අවදානම් සහිත අන්තර්ජාලයෙන් මුදල් උපයාගත හැකි HYIP ක‍්රමය

මාස දෙකකට පසුව තමා මම අද නැවතත් ලිපියක් ලියන්නේ. පහු ගිය දවස් වල SeekLk forum එකේ වැඩ නිසාත්, රැකියාවේ කාර්ය බහුල වීමත් නිසාත්, Link Building වලට වැඩි වෙලාවක් ගත කරන්න සිදු වීමත් සහ අන්තර්ජාලයේ මුදල් උපයන තවත් ක්‍රම(HYIP, Forex, CPA, Stock Market) ගැන  ඉගෙන ගන්න නිසා බ්ලොග් එකට වැඩි වේලාවක් කාලය වෙන් කරන්න බැරි වුනා. ඉතින් අද මම අප බොහෝ දෙනෙක්ට නුපුරුදු මාතෘකාවක් ගැන පොඩි සටහනක් ලියන්න හිතුනා.

මේ ගැන මම කලින් අසා තිබුනට අත්හදා බලන්න නම් ගියෙ නැහැ. ඒ මෙය ඉතාමත් අවදානම් ක්‍රමයක් නිසා. නමුත් මේ පිලිබද වැඩිදුරටත් හදාරද්දි තේරුනු දෙයක් නම් හරියමන් අවබෝදය ලබා ගත්තොත් ප්‍රථිඵල ධනාත්මකයි යන වග. අද මාතෘකාව HYIP – High Yield Investment Programs නම් කාටත් නුපුරුදු දෙයක් වගේ. එහෙනම් මුලින්ම wikipedia එකෙන් වැටහීමක් ලබා ගමු.

A high-yield investment program (HYIP) is a type of Ponzi scheme, which is an investment scam that promises an unsustainably high return on investment by paying previous investors with the money invested by newcomers.

යොමුව: http://en.wikipedia.org/wiki/High-yield_investment_program

මෙය ලෝක ආර්ථිකය සමග වක්‍රාකාරව සම්බන්ධ වූ දෙයක්. සරලවම තේරුම් ගත්තොත් වැඩි ප්‍රතිලාභ ලැබෙන ආයෝජන ක්‍රමයක්. නමුත් මේ වැඩසටහන් අතුරින් 95% පමණ කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි අප ආයෝජනය කල මුදලද පැහැර ගෙන යන්නන් තමා අන්තර්ජාලයේ වැඩි පුර දක්නට ලැබෙන්නේ. උදාහරණයක් ලෙස පහුගිය කාලේ සක්විති රණසිංහ, දඩුවම් මුදලාලි, Golden Keyවැනි මුදල් ආයෝජන ක්‍රම අප රටෙන්ම හදුනා ගන්න පුලුවන්. ඉතින් මේවා අසාර්ථක වන්න මූලිකම හේතුව විධිමත් ආකාරයේ දැනීමක් අප ලබා නොමැති නිසාත්, වැරදි මූල්‍ය ආයෝජන ක්‍රම අනුගමනය කිරීමය. ඉතින් අප හරියාකාරව දැනුවත්ව වැඩි තන්හාවට තම සියලු ධනය මේවාට යට නොකර සාර්ථක උපායමාර්ග මොනවාද යන්න තෝරාගමු.

අපි කවුරුත් දන්නවනේ අන්තර්ජාලයේ අපි තනියෙන් අතරමං වෙන්නෙ නැහැනේ. මම වසර 5ක් පමණ අන්තර්ජාලයේම වැඩි කාලයක් විවිධ ක්‍රියාකරකම් වලට සහ පළපුරුදු අයගේ අත්දැකීම් අනුව යමින් ලබා ගත් දැනීමම මෙයටත් පහු ගිය සති වල යොදා ගත්තා. බොහෝවිට මෙවැනි වෙබ් අඩවි ම්ගින් ආයෝජනය කළ මුදලට දිනකට 1% පමණ පොලියක් ලබා දෙනවා. ඇත්තටම මෙය විශ්වාස කල නොහැකි අවදානම් සහිත අගයක්. ඒ නිසාම තමයි මම මේ ගැන සොයන්න පහත වෙබ අඩවි වල සහාය ගත්තේ.

1. Talk gold forum

දැනට මෙම වෙබ් අඩවිය තමා මම දැකපු හොදම මූලාශ්‍රය. මෙම ක්ෂේත්‍රයේ හසල දැනීමක් ඇති දිනපතා අපට සහායක් ලබා ගත හැකි ප්‍රවීනයන් මෙහි සිටිනවා.

2. Golden talk

මෙම forum එකත් ඉහත දක්වා ඇති එක හා සමානව දැනීමක් ලබා ගන්න පුළුවන්.

3. Goldpoll

මෙම වෙබ් අඩ්වියෙන් HYIP ගැන දල අවබෝධයකුත්, වර්තමානයේ ක්‍රියාත්මක වන සාර්ථක වෙබ් අඩවි ගැන ස්වාධීන වාර්ථාවක් ලබා ගන්න පුළුවන්.

මමත් අත්හදා බැලීමක් වශයෙන් අන්තර්ජාලයෙන්ම උපයන මුදලෙන් කොටසක් ආයෝජනය කලා. ඒ දැනට හොද නමක් දිනා ඇති Genius Funds , PanaMoney , FxStar වෙබ් අඩවි වල. ඉතින් ප්‍රතිලාභ නම් නරක නැහැ. නමුත් අවදානමක් සහිතව කරන නිසා වැඩි විශ්වාසයක් තබාගන්න බැහැ. ඉතින් මෙච්චර පොලියක් දෙන්න ඔවුන් අපෙ මුද වලින් මොනවද කරන්නේ කියන වග අපට දැන්ගන්න ඕනෙනේ. බොහෝ විට මොවුන් අපගේ මුදල් forex සදහා ආයෝජනය කරනවා. මොකද දැනට අන්තර්ජාලයේ වැඩිම ආදායමක් ලැබිය හැකි සාර්ථකම ක්‍රමයක් තමා forex කියන්නේ. නමුත් මෙයට දීර්ඝ කාලීන අත්දැකීම් සමග හොද වත්කමකුත් අවශ්‍ය වෙනවා.

මේ වැඩසටහන් වලට යොදාගන්නා අපට පහසු Ecurrency මෙසේයි

ඉතින් මම මේ ලිපිය ලිව්වෙත් අපට මේ පිලිබද හරියාකාරව දැනීමක් ලබා ගන්නත්, අන්තර්ජාලයේ ස්වල්ප වශයෙන් හෝ ඇති විශ්වාසයක් තැබිය හැකි වෙබ් අඩවි ගැන සාකච්ඡා කරන්න.

අප අනුගනය කලයුතු උපදෙස් කිහිපයක්…

  • නිතරම ඉහත දක්වා ඇති forum මගින් අවශ්‍ය උපදෙස් ලබා ගන්න.
  • එක් වෙබ් අඩවියක ආයෝජනය කරනවාට වඩ කිහිපයක මුදල් ආයෝජනය කරන්න.
  • අධික ප්‍රතිලාභ ලැබෙන කෙටි කාලයක් පවතින ක්‍රම වලට වඩා අඩු ප්‍රහිලාභ ලැබෙන දීර්ඝ කලීන ක්‍රම ගැන විශ්වාසය තබා ගන්න.
  • මෙම වෙබ් අඩවි වල Alexa Rank, Google Page Rank පිලිබද විමසිල්ලෙන් ඉන්න.

සැලකිය යුතුයි:

මෙම වෙබ් අඩවි පිලිබද මාහට කිසිදු වගකීමක් දැරිය නොහැකියි. තමන්ගේ දැනුම් මට්ටම් අනුව ලාභ /අලාභ ලැබිමේ සම්භාවිතාවය ඔබ සතුය.

Comments

31 Comments on අවදානම් සහිත අන්තර්ජාලයෙන් මුදල් උපයාගත හැකි HYIP ක‍්රමය

  1. Cupid on ඉරිදා, 14th පෙබ 2010 ප.ව. 9:40
  2. Thanks for the great knowledge shared, this is the Valentines’ gift for all all of us,
    Need to explore the HYIP niche and have a try at this as well !!

    Thanks again Rukshan !!

  3. Sumudu on ඉරිදා, 14th පෙබ 2010 ප.ව. 10:26
  4. විස්තර සහිතව තිබුනනම් තවත් හොඳයි.

  5. Rukshan Kothwala on ඉරිදා, 14th පෙබ 2010 ප.ව. 10:37
  6. @Sumudu
    ඔව් මම සාමන්‍යයෙන් සියලු විස්තර එකවර ලියන්නෙ නැහැ. හොද සංවදායක් පටන් ගද්දි තමා ප්‍රතිචාරත් සමග සාකච්ඡා කරන්නේ.
    ඔබට පැණ නැගුණු ප්‍රශ්න මොනවාද?

  7. prabash on ඉරිදා, 14th පෙබ 2010 ප.ව. 10:58
  8. මාත් CPA කලා http://www.cpalead.com, http://www.perfecttracking.com කියන web site වල. මට නම් වැඩේ අල්ලන ගියේ නැහැ.මොකෙද ඒක user හෙන කරදරයක්.නිකම්ම site එකට තිබුනු traffic ට අඩු වෙලා ගියා.පස්සෙ වැඩේ අත ඇරල දැම්මා

  9. namal wickramasinghe on ඉරිදා, 14th පෙබ 2010 ප.ව. 11:01
  10. අවදානම තමා ප්‍රශ්ණේ..මගේ යාලුවෙකුත් forex පාවිච්චි කරලා 20000RS විතර නැති කරගත්තා….සල්ලි දාලා ඒ ගැන විමසිල්ලෙන් ඉන්නේ නැතුව ඉදලා…අලුත් විස්තර ටිකක්…ස්තුතියි… :)

  11. Rukshan Kothwala on ඉරිදා, 14th පෙබ 2010 ප.ව. 11:04
  12. @prabash
    CPA(Cost Per Action) යනු පලපුරුද්ද ඇහි කෙනෙකුට ඉහළ ආදායමක් ලබාගත හැකි ක්‍රමයක්.නමුත් මේවාට ව්‍යාපාර ගැන තේමාවක් ඇති වෙබ් අඩවි භාවිතා කරනවනම් සාර්ථ ප්‍රථිපල ලබා ගන්න පුළුවන්.

  13. Rukshan Kothwala on ඉරිදා, 14th පෙබ 2010 ප.ව. 11:14
  14. @ namal wickramasinghe
    අපෙ ජීවත් වෙන්නෙත් අවදානමක් සහිතවනේ :D
    Forex වලට කිසිදු දැනීමක් නොමැතිව මුදල් ආයෝජනය කිරීම තමා ලොකුම වැරැද්ද. නැතුව වල වැරැද්දක් නැහැ. ලෝක ආර්ථිකය සහ විවිධ රටවල දියුණුවත් රදා පවතින්නේ විදේශ විනිමය මත. මම තවමත් මෙ ගැන ඉගෙන ගන්නවා. අඩුම තරමේ අයෝජනය කරන්න හැකියාවක් තිබ්බත් forex වලට අත තිබ්බේ නැහැ, ඒගැන දැනුම අඩු නිසා.

  15. kasun on සඳුදා, 15th පෙබ 2010 පෙ.ව. 7:46
  16. risk ekak ganna kamathi nathi aya invest nokarana tharamata hodai , eth onima aluth deyak patan gaddi apita risk ekak ganna wenawa ekai mage adahasa

    forex nisa mage yaluwekge Rs 80000 k nathi una eka parak :( eth eya passe practise karala money dala dan hoda mattamaka innawa , wadi loba kamak nathuwa hemin gamanak yanawanam forex kiyanne hoda method ekak normaly thamange forex account invest eken 25% ganna puluwan godak adu risk ekakin

    Hyip godakma risk godak hyip polu thiyenawa 99% :D eth hoda hyip th thiyenawa

  17. Kasun Nadeeshana on සඳුදා, 15th පෙබ 2010 පෙ.ව. 9:05
  18. නියමයි !බොහෝම ස්තුතියි ඉදිරියටත් මේ ගෙන ලියනවා නේද?

  19. Kasun Nadeeshana on සඳුදා, 15th පෙබ 2010 පෙ.ව. 11:00
  20. පොඩි පශ්නයක් තියෙනවා. ඔය කිව්ව ඒවාට මුදල් අයෝජනය කරන්න මුදල් ගෙවන්න පේපැල් වගේ ඒවා පාවිච්චි කරන්න පුළුවන්ද?
    ඉස්සැල්ලා මගේ ප්‍රතිචාර දෙකක් ඇඩ් වෙලා තියෙනවා සමා වෙලා උඩම එක අයින් කරන්න.

  21. Rukshan Kothwala on සඳුදා, 15th පෙබ 2010 පෙ.ව. 11:12
  22. @ kasun
    ඔව් අප දැණුවත් වීම තමයි වැදගත්. කිසිම පළපුරුද්දක් නැතිව forex වගේ දෙයක් තමන්ගේ මුදල් යොදා අත්හදා බැලීම කල නොකල යුතුයි.

    @ Kasun Nadeeshana
    Paypal නම් මේවාට භාවිතා කළ නොහැකියි. නමුත් AlertPay සමහර වෙබ් අඩවි වල භාවිතා කළ හැකියි. අනෙක් සියල්ලම වාගේ Liberty Reserve භාවිතා කරනවා.

  23. ලසිදු නදීශාන් on අඟ, 16th පෙබ 2010 ප.ව. 12:55
  24. මුදල් හොයන්න නව විදියක් ගැන පොඩි අදහසක් ආවා,ඊට වඩා බ්ලොග් සිංහල බ්ලොග් එක මතක්වූනු එක ගැන හරි සතු‍ටුයි

  25. දර්ශන අනුරාධ on අඟ, 16th පෙබ 2010 ප.ව. 4:30
  26. හොද ආරම්භයක්..
    අත්දැකීම් තියෙන අය එකතු කරගෙන හොද සන්වාදයක් ගොඩ නගන්න පුළුවන්.

  27. Rukshan Kothwala on අඟ, 16th පෙබ 2010 ප.ව. 4:43
  28. @ ලසිදු නදීශාන්
    බ්ලොග් එක ලියපු නැති එක ගැන සමාවෙන්න.

    @ දර්ශන අනුරාධ
    දැනටමත් ලංකාවේ මේ පිලිබද හොද දැනීමක් තිබෙන අය සිටිනවා. මටත් මේ පිලිබද උපදෙස් ලැබෙන්නේ ඔවුන්ගෙන්. මොනවා වුනත් අත්දැකීම් සහ පළපුරුද්ද අනිවාර්යයි. මතකනේ සක්විති වගේ සිදුවීම්. ඒ නිසා හොද සංවාදයක් ඇති කරගත්තොත් අපට මෙම වෙබ් අඩවි අතුරින් තිබෙන 95% පමණ වන වංචනික වෙබ් අඩවි මග හැර සාර්ථක වෙබ් අඩවි වෙන්කර ගන්න පුළුවන්.

  29. chamara on අඟ, 16th පෙබ 2010 ප.ව. 5:58
  30. *********************IMPORTENT*****************

    Thanks kiyala dunnata rukshan aiye…….loku sewayak karanawa oya lankawe
    ayata…
    oya pitarata company walata risk ekak thiyagena set nowi lankawe athulema online mudal hoyanna puluwan widiyak danata mamath athhada balagena yanawa…yaluwanta lagadima kiyannam..

    Aduma tharame aaasawen use karana INTERNET eke BILL Ekawath hoya ganna widiyak gana hithana yaluwo godak innawa kiyala api dannawa

    mama danata karagena yanawa…..maha loku time ekak dawasakata wenkaranna onath ne.
    mama kiyannam lagadima……iwasanna

    thank rukshan ayya ayeth

    (menna niyama 100%free hosting ekak- 5GB disk space
    200 GB monthly transfer- http://byethost.com/index.php/free-hosting)

  31. Rukshan Kothwala on අඟ, 16th පෙබ 2010 ප.ව. 10:00
  32. @chamara
    මගේ මූලිකම ක්‍රම උපායමාර්ගයක් වන්නේ එකම දෙයක් මත යැපෙන්නේ නැතිව ක්‍රම කීපයක් මගින් අමතර ආදායමක් ලබා ගැනීම. ඒ වගේම රටට ලැබෙන විදේශ විනිමය වැඩි කිරීමට රටට ආදරය ඇති පුරවැසියෙක් ලෙස වගකීමක් ඉටු කිරීම. ඉතින් අප සැවොම බුද්ධිමත්ව විවිධ ක්‍රම අත්හදා බලා අන් අය සමගද අදහස් හුවමාරු කරගමු. ඔබගේ නව අත්හදා බැලීමුත් අප සැමට උපකාරී වෙයි.

  33. Namila on බදාදා, 17th පෙබ 2010 ප.ව. 1:10
  34. mamanam owwa karanneth nee..ehinda salli nethi wenneth ne :D

  35. sanath on බ්‍රහස්, 18th පෙබ 2010 ප.ව. 3:52
  36. ලිපිය හොදයි. එත් මම බලාපොරොත්තු උනේSEO ගැන තව පැහැදිලි ලිපියක් ලියයි කියලා. පුලුවන් නම් ඒ ගැන තව ලිපියක් ලියන්න.

  37. MAHESH BOY on සිකු, 19th පෙබ 2010 පෙ.ව. 11:42
  38. thwa tikak wisthra denna
    thx

  39. DDG on සිකු, 5th මාර්තු 2010 පෙ.ව. 10:33
  40. Panamoney and Geniusfund are very good but FxStar Scam now!

  41. kawshalya on අඟ, 9th මාර්තු 2010 ප.ව. 10:53
  42. nice post rukshan! but it’s still risky. as you said first have to seek for legitimate HYIP’s and their history.
    P.S: by the way there is an offer on lime domains. $6.29/year + Free Hosting.

    http://blogology.tk/2010/03/09/domain-6-29year-free-hosting-limited-offer/

  43. Kawshalya on ඉරිදා, 14th මාර්තු 2010 පෙ.ව. 1:08
  44. this seems too risky for me. actually there is another pyramid system is rising in sri lanka. tiens health care products.
    it’s like AMWAY(google for it!!!). good way to earn money. if anyone interest abt this let me know.

  45. Rukshan Kothwala on ඉරිදා, 14th මාර්තු 2010 ප.ව. 3:10
  46. @kawshalya
    Yeah! This is a risky method. That’s why I wrote in title. But if you are smart in this field, you can earn money.

  47. DDG on සඳුදා, 15th මාර්තු 2010 පෙ.ව. 11:50
  48. GeniusFunds Also gone Now. Only Panamoney can trust they actually trade forex and give you the commission. I saw them in AvaFx,Forex.com and Etoro they actually trade and the company is physically exist there in panama. This is the currently best method except forex trade by yourself for online earning.

  49. DDG on අඟ, 16th මාර්තු 2010 ප.ව. 3:06
  50. The Best way of investing in HYIP’s is invest in short term contracts. In this case the


    Is the Best

  51. Amith on සිකු, 26th මාර්තු 2010 ප.ව. 2:23
  52. බොහෝම ස්තුතියි

  53. upulpp on සෙන, 3rd අප්‍රේ 2010 පෙ.ව. 7:22
  54. හොද ලිපියක්, මම නම් තාම අන්තර්ජාලයෙන් ආදායම් ලබාගන්න උත්සාහ කරල නෑ… හැබැයි කැමැත්තක් තියනව…
    මාත් මෑතකදි ගැන Forex සොයා බැලුව.ඇත්තෙම්න්ම ඒක හොද ආයෝජන ක්‍රමයක්.නමුත් හොද ප්‍රතිලාභ ලබන්න නම් ලෝක ආර්ථිකය ගැන විමසිල්ලෙන් ඉන්න ඕනෙ.නිතරම online ඉන්න පුලුවන් නම් දිනකට 200$ පමණ ආදායමක් බොහොම පහසුවෙන් ලැබිය හැකියි. හැබැයි අවදානමක් නැත්තේමත් නෑ…

  55. Indunil on සෙන, 10th අප්‍රේ 2010 ප.ව. 4:22
  56. මට ම‍ගේ වෙබ් එකට Comment box එකක් දාන්න html code දෙනවද?

  57. Lasantha Wickramasinghe on සඳුදා, 3rd මැයි 2010 ප.ව. 11:16
  58. If you are interesting in forex, I found a place to practice forex online with real variations of currency rates. http://www.oanda.com Go to forex trade and open an game account. you will have a simulation in real environment. It’s better to practice with virtual currency like this, before invest actual money. I think it will be very useful to all of interesting in forex.

  59. Thushara on ඉරිදා, 9th මැයි 2010 ප.ව. 9:11
  60. මොකො සයිට් එක නිතර අප්ඩේට් වෙන්නෙ නැත්තේ

  61. dimuthu on බ්‍රහස්, 13th මැයි 2010 ප.ව. 1:25
  62. please tell me how i trust this type of HYIP …….

    https://www.euronanoinvest.com/register/b50r1vq
    https://www.euronanoinvest.com/b50r1vq

    Any one have made money online please tell me …………..

මොනවද ඔබට හිතෙන්නේ, අප සැමටම ඔබේ ප්‍රතිචාරය ගොඩක් වැදගත්!.
පින්තූරය මෙහි දැමීමට නම් gravatar වෙතට යන්න!


සිංහලෙන්ම දැන්ම ලියන්න UCSC





Internet Top Blogs Page Rank Check Page copy protected against web site content infringement by Copyscape