අප රටේ වඩාත් ජනප්‍රිය වෙබ් අඩවි මොනවාද?

ජනවාරි 11, 2009 by
Filed under: අන්තර්ජාලය, තාක්ෂණික, පොදු 

මමත් ඔය අන්තර්ජාලයේ නිකන් ඉන්න වෙලාවට බලන වාර්තාවක් තමා වැඩිම Traffic තිබෙන වෙබ් අඩවි මොනවාද කියා, ඉතින් මේ දේට වඩාත් සුදුසුම වෙබ් අඩවිය තමා Alexa වර්ගීකරණය. මේ සදහා ඔවුන් Alexa Tool bar එක ස්ථාපිත කරගත් පරිශීලකයන්ගෙන් කොපමණ පිවිසුම් ගණනක් ඇත්දයි සොයා බලනවා. මේ සදහා මම භාවිතා කරන්නේ Mozilla firefox හි SearchStatus 1.27 යන එකයි. මෙමගින් ඔබට යම් වෙබ් අඩවියක Alexa rank මෙන්ම Google PageRank ද පහසුවෙන් දැන ගත හැකියි. ඔන්න එහෙනම් ගැන මම පොඩි හැදින්වීමක් කළා.

මෙම බ්ලොග් ලිපියේ මතෘකාව අපරටේ වඩාත් ජනප්‍රියම වෙබ් අඩවි ගැන විග්‍රහයක්නෙ. මෙහිදී ඔබට අපරටේ ජනප්‍රියම වෙබ් අඩවි 100 ගැන දළ අවබොධයක් ලබා ගන්න පුලුවන්. කොහොමත් සෑම රටකම වගෙ අප රටෙත් Yahoo තමා පෙරමුණේ ඉන්නේ. ඇත්තටම Google පළමු ස්ථානයේ නැත්තේ ඔවුන් විවිධ රටවලට වෙන වෙනම සෙවුම් යන්ත්‍ර භාවිතා කිරීම නිසාය. එම නිසා තමයි ඊළගට Google.lk සහ Google.com සෙවුම් යන්ත්‍ර දෙක පිළිවෙලින් පෙරමුණේ සිටින්නේ. සිව්වන ස්ථානය නම් පුදුම සහගතයි. අප කවුරුත් හොදින් දන්නා Facebook හතරවෙනි තැනට ඇවිත්.

අප රටේ බ්ලොග්කරුවන් සැලකිය යුතු ප්‍රමාණයක් සිටිනා බවට හොද සාක්ෂියක් තමා Blogger.com හත්වෙනි තැනටත් WordPress.com 18වෙනි තැනටත් පත්වීම. මෙය අනෙකුත් ආසියාතික රටවල් සමග සැසදීමෙදි හොද කරුණක්. ඇත්තටම බ්ලොග්කරුවන් හැටියට අපිත් ආඩම්බර වෙන්න ඔනේ. අපේම් වෙබ් අඩවියක් ලෙස එළකිරි දසවෙනි ස්ථානයේ සිටීම පැසසිය යුතුයි.

අප රටේ පවතින යුදමය සහ දේශපාලන වාතාවරණය නිසා වෙන්න ඇති පුවත් පළ කරන වෙබ් අඩවි විශාල ප්‍රමාණයක් ඉදිරියෙන්ම සිටීම. මේ අතරින් Daily Mirror , BBC Newsline Ticker ,Lankaenews.com , Lankadeepa.lk යනවෙබ් අඩවි කැපී පෙනෙනවා. ඔබ තවත් සුපරික්ෂාකාරිව බැලුවොත් පෙනේවි File Hosting, Torrent, Video Sharing, Social Networks, Telecommunication වෙබ් අඩවිත් අප රටේ ඉතා ජනප්‍රිය බව.

Comments

13 Comments on අප රටේ වඩාත් ජනප්‍රිය වෙබ් අඩවි මොනවාද?

  1. නිලන්ත on සඳුදා, 12th ජන 2009 පෙ.ව. 9:17
  2. මෙහි http://www.defece.lk ඉදිරියෙන්ම ඇති බව කියැවී නැත්තේ ඇයි?

  3. නිලන්ත on සඳුදා, 12th ජන 2009 පෙ.ව. 9:18
  4. සමාවෙන්න http://www.defence.lk විය යුතුයි.

  5. රුක්ෂාන් කොත්වල on සඳුදා, 12th ජන 2009 ප.ව. 1:49
  6. @ නිලන්ත
    ඔව් http://www.defence.lk වෙබ් අඩවියත් ඉතා ඉහලින් පවතිනවා, වරදවා හිතන්න් එපා, මට එය සදහන් කිරීමට නොහැකි වීම ගැන. ඔබගේ සහයොගයට මා තුති පුදමි.

  7. saliya on සඳුදා, 12th ජන 2009 ප.ව. 2:36
  8. Facebook 5th place ne?

  9. රුක්ෂාන් කොත්වල on සඳුදා, 12th ජන 2009 ප.ව. 3:30
  10. @ saliya
    For facebook alexa rank
    In sri lanka =4
    Worldwide =5

  11. හි හි හි on සඳුදා, 12th ජන 2009 ප.ව. 10:55
  12. Lanka###talk.com —-> 29th place

    එළ කොල්ලෝ ටිකක්නේ ඉන්නේ

  13. රුක්ෂාන් කොත්වල on අඟ, 13th ජන 2009 පෙ.ව. 7:15
  14. @ හි හි
    මමත් ඔය ගැන විශේෂයෙන් සදහන් කරන්න් හිටියෙ, නමුත් සමහර අය මේ ගැන කතා කරන්න අදිමදි කරනවනෙ. :)
    ඇත්තටම මෙවැනි වෙබ් අඩවි කීපයක් මෙම වර්ගීකරණයෙ ඉදිරියෙන්ම සිටීම නම් එතරම් හොද නැහැ. අනෙකුත් රටවල් සමග සැසදීමේදි අප සිටින්නේ කොතනදැයි බලාගන්න පුළුවන්.

  15. හි හි හි on බදාදා, 14th ජන 2009 ප.ව. 1:39
  16. කරන්න දෙයක් නෑ මචන්…. ප්‍රශ්නේ අඳුරගන්නවා වෙනුවට ඒක මඟ ඇරලා යන්නනේ ඔය ගැන වග කිව යුතු පුද්ගලයො දන්නේ… ඔය ප්‍රශ්නේ කතා කරලා ඒවාට විසඳුම් හොයනවා වෙනුවට ඒක කතා කිරීම සම්පූර්ණයෙන් තහනම් කලාම හරි…

    තව තියෙනවා හොඳ අඩවි ටිකක් ලිස්ට් එකේ… මොනවා කරන්නද???

  17. රුක්ෂාන් කොත්වල on සිකු, 6th පෙබ 2009 ප.ව. 8:23
  18. ඔන්න මෙම සිංහල බ්ලොග් එකත් මේ දිනව වල 97 වෙනි තැනට ඇවිත්

  19. buddhika on සෙන, 7th පෙබ 2009 ප.ව. 5:08
  20. what is the google ranking?

  21. රුක්ෂාන් කොත්වල on සෙන, 7th පෙබ 2009 ප.ව. 5:24
  22. @ buddhika
    It’s the Google page rank, take a look @ Google PageRank™ ගැන සරල හැදින්වීමක්
    post.

  23. සසික සාලින්ද නානායක්කාර on ඉරිදා, 8th පෙබ 2009 පෙ.ව. 12:37
  24. මමත් අළුතින් වෙබ් පිටුවක් සිංහලෙන් හදනවා. පුළුවන් නම් බලලා අදහස් හා යොඡනා ඉදිරිපත් කරන්න.

  25. රුක්ෂාන් කොත්වල on ඉරිදා, 8th පෙබ 2009 පෙ.ව. 8:06
  26. @ සසික සාලින්ද නානායක්කාර
    ඔබේ වෙබ් අඩවිය කාලොචිත අදහසක්, අපිට අවශ්ය වන්නේ මෙවැනි වෙබ් පිට ගණන වැඩි කිරීමයි. දිගු ගමණකට මගෙන් උණුසුම් සුභ පැතුම්.

මොනවද ඔබට හිතෙන්නේ, අප සැමටම ඔබේ ප්‍රතිචාරය ගොඩක් වැදගත්!.
පින්තූරය මෙහි දැමීමට නම් gravatar වෙතට යන්න!


සිංහලෙන්ම දැන්ම ලියන්න UCSC





Internet Top Blogs Page Rank Check Page copy protected against web site content infringement by Copyscape