සඳුදා, 2nd පෙබ 2009 ප.ව. 8:33
-
ගයාන් කල්හාර on
සඳුදා, 2nd පෙබ 2009 ප.ව. 8:36
-
Namila on
සඳුදා, 2nd පෙබ 2009 ප.ව. 8:39
-
රුක්ෂාන් කොත්වල on
සඳුදා, 2nd පෙබ 2009 ප.ව. 8:46
-
එළද on
සඳුදා, 2nd පෙබ 2009 ප.ව. 8:47
-
Namila on
සඳුදා, 2nd පෙබ 2009 ප.ව. 9:01
-
ගයාන් කල්හාර on
සඳුදා, 2nd පෙබ 2009 ප.ව. 9:02
-
ගයාන් කල්හාර on
සඳුදා, 2nd පෙබ 2009 ප.ව. 9:03
-
ගයාන් කල්හාර on
සඳුදා, 2nd පෙබ 2009 ප.ව. 9:10
-
ගයාන් කල්හාර on
සඳුදා, 2nd පෙබ 2009 ප.ව. 9:16
-
රුක්ෂාන් කොත්වල on
සඳුදා, 2nd පෙබ 2009 ප.ව. 9:17
-
Namila on
සඳුදා, 2nd පෙබ 2009 ප.ව. 9:22
-
එළද on
සඳුදා, 2nd පෙබ 2009 ප.ව. 9:29
-
ගයාන් කල්හාර on
සඳුදා, 2nd පෙබ 2009 ප.ව. 9:50
-
රුක්ෂාන් කොත්වල on
සඳුදා, 2nd පෙබ 2009 ප.ව. 9:53
-
ගයාන් කල්හාර on
සඳුදා, 2nd පෙබ 2009 ප.ව. 9:53
-
එළද on
සඳුදා, 2nd පෙබ 2009 ප.ව. 10:02
-
ගයාන් කල්හාර on
සඳුදා, 2nd පෙබ 2009 ප.ව. 10:16
-
රුක්ෂාන් කොත්වල on
සඳුදා, 2nd පෙබ 2009 ප.ව. 10:16
-
Uraj Deemantha on
සඳුදා, 2nd පෙබ 2009 ප.ව. 10:23
-
Namila on
සඳුදා, 2nd පෙබ 2009 ප.ව. 10:31
-
එළද on
සඳුදා, 2nd පෙබ 2009 ප.ව. 10:32
-
ගයාන් කල්හාර on
සඳුදා, 2nd පෙබ 2009 ප.ව. 10:34
-
Namila on
සඳුදා, 2nd පෙබ 2009 ප.ව. 10:38
-
cool33 on
සඳුදා, 2nd පෙබ 2009 ප.ව. 10:47
-
රුක්ෂාන් කොත්වල on
සඳුදා, 2nd පෙබ 2009 ප.ව. 10:47
-
Namila on
සඳුදා, 2nd පෙබ 2009 ප.ව. 10:50
-
ගයාන් කල්හාර on
සඳුදා, 2nd පෙබ 2009 ප.ව. 10:54
-
රුක්ෂාන් කොත්වල on
සඳුදා, 2nd පෙබ 2009 ප.ව. 11:02
-
ගයාන් කල්හාර on
සඳුදා, 2nd පෙබ 2009 ප.ව. 11:02
-
රුක්ෂාන් කොත්වල on
සඳුදා, 2nd පෙබ 2009 ප.ව. 11:09
-
ගයාන් කල්හාර on
සඳුදා, 2nd පෙබ 2009 ප.ව. 11:16
-
Nilmini on
සඳුදා, 2nd පෙබ 2009 ප.ව. 11:21
-
රුක්ෂාන් කොත්වල on
සඳුදා, 2nd පෙබ 2009 ප.ව. 11:27
-
ගයාන් කල්හාර on
සඳුදා, 2nd පෙබ 2009 ප.ව. 11:44
-
කැඩපත on
අඟ, 3rd පෙබ 2009 පෙ.ව. 12:30
-
Malinda on
අඟ, 3rd පෙබ 2009 පෙ.ව. 7:22
-
රුක්ෂාන් කොත්වල on
අඟ, 3rd පෙබ 2009 පෙ.ව. 7:58
-
ගයාන් කල්හාර on
අඟ, 3rd පෙබ 2009 පෙ.ව. 8:22
-
Rasa on
අඟ, 3rd පෙබ 2009 පෙ.ව. 8:36
-
Ruwan Weerasinghe on
අඟ, 3rd පෙබ 2009 පෙ.ව. 10:09
-
ගයාන් කල්හාර on
අඟ, 3rd පෙබ 2009 ප.ව. 3:55
-
ගයාන් කල්හාර on
අඟ, 3rd පෙබ 2009 ප.ව. 6:35
-
cool33 on
අඟ, 3rd පෙබ 2009 ප.ව. 9:18
-
රුක්ෂාන් කොත්වල on
අඟ, 3rd පෙබ 2009 ප.ව. 9:38
-
ගයාන් කල්හාර on
අඟ, 3rd පෙබ 2009 ප.ව. 9:44
-
සමීර ශාකුන්තල on
අඟ, 3rd පෙබ 2009 ප.ව. 9:52
-
රුක්ෂාන් කොත්වල on
අඟ, 3rd පෙබ 2009 ප.ව. 10:02
-
Namila on
අඟ, 3rd පෙබ 2009 ප.ව. 10:09
-
Namila on
අඟ, 3rd පෙබ 2009 ප.ව. 10:44
-
ගයාන් කල්හාර on
බදාදා, 4th පෙබ 2009 පෙ.ව. 5:57
-
දර්ශන අනුරාධ on
බදාදා, 4th පෙබ 2009 ප.ව. 7:24
-
දර්ශන අනුරාධ on
බදාදා, 4th පෙබ 2009 ප.ව. 7:43
-
Ruwan on
බදාදා, 4th පෙබ 2009 ප.ව. 7:59
-
ගයාන් කල්හාර on
බදාදා, 4th පෙබ 2009 ප.ව. 9:34
-
Namila on
බදාදා, 4th පෙබ 2009 ප.ව. 10:11
-
Namila on
බදාදා, 4th පෙබ 2009 ප.ව. 10:40
-
ගයාන් කල්හාර on
බ්‍රහස්, 5th පෙබ 2009 පෙ.ව. 9:08
-
දර්ශන අනුරාධ on
බ්‍රහස්, 5th පෙබ 2009 පෙ.ව. 11:37
-
Ruwan Weerasinghe on
සිකු, 6th පෙබ 2009 ප.ව. 1:28
-
buddika on
සෙන, 7th පෙබ 2009 ප.ව. 5:46
-
Ruwan Weerasinghe on
අඟ, 10th පෙබ 2009 ප.ව. 6:11
-
ud on
බ්‍රහස්, 12th පෙබ 2009 ප.ව. 7:23
-
chinthaka on
ඉරිදා, 15th පෙබ 2009 පෙ.ව. 1:38
-
prince on
අඟ, 24th පෙබ 2009 පෙ.ව. 7:54
-
cool on
බදාදා, 25th පෙබ 2009 ප.ව. 8:26
-
admin on
බදාදා, 25th පෙබ 2009 ප.ව. 8:48
-
cool on
බ්‍රහස්, 26th පෙබ 2009 පෙ.ව. 6:40
-
admin on
බ්‍රහස්, 26th පෙබ 2009 පෙ.ව. 7:09
-
sajeendra on
අඟ, 3rd මාර්තු 2009 ප.ව. 12:09
-
namal on
සිකු, 6th මාර්තු 2009 ප.ව. 12:59
-
namal on
සිකු, 6th මාර්තු 2009 ප.ව. 4:11
-
Lankapartner on
බ්‍රහස්, 12th මාර්තු 2009 පෙ.ව. 2:35
-
සුපුන් පෙරේරා on
ඉරිදා, 15th මාර්තු 2009 ප.ව. 1:32
-
Prbath Neranja on
සඳුදා, 20th අප්‍රේ 2009 පෙ.ව. 10:39
-
දර්ශන අනුරාධ on
අඟ, 21st අප්‍රේ 2009 ප.ව. 7:40
-
මහෙශ් on
සිකු, 24th අප්‍රේ 2009 ප.ව. 3:19
-
මහෙශ් on
සිකු, 24th අප්‍රේ 2009 ප.ව. 3:26
-
වජිර on
සෙන, 25th අප්‍රේ 2009 ප.ව. 9:37
-
කමල් සුජිව on
සඳුදා, 27th අප්‍රේ 2009 පෙ.ව. 10:17
-
sujeewa on
අඟ, 26th මැයි 2009 ප.ව. 10:11
-
දර්ශන අනුරාධ on
සෙන, 30th මැයි 2009 ප.ව. 5:21
-
Viraj on
සිකු, 12th ජූනි 2009 ප.ව. 9:26
-
Editor / PARIGANAKA on
සිකු, 26th ජූනි 2009 ප.ව. 12:40
-
admin on
සිකු, 26th ජූනි 2009 ප.ව. 11:47
-
Astronomer IYA on
සෙන, 27th ජූනි 2009 ප.ව. 11:45
-
Astronomer IYA on
සෙන, 27th ජූනි 2009 ප.ව. 11:47
-
දර්ශන අනුරාධ on
ඉරිදා, 28th ජූනි 2009 ප.ව. 6:32
-
Editor / PARIGANAKA on
සඳුදා, 29th ජූනි 2009 පෙ.ව. 11:53
-
Tharindu Madushanka on
සඳුදා, 13th ජූලි 2009 ප.ව. 1:37
-
sampath on
සඳුදා, 13th ජූලි 2009 ප.ව. 8:15
-
දර්ශන අනුරාධ on
අඟ, 14th ජූලි 2009 පෙ.ව. 11:48
-
සාගර on
සිකු, 24th ජූලි 2009 පෙ.ව. 9:38
-
mangalika jayaweera on
සෙන, 25th ජූලි 2009 ප.ව. 10:20
-
thelaa rox on
බදාදා, 9th සැප් 2009 ප.ව. 3:30
-
SBSLanka on
බදාදා, 9th සැප් 2009 ප.ව. 4:09
-
thelaa rox on
බදාදා, 9th සැප් 2009 ප.ව. 10:19
-
SBSLanka on
බ්‍රහස්, 10th සැප් 2009 ප.ව. 10:02
-
අනුෂ්ක on
සෙන, 20th පෙබ 2010 පෙ.ව. 8:32
-
Ruwan on
සඳුදා, 1st මාර්තු 2010 ප.ව. 3:46
-
දීප්ත on
බ්‍රහස්, 15th අප්‍රේ 2010 ප.ව. 11:25
-
naveen on
සෙන, 24th අප්‍රේ 2010 ප.ව. 3:02
-
Thushara on
ඉරිදා, 9th මැයි 2010 ප.ව. 9:15
-
palitha wimalasiri on
බදාදා, 19th මැයි 2010 ප.ව. 10:49
-
vichi on
අඟ, 15th ජූනි 2010 ප.ව. 2:55
සිරා ලිපියක් මචං
but we can not stop people do cheating and be cheated by others until තණ්හාව හිතේ තියන කල්
@ එළද
අපට කවුරුත් නවත්වන්න නම් අවශ්යතාවයක් නැහැනේ, නමුත් මේ ගැන කථිකාවතක් ඇති වුනොත් ජාවරම්කරුවන්ට පොට වරදියි.
@ රුක්ෂාන් කොත්වල
ඔවු අපි අපේ යුතුකම ඉටුකරමු
මාත් දැකලා තියෙනවා මේ වගේ දේල් ගැන දැන්වීම් පරිගණක හා සම්බන්ධ සඟරා වල පවා. කරන්නෙ වංචාවක් බව දැක්ක වෙලාවෙම හිතුණා.
කුරැණෑගල හොරු ගොඩක් ඉන්න්වා ඹය වැඩේ කරන
aththa kathawa machan.munta gahanna ona uda dala.
මම දැකපු ගොඩක් සයිට්ස් වල අනුන්ට උගන්නන්න තියා තමන්ගෙ සයිට් එකවත් WC3 ස්ට්‍රෑන්ඩඩ් වලට හදාගන්න බැරිවෙලා, හික්ස් අපේ ඉස්කෝලවල පහ හය වසරවල පොඩි අය හදනව ඊටවඩා පිලිවෙලට..
100% මුලාවක් බව පේන්න උන්ගෙ මාතෘකාම ඇති.. ඉන්ටර්නෙට් මනි කියන්නෙ මාසෙකින් දෙකකින් නොමිලෙම තමන්ටම කරගන්න පුලුවන් දෙයක්, අනිත් එක ඔතනින් ඉගෙන ගන්න අය, ඒ කියල දෙන දෙයින් ඔබ්බට යන්න හිතන්නෙ නෑනෙ..
අනිත් එක net money හැක්ස්, බ්ලැක් හෝල්ස් කියල දෙනව තියා,. උන්ගෙ සයිට් වල ඇඩ් ටික වත් හරියට මැනේජ් කරගන්න බැරි (මම දැකපු හැමෝම ) අයගෙ ඉගැන්වීම ගැන කවර කථාද?
දැන් සමහරු කියයි ඔය වැඩ වරද්දගෙන, බැරිකමට, ඉරිසියාවට කියන දේවල් කියල (මට සමහරු බැනලත් තියනව ඕව කියන්නෙ ගිහිල්ල
)
මම අවුරුදු 2- 2 1/2 මහන්සි වෙලා, දැන් මම හැම මාසෙම චෙක් එකක් එනව, 150 -200 $ කට වැඩිය. මම කියන්නෙ Online $ කියන්නෙ ඔය ගුරූලගෙන් ඉගෙන ගන්න සල්ලි නාස්ති කරන දෙයක් නෙමෙයි, ඔබට English කියවන්න පුලුවන් නම්, මොලේ තියනවනම්, අවංක නම්, හැකියාව තියනවනම්, Online Money streaming කියන්නෙ ලේසි වැඩක්… නිකම් වගේ තමයි..
mamath dakka (http://www.lankanads.com/EarnMoney.html)
Lanaka Ads.com eketh mewage danweemak dala thiyenawa
lanka ads karayanam amu pal horek
mu pahugiya dawaswala Negombo wala Branch ekak dagena hitiya
Negombo wala Godak Kadawalin Adds walata kiyala Salli Aragena Mu Panala giya
Dan Kohe Innawada Danne Na.
Untanam Kawruwathma Ahuwenna Epa
මම කියන්නෙ ඔය කියන්න අපාසුයි කිව්ව, 3න් දෙනාට,
පොඩ්ඩක් ඇස්, කන්, නාසා ඇරල. ඔය දැන්වීම් දිහා බලන්න, ඔය හිතන තරම් තීරණයක් ගන්න අපාසුද කියල ?
@ රුක්ෂාන් කොත්වල
කලින් කමෙන්ට්ස් වල මම නේම් එක දානකොට ඔයාගෙ නමත් පැටලිලා… පුලුවන් නම් සකසන්න හොඳේ..
සිරා මේක ඈත්ත කතාවක්. විජය පරිගනක සගරාවේ ඔය වෙළද දෑන්විම් පිරිලා තියෙන්නේ.එව්වගේ තිකියලා..පට්ට පල් බොරු..දවසට රු.2000 විතර හම්බ වෙයෙන විදියට ගෙදර ඉදන් නිකන් සල්ලි හොයන්න පුලුවන් නවලු
@ ගයාන් කල්හාර
හි හි ඔයා සුපිරි ප්‍රතිචාර දක්වන්න වුන නිසාද දන්න්නේ නැහැ. හැබැයි දන්නම් හරි වගේ…
@ ගයාන් කල්හාර
මචං how many websites do you have? can you write those URLs?
මට නං මාස 2 කට සැරයක් තමා cheque ඵක ලැබෙන්නෙ
දෙන් හරිද දන්නෙ නෑ
තව ලිපියක් තියෙන්නෙ ඕනෙ.. විජය පරිගනක වලට මොකද උනේ කියල.. මම ලඟ 2003 ඉන්දන් තියනව. ඒත් 2007න් පස්සෙ පත්තරේ තියෙන්නෙ වෙලඳ දැන්වීම් ඒකියන්නෙ කිසිම වැඩකට නැති එව්ව විතරයි. ඉස්සර කොහොමට තිබ්බ පත්තරයක් ද?. දැන් ඕකෙ නම පරිගනක දැන්වීම් කියල දැම්ම නම් ඉවරයි නෙ…
කිව්වට විශ්වාස කරන්න, මම මේ පාර (2008) සාපෙ IT paperට කිසිම දෙයක් පාඩම් කලේ නෑ, ඒත් මම කලේ හැමදාම ඉඩක් ලැබෙන වෙලාවට 2003-2007 විජය පරිගනකයි, ප්‍රායෝගික පරිගනකයි (ඒක නම් දැන් නෑ නෙ
) කියවපු එක, මට IT ques පත්තරේ කිසිම අමාරුවක් තිබ්බෙ නෑ, පෙරහුරු පේපර් වලත් මට 95-98 තිබ්බ (බොරු නෙමේ, ඕනෙ නම් Scan දෙන්නම්) ඉතින් ඒකාලෙ (2003-2007) විජය පරිගනක වල ගුණාත්මක භාවය ගැන තව සාක්ෂි ඕනෙ නෑ නේද?
@ රුක්ෂාන් කොත්වල
WP වලට හිතාගන්න බැරුව ඇති කවුද ඇත්තටම බ්ලොග් එක ලියන්නෙ කියල
@ Namila
දවසකට 2000 ක් බැරි නැහැ, ඒත් ඔය උගන්නන ක්‍රම වලින් නම් දවසකට සත 5-6 ක් තමා…
මම දන්න අය ඉන්නව ඔයිටත් වඩා හොයන (nt in SL) ඒත් මෙහෙම බොරු වලින් නෙමෙයි..
.
Net Money rule NO 1 = Don’t trust any body or any thing
Rule No 2 = Be honest
Rule No 3 = Don’t predict on your income (don’t quit from the JOB )
@ එළද
මට සයිට්ස් 2යි (3න් වෙනි එකත් හදල ඉවරයි.
upload කර කර ඉන්නෙ )
බ්ලොග්ස් 53යි (1 බ්ලොග් එකක් මගේ සිංහල එක ඒකෙ ඇඩ්ස් දාන්නෙ නෑ ,අනිත් 52කම ඉතින් MFA තමා ;D )
මෙතන URL දාන එක හරි මදි නේද?, එතකොට මම ස්පෑම් කලා වෙනව නෙව.
ඕනෙ නම් මට මේල් කරන්න.
gayankalhara(at)galleman.com
@ ගයාන් කල්හාර
WP වලත් හිටිගමන් විකාර නටනවා
මමත් සගරාව වසර 2000 පමණ සිට(මතක හැටියට )පරිශීලනය කරනවා. වෙලද දැන්වීම් නම් සගරා වල පළ විය යුතුයි.(http://www.pcworld.com, http://www.pcmag.com/ බලන්න) නමුත් ඒවා පළකිරීමට පෙර කතෘ මණ්ඩලය මගින් අනුමත කළ යුතුයි. නැත්නම් වෙන්නෙ අර මම කිව්ව වගෙ Adsense දැන්වීමක් සහ වචන කිහිපයක් ඇති වෙබ් අඩ්වි ගැන ප්‍රචාරය වීමයි.
@ ගයාන්
ඔයා අන්තර්ජාලයෙන් මුදල් සොයන්නේ වෙලද දෙන්වීම් හරහද???
@ රුක්ෂාන් කොත්වල
“නමුත් ඒවා පළකිරීමට පෙර කතෘ මණ්ඩලය මගින් අනුමත කළ යුතුයි. ”
It is must. If our editors and directors of media did this we would have to save millions of rupees from Sakvithi kind of people.
@ රුක්ෂාන් කොත්වල
මම හිතන්නෙ ඉස්සර එහෙම දෙයක් මේකෙත් තිබ්බ..
දැන් ඔක්කොම සල්ලි පස්සෙ දුවනව
@ Namila
වෙලද දැන්වීම හරහා මුදල් සොයන එක හරියට කලොත් පුලුවන්
@ගයාන් කල්හාර
අහ්! SPAM ගැන නම් ඔබටම තීරණය කරන්න පුළුවන්නේ. මෙම බ්ලොග් එකට ගැලපීමක් ඇති ඔබේ වෙබ් අඩවි වල ලිපිනයන් ඔබට ඔනෙම වෙලාවක සදහන් කරන්න පුළුවන්
@ Namila
ප්‍රදාන වශයෙන් ම ඇඩ් මගින් නෙමෙයි, ඔන්ලයින් සේවා මගින් තමා වැඩි පංගුව..
ඒත් ඊට පස්සෙ වැඩිම ආදායම ඇඩ් වලින් තමා
@ රුක්ෂාන් කොත්වල
ඔබ නම් සැබෑ online මහත්මයෙක්. some people do not even to put url on their website
@ රුක්ෂාන් කොත්වල
මම හිතන්නෙ නැහැ ඒක හොඳ දෙයක් කියල, මොකද මාතෘකාවට අදාලව ලින්ක් එක් කිරීම හොඳ උනත්, මගේ සියලුම බ්ලොග් මෙතන දැමීම ස්පෑම් කිරීමක් හැටියටයි මම සලකන්නෙ.
, මම පෞද්ගලිකව මගේ බ්ලොග් අඩවියෙ එවැනිදේ පළකිරනවාට කැමති නැහැ(අඩු ගානෙ මාගේ බ්ලොග් අඩවියකවත්. මාතෘකාවට අදාල නැත්නම් මගේම බ්ලොග් අඩවියකට ඈඳුතුවක් වත් දමන්නේ නැහැ, ඒක පරිශීලකයන්ට කරදරයක් ), ඉතින් මම අනිත් බ්ලොග් වලටත් ඒ අයුරින්ම සැලකිය යුතුයි නේද?,
කැමති කෙනෙකුට මගේ බ්ලොග්ස් ගැන දැන ගන්න ඕනෑම වේලාවක මට ඊමේල් කිරීමෙන් පුලුවනි..
මගෙත් මේ වෙනකම් 95% වගේ ආදායම ලැබිලා තියෙන්නෙ සේවා මගින්. Ads වලින් නම් හරි අඩුයි.මමත් ඔනෙම කෙනෙක්ට අනුමත කරන්නේ යම් සේවාවක් පටන් ගන්න කියලයි.
ඔව් ඔව් මමත් දැක්කා…… විජය පරිගණක සගරාවේ….. ඔය ගැන තියෙනවා…..
ඒවායේ කියලා තියෙන sites වලට ගියහම තේරුම් ගන්න පුලුවන්….. මොකක්ද ඇත්තටම කෙරෙන්නේ කියලා…….!!
මාර වැඩේ කියන්නේ මේ CD’s එහෙම ගත්තහම……., රුපියල් 5600 ක් විතර වෙන ඩයලොග් සම්බන්ධතාවත් නිකම් දෙනවලුනේ………??
අනේ ඉතින් අපි අහු වෙයි ඕවට……….!!
මටත් මුදල් හොයන ක්‍රම ටිකක් කියන්නකො.Ads දාලා නෙමේයි.වෙනත් ක්‍රමයක්
@ රුක්ෂාන් කොත්වල
මොනවද මචං උඔ සපයන සේවා
ඔව් ඇඩ් මත යැපෙනවට වඩා, තමන්ටම අනන්‍ය වූ සේවාවක් සැපයීමෙන් තමා ගොඩ එන්න පුලුවන් වෙන්නෙ.එහෙම සේවාවකින් තමා ඇඩ් වලින් උනත් වැඩි ආදායමක් ගන්න පුලුවන් වෙන්නෙ..
මගේ ඇඩ් වලින් එන ආදායම 20% ක් වත් නැහැ…
හැම කෙනාටම, තමන්ට ඔන්ලයින් කරන්න පුලුවන් මොකක් හරි දෙයක් තියනව, ඒක හොයාගන්න එකයි තියෙන්නෙ
මම දන්න කෙනෙක් ඉන්නව, මිනිහට වෙන මුකුත් බැහැ, බයිසිකල් වැඩ දාල පදින්න පුලුවන්,(USA) එයා වීඩියො කමරාවක් අරගෙන එයාම ෆිල්ම් කරල, බ්ලොගයක දැම්ම, හැම සතියෙම තමන්ගෙම මොකක් හරි stunt එකකින් සයිට් එක අප්ඩේට් කලා, දැන් එයාට දවසකට 400-500 ක් daily viewers ල ඉන්නව, ඉතින් පස්සෙ මිනිහ ඇඩ්සෙන්ස් දැම්ම, දැන් හොඳ ලාභයක් තියනවලු
ඉතින් බලන්න මොකක්ද කරන්න බැරි කියල ?
ක්‍රම සහ විධි ටිකක් කියන්න මුදල් සොයන්න්න
mehema sinhalen blog thiyana eka loku deyak. Net eken salli hoyan eka samahara aya hodata karanawa. api tikak internet gana hodata dannawanam me wadeta atha gahanna puluwan.
oyagollo kawruhari forex gana dannawada.
kata hari kiyanna puluwanda paypal wali lankawata salli genna ganna widiyak.
ඔව් මමත් ඔය සාධාරණව මුදලක් හොය ගන්න ක්‍රම සදහහන් කරන්න තම මේ ගැන බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තේ. ඊට කළින් අපි සැවොම අන්තර්ජාලය ගැන වැටහීමක් ගැනීම අනිවාර්යයි. ඉතින් මේ දවස් වල මම අත්දැකීම් ලබා ගත් තාක්ෂණික මාතෘකා ගැන ලිපි පළ කරන්නේ අන්න ඒ නිසයි. මම ඉදිරියට මෙවැනි මුදල් උපයන් ක්‍රම ගැන සදහන් කරන්නම්.
මම සේවා සපයන්නේ වෙබ් අඩවි නිර්මාණය සහ වැඩි දියුණු කිරීම, Search Engine Optimizations, සහ විවිධ වෙබ් කළමනාකරණ කටයුතුයි.
@ රුක්ශාන්
ඔයා ඒ ගෙන post එකක් දාන්න.මුදල් සොයන ක්‍රම දාලා
@ Namila
ඒක තියෙන්නෙ ඔයාගෙ අතේ,
සල්ලි ටිකක් තියනවනම් මම නම් කියන්නෙ හොඳ, අනන්‍යතාවක් තියන වෙබ් අඩවියක් පටන්ගන්න කියලයි,
ඕනෙ නම් හොස්ටින් රිසෙලර් වගේ දෙයක් උනත් කරන්න පුලුවන්, මම් හිතන්නෙ ඒකතමා නියම රස්සාව
ADs From Gayan Kalhara
මම ප්‍රධානව කරන්නෙ ඉන්ටර්නෙට් කුලීකරුවන් සැපයීම (Freelancer supply/exchange) නවීන තාක්ශනික හා DIY (Do It Yourself) ව්‍යාපෘති ඉදිරිපත් කිරීම. මැනුවල් සර්ච් සේවාව වගේ දේවල්,(මගේ අලුත් ම අඩවිය ඉන්ටර්නෙට් මුදල් සෙවීම ගැන නොමිලේ උදව් ලබාදීමටයි සකසා තියෙන්නෙ, ) තව පැය කිහිපයකින් දකින්න පුලුවන් වෙයි (ඔන්න මමත් පොඩි ස්පෑම් පාරක් දැම්මා )
@ Namila
මටත් දෙන්න තියෙන උපදේශය ගයාන් කල්හාර කියන දේමයි. ඔබට අපි උදව් කරන්නම්. නමුත් ක්‍රමානුකූලව ඉගෙන ගත යුතුයි. පළමුව අන්තර්ජාලය ගැන ඉගෙන ගන්න.
@ cool33
පේපැල් ලංකවේ විදේශ ප්‍රතිපත්ති සමග නොගැලපීම ලොකු පාඩුවක් තමයි. ඒත් ඒක සකසා ගන්නත් ක්‍රම තියනව, හැබැයි වියදම අධිකයි, 1000$ ගෙන්වා ගන්න 200$ – 500$ වියදම් කරන්න වෙනව,,
මම නම් කියන්නෙ පුලුවන් තරම් චෙක් / වෙස්ටන් යූනියන් / මනි ග්‍රෑම් වගේ සේවා ප්‍රයෝජනයට ගන්ට කියල, මගේ පේපැල් ගිනුමේ මුදල් මම ඔන්ලයින් ගනුදෙනු සඳහා පමණක් තබා ගෙන ඉන්නව, ගන්න පුලුවන් තරමක් වෙන සේවා වලින් ගන්නව,
@cool33
Paypal වලට මමත් විවිධ විකල්ප භාවිතා කරනවා, ඔබට විශ්වාසවන්ත විදේශිකයෙකුගෙන් සහයොගය ගත හැකිනම් පහසුයි. මම මේ ගැන ලිපියක් පළ කරන්නම්. Paypal වලට ඇති හොදම විකල්පය http://moneybookers.com
පේපැල් වලින් getfreelancer වැනි වෙබ් අඩවියකට ආයෝජනය කර. එසැනින් moneybooker/alertpay වැනි ගිනුමකට හෝ බැංකු (nt in SL) බැර කිරීම පහසු ක්‍රමයක්.
නැත්නම් PayPal Business or Premium ගිනුමක් මිලදී ගෙන එහි හර ක්‍රමයට dutch bank / city bank වැනි බැංකු ගිනුමකට බැර කල හැකිනම් අගේ (ඔබට ගිනුමක් ඇරඹීමට නම් සිදු වෙනව )
Good article guys. What is the first step of making money online. I have not studied any computer language or web designing.But I would like to learn them because it seems interesting. Is there any way to learn them on line. I mean a beginners lessons.
@ Nilmini
You better to learn about Internet and web mastering. First of all be a member at http://forums.digitalpoint.com . Then refer it, you can ask any questions from experts than us. You can get few guidelines from this blog. If you have writing skills start a Blog site. then try to to optimize it.
Good Luck!
@ Nilmini
The Internet money macking is NOT a single Subject, and Its changing its surface day by day, SO first you hv to refer basic Internet technincs and understand wht da Internet is .. after get used to it, u can start considering about internet money..
.
seems to be very complex ha ?, NO its not, Its easy if you can understand da basic things.
.
The best lerning place I ever hd is GOOGLE , U can ask any thing, i mean any thing from experts on this field, there are millions of them, But you hv to choose whts FAKE and whts TRUE…(its bit hard if ur a newbie)
.
THE Only way is
.
STAY HUNGRY STAY FOOLISH , Never Stop learning……
හොද ලිපියක්. මමත් ඔය ගැන ඉගෙන ගන්න ආසයි. හොයලා බලන්න ඔනේ.
ඒක ඇත්ත. ඒ අයට එමෙහ හොයාගන්න පුලුවන්නම් ඇයි මේ අනිත් අයට කිල දීදී සල්ලි හොයන්න හදන්නෙ…..
අපේ අයත් රැවටෙනවනෙ
@ Malinda
ඒ ඔවුන්ගේ ප්‍රධාන ආදායම වන්නේ මෙය නිසා, අනෙකුත් රටවලත් මෙය විශාල වශයෙන් සිදු වෙනවා.
එහෙත් බොහෝරටවල මෙවැනි දේ සිදුවෙන්නේ අන්තර්ජාලය මගින් මිසක්, පුවත්පත් වැනි අතිශය සංවේදී (බොහෝ අය පුවත්පත් විශ්වාස කරනව ජාලයට වඩා) මාධ්‍යය වලින් නෙමෙයි, මොකද ඔවුන් සතුව පාලක මණ්ඩල හා පැමිණිලි කල හැකි ස්ථාන පවතිනව. (අපේ රටේ පොලීසියට ගිහින් ඉන්ටනෙට් මනි ස්කෑම්ස් ගැන කිව්වොත් අපිව පිස්සන් කොටුවට යවයි )
කොහොමද sign Up වෙන්නෙ
thnx machan. godak dewal igena gaththa. math thama blog 3k withara demma. thama nan 1$ withra thiyenne. matath podi help ekak deepan. EK eke man UR1.
@ Ruwan Weerasinghe
හායි.. (කුඩු රුවන්) කොහොමද ඉතින්.. ඇමරිකාවෙ හංදියෙ ඉඳන් මෙව්වද කරන්නෙ ? හික්ස්…
ඔයාගෙ ඇඩ් මැනේජින් නම් නියමයි, ගොඩක් අයට තේරුම් කරන්න අමාරු දේ ඔයා කරල තියනව.
මම හිතන්නෙ සිංහල බ්ලොග් කරුවන් (කියවන්නන්)අතර ඔය පාඨමාලා ජාවාරම් කාරයෙකුත් ඉන්නව වාගේ.. අර “සාර්ථකයි” කියල ඡන්දෙ දමල තියෙන්නෙ… හික්ස්… අනේ මගේ කට (අත්)
Dan masa 6 kata withara Mama google adsence account ekaka open kara. But egollo mage account eka banned kara. (over clicking) {mama e dawas wala owa gana wadiya dan na}. Mage blog ekakta PR2 thiyanawa. E wunata mata wena google adsence account walinuth apahu e site eka submit karanna ba. e gollo eka reject karanawa. mata apahu e site eka google adsence ekata submit karanna barida.
@ cool33
නැවතත් ඔබට පැරණි තොරතුරු භාවිතා කරන්න බැහැ
ගූගල් වල (විශේෂයෙන්ම මේ කාලෙ ) නීති තදින්ම ක්‍රියාත්මක වෙනව. ඉස්සරනම් ඇපෑලක් ඉදිරිපත් කරන්න පුලුවන්, ඒත් දැන් ඒව සලකන්නෙ නැහැ.
අර කියනව වගේ සොරි.කොම් තමා
@ගයාන්,
51 වන ප්‍රතිචාරය ගැන:
මං හිතන්නෙ එයා අදහස් කරන්න ඇත්තෙ රුක්ෂාන් ගැන වෙන්න ඇති
@ සමීර ශාකුන්තල
ඔව් ඔව් මම දාපු ඡන්දය ඔයාට තේරුනා නේද! හි හි
@සමීර
ඔයා කියන්නේ රුක්ශාන් “සාර්ථකයි” කියලා දෑම්මා කියලද?
@රුක්ශාන්
එයා දාලා.මම හිතුවේ නෑ කියලා.:-))
@ සමීර ශාකුන්තල
ඔව් ඔව් ඒවාගෙ… හික්ස්
මගෙ 1 වෙනි Adsense චෙක් එක හෙට අනිඩ්ඩ එනව
එක අවම මම මගෙ කියල අලුත් Site 1ක් පටන් ගන්න ඔන.
එත් මට තම මොන වගෙ වෙබ් අඩවිය ක් හඩන්නකියල තීරනයක් නෙ.
පෙබරිවරි අග වෙනකොට මම ලන්කවෙ IT Students ලට වෙබ් ෆොරුම් 1ක් Lounch කරනව.
Student forum 1 totaly adds free site 1k.
But i need ideas for the other site
Good post rukshan, comments walinuth godak deewal igena ganna puluwan. mama hithanne aluth post ekak demmoth honday Internet money making gena,
Thanks for the Gayan too.
@ දර්ශන අනුරාධ
මම පොඩි උපදෙසක් දෙන්නද?
ඔයාගෙ චෙක් එක රිලීස් වෙලා නම්, ඔයාගෙ සයිට් එකේ තියන ඇඩ්ස් අයින් කරන්න, මගේ මේපාර චෙක් එකත් පෙන්ඩින් හින්ද තමා මාත් අයින් කරල තියෙන්නෙ
මොකද දන්නවද? සමහරු ඉන්නව, අනිත් අයගෙ දියුනුව බලන් ඉන්න බැරි අය. ඒගොල්ලො අනිත් අයට චෙක් එකක් රීලීස් වෙලා කියල දැන ගත්තම කොහොම හරි එයාව බෑන් කරන්න ට්‍රයි කරනව, කොහොමද කියල කියන්න ඕනෙ නෑ නෙ ? මම කියන්නෙ මට ඕක දෙපාරක්ම උන නිසා, මම දන්නව චෙක් එක අතට ඇවිල්ලත් සල්ලි ගන්න බැරි උනාම තියන දුක…
අනිත් එක, චෙක් එක මාරු වෙන්නත් සති 3-4ක් යනව හොඳේ
gud luck
@ගයාන්
එ කියන්නේ චෙක් එක එද්දී දෙන්වීම් අයින් කරන්න ඔනේ කියලද?
den okkoma change kara
@ Namila
මම එහෙම්මම කියන්නෙ නෑ, ඒත් මම කිව්වෙ වැඩි හොඳට, මට ඒව වෙලා තියනව
@ගයාන්
ගොඩක් ස්තුති . මන් මගෙ බ්ලොග් 1 ආඩ්ස් අඉන් කලා.
@ ගයාන් කල්හාර
thanks thanks…:D
තව ඔයාගෙ යෝජනා එහෙම තියෙනවනම් කියන්න.
ඔන්න ඉතින් මමත් සින්හලෙන් යතුරු කරන්න ආරම්භ කලා. හික් හික්ස්. මන් නම් තාම මගෙ බ්ලොග් එක පටන් අරගෙන සති දෙකක් විතර තමා. තාම 2$ තියෙන්නෙ.
මට දෑනගන්න ඔන search වලිනුය් rss feeds වලිනුය් money හොයන්නෙ කොහොමද කියල. එකෙ google වල තියෙන help එක මට එච්චර තෙරෙන්නෙ නෑ.
katawanam atta tamai.e wunata Rs 5000 connection 1 Rs 2500 ta ganna puluwan hinda mama cd 1 gatta.connection 1 sati 3 n hamba wuna.
eheheh man adsense walin mudla seweema neweththuwa…
hethuwa oyala dannawa athine… ![]()
ithin me dawas wala man wena idea ekak athhada balamin innawa.
wede harigiyoth man kiyannam.
mokada kattiyath ekkama wale wetenna ona nene….:D
actually google adsense is a 100% sucsessfull activity.also Mis Manjula I have to say that LankanAds.com and Lanka ads.com are completly different two sites.I’m the owner of LankanAds.com so I have a experience abt Google Adsense. If u have a doubt pls contact me. I will explain U. also theres a site named Lanka ads.com . pls consider about those two names.LankanAds.com other one is LankaAds.com first one start with Lankan.Second one Start with Lanka. I dont know about Lanka ads.com owner.if u know more about him pls let me know. I’m not living in Negombo.I’m Living in Kiribathgoda. I have to say that Google Adsense is a verry valuable program.some people acieve.some people not.first try.
may online money making tavath sakvithi buyisness ekak vage.kiyannath lajjai rate prasidda pariganaka adyapana ayathanayakuth eeniya patamalavak patan aran Rs.20000 aya karanava.(5000 idan tiyenava)May vage ayathanath mehema karana vita janathava mula vimat tiyena ida bohoma vadi.magenuth boho denek ahala tiyenava may patamala valata sambanda vennada kiyala.mamth may ayage nugegoda branch ekata gihillama kata karala baluva eyala may 20000k aran kiyala denna hadanne adsense gana,blog ekak patan ganna vidiya vage sarala deval.api hamoma avabodayak nathi piris may vage deval valin bera gatha yuthui.
OYA WAGE DANNE NATHI KATTIYAWA DANUWATH KARANA EKA BOHOMA WATINAWA..,,,MACHAN…MAMA NAM OYA SEEN EKA DANNAWA…
KEEP IT UP
BYEEEEE……..
අපේ රටේ මැතකදි පිරමිඩ් සංකල්පය පදනම් කරගෙන මිනිසුන් වංචාවන්ට හසුකරගනිමින් ඔවුන්ගේ වටිනා මුදල් පැහැරගැනිමේ සුවිසල් වෙලදාම් පැවතුනා. යම් යම් ඒවා නිතියේ රැහැනට අසු උනද ඒවයින් පන ලැබු, පිරමිඩ සංකල්පයේ සෙවන ලබන තවත් උපක්‍රමයන් පවතින බව මැතකදි මා මුහුන පැ සිදුවීමකින් මට පසක් වුනා.
මෙහිදි ඇති අවාසනවන්ත තත්වය වන්නේ සංනිවේදනය යටතේ E-commerce සහ අන්තර්ජාලය යොදා ගැනිමයි. මේ තත්වය යටතේ පිරමිඩ සංකල්පයට ඔවුන් අලුත් මුහුනු වරක් දිමට උත්සකර තිබෙනවා.
මෙහිදි ඔවුන් සතුව පවතින විවිද භාන්ඩ මිලදි ගැනිමට සිදුවන අතර එම භාන්ඩයක අවම රුපියල් 60000 මිල පමන වෙනවා. මෙය යම්තාක් දුරට පිලිගැනිමට අපහසු වුවත් ඇත්ත තත්වය එයයි. මාගේ යහලුවාට අනුව ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකුද මෙයට, එම මුදල ගෙවීමෙන් දායක වී තිබේනවා.
මෙහිදි අපට ලැබෙන භාන්ඩය අප ගෙවන මුදලට වඩා බොහෝ අඩු වටිනාමකින් යුක්තය. රුපියල් 60000 පමන ගෙවා ලබා ගන්නා භාන්ඩය වනුයේ BIO DISK නැමති උපකරනයි. එයින් පිරිසිදු වතුර ලබා ගැනිමේ උපකරනයක් ලෙසයි මගේ මිතුරා පැවසුවේ. මෙය ඉතා පහල මිලක් තිබෙන උපකරනයක්. මිට ඉහල වටිනාමකින් යුතු සමහර උපකරනක් ලෙස අත් ඔරලෝසුවක් ඔවුන් ලබා දෙනවා. මෙය ලබා ගැනිමට රුපියල් 60000 ඉහල මුදලක් ගෙවිය යුතුයි.
මෙහිදි ඔවුන්ගෙන් මෙම මිලදි ගැනිම් වලට UNIT 1 අපට හිමිවන අතර ඔව්න්ගේ ජාලයට අපට එක් විමට හැකියාව ලැබෙනවා. අප කල යුත්තේ තවත් මේ සදහා බදවා ගැනිමයි.
මෙහිදි පිරමිඩය ගොඩ නැගෙනවා. මෙය ලෝකයේ බොහෝ රට වල තහනම් වන අතර, ලන්කවේද තහනම් වනවා. මෙහිදි විදේශ විනිමය බෙහෙවින් රට්න් පිට යනවා.
මේක අපි විසින් සංවාදයට ලක් කල යුතු දෙයක්. මම සිතනවා මේ පිලිබදව අපට කල යුතු බොහො දැ තිබෙනවා. මේ පිලිබදව අදාල අංශ වල අවදානය ඉක්මනින් යොමු විය යුතුයි.
අපේ රට QuestNet තුල නැමති ආයතනයක් තහනම් කලත් ඔව්න් Lotus Marketing යන නමින් නැවත පිහිටුවා තිබෙනවා. එය No. 209/10 SSS Best Bulb Building, 2nd Floor Union Place, Colombo 02 තැන පිහිටා තිබුනත් එයත් දැන් වසා තියෙනවා. නමුත් ඔව්න් නැවතත් Lotus Marketing 2 යන නමින් එය පිහිටුවීමට උත්සහදරන බව මට සොයාගන්ට ලැබුනා. මෙය දැනට සමහර ආයතන තුලත්, විශ්ව විද්දයාය තුලත් පැතිරිම සිදුවෙමින් තිබෙනවා.
මෙය විශාල විනාශයක් ගෙනදෙන දෙයක් මෙය නැවත්වීම අප සියලු දෙනගේම වගකිමක්. ඉතින් මෙය මාගේ මෙන්ම ඔබගේත් යුතුකමක්.රටේ වගකිමක් ඇති පුරවැසියන් ලෙස ඔබලා මෙයට වගකිමෙන් හා අවබෝදයෙන් යුතුව එක් වෙයි කියා මා සිතනවා. මෙවනි දැ සිදු කරන ආයතන කිහිපයක web ලිපිනයන් පහත තිබෙනවා.
QuestNet ආයතනයේ ලංකවේ වෙබ් ලිපිනයක් තිබුනත් එයට පිවිසිය නොහැකියි.
http://www.lotus-mktg.com
ඉතින් මෙයට අපට කල හැක්කේ කුමක්ද????? මෙහි මිලග ගොදුර ඔබගේ යහලුවෙකු, හිතවතකු විය හැකියි.
@ cool
ඇත්තටම හරි වැදගත් අනතුරු ඇගවීමක් , පේරාදෙනිය විශ්ව විද්‍යාලයෙත් මේක භයානක අයුරින් පැතිරිලා තියෙනවා. මුදල් වලට සමහරුන්ගේ ඇති කෑදරකම නැති වෙනකම් මේවා විවිධ නම් වලින් තියෙයි ![]()
අගනා දැනුවත් කිරීමක්
ඔබගේ වටිනා කාලයට ස්තූතියි.
ඔව් ඔබ ඉගනුම ලබන පිඨයේ පවා මෙය හොදින් පැතිරෙනවා. සමහරුන් මෙය එසේ නැත යැයි කිවත් මෙය හොර රහසේ වන්නක්. මෙය නිති විරෝදි කටයුත්තක්.
මෙයින් අපගේ සමහර යාලුවන් ගලවා ගැනිම අපහසුයි. මේ පිලිබදව නිතිමය අංශ දැනුමත් කිරිම පිලිබදව ඔබගේ අදහස මා දැනගන්නට කැමතියි.
@ cool
මේ පිලිබද වරක් පීඨ ශිෂ්‍ය සංගමය මගින් දැනුවත් කළා, දැන්නම් තත්වය යම් තරමකට පාලනය වෙලා ![]()
නීති කොපමන තිබුනත් ඒවා මගහැරීමනේ අප අය කරන ලොකුම වැරැද්ද
me blog eka tamai mama dakapu hodama sinhala blog eaka..
අය්යා font size පොඩ්ඩක් ලොකු කරන්න…එතකොට එල…
ඔන්න අයියා මමත් INTERNET MONEY කියල පොස්ට් එකක් දෑම්මා ඔය සම්බන්දව මගේ යාලුවෙක්ට උන සිදුවිමක් පොඩ්ඩක් බලන්න හොදද කියලා
lankaads owner is on netherlands, his residence also negombo…I know hes nt a thief, he never doing adsense , & I knw he waste 30 lax for his site…How??? he place ads on sirasa tv news belt 3 mnths, one mnth cost is 10 lax..Any way sirasa ads nt working, his site nt in up, also chk sirasa site ethalaya.com is below in traffic rank than my site
මම ඇඩ් සෙන්ස් භාවිතා කරන්න පටන් ගත්තෙ 2008/11/28, දැන් ගිනුමේ $53.42ක් තියනවා. මගෙ යාලුවො තමයි ගොඩක්ම ඇඩ්ස් කිල්ක් කරන්නෙ, එආ නීති විරෝධීද කියල මම දන්නෙ නෑ. කෙසේ නමුත් මට බ්ලොග්ස් 5යි තියෙන්නෙ, ගූගල් එකෙන් මගෙ ඇඩ්සෙන්ස් ගිනුම අවලංගු කරයිද? මොකක්ද ඔය උඩ කතා කරපු සේවා? මට එක තේරුනේ නෑ, කෙසේ වෙතත් මම රුක්ෂාන් කොත්වලට ස්තූතිවන්ත වෙනව මේ ගැන දැනුවත් කිරීම පිලිබඳව.
මචන් නරකද අපේ අයට ඈත්තටම adsense වලින් සල්ලි හොයන හෑටි කියල දුන්නොත් ?ඒතකොට අපේ අය අර කිව්ව කලු කඩ කරයන්ට අහුවෙන එකක් නෑහෑනෙ.
අඩ්සෙන්ස් වලින් සල්ලි හොයන හටි කියල ඩෙන්නනම් පුලුවන්. මොකඩ මත් මස ගනක් ඔක කලා. එත් 1 චෙක් එක අවට පස්සෙ මම එක නැවැත්තුව. එකට හොඩක් මහන්සි වෙන්නඔන.
අඩ්සෙන්සෙ වලට වඩ හොඩ ක්‍රම ගොඩක් තියෙනව සල්ලි හොයන්න.
ඔනම නම් මන් අඩ්සෙන්සෙ ගන කියලදෙනම්.
මම මෙ ගැන පොඩ්ඩක් දන්නවා මම මෙක ගැන පොඩ්ඩක් හොයලා බලුවා මෙක මහා බොරුවක්
මම දන්න හුගක් අය අර විජය පරිගනක සගරව බලලා ඉන්ට්රනෙර්ට්(money cd) එක අරන් තිබුනා එක මහා පට්ට පල් බොරුවක් එකෙන් කවෘහරි සල්ලි හොයල ටියන්වන්ම් මට කියන්වද slnetzz@in.com
ඔක්කොම ඉන්නෙ අපිට උගන්නන්න නෙමෙයි, උගන්නනවා කියල සල්ලි හූරගෙන කට්ටියව අමරුවෙ ඩාන එක. මමත් දෑන් ලගදි තමයි බ්ලොග් ලියන්න පටන් ගත්තෙ .තාම ගොඩක් ඉගෙනගන්නවා හෙමිහිට. මෙ රුක්ශන්ගෙ මුලු බ්ලොග් සයිට් එකම මම කියෙව්වා. ගොඩක් වෑදගත් එවා තියෙනවා. ඔයාට බොහොම ස්තුතියි අපිව දෑනුවත් කලාට
……………
රුක්ශාන් ට් බොහොම ස්තුතියි තවත් මෙ පිලිද විස්තර ලියන්ඩ එතකොට මෙකට අහුවෙන කට්ටිය අඩු වෙවි……
මට කියන්න පුලුවන්ද ගූගල් අඩ්සෙන්ස් වල චෙක් එක කීයක්
වුනාමද එවන්නෙ කියල
පොඩි වෙරඩීමක් කලින් වුනෙ සමා වෙන්න
@Sujeewa
100$
සින්හල බ්ලොග් සන්සදයට දීර්ගායුශ පතමි. මමත් අඩ්සෙන්ස් කරන කෙනෙක් මමත් හිතන් හිටියෙ බොහො අය හිතන විදියටමයි. අඩ්සෙන්ස් ගැන තරමක දැනීමක් තියෙනව, මට බ්ලොග් 8ක් තියෙනවා, තාම මම අලුත් ක්‍රම ගන හොයමින් ඉන්නේ. මාත් කමති ඔබලා සමග අදහස් හුවමාරු කරගන්න.
E-mail: dviraj@gmail.com
විරාජ්
විජය පරිගණක සඟරාවට මොකද වුණේ?
විජය පරිගණක සඟරාවට මොකද වුණේ කියලා ලිපියක් ලියන්න කරපු යෝජනාව හොඳයි.
සඟරාවට වෙලා තියෙන්නේ තිබුණාට වඩා හැම අතින්ම තවත් දියුණු වුණු එකයි.
වෙළෙඳ දැන්වීම් වැඩියි කියන එක ගැන චෝදනා මුඛයෙන් කතා කරන්න පටන් අරන්. එ ගැන පැහැදිලි කිරීමක් කරන එකයි මේ ලිවීමේ අදහස.
විජය පරිගණක සඟරාව සම්පූර්ණ වර්ණ සඟරාවක්. මේක මුද්‍රණය කරන්න කඩදාසි, තීන්ත, වෙනත් යාන්ත‍්‍රික උපකරණ ඕනෑ. මේ සියලූ දෙයට මුදල් වියදම් කරන්න ඕනෑ. ශ‍්‍රමය හැර අනෙක් කිසි දෙයක් අපේ රටේ නැති නිසා මේ හැම දෙයක්ම පිටරටින් ගේන නිසා, ඩොලරයේ වටිනාකමට මේවා මිලදී ගන්න වෙලා තිබෙනවා. මේ සියල්ලට මුදල් වියදම් කරලා අවසානයේ මනරම් සඟරාවක් රුපියල් 50කට විකුණනවා. එයිනුත් විජය පුවත්පත් සමාගමට ලැබෙන්නේ රුපියල් 40යි. ඉතිරි රුපියල් 10 පත්තර වෙළෙන්දාට දිය යුතුයි.
ඊට අමතරව මේ සඟරාවට අවශ්‍ය ලිපි-ලේඛන සපයන ලේඛකයින්ට ගෙවිය යුතුයි. කර්තෘ මණ්ඩලයට පඩි-නඩි-යාන-වාහන දිය යුතුයි. දුරකතන බිල් ගෙවිය යුතුයි. බෙදාහරින ලොරි-වෑන්වලට තෙල් බිල සහ නඩත්තුවට ගෙවිය යුතුයි. එ් පසුබිමේ ඉන්න සේවකයින්ට පඩි-නඩි ගෙවිය යුතුයි. එ නිසා සඟරාවක් මුද්‍රණය කොට සෑම මසකම පළමුවැනිදා ගම් දනව් පුරා බෙදා හැරීම, බ්ලොග් එකක් ලියනවා වගේ පහසු-ලාබ දෙයක් නොවෙයි.
පාන් රාත්තලක් රුපියල් පනහකට කිට්ටු වෙච්ච, පොල් ගෙඩියක් රුපියල් 25ක් වෙච්ච, කිලෝමීටර් බාගයක් යන්න හෝ ත‍්‍රීවීලරයකට ගොඩ වුනොත් රුපියල් 50ක් ගන්න රටක, පිටු 64ක වර්ණ සඟරාවක් රුපියල් 50කට දෙන්න පුළුවන්ද කියල කල්පනා කළ යුතු වෙනවා.
මේ බර පැන මැද රුපියල් 50කට සඟරාව නිෂ්පාදනය කිරීම කොහෙත්ම කළ නොහැකියි. එසේ නම් එය කරන්නේ කෙසේද? එය කරන්නේ වෙළෙද දැන්වීම්වලින් ලැබෙන මුදල්වලින් තමයි.
රූපවාහිනි නාලිකාවක් සෑම විනාඩි තුන-හතරකට වරක් වෙළෙද දැන්වීම් මාලයක් පෙන්වන්නේ එය පවත්වාගෙන යාමටයි. එය නොමිලේ නිසා එ ගැන කතා නොකරනවා වෙන්න පුළුවන්. පරිගණක සඟරාව රුපියල් 50කට විකුණන නිසා මේ ගැන කතා කරනවා වෙන්න පුළුවන්. එහෙත් මෙය ලාබ කළ භාණ්ඩයක් බව කල්පනා කිරීම සාධාරණයි.
විජය පුවත්පත් සමාගම ලංකාවේ දැවැන්තම ප‍්‍රකාශන ආයතනයක්. මේ ආයතනයේ තිබෙන අනෙක් ප‍්‍රකාශනවලට තිබෙන පහසුකම්වලින් ප‍්‍රයෝජන අරන් තමයි මේතරම්වත් අඩු මිලට මේ සඟරාව නිෂ්පාදනය කරන්නෙ. එහෙම නැතිව මේක කරන්න බැහැ.
අපට සිහිනයක් තිබෙනවා. එ සිහිනය තමයි විජය පරිගණක සඟරාව නොමිලේ බෙදාහැරීම. හරියට ටීවී චැනල් එකක් වගේ. රේඩියෝ චැනල් එකක් වගේ. එය යථාර්තයක් වෙන්නේ සඟරාවේ නිෂ්පාදන වියදම සහ එ සඳහා ආයෝජනය කොට තිබෙන ධනස්කන්ධයට ලැබිය යුතු සාධාරණ ලාබය වෙළෙද දැන්වීම්වලින් ආවරණය කර ගන්න පුළුවන් වුණු දවසටයි.
පරිගණක සඟරාවේ වෙළෙද දැන්වීම් ගැන නොසටතුට පළ කරන අය තමන්ගේ රුපියල් 50 ගැන සිතනවා වගේම මේ ප‍්‍රකාශනය පවත්වාගෙන යන්නට රුපියල් කෝටි ගණනක් යොදවා තිබෙන සමාගමත් තමන්ගේ ආයෝජනය ගැන සිතිය යුතුයි. විජය පුවත්පත් සමාගම පුණ්‍යායතනයක් නොව වෙළෙද සමාගමක් නිසා, පාඩු පිට ප‍්‍රකාශන පවත්වාගෙන යාම අපේක්ෂා කරන්නේ නැති බව සමාජයේ සාධාරණ යුක්තියට අනුව කාටත් පිළිගන්න වෙනවා.
මේ පැහැදිලි කිරීමට අමතර වශයෙන් තවත් දෙයක් මෙතැනදීම කිව යුතුයි.
පරිගණක ගැන මෙලෝ හසරක් දන්නෙ නැති අහිංසක දරු දැරියෝ මේ සඟරාව කියවා එ ගැන හුඟක් දේ දන්නා අය බවට පත් වෙනවා. එ ත් මේ අහිංසක අයගෙන් වැඩි දෙනෙක්ට සඟරාවෙන්ම දේවල් ඉගෙන ගෙන පරිගණක ගැන හොඳ දැනුමක් ලබා ගත්තාම එතැනින් එහාට යන්නට සඟරාවේ දැනුම ප‍්‍රමාණවත් නැති වෙනවා. එතකොට මේ අයට සඟරාව මදි! එතකොට නිරායාසයෙන්ම අදහසක් එනවා පරණ සඟරා තරම් දැන් සඟරාව ප‍්‍රයෝජනවත් නෑ නේද කියලා. මේ අදහස හොඳට ජීර්ණය කර ගෙන, තමන්ගේ ගෞරවය ගඟුලෙන් එතෙරවූ ඔරුවට දීලා, මහපාරේ යන වෙනත් ලොකු වාහනයකට නැඟලා තමන්ගේ ගමන යන සෙනඟ වැඩියි.
එ අතර තවත් අය ඉන්නවා නැඟපු ලොකු වාහනය, ඔරුවත් එක්ක සංසන්දනය කරල බලන. එතකොට එ අය කියනවා, අර ඔරුව බලාපිය! එකේ එන්ජිමක් නෑ. ඔරුකාරයා වගේ හඞ්ඩෙක්ද මේ ඩ‍්‍රයිවර්, බලාපිය වාහන මැදින් මේ වාහනේ ගෙනියන අපූරුව… ඔන්න ඔය වගේ දෙවල්. එ වගේම ඔරුවේ නොයෙක් ඇද පළුදු, වෙන අයට පෙන්න-පෙන්න හිනාවෙනවා.
විජය පරිගණක සඟරාව ඔරුවක් විතරයි. අවුරුදු දහතුනක් තිස්සේ අපි කළේ, ගඟුලෙන් එතෙර වෙන්න බැරි ලක්ෂ ගණනක් මෙරට අහිංසක දරු දැරියන්ට, වැඩිහිටියන්ට ඔරුවක් වුණු එක විතරයි. අපි මේ ඔරුව සැප පහසු බෝට්ටුවක් කර ගන්න මහන්සි වෙනවා. එත් මේක නැවක් කරන්න බැහැ. මොකද පිටරටවල්වල ගංගාවල් වගේ ලොකු ගංගාවල් අපේ රටේ නැති නිසා. ඉතින් අපේ ඔරුවෙන් එගොඩ වෙලා, ඔරුවටයි තොටියටයි පස්ස පෙන්නන අය ගැන අපට කම්පාවක් නැත්තේ, එ අය ඕනෑතරම් දැකලා අපට පුරුදු නිසා.
එහෙත් අද මේ රටේ පරිගණක ක්ෂෙත‍්‍රයේ වැජඹෙන බොහෝ දෙනා තමන්ගේ ජීවිතයේ කවදා හෝ විජය පරිගණක සඟරාවෙන් ආභාෂය ලබා තිබෙන බව අවිවාදිතයි. අපේ සතුට සහ ආත්ම අභිමානය වඩවන්න එය හොඳටම ප‍්‍රමාණවත්.
පාලිත අමරසූරිය
විජය පරිගණක සඟරාවේ කර්තෘ
@ Editor / PARIGANAKA
බොහොම ස්තූතියි, ඔබ වැනි වගකිවයුතු තනතුරක් දරණ පුද්ගලයෙකු මෙහි පැමිණ ප්‍රතිචාර දැක්වීම ගැන
Hi
@ editor/ Pariganaka..
Thanks a lot for the comment article..In fact, if it had not been you, I might not be blogging anymore..Your magazine resulted me coming tot his field last September…
Thanks a lot….
Cheers!
IYA Astronomer
@ admin,
Please do a new post ASAP,,,
We need to be updated…
Editor / PARIGANAKA
මම පරිගනක සගරව කියවන්න ගත්ත ඒක අතිරෙකයක් වශයෙන් දුන්නකලෙ ඉදල. අත්තටම එක පරි ගනක ගන ඉගෙන ගන්න හොද අත්වලක්. ඔබ කියනව වගෙම දෑන් අපිට මේක වටිනව අදු අපි මෙකෙන්ම දනුම අරගෙන ඉහලට ගිය නිසා කියන එක අත්ත. අත්තටම මත් පරිගනක සගරා ව්ට ගොදක් ණයගති.
දන් උනත් හම්බ උන් වෙලටකට මන් අනිවර්යෙන් සගරව කියවනවා.
වෙළද දන්වෙඑම් ගෑන ඔබ කියන දෙත් සදරනයි, නමුත් ගොඩක් නවකයන් මෙහි තියෙන සමහර දන්විම් නිසා නොමග යන්න පුළුවන්. ඔව්න් මුදල් නිකරුනෙ නස්ති කරගන්න තියෙන ඉඩ වෑඩි.
එ නිසා මම නම් කියන්නෙ දෑන්වෙඑම් පල කරන කොට ඒ වයෙ ගුනත්මක බව ගනත් බලන්න පුළුවන් නම් එක ගොඩක් වටිනවා.
එක සගරව පරිශිලනය කරන නවකයන්ට ලොකු සහයොගයක්. මොකද ඔව්න් සගරව ගන තිබෙන විශ්වසය නිසා එහි දන්වීම් ගෑන අවිශ්වාස කරන්නෙ නෑති නිසා.
වෙළෙද දැන්වීම් සහ විජය පරිගණක සඟරාව
යම් ප‍්‍රකාශනයක් තුළ වෙළෙද දැන්වීම් පළ කරන්නේ ඒ ප‍්‍රකාශනයේ රැස් වලල්ලෙන් ප‍්‍රයෝජන ගන්න තමයි. එක දැන්වීම්කරණයේ මූලික සිද්ධාන්තයක්.
යම් වෙළෙද දැන්වීමක අන්තර්ගත පණිවුඩය හැම අතින්ම සාධාරණද නැද්ද කියල බලන්න ක‍්‍රමවේදයක් අපේ රටේ නෑ. තිබෙන්නේ නරකක් වැරැද්දක් වුනොත් දොස් කියන සහ දඬුවම් කරන ආයතන විතරයි.
පුවත්පතක දැන්වීම් කාර්යාලයකින් මේ දේ බලාපොරොත්තු වෙන්න බැහැ. පුවත්පත්වල පළ කරන්න ගෙනෙන දැන්වීමක තිබෙන දේ හරිද-වැරදිද කියා බලන්න සාර්ථක ක‍්‍රමවේදයක් නැහැ. අපි ප‍්‍රතිපත්තියක් වශයෙන් දැන්වීම පළ කරන ආයතනය සැබෑවටම තිබෙනවාද, දුරකතන අංක නිවැරදිද කියා සොයා බලනවා. ඒ පුද්ගලයින්ගේ අනන්‍යතාව බලනවා. එච්චරයි.
සාමාන්‍යයෙන් දැන්වීම් ආයතන හරහා එන දැන්වීම්වල ඔය කියන වංචා සහගත දෝෂ අඩුයි. එහෙත් හැම දැන්වීමක්ම එහෙම නැහැ. අපි හැමවේලාවෙම දැන්වීම්වල ස්වභාවය දිහා බලලා වංචා සහගත දේ හඳුනා ගන්න බලනවා. පරිගණක සඟරාව තැපැල් මාර්ගික පාඨමාලා ගැන දැන්වීම් පළ කිරීම දැන් නවතා දමා තිබෙනවා. ‘ඉන්ටනෙට් මනි’ ගැන දැන්වීම් කීපයකුත් පළ කිරිම ප‍්‍රතික්ෂේප කොට තිබෙනවා.
අහවල් සඟරාවේ පළවූ දැන්වීමක් කී සැනින් ඒ දැන්වීම් ගැන පූර්ණ වගකීමක් සඟරාවේ කර්තෘ මණ්ඩලයට නැති බවත්, ඒ දැන්වීම් මඟින් සඟරාවේ ප‍්‍රතිපත්ති නියෝජනය කරන්නේ නැති බවත් ලෝකයම පිළිගත් පොදු මතයක්! ඒනිසයි දැන්වීමක් පළ කරන පිටුවක සඟරාවේ නම හෝ කිසිවක් සඳහන් කරන්නේ නැත්තේ. එතැනින් සඟරාවේ (හෝ පුවත්පතේ) කර්තෘ මණ්ඩලය පෙන්වන්න උත්සහ කරන්නේ මේ දැන්වීම අපේ එකක් නොවේය කියන දේයි.
කොහොමවුනත් දැන්වීම් පළ කරන ආයතනය දැන්වීමකට කෙතරම්දුරට වග කිව යුතුද යන්න, ලෝකයේ මොන සමාජයේත් නොයෙක් සංවාදවලට බඳුන් වන නමුත් අවසන් තීරණයක් නැති කතාවක්.
වෙළෙද දැන්වීමකින් කියන දේ හරිහැටි සිදු වෙනවාද කියා දැන ගැනීමේ මූලික වගකීම තිබෙන්නේ පාරිභෝගිකයාටයි.දැන්වීමකින් කියන දේ කිසි ඇහිල්ලක් බැලිල්ලක් නැතිව ඉස් මුදුනින් පිළිගන්නවාය කියන්නේ හිතට හොරෙන් කියන කතාවක්.
සඟරාවේ ලිපි-ලේඛනවලින් කියන දේවල් ගැන හතර අතේ කල්පනා කරලා තමන්ගේ මතයම අන්තිමට පිළිගන්න විද්වතුන් වන පාඨකයින් දැන්වීම්වල කියන දේ ඒවිදියටම පිලිගන්න මෝඩයෝ වෙනවද?
ඉතින් මෙතැනදී විශෙෂයෙන්ම කිය යුත්තේ වෙළෙද දැන්වීම්වල තිබෙන දේඒ හැටියෙන්ම පිලිගන්න එපාය කියන දෙයයි. අපේ සඟරාව වෙනම දෙයක්. එය විශ්වාසනීයව තබා ගන්න අපි කැපවීමෙන් වැඩ කරනවා. ඒත් වෙළෙද දැන්වීම කියන්නේ ‘අපේ ගෙදර’ කෙනෙක් නෙමෙයි. ‘බෝඩිංකාරයෙක්’. ගෙදර අය විශ්වාස කළාට ඒගෙදර ඉන්න ‘බෝඩිංකාරයෝ’ විශ්වාස කරන්න එපා.
පාලිත අමරසූරිය
විජය පරිගණක සඟරාවේ කර්තෘ
මම මෙක කියවද්දි ප්‍රශ්න වගයක් ….
ඔන්ලයින් සේවා මගින් මුදල් හොයනව කියන්නෙ මොකද්ද ?
SEO කරන විදි ගන ලින්ක් ටිකක් කියනවද ?
@# Editor / PARIGANAKA
එහෙනම් අපි අපෙ කියවන්නන්ට “ගෙදර අය විශ්වාස කළාට ඒගෙදර ඉන්න ‘බෝඩිංකාරයෝ’ විශ්වාස කරන්න එපා.” කියල කියමු.
මෙ පාර ජේම්ස් බොන්ඩ් (පෑන් කමරා)කමරා ගනත් ඈඩ් 1ක් තිබ්බ. හොරුන්ට කෙසෙ වෙත්ත් ගනු ලමයින්ට නම් එවගෙන් පරිස්සම් වෙන්න වෙයි.
පරිගනක සගරවට සුබ අනගතයක්..
ඒය අප හමොගෙම පෑතුමයි.
අන්තර්ජාලයෙන් මුදල් උපයන ක්‍රම ඇතුලත් සිංහල ebook එකක් මට ලැබුනා. කට්ටියගෙ ඉල්ලීම මත දාන්න පුළුවන්. මේක සම්පුර්ණයෙන් නොමිලේ දෙන්නෙ.
බිෙලා්ග්කරණයට ෙමන්ම ඉන්ටර්ෙනටි මුදල් ගැන හිෙත් තිබුන කරදරකාරි සිතුවිලි වලින් නිදහස් ෙවන්න රුක්ෂාන්ෙග බිෙලාග් සටහන තුලින් හැකිවුනා. හරිම අෙගයි ඔයාලෙග සංවාද ෙනාදන්නා ෙකාතරමි ෙදවල් මම ඉෙගනගත්තද බිෙලාග් ඒකක් අාරමිභ කරන හැටි කියල ෙදන්න බැරිද?සරල වචන වලින් …… පරිගණකට සහ ඉන්ටෙනටි ගැන වැඩි දැනුමක් මට නැහ.පාඨමාලා හදාරලත් නැහ. ක්‍රියාකාරිවිෙමන් තමා ඉෙගන ගත්ෙත.වැඩිෙයන්ම බිෙලාග් වලින් .මම ජාතික පාසලක පුස්තකාලයාධිපතිනියක් .
“ඔයාට වෙබ් සයිට් එකක් හදන්න තියෙන්න්නෙ.අපි දෙනව ඔයාට ඊමේල් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක්.ඒකෙන් ඊමේල් ඇඩ්‍රස් ලක්ශ ගානක් ගන්න පුලුවන්.ඒ සයිට් එකේ ඇඩ්ස් දාල
ඔයාට සල්ලි හොයන්න පුලුවන්.ඔයාට දවසට පැය 2ක් විතර මහන්සි වෙලා මේකෙන් මාසෙට 100$ හොයන්න පුලුවන්”
මේ මා “ඉන්ටනෙට් ගුරූ” ආයතනයකට දුරකතන ඇමතුමක් ලබා දුන් විට ඔවුන් දැක්වූ ප්‍රතිචාරයයි
මෙහි දැක්වෙන අන්දමට මසකට 100$ තබා 10$ වත් ලබා ගත නොහැකි බව අමුතුවෙන් කිවයුතු නොවේ.එහෙත් මෙහි ඇති විලි ලැජ්ජා සහගත තත්වය නම් මොවුන් Spam කිරීමට මිනිසුන් පොළඹවා (ඉන්පසු ඔවුන් Google Adsense වෙතින් Ban වීම අනිවාර්ය දෙයකි) මුදල් ගරා ගැනීමට තැත් කිරීමයි.
තවද රු.5000 සිට රු.20000 අතර විවිද මිල ගනන් වලට “Internet Money Workshop” වලින් මුදල් ගැරීමේ ජාවාරමද ජයටම කෙරීගෙන යයි. මේ එබඳු ජාවාරමකට අසුවූ පුද්ගලයන් ඒ ගැන අදහස් දක්වා ඇති Thread එකකි.
(3 වන පිටුව බලන්න)
http://www.elakiri.com/forum/showthread.php?t=225558
දැන්වත් රජය මේ සඳහා මැදිහත් වී මෙම සියලු ජාවාරම් නවත්වා මේ ගැන නිවැරදි දැනුම ලබා දෙන ආයතනයක් පිහිටු වීම වඩාත් කාලෝචිතය
හෑමදෙකටම රජය මෑදියත් වෙන්ඩ ඔනෙ නෑ…. තමන්ටත් මොලයක් තියෙනවනේ .
මොලේ ඇති නැති එක නෙමෙයි වැදගත්
ඔය තමන්ට මොලේ තියෙනව කියන අය තමයි මේ ඇඩ් වලට රැවටිලා අනාත වෙන්න
සක්විති කරෙත් එකනෙ
online earn කරන එක ගැන නිවැරදි දැනුම දෙන තැනක් තිබුනනම් මේවට නිකන්ම වැට බැඳෙනව විතරක් නෙමෙයි..ඇත්තටම කීයක් හරි හොයාගන්නත් කට්ටියට පුලුවන් වෙයි.
ඒ අතින් අපි රුක්ශාන් ට ස්තුතිවන්ත වෙන්න ඔනේ
ඔඕ රුක්ශාන් ට ස්තුතිවන්ත වෙන්න ඔනේ සිංහලෙන් මෙවගෙ දෙයක් පලකිරිමට.
There are many articles on http://www.problogger.net/ This is the best website, what you can find out anything related to blogging. And also how monetize your blog. මෙකෙ තියෙන අදහස් සිංහලෙන් පලකරනවනම් හුගදෙනෙකුට වැදගත්.
කවුරු හරි මුදල් සොයන විදිහ / ඒ සඳහා අදාල වෙබ් අඩවි / පිළිබඳ පැහැදිලි විග්‍රහයක් කරන්න..
කවරු හරි ඉන්වඩ Internet ekee සල්ලි හොයන කනක් එ කොහොමඩ කියල මටත් කියල ඩෙන්න
Thanks
ඇත්තටම ඹයාගේ මේ බ්ලොග් එක හරිම වැදගත්.දන්න,නොදන්න හැම කෙනෙකුටම තමන්ගෙ මට්ටමට අදාලව කිසියම් හෝ දැනුමක් මෙයින් ලබා ගන්න හැකියාව තියනවා.ස්තූතියි මෙයට දායක වෙන හැම දෙනාටම
machan rial rtikal 1k
ලේසියෙන් කරන්න පුලුවන් දේවල් වලට අපේ රටේ ඉන්න ගොඩාක් කම්මැලියො කැමතිy,
I Need E Mony
මම මුල ඉදලම කමෙන්ට්ස් කියෙව්වා. ගොඩක් නොදන්නා කරුණු ගැන දැනගත්තා. මටත් කෙනෙක් කියුවා one day seminar ekkak ගැන online earning. 5000/- ගාස්තුව. කම්පැනි එකේ නම කියුවෙ ඇමසන් ලංකා කියලා. අවුරුදු ගාණක ඉදන් කරනවා කියුවා. රජයේ ලියාපදිංචියි කියුවා. මාසෙට 20000/- හොයන විදිහ කියලා දෙනවා කිවුවා. මේක ගැන දන්න අය ඉන්නවාද?
අන්තර් ජාලයෙන් මුදල් උපයන හැටි පැහැදිලි කිරීම ගැන ඔබ සැමට ස්තුතියි. රුක්ෂාන් සහෝදරයා වැදගත් වැඩක් කරන්නේ. ඉදිරියටත් හොදින් කරන්න මේ වැඩේ. ක්‍රම කියලා දෙන්න. අපි හැමදාම බලනවා. ගොඩක් ස්තුතියි.
මොනවද ඔබට හිතෙන්නේ, අප සැමටම ඔබේ ප්‍රතිචාරය ගොඩක් වැදගත්!.
පින්තූරය මෙහි දැමීමට නම් gravatar වෙතට යන්න!

