ඔබේ අන්තර්ජාල සේවා සපයන්නා පිලිබද ඔබ තෘප්තිමත්ද?

ජනවාරි 17, 2009 by
Filed under: අන්තර්ජාලය, තාක්ෂණික 
Sorry, there are no polls available at the moment.

අන්තර්ජාලය හැකි සෑම විටම භාවිතා කරන අපට නම් මෙය රසවත් මාතෘකාවක්. ඇත්තටම තමන්ගේ අන්තර්ජාල සේවා සපයන්නගේ සේවාවේ ගුණාත්මකභාවය ගැන සැලකිලිමත් වෙන්න ඔනෙනේ. වර්තමානයේ අපරටේ විවිධ අන්තර්ජාල සේවාවන් සපයන්නන් කිහිපයක් පවතිනවා. ඔවුන්ගෙන් වැඩිම ප්‍රමාණයක් දුරකථන සේවා සපයන්නන්. ඉතින් අන්තර්ජාල සේවා භාවිතා කරන විට මොනවද සැලකිලිමත් විය යුත්තේ. ඔන්න එහෙනම් අවශ්යතා අනුව නිවැරිදිව සේවාවක් තොරාගන්න ආකාරය සලකා බලමු.

අන්තර්ජාල සේවාවක් ලබා ගැනීමට පෙර සැලකිලිමත් විය යුතු කරුණු.

  • තමගේ අවශ්යතාවය ස්ථාවර හො තැන තැන ගෙන යාහැකි සබදතාවයක්ද යන්න. (Fixed Line or Mobile)
  • දත්ත වේගයන් සහ Bandwidth එක.
  • පැකේජ වල මිළ ගණන්.
  • 24/7 ක්‍රියාත්මක සහායක සේවා.(Hotlines, Email support)
  • බිදවැටීම් වලදි දක්වන සහාය.
  • දැනට භාවිතා කරන්නන්ගේ ප්‍රතිචාරයන්. (Comments, Reviews)
  • සබදතාවයේ වලංගු කාලය. (validity period, commitment)
  • සමාගම සතු International Bandwidth ප්‍රමාණය.
  • අන්තර්ජාල සබදතාවයේ CIR(Committed Information Rate)කොපමණද යන්න.

අන්තර්ජාල සේවාවක් ලබා ගැනීමෙන් පසු සැලකිලිමත් විය යුතු කරුණු.

  • නියමිත දත්ත වේගයන් සෑම විටම අපට ලැබෙනවාද යන්න.
  • තාක්ෂණික සහායන් ලබාගැනීමේ පහසුව.
  • බිල්පත් හා දත්ත පරිහරණය පිලිගත හැකිද යන්න.

ඉතින් මමත් මේ ගැන මෙහෙම ලිපියක් පළ කරන්න අදහස් කලේ ඔබත් සමග අන්තරජාල සේවා සපයන්නා පිලිබද ඔබ කොපමණ දුරට තෘප්තිමත් වන්නේදැයි සොයා බලන්නයි. මමත් දැන් වසර දෙකක් පමණ SLT ADSL Home Express සබදතාවයක් භාවිතා කරනවා, මමනම් පුද්ගලිකව හිතන්නේ ඔවුන්ගේ වේගයන් සහ Unlimited bandwidth එක අපට ප්‍රමාණාත්මකව තිබුනත් මිළ ගණන් වල අඩුවීමක් අවශ්ය කියාය.

Comments

48 Comments on ඔබේ අන්තර්ජාල සේවා සපයන්නා පිලිබද ඔබ තෘප්තිමත්ද?

  1. Roshan on සෙන, 17th ජන 2009 පෙ.ව. 9:57
  2. Mama use karanne Dialog HSDPA student package eka. mokada ape gedetta SLT ADSL wada karan na. SLT ADSL ganna bari ayata saha mobile internet use karana ayata HSDPA watinawa. dan Airtel ekenuth mama hithanne HSPA denawa. matanam aurudu keepayaka edan thibuna internet prashne yam thak durata wisadune me connection eka nisa.

  3. චමිල on සෙන, 17th ජන 2009 ප.ව. 4:33
  4. මම පාවිච්චි කරන්නේ LankaBell Wimax 512 package එක. වේගය නම් සාමාන්‍යයෙන් හොඳයි. ඒත් දවල් කාලෙට අඩු වෙනවා. නිතරම disconnect වෙන එකත් අඩුපාඩුවක්.. මම නම් කියන්නේ වෙන option එකක් නැත්තන් විතරක් ගන්න කියලා.. Dialog HSDPA option එකක් විදියට ගන්න බෑනේ….

    Lanka Bell වල FUP වගේ දේවල් නෑ. හොඳට down කරන්න පුලුවන්… ඒක පොඩි වාසියක්

  5. සුපුන් සුදාරක on සෙන, 17th ජන 2009 ප.ව. 7:54
  6. ඔන්න කතා කරනවානම් මාතෘකාව :) මම පාවිච්චි කරන්නේ SLT ADSL Home Express සම්බන්ධතාවයක්. පැකේජයේ පොරොන්දු වී ඇති වේගය ලබාදීමේ සම්භාවිතාව අනුව මටනම් 90%ක් විතර ලැබෙනවා. ඒ කියන්නේ දැනට තත්ත්වය හොඳයි. ADSLපාරි‍භෝගික සහයට මම කතා කරලා තියෙන්නේ තුන් හතර පාරක් විතර, ඒ කතා කරපු අවස්තා වල නම් හොඳ ප්‍රතිචාර ලැබුනා. ඒ වුනත් සාමාන්‍ය පාරිභෝගික සේවය නම් අල. ADSL පාරිභෝගික සේවය සඳහා වෙනම අංකයක් තියෙනවා නෙව. ලංකාවේ අනිත් සේවා එක්ක සසඳද්දී ලාබයි. ඒ වුනාට ටිකක් මිල අඩු වුනානම් හොඳයි. FUP නෑ, Bandwidth limit නැති එක හරිම වටිනවා :D

  7. rangana on සෙන, 17th ජන 2009 ප.ව. 8:31
  8. මමත් දැන් වසර1 පමණ SLT ADSL Home Express සබදතාවයක් භාවිතා කරනවා, මමනම් පුද්ගලිකව හිතන්නේ ඔවුන්ගේ වේගයන් සහ එක අපට ප්‍රමාණාත්මකව තිබුනත් මිළ ගණන් වල අඩුවීමක් අවශ්ය කියාය.

  9. රුක්ෂාන් කොත්වල on සෙන, 17th ජන 2009 ප.ව. 8:37
  10. මාත් හිතන්නේ මිළ ගණන් වල පහත හෙලීමක් අවශ්ය කියාය, මොකද ඔය මිළ ගණන් දැන් දිගු කලක් තිස්සෙ තිබෙන ඒවානේ. Speed සහ Unlimited Bandwidth අතින්නම් Maxxa :D .

  11. Kavidu on සෙන, 17th ජන 2009 ප.ව. 10:24
  12. ම්ගේ හොදම් යලුවා නිවසේදී අන්තර් ජාලයට පිවිසීම සදහා භාවිතාක‍්රනුයෙ Dialog CDMA ය. එහිදී Google home page load වීමට යන කාලයද වි.20කි. නොදකින්…නොදොමකින්…!

  13. නිලන්‍ත on සෙන, 17th ජන 2009 ප.ව. 11:01
  14. කණගාටුවට කාරනයක් වුවත් මම ඉන්න ප්‍රදේශයට තාම Telecom ADSLවත් Lanka Bell Wimaxවත් අඩුමගානේ Dialog Wimaxවත් නැතිනිසා තියෙන එකම optionඑක Dialog HSDPA විතරයි.
    සේවාව නම් අන්තිමයි. Signal Lost වෙන අවස්ථා නිමක් නැහැ. සමහර අවස්ථාවල WCDMA හෝ HSPA Signal Strength එක 95%-98% තිබුනත් දත්ත පැමිනීමේ වේගය බොහෝ විට 60-70kbps වලින් පාත.මෙතුවක් කාලයකට බාගත වන උපරිම වේගය 180kbps.සමහර වෙලාවට signal තිබියදීත් 1kb වත් බාගත නොවී විනාඩි 4-5 තියෙනව.තිබිල තිබිල Disconnect වෙනව.

    ඒ මදිවට FUP. ඒක හරියට ගහෙන් වැටිල ගොනා ඇනල ඉන්න මිනිහ කරත්තෙකටත් යට උනා වගෙ. 5GB ඉක්මවා ගිහින් සේවය නැවතුනහම (කියන්නෙ නම් 5GB පැන්නට පස්සෙ වේගය අඩුවෙනව විතරයි කියල නමුත් 7.2mbps එන්න ඕනි වෙලාවට එන්නෙ 180kbps නම් 64kbps ගැන කුමන කතාද?) ආයෙත් ක්‍රියාත්මක කරගන්නත් දවසක් විතර යනව. ඒකටත් call දීල complain කරල ජරමර ගොඩයි.

    නමුත් කරන්න දෙයක් නැහැ. වෙන එකකට මාරුවෙන්න කියලද. දෙන දේ කාල වෙන දේ බලං ඉන්නව ඇරෙන්න. දෙන්නෙ මොන තරං දුර්වල සේවාවක් වුනත් මාසෙ ගාස්තුව නං අඩු නැතිව එනව.
    හපෝයි ඒක දෑක්කහම නං බඩේ ගින්දරේ බෑ.

  15. පහන් on සෙන, 17th ජන 2009 ප.ව. 11:15
  16. මමත් DIALOG පාවිච්චි කරන්නේ. මේක නම් ගන්න දෙයක් නෑ. මාස හයේ සීමාව ගියාට පස්සේ මේක අතහැරලා දාන්නයි ඉන්නේ.

  17. රුක්ෂාන් කොත්වල on සෙන, 17th ජන 2009 ප.ව. 11:18
  18. @නිලන්‍ත
    Dialog එක මගින් යටිතල පහසුකම් වැඩි දියුණු නොකිරීමේ විපාක අත්විදින්න වෙන්නේ, ඔබ වැනි පරිභොගිකයන්ටයි.
    මත විමසුමට “වෙනත් අන්තර්‍රජාල සේවාවක් ලබා ගැනීමට අපහසු නිසා මෙම සේවාව ලබගනිමි.”ලෙස එක් තොරගැනීමක් දැමීමත් සධාරනයි නේද?

  19. හේම ජයන්ත කොළඹගේ on ඉරිදා, 18th ජන 2009 පෙ.ව. 12:52
  20. රැහැන් සහිත දුරකථන නොමැති,නිතරම විදුලිබලය පවා බිද වැටෙන ගම්බද පලාතක්වන මෙහි
    වෙනත් විකල්පයක් නොමැති කම නිසාම SLT CITY LINK CDMA දුරකථනයක් හරහා
    රුපියල් 1000 ක මාසික අනිවාර්යය ගෙවීම සහිත පැය 150ක ‍කාලයකතට සීමා කර ඇති
    පැකේජය මම භාවිතා කරමි. මෙහි වේගය ගැන නම් මට වඩා මේ සම්බන්ධව හුගාක් දන්නා
    ඔබ සැම දන්නවා ඇති.. යම් කාරුණික අයෙක් මීට වඩා සාර්ථක ලාභදායී විකල්පයක් මට
    කියා දෙන්නේ නම් බෙහෙවින් කෘතඥ වෙමි.

  21. රුක්ෂාන් කොත්වල on ඉරිදා, 18th ජන 2009 පෙ.ව. 7:12
  22. @ හේම ජයන්ත කොළඹගේ
    මේ කාල වකවානුවේ CDMA භාවිතය අවම වී ඇත. ඔබට ඇති හොදම විකල්පය වන්නේ Mobitel, Dialog, Airtel වැනි සමාගමක HSDPA, 3G, Wimax වැනි සේවාවක් ලබා ගැනීමයි. එය තීරණය වන්නේ Coverage එක මතයි.

  23. නිලන්‍ත on ඉරිදා, 18th ජන 2009 පෙ.ව. 8:33
  24. @රුක්ෂාන් කොත්වල
    සත්‍තකින්‍ම මම මෙම සේවාව ලබාගන්නේ වෙනත් අන්තර්‍රජාල සේවාවක් ලබා ගැනීමට අපහසු නිසාවෙනි

  25. Kavidu on ඉරිදා, 18th ජන 2009 පෙ.ව. 9:06
  26. මම නම් තෘප්තිමත් නොවෙමි මගේ ගෙද‍ර අන්තර්ජාල සේවා ලබාගන්නේ SLT මගීන් එපිලිබදව මම තෘප්තිමත් නොවෙමි.නමුදු මා රෑකියාව ක‍රන ස්තන්යේ සේවා ලබාගන්නේ LankaCom මගීන් එ පිලිබදව මම තෘප්තිමත් වෙමි.

  27. රුක්ෂාන් කොත්වල on ඉරිදා, 18th ජන 2009 පෙ.ව. 9:33
  28. @ Kavidu
    ImageVisit ~ Fast Way to Host Images

    ඔව් Lankacom එකේ මම ඉන්න දවස් වල ඔහොම සබදතාවයක් භාවිතා කරද්දි තව මොන කතාද?

  29. කසුන් on ඉරිදා, 18th ජන 2009 පෙ.ව. 10:45
  30. මටත් කියන්න තියෙන්නේ slt home expressවල ගාණ ටිකක් අඩු වුණොත් වඩාත් හොඳ ය කියා ය.

  31. Ruwan Dileepa on ඉරිදා, 18th ජන 2009 පෙ.ව. 11:04
  32. Mama use karanne Mobitel Zoom 890 package eka. Eke Mobitel denawa data sim ekak hebey 2GB thamy download puluwan masekata, extra 10mb walata Rs 5 charge karanawa (Extra 1GB : Rs 500) . Rs 890k chrage karanawa VAT nethiwa.mama connect wenne mage 3G phone eken . eke HSDPA support nethi nisa 3G spped eka thamay enne. phone eke spec eke thiyenne max speed 387kbps connect wenawa kiyala, hebey speedtest eken test kehruwahama 420 kbps maximum speed connect wenawa. kohomath 360 kbps wage consistance speed ekak thiyenawa download karanakota. HSDPA thiyenawa nam 1 mbps connect wenna puluwan, kohomath mata slt wire line ekak nethi nisa Mobitel Zoom 890 package eka matanam honday, ADSL home walata wediya speed kiyalay matanam hithenne. 2GB download limit eka thama prashne.., Unlimited package ekak awanam maru..

  33. amila on ඉරිදා, 18th ජන 2009 පෙ.ව. 11:29
  34. Danata Mamath SLT H.E thama use karanne…But Lankacom servise eka ape ISP vidhat Change karanne khomada…..?????

  35. රුක්ෂාන් කොත්වල on ඉරිදා, 18th ජන 2009 පෙ.ව. 11:45
  36. @ amila
    http://www.lankacom.net වෙබ් අඩවිය බලන්න

  37. රංග සමන් on ඉරිදා, 18th ජන 2009 ප.ව. 2:15
  38. මම භාවිතා කරන්නේ SLT ADSL රැ1000 පැකෙඡ් එක 1mb/ps දුන්නනමි හොදයි
    unlimited පැකෙඡ් එකේ ගානනමි වැඩියි අනත් එවුවා පාවිචිචි කරන්නත් සිග්නල් 3G සිග්නල් නහැ රද්දොඑගම ගනේපල කියන ප්‍රදේෂවලට

  39. UpulPP on ඉරිදා, 18th ජන 2009 ප.ව. 8:38
  40. මමත් පාවිච්චිය dialog hsdpa
    ගන්න ඒකම ෙහ්තුව මෙග් ගමට ඉතින් Slt ADSL ඒයි කියලයැ!
    මට දැනට ලැෙබන 700kbps ෙව්ගය ප්‍රමාණවත් උවත්,dIALOG official fb group වන
    http://www.facebook.com/topic.php?topic=7228&post=34300&uid=43928276150#/board.php?uid=43928276150
    මම ඒ්ගැන දැඩි සටනක් අරන් යනවා..
    හැකි උදවිය සහෙයා්ගය ලබා ෙදන්න.
    ස්තූතියි…

  41. නිලන්‍ත on ඉරිදා, 18th ජන 2009 ප.ව. 10:48
  42. මම තවත් මේ ගැන හොයල බැලුව. Dialog Mobile Broadband පාවිච්චි කරන 95% ක් වගේ මේ සේවාව ගැන පුදුම කලකිරීමකින් ඉන්නෙ. හැමෝම වෙන Option එකක් එනකම් හරි Contract කාලසීමාව අවසන් වෙනකම් හරි තමා බලාගෙන ඉන්නෙ
    මේ ගැන හොඳින් දන්න අයගෙ තාක්ෂණික උපදෙස් මත බැලුවහම තමයි Dialog සමාගම අපිව කොච්චර රවට්ටනවද කියල හොඳටම තේරෙන්නෙ.ඒගොල්ලො කියන වේගයෙන් 1/10ක් වත් තියෙනවනම් කමක් නැහැ.පාවිච්චි කරන නිසා මම දන්නව. ඇත්තටම පාරිභෝගිකයන්ව මුලාකිරීම වලක්වන්න නීති නැද්ද?

  43. කිසංක රත්නායක on ඉරිදා, 18th ජන 2009 ප.ව. 10:58
  44. මම ගෙදරදී නම් පාවිච්චි කරන්නෙ SLT Home Express සම්බධතාවයක්. ඒත් ඉතින් හැමදාම ගෙදර ඉන්න වෙන්නේ නැති නිසා Dialog HSDPA එකකුත් අරගත්තා. අනේ මන්දා, 7.2Mbps කියලා අරගත්තාට 1Mbps වත් ලැබෙන්නේ හාවා හඳ දකිනවා වගේ. ඒකට ඉතින් SLT එක, ගින්දර වගේ. සුපුන් සුධාරක කියනවා වගේ අඩුම තරමින් 90%ක වේගයක් ලැබෙනවා. අනෙක් වටිනාම කාරණය තමයි SLT එක සීමාරහිතවීම. ඒකට අපේ Dialog කස්ටිය FUP කියලා තවත් මරාලයක් මේකට එකතු කරලනේ තියෙන්නේ, ඒ ගැන නම් ඉතින් කියලා වැඩක් නෑ.

  45. රුක්ෂාන් කොත්වල on ඉරිදා, 18th ජන 2009 ප.ව. 11:23
  46. ඇත්තටම විවිධ අදහස් මෙතන පලවීම ගොඩක් හොදයි. අප සැමටම අවශ්ය වන්නේ ගෙවන මුදලට අදාල පැකේජයෙන් ලැබිය යුතු පහසුකම් නියමාකාරව ලබා ගැනීමයි.

    @නිලන්‍ත
    මම හිතන්නෙ මේවාට තියෙන නීති ප්‍රමාණවත් නැතිව ඇති.

  47. Aravinda on සඳුදා, 19th ජන 2009 පෙ.ව. 7:17
  48. මම පාවිච්චි කරන්නේත් SLT ADSL Home express
    දැනට අරගෙන වසරක් වෙනවා. සබඳතාව ලැබුණට පස්සේ මේ වෙනකං එක ම වතාවක්වත් පාරිභෝගික සේවයට කතා කරන්න වෙලා නෑ.

    සබඳතාව බිඳවැටීම්, වේගය අඩු වීම් වෙන්නේ කලාතුරකින්. ඒවත් වැඩි වෙලාවකට නෙමෙ යි.

    සමහර දවස්වලට වෙගය තිබිය යුතු ගණනට වඩා වැඩිත් වෙනවා.
    512Kbps වුණාට එක වතාවක් මට 1Mbps වේගයකුත් ලැබුණා ! හැබැයි ඉතින් පොඩි වෙලාවකට විතර යි.

  49. Chandima on අඟ, 20th ජන 2009 ප.ව. 10:22
  50. I dont have my own Conection, im stayin @ my office.
    So we r using SLT ADSL 2M line. we have 2 2M lines.and also we r using ISA server. so i think SLT is gud. it always giving there bandwidth.
    So as my knowladge SLT is the best ISP in sri lanka…

  51. Mahi on බදාදා, 21st ජන 2009 ප.ව. 11:19
  52. I have mobitel 3g daily delight 25. mama use karanne nokia 6120. not so bad…

    panadurata airtel 3g Thiyanawada? any body know?

  53. රුක්ෂාන් කොත්වල on බදාදා, 21st ජන 2009 ප.ව. 11:37
  54. @ Mahi
    ඔබ Airtel මගින් විමසීමක් කලේ නැද්ද? කොලඹ ආශ්‍රිත ප්‍රදේශයක් නිසා ඔබට ලබා ගත හැකි වේව්

  55. amila on බ්‍රහස්, 22nd ජන 2009 පෙ.ව. 9:51
  56. මේ වගේ Blog එකක් හුගක් වැදගත්.මොකද කියනවනම්, අපි නොදන්න හුගක් දේ මෙතනදි දැනගන්න පුලුවන් කියලා මම හිතනව.
    මමත් SLT ADSL පාවිච්චි කරන්න පටන් අරගෙන දැන් මාස 4ක් විතර වෙනවා ඒත් connection එකේ speed එක ගැන නම් සෑහීමකට පත් වෙන්න බෑ.
    512Kbps උනාට ගත්ත දවසේ ඉඳන් මේ වෙනකල් එව්වර speed එකක් ලැබිල නෑ.

  57. රුක්ෂාන් කොත්වල on බ්‍රහස්, 22nd ජන 2009 ප.ව. 5:50
  58. @ අමිල
    මටත් වසරකට පමණ ඉහතදී ඔබ ලබ්න අත්දැකීමට මුහුණ දුන්නා, නමුත් ඔවුන්ගේ 1243 පාරිභොගික සේවාවට අමතා මට ඉක්මනින් නියමිත වේගයන් ලබා ගැනීමට හැකි වුනා.

  59. amila on බ්‍රහස්, 22nd ජන 2009 ප.ව. 6:22
  60. රුක්ෂාන් අයියා.ඔයා අපට කරන help එක gread1

  61. Harshana on සෙන, 24th ජන 2009 ප.ව. 11:58
  62. Mobitel HSDPA Rocks !
    Great Service, Great Speed

  63. රුක්ෂාන් කොත්වල on බදාදා, 28th ජන 2009 ප.ව. 6:32
  64. @ Harshana
    Mobitel HSDPA මගින් ලැබෙන්නේ Dynamic IP range එකක ඇති එකක්ද? නැත්නම් Dialog HSDPA එකේ NAT ආකරයට සියලුම අයට එක IP එකක්ද?
    මේ ගැන මා හරියටම දන්නේ නැහැ, ඔබ මේ සබදතා දෙකම භාවිතා කරපු නිසා ඔබට පිළිතුරු දිය හැකියි.

  65. Namila on බ්‍රහස්, 29th ජන 2009 ප.ව. 11:06
  66. SLT adsl wala speed eka wadikaranam elakirima tama..1Mbps karoth eth athii..me speed eka madiiii…:-(

  67. දර්ශන අනුරාධ on සඳුදා, 2nd පෙබ 2009 ප.ව. 5:14
  68. මම නම් Dialog HSDPA තම පවිච්චි කරන්නෙ
    Airtel data pacckage එක එනකන් නම් මට ප්‍රස්නයක් තිබ්බෙනෑ. මොකඩ එ ඩවස්වල අපි වගෙ අයට තිබ්බ් හොඩම විකල්පය එක තමා. අපි ඩවල් Campus එකෙ හරි Ofice එකෙ හරි ඉඩල රෑට නෙ බොඩිමට එන්නෙ.
    speed 1.6KBps වගෙ එනව

  69. දර්ශන අනුරාධ on සඳුදා, 2nd පෙබ 2009 ප.ව. 5:14
  70. Correction up to 1.6MBps

  71. එළද on සඳුදා, 2nd පෙබ 2009 ප.ව. 7:37
  72. මම පාවිච්චි කරන්නේ dialog wimax, 512 kbps

    good

  73. saman bandara on සඳුදා, 9th පෙබ 2009 ප.ව. 12:44
  74. * මමත් SLT & ADSL ලැබෙන තෙක් අවුරැද්දක් තිස්සෙ පාරමී පුරමින් ඉන්නේ.(පුදුමෙ කියන්නෙ වයර් ඇදල, දුරකතනයකුත් හයි කළා .ඒක අත් වැරදීමක්ළු !…… සේවය ලැබුනම මොන මොන දේවල් ‍ වරදියිද ? )
    * DIALOG WIMAX කණුව ගේ පිටිපස තිබිලත් මාස 3කට පසසේ සඥා දුර්වලයි කියලා සල්ලි නැවත දෙන්නම් කිව්වට මාස 5 ක් තාම නෑ. (අනේ මෙහෙමත් නොලැබීමක්) අනාගතය අදයි ( ළු)
    * LANKA BEL CDMA තමයි අවුරැද්දක්ම ඉවසීම කියලා දුන්නෙ. පිටුවක් පිරෙන්න විනාඩි 20-30 ක් බලා ඉන්න එක මොන තරම් ඉවසීමක්ද ? පිං සිද්ධ වෙච්චාවේ !
    * දැනට නම් MOBITEL HSDPA සේරම හොදයි ,මිළ තමයි මල !
    * මීළග සිහිනය නොදුටු සුන්දරී හෙවත් – අනේ වරෙන් AIR TEL
    saman/homagama.

  75. ඇන්ජලීන් on සඳුදා, 9th පෙබ 2009 ප.ව. 4:32
  76. dialog broadband very very fast internet

  77. saman bandara on අඟ, 10th පෙබ 2009 පෙ.ව. 11:27
  78. මල ලස්සන නම් පිරිපුන් නම් ආරාධනා කුමටද ?
    දුරකථන සමාගම් අසීමිත ප්‍රචාරණයට යොදවන ධනය යටිතල පහසුකම් දියුණුවට යොදවනවානම් මේ එක එක කථන්දර අහන්න වත් අපේ කාලය හා ධනය නාස්ති කරන්න වත් සිදුවෙන්නේ නෑ. (බඩුව නඩුවක් උනාම…….)
    මා දුටු කරැණු 3 ක් මෙන්න.අත් දුටුවයි සත්තයි !
    1 අසීමිත ප්‍රචාරය ආසන්නයේම එම ආයතනයේ දරැණු කඩා වැටීමක් අනිවා.
    2 එම ප්‍රචාරණයට හේතුව ළග ළගම එන වෙනත් සමාගමක ලාභදායි යමක් ස්ථිර බව අනිවා.
    3 ප්‍රචාරවයෙන් උඩගියාම ගුනාත්මයෙන්ද වැටී පාරිභෝකයන්ද ලොස් වීම අනිවා.
    SAMAN /HOMAGAMA

  79. Ruwan Weerasinghe on සිකු, 13th පෙබ 2009 ප.ව. 7:17
  80. Man nam Dialo wimax. 512 kiwwata 200n eha nam enawa dekala ne kawadawath…
    bt man cuz ekata katha kalama e gollo kiyanawa den oyage spd eka 400 penala kiyala..
    spd test eke chk kalama 200 wage ganan thama yanne…
    mata dena ganna ona dlog eke eunta pixxuda…
    neththam meka gaththa mata pixxuda kiyala,…..
    math 6mnt iwara unama slt walata maru wenawa…
    eka kochchara simple plan ekakda…. :D

  81. Chaminda on සිකු, 6th මාර්තු 2009 ප.ව. 5:40
  82. මෙන්න සතුට ගෙනෙන අලුත් ආරංවිය…! SLT ADSL පැකේජ ගාස්තු අඩුකරලා බාගෙට බාගයක්.!! ඒ විතරක්ද අලුත් පැකේජ 4 ක් එක්ක ඔක්කොම 7 ක්.!වේගය 4Mbps දක්වා..
    කියල වැඩක්නෑ.!! ඔන්න වැඩ….!!
    Static IP එක්ක…

    ජයවේවා… Telecom”!!!!!!!!!!!

  83. Chaminda on සිකු, 6th මාර්තු 2009 ප.ව. 5:42
  84. New ADSL Packages
    Package Name Package Features Free Usage (MB per month) Startup Fee
    (Rs.) Monthly Rental (Rs.) Charge
    for each additional
    1MB Offers (On Request) Special
    Offer
    Email Accts DNS Hosting Virtual Mail Service Web Hosting

    Product-1 : 512kbps Down/128kbps Up
    Entrée Dynamic IP 1024 500 500 50 Cents 01 Free - - - Maximum Limit
    Rs. 3,500
    Note-1
    Home Dynamic IP Unlimited 1,000 1,600 - 01 Free - - - -

    Product-2 : 1Mbps Down/256kbps Up
    Xcite Dynamic IP Unlimited 1,000 2,900

    01 Free - - - -

    Product-3 : 2Mbps Down/512kbps Up
    Office Dynamic IP Unlimited 1,000 5,500 - 02 Free - - - -
    Office 1IP 01 Static IP Unlimited 2,000 8,500 - 02 Free Free Note-2 Free Note-3&4 2 MB Free -

    Product-4 : 4Mbps Down/512kbps Up
    Xcel Dynamic IP Unlimited 2,000 9,950 - 05 Free Free Note-2 Free Note-3&5 5 MB Free -
    Xcel 1IP 01 Static IP Unlimited 2,000 12,950 - 05 Free Free Note-2 Free Note-3&5 5 MB Free -

  85. Amil on සිකු, 13th මාර්තු 2009 ප.ව. 7:49
  86. Rukashan ,, oyanam Deviyek wage. nodanna karunu godak kiyala denawa. Dialog Wimax 6 Months contract ekedi aniwaryenma masa 6 bill eka gewanna onada. Dialog Wimax nam nodokin..

  87. Amil on සිකු, 13th මාර්තු 2009 ප.ව. 8:19
  88. ඩයලොග් වයි මෑක්ස් aggrement මාස 6 ම Use කරන්න කියලා නිතියක් තියනවද? ස්පීඩ් එක හොද නෑත්නම් අපිට මාස 6 ට කලින් disconnect කරන්න බෑරිද? මේ ගෑන විස්තර ටිකක් කියලා දෙනවද?

  89. වජිර on සෙන, 25th අප්‍රේ 2009 ප.ව. 9:25
  90. මමත් දෑන් ඩයලොග් තමයි පාවිච්චි කරන්නෙ , මටනම් කිසි අවුලක් නෑ තාම. ඩවසකට 1ක් විතර සිග්නල් නෑති වෙනව, අපෙ ගෙදරට සිග්නල් ටිකක් අඩුයි එකයි. මගෙ ඩ්වුන්ලොඩ් ස්පීඩ් හෑමවෙලෙම එන්නෙ 115-120 අතර, අප්ලොඅඩ් එක 45-55 අතර තියෙනවා. මට තියෙන අවුල එක තමා. ෆ් නෑතුව අන්ලිමිටෙඩ් නම් ඉතින් ගින්දර තමා. මෙන්න මගෙ ස්පීඩ් එක……..

    [URL=http://www.speedtest.net][IMG]http://www.speedtest.net/result/459970428.png[/IMG][/URL]

  91. S>S>A on ඉරිදා, 10th මැයි 2009 පෙ.ව. 12:35
  92. mama slt ADSL home connection 1ka ganna inne. SLT eken dena modam 1kata wadaa.. Router 1k gaththoth hodada? . ADSL modam 1ki Router 1ki wenasa mokadda.

  93. tharindu prabash on සෙන, 25th ජූලි 2009 පෙ.ව. 12:25
  94. මම පවිච්චී කරන්නෙ එයර්ටෙල් ඩේට සිම් එකක්….එක ලිමිට් පැකජෙ 1ක් (300 පැක් එක]..මට මෙ pacage එක ප්‍රමනවත්..මොකද මම වැඩියෙන්න්ම ඉන්ටෙර්නෙට් use කරන්නෙ Facebook,educationaly web site වලට නිස…..මම internet use කරන්නෙ PC එක හරහ phone එක connect කරල…විශ්වාස කරන්න මම use කරන phone එක ඇහුවොත් ඔය ගොල්ලො පුදුම වේ…මගෙ phone1 3G phone 1k නෙමේ..එක එවිල්ල නිකන්ම නිකන් phone එකක් විතරයි …දන්නවත් ඇති sony ericsson k310i phone එක ගැන…නමුත් පුදුමය කියන්නෙ HSDP connection system 1 වගෙ වෙඩ නොකලට dial-up මොඩෙම් එකකට වඩ 4x ගුනයක ස්පීඩ් එකක් එකට තියනව…එකෙ තියෙන්නෙ 115ක්බ්ප්ස් මොඩම් එකක්# …නමුත් මම හැමදම පුදුම විදිහට මෙකෙන් වැඩ ගන්නව..විශ්වාස කරන්නත් අමාරුයි මගෙ phone එක ගැන….මම මීට කලින් used කලී මොබිටෙල් daily-delight කියන daily pacage එක නමුත් එක මාර විදිහට slow..දැන් මට ඒර්ටෙල් වලින් මොබිටෙල් වලට වඩා 5x වල විතර ස්පීඩ් එකක් දකින්න පුලුවන් මට එක ගෙන ඇත්තටම සතුටුයි….මසෙකට 300ක් දීල මසෙකට 200hours විතර ඉන්නව කියන එකත් හරි සතුටක් වගීම වියදම වැඩි කාලෙ හරි ඉතිරියක් ..i love my phone and connection.

  95. හසිත on සෙන, 25th ජූලි 2009 පෙ.ව. 2:33
  96. මම නම් හිතන්නෙ ඔබ Router එකක් මිලදි ගතහොත් හොදයි.
    SLT මගින් ලබාදෙන Router වඩා හොද Router එකක් වෙනත් තෑනකින් ලාබෙට මිලදි ගත හෑක.
    D-LINK GLB-802c එවෑන්නකි. SLT එකට වඩා රුපියල් 1000 කට පමන අඩුවෙන් වගකිමක් සහිතව එය මිලදි ගත හෑක.

    කෙසේ වුවත් මා හට මා බාවිතා කරනා SLT ADSL Home express හී internet වේගය ගෑන සෑහිමකට පත් විය හෑක.

මොනවද ඔබට හිතෙන්නේ, අප සැමටම ඔබේ ප්‍රතිචාරය ගොඩක් වැදගත්!.
පින්තූරය මෙහි දැමීමට නම් gravatar වෙතට යන්න!


සිංහලෙන්ම දැන්ම ලියන්න UCSC





RSS Feed

RSS


මොකද්ද මේ RSS Feed එකෙන් කෙරෙන්නේ?
Twitter

සිංහල උපකාරකත්වය

UCSC
සිංහල ගන්න
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

Internet Top Blogs Page Rank Check Page copy protected against web site content infringement by Copyscape