සිංහල බ්ලොග් මේ දිනවල ලංකාවේ වැඩිම පිවිසුම් ඇති වෙබ් අඩවි 100 අතරට
අද නම් මට තරමක් සතුටු දවසක්, ඒ මෙතෙක් ජීවීතයේ මාගේ වෙබ් අඩවියක් Alexa Traffic වර්ග කිරීම වලට අනුව අප රටේ අන්තර්ජාලය භාවිතා කරන්නන් පරිශීලනය කරන(Alexa tools ඇති Web browser භාවිතා කරන) වෙබ් අඩවි අතරින් ලංකාවේ මුල්ම වෙබ් අඩවි 100 අතරට මාගේ සිංහල බ්ලොග් සටහන 97 වෙනි ස්ථානයට පැමිණීම. මිට පෙර පළවූ ලිපියක් මගින් අප රටේ වඩාත් ජනප්‍රිය වෙබ් අඩවි මොනවාද යන්න ගැන දළ අවබොධයක් ඔබට ලබා දුන්න මතක ඇති.
ඇත්තටම මේ සිංහල බ්ලොග් ලිපි කියවන ඔබගෙන් ලැබෙන අගනා සහාය මත තමා මට මෙතෙක් දුරට මෙම බ්ලොග් අඩවිය හොද මට්ටමකින් පවත්වා ගන්න හැකි වුනෙ. ඉතින් මෙම වර්ගීකරනයන් විව්ධ අවස්ථාවල වෙනස් වීම ස්වභාවිකයි, ඉතින් මෙම වර්ගීකරණයන් අනුවම වෙබ් අඩවි වර්ග කිරීමටම මා උත්සාහයක් දරන්නේ නැහැ.
ඔන්න එහෙනම් මම නිහතමානීව මා දිරිමත් කල ඔබ සැමට, ප්‍රතිචාර දක්වා මෙහි අන්තර්ගතය ඔපවත් කල ඔබට සහ ඔබේ වටිනා අදහස් වලට මම නිහතමානීව තුති පුදමි
. ඉදිරියටත් සිංහල බ්ලොග් තුලින් හරවත් ලිපි සහ විවිධ සේවා ඔබට අඛණ්ඩව ලබා දෙන්න මම හොද උත්සාහයක් දරන්නම්.
Comments
53 Comments on සිංහල බ්ලොග් මේ දිනවල ලංකාවේ වැඩිම පිවිසුම් ඇති වෙබ් අඩවි 100 අතරට
-
cool33 on
සිකු, 6th පෙබ 2009 ප.ව. 8:29
-
කල්ප on
සිකු, 6th පෙබ 2009 ප.ව. 9:10
-
කිසංක රත්නායක on
සිකු, 6th පෙබ 2009 ප.ව. 9:26
-
එළද on
සිකු, 6th පෙබ 2009 ප.ව. 9:28
-
Namila on
සිකු, 6th පෙබ 2009 ප.ව. 9:35
-
රුක්ෂාන් කොත්වල on
සිකු, 6th පෙබ 2009 ප.ව. 9:45
-
සුපුන් සුදාරක on
සිකු, 6th පෙබ 2009 ප.ව. 9:45
-
එළද on
සිකු, 6th පෙබ 2009 ප.ව. 9:53
-
රුක්ෂාන් කොත්වල on
සිකු, 6th පෙබ 2009 ප.ව. 9:54
-
ගයන්ත on
සිකු, 6th පෙබ 2009 ප.ව. 9:59
-
රුක්ෂාන් කොත්වල on
සිකු, 6th පෙබ 2009 ප.ව. 10:11
-
cool33 on
සිකු, 6th පෙබ 2009 ප.ව. 10:25
-
එළද on
සිකු, 6th පෙබ 2009 ප.ව. 10:31
-
රුක්ෂාන් කොත්වල on
සිකු, 6th පෙබ 2009 ප.ව. 10:37
-
saliya on
සිකු, 6th පෙබ 2009 ප.ව. 11:09
-
TEAM FILEnetworks on
සිකු, 6th පෙබ 2009 ප.ව. 11:37
-
කුමර වනසිංහ on
සෙන, 7th පෙබ 2009 පෙ.ව. 1:24
-
සමීර ශාකුන්තල on
සෙන, 7th පෙබ 2009 පෙ.ව. 1:49
-
Ynot? on
සෙන, 7th පෙබ 2009 පෙ.ව. 6:30
-
රුක්ෂාන් කොත්වල on
සෙන, 7th පෙබ 2009 පෙ.ව. 7:30
-
ගයාන් කල්හාර on
සෙන, 7th පෙබ 2009 පෙ.ව. 9:21
-
දර්ශන අනුරාධ on
සෙන, 7th පෙබ 2009 පෙ.ව. 9:27
-
රුක්ෂාන් කොත්වල on
සෙන, 7th පෙබ 2009 පෙ.ව. 10:32
-
Ruwan Weerasinghe on
සෙන, 7th පෙබ 2009 පෙ.ව. 11:56
-
කසුන් on
සෙන, 7th පෙබ 2009 ප.ව. 12:19
-
Mahi on
සෙන, 7th පෙබ 2009 ප.ව. 12:50
-
manoj on
සෙන, 7th පෙබ 2009 ප.ව. 3:54
-
Manjaula on
සෙන, 7th පෙබ 2009 ප.ව. 4:39
-
Nilmini on
සෙන, 7th පෙබ 2009 ප.ව. 10:32
-
නිලන්‍ත on
සෙන, 7th පෙබ 2009 ප.ව. 10:54
-
Roshan on
සෙන, 7th පෙබ 2009 ප.ව. 11:41
-
lulitha on
අඟ, 10th පෙබ 2009 ප.ව. 9:13
-
lulitha on
අඟ, 10th පෙබ 2009 ප.ව. 9:33
-
lulitha on
අඟ, 10th පෙබ 2009 ප.ව. 9:36
-
රුක්ෂාන් කොත්වල on
බදාදා, 11th පෙබ 2009 ප.ව. 9:19
-
Sampath on
බ්‍රහස්, 12th පෙබ 2009 පෙ.ව. 7:43
-
රුක්ෂාන් කොත්වල on
බ්‍රහස්, 12th පෙබ 2009 පෙ.ව. 8:42
-
Sampath on
බ්‍රහස්, 12th පෙබ 2009 පෙ.ව. 9:57
-
Sampath on
බ්‍රහස්, 12th පෙබ 2009 පෙ.ව. 10:55
-
රුක්ෂාන් කොත්වල on
බ්‍රහස්, 12th පෙබ 2009 ප.ව. 6:28
-
Kesara on
සෙන, 14th පෙබ 2009 පෙ.ව. 11:34
-
රුක්ෂාන් කොත්වල on
සෙන, 14th පෙබ 2009 ප.ව. 12:10
-
mayooresan on
සිකු, 27th පෙබ 2009 පෙ.ව. 12:50
-
දර්ශන අනුරාධ on
සිකු, 6th මාර්තු 2009 ප.ව. 10:06
-
Lankapartner on
බ්‍රහස්, 12th මාර්තු 2009 පෙ.ව. 2:44
-
ChuttaFX on
සිකු, 13th මාර්තු 2009 ප.ව. 9:23
-
කසුන් ප්‍රදීප් on
අඟ, 17th මාර්තු 2009 පෙ.ව. 7:18
-
Thilina on
බ්‍රහස්, 19th මාර්තු 2009 ප.ව. 9:42
-
රුක්ෂාන් කොත්වල on
බ්‍රහස්, 19th මාර්තු 2009 ප.ව. 10:48
-
Thilina on
සෙන, 21st මාර්තු 2009 පෙ.ව. 9:38
-
sampath on
ඉරිදා, 26th අප්‍රේ 2009 ප.ව. 11:26
-
A.K.Sumanasiri on
බ්‍රහස්, 18th ජූනි 2009 ප.ව. 9:11
-
දර්ශන අනුරාධ on
අඟ, 23rd ජූනි 2009 ප.ව. 1:02
නියමයි…..
හොද දේ කොහොමත් ඉස්සරහට එනවනේ…
මගේ සුබ පතුම්….
එළ එළ
මගේ සුභ පැතුම් !
නියමයි නියමයි.. මගෙන් සුභ පැතුම්!
Rukshan, great මචං. මම ඔබේ web blog එක ගැන මගේ web blog එකේ ලිපියකුත් පල කලා.
එළකිරි අය්යේ
ඔහොම යන්.
අපිත් ඔයත් එක්ක…………
ඉක්මන් ප්‍රතිචාර දැක්වූ ඔබ සැමට ස්තූතියි. එක දෙයක් කියන්න ඔනේ අපි සැවොම එකතු වෙලා මිසක් මේ කිසිම දෙයක් තනිව කරන්න බැහැ, දැනට සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය හරහා සිංහල බ්ලොග්කරුවන් අතර හොද සහයොගිතාවයක් ඇති නිසා අපිට හොද වැඩකටයුතු රාශියක් කරන්න පුළුවන්.
නියමයි! නියමයි!! නියමයි!!! ඒ කියන්නේ දැන් සෑහෙන්න දුරට සිංහල යුනිකෝඩ් පාවිච්චි කරන විශාල ප්‍රමාණයක් ඉන්නවා කියන එකයි!! එළම එළ!!
මගේ උණුසුම් සුබ පැතුම්!!!!
Rukshan, සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකත්වය ලබා ගන්නේ කොහොමද?
@ සුපුන් සුදාරක
ඔව් දැන් සිංහල යුනිකෝඩ් වේගයෙන් ජනප්‍රිය වෙනවා, ඇත්තටම සුභ ලකුණක්. තාක්ෂණය හැමොටම බෙදා ගන්න මේක අපිට වැදගත්. ඇත්තමයි කියන්නේ ඔබෙ බ්ලොග් එකත් මා සැලකිය යුතු කාලයක් බලමින් තමයි මට මේ බ්ලොග් එක කරන එක ගැනත් හොද වැටහීමක් ලබාගත්තේ.
ආහ්! එළ එළ!!
මගෙනුත් සුභ පැතුම් !!!
අපි නම් ඉත්න් myblog.lk නේ. අපිට කොයින්ද ranking?
@ එළද
හරිම සිම්පල් ප්ලෑන් එකක්නෙ
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය : http://www.sinhalabloggers.com/
http://blogs.sinhalabloggers.com/
දැන්ම බලන්නකො, අපි ඔක්කොම එතන
සි0හල බ්ලොග් එකක් පටන් ගන්ට ආපු idea එක නම් කියල වෑඩක් නෑ. මෙවා තමා නියම වෑඩ. ඔහොම ය0….ඔහොම ය0…..
මචං I am asking this for just information. Where did you host your website? and cost එක එහෙම?
මා නම් ගොඩක් වෙලාවට Hostgator භාවිතා කරන්නේ , නමුත් මෙම බ්ලොග් අඩවිය තාවකාලිකව වෙනත් Sever එකක තියෙන්නෙ.
http://www.hostgator.com තමා මම නම් අනුමත කරන්නේ.
machan,mage site eke alexa rank eka 600,00 wage inne.but ube site eka 11,555,537.
but eka mull 100 innawa.
ehema unee mokada?
@Rukshan Kothwala,
Obata ape unusum subha pathum. All the best for the future.
@ ගයන්ත,
“අපි නම් ඉත්න් myblog.lk නේ. අපිට කොයින්ද ranking?
”
It doesnt matter where you host the blog (unless the service has traffic limitations). If the content is good visitors will come and rankings will improve.
රුක්ෂාන් මල්ලී,
ඔයාගෙ උත්සාහයට වටිනාකමක් ලැබීම ගැන මමත් සතුටු වෙනවා.
මගේ සුබ පැතුම් පිළිගන්න.
අපූරුයි මිත්‍රයා.. පිළිගන්න මගේ උණුසුම් සුභ පැතුම්!
නියමයි මම ඇලෙක්සා රෑන්ක් එකෙන් තමයි දැක්කෙ ලංකාවෙ අපේම කොල්ලෙක්නෙ
@saliya
මෙම බ්ලොග් අඩවියට පිවිසුම් 99% වගෙ තියෙන්නේ අප රටෙන්. අනික මේ බ්ලොග් එක පටන් ගෙනත් තාම මාසයක් පමණනේ, ඉතින් මුළු ලොවම ගත්තම එක අඩු අගයක්. මේක කොහොමත් ස්ථාවර අගයක් නෙවෙයි. අද හෙටම වෙනස් වේවි. ඔන්න අද Alexa rank from sri lanka 99 වෙලා.
ඔබේ වෙබ් අඩවියෙ Alexa rank එක 60,000ද නැත්නම් 600,000ද?
නියමයි, නියමයි, අපිටත් බොහොම සන්තෝසයි කියල කියන්ට ඕනෙ නෑ නෙ,
හොඳ නැකතකට පටන් ගන්න ඕනෙම හොඳ දෙයක් හරියනව,
ඔය පටන් ගත්ත විතරයි, අපි රෑන්ක් එක මුල් 10 අතරටම ගේමු, අපි හැමදාම ඉන්නව. හොඳ ලිපි, (හැම ලිපියක්ම හොඳට කීවර්ඩ්ස් ෆ්‍රෙන්ඩ්ලි නෙව ) වලින් තව තවත් අඩවිය පුරවන්න, අපි මේක ලංකාවේ අංක එකේ බ්ලොග් අඩවිය කරවමු
සුභ පැතුම්!
අපි සින්හලබ්ලොග්.com එකට
සින්හලබ්ලොග්.com එක අපිට
ඇත්තටම මෙහි ඇති 550 කට අධික ප්‍රතිචාරත් ලොකු හේතුවක් මෙතරම් සාර්ථක වෙන්න. ඒ ඔබ මෙයට ලබාදුන් මහගු දායාදයනේ.
එල එල ඔහොම යන් ඔහොම යන්.
මගෙන් උනුසුම් සුබ පෑතුම්.
සුභ පැතුම්!
elakiri………
අපෙනුත් සුභ පැතුම්
Well done keep it up
මගේ උනුසුම් සුබ පැතුම්……. මම සිංහලෙන් ලියන්න ඉගෙනගත්තෙ මේ බ්ලොග් එක බලලා.
සුභපැතුම්. ඔහොම යං, ඔහොම යං
niyamai
ela ela
මරැ නියමයි
අපි හරිම ආසයි නියමයි
රැක්ෂාන් අයියට සුබ පැතුමි
අද දින නම් Alexa rank එකේ පැහැදිලි වෙනසක් තියෙනවා, නමුත් මෙම අගයන් සදාකාලික නැහැ. ඉදිරියේදී අඩු වැඩි වෙන්න පුළුවන්.
May I know how many hits you get per day on avarage?
@ Sampath
Sinhalablog has 5000 hits/day in January (webalizer details in Cpanel)
By considering Google Analytics it has 400 Average page views/day
@Rukshan,
Google Analytics provide you the number of other information.
May I know:
1. How many visitors per day in Jan? (not page views)
2. What is the average time a visitor spent at your site?
3. What is the bounce rate?
රුක්ශාන්, මා ඔබ අධෛර්යමත් කරනවා නෙවේ, නමුත් Alexa තමන්ගේ දත්ත ලබා ගන්නේ පරිශීලකයන්ගේ බ්‍රව්සර වල පිහිටුවන ලද යම් මුදුකාංගයක් මාර්ගයෙන්. එය පරිශීලකයකු බා ගත කොට පිහිටුවා ගත යුතුයි. ඔබ හිතන්නේ අපේ රටේ පරිශීලකයන් කීදෙනකු මේ දේ කරයිද?
ඔබේ බ්ලොග් එකට ලැබී ඇති වලින් කොටසක් මේ අනුව ඔබේම බ්‍රව්සරයේ ඇති මේ මුදුකාංගයෙන් ලැබී ඇති ඒවා විය හැකියි.
මේ නිසා අපි සංසන්දනයේදී Google Analytics වැනි පොදු මෙවලමක් භාවිතා කරමු. නැතිනම් ඔබේ බ්ලොග් එකට hit counter එකක් අඩංගු කරන්න. එය වඩා විනිවිදිත (transparent) ක්‍රියාවලියක්.
මා මේ සියල්ල ලීවේ ඔබේ මිතුරන් රැසක් Alexa භාවිතා කළ ක්‍රමෝපාය ගැනවත් විමසීමක් නොකොට ඇස් වහගෙන ඔබට සුභපතා තිබූ බව දුටු නිසයි. සමාවන්න, 400 Average page views/day කියන්නේ එතරම් ලොකු ගණනක් නෙවෙයි.
@ Sampath
ඇත්ත! ඔබ කියන කාරණයට මම එකග වෙමි. මෙම ලිපිය හොදින් කියවා බලන්න, ඒකේ මම කියල තියෙනවා නේද මෙම වර්ගීකරණයට අයත් වන්නේ Alexa tool bar or firefox addon එක ස්ථාපිත කරගත් අයගෙන් ලැබෙන Traffic අගයයන් මත මිසක්, මෙය නිරපේක්ෂ අගයක් වන්නේ නැහැ කියා.
නමුත් යම් රටක මුල් 100 වෙනි ලයිස්තුවට පැමිණීමට නම් මාගේ Web browser එකම ප්‍රමාණවත් වෙන්නෙ නැහැ කියල පැහැදිලියි නේද?
වරදවා තේරුම් ගන්න එපා, මට කාත් සමගවත් සැසදීමක්නම් අවශ්ය වන්නේ නැහැ. අපිට අවශ්ය වන්නේ සිංහල Unicodes තවතවත් ප්‍රචලිත කොට සිංහලෙන් ලියවී ඇති වෙබ් පිටු ගණන වැඩි කිරීම මිසක්, තරගයක් නොවේ.
400 Average page views/day යනු මෙම බ්ලොග් අඩවිය යාවත්කාලීන නොවන දවස් වලදී ලැබෙන ගණන, නමුත් මා නව ලිපියක් පළ කරන විට එය 1000 Average page views/day ඉක්මවා යනවා!
අදයි දැක්කේ. මමත් සුභ පතමි.
අපිත් කැමතියි Blog එකක් පටන් ගන්න
ඒ ගැන විස්තර කරලා ලිපියක් දැම්මොත් වටිනවා.
ඔබ පටන් ගත්ත වැඩෙන් සිංහල අපිට ලොක් සේවයක් වෙලා තියෙනවා.
අපිත් කැමතියි ඒකට සම්මාදම් වෙන්න.
Thank You !
@ Kesara
ඇත්තටම ඔබලාගේ සහයොගය මත තමා මටත් ඉවහල් වුනේ, ඔබටත් බ්ලොග් එකක් පටන් ගන්න පුළුවන්. මොකද ඔබත් රජයේ මාධ්ය ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්නෙ(පොඩි CID පාරක් දැම්මා
)
මම සිංහල බ්ලොග්කරණය ගැන හැකි ඉකමනින් ලිපියක් පළ කරන්න උත්සාහ කරන්නම්. නමුත් ඔබට සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයෙන්(අපෙ මහ ගෙදර )ලොකු උපකාරයක් ගන්න පුළුවන්.
I’m trying to get into top 100 but i’m still in 200!!!
My site got varienty of readers from other countries too, especially from India. Mostly because of my Tamil blog.
I’m thinking of starting a new Sinhala blog and hire a freelance writer.. it’s currently a future project.
ඔන්න දෑන් 84
my traffic rank is 93 000 on alexa world rank….I have average 10000 visits daily[no hits or clicks]….& alexa depends on DART cookies I think as google adsense,,,not want install programs…
look this –
Google, as a third party vendor, uses cookies to serve ads on your site.
Google’s use of the DART cookie enables it to serve ads to your users based on their visit to your sites and other sites on the Internet.
Users may opt out of the use of the DART cookie by visiting the Google ad and content network privacy policy.
mama mekata aluth nisa obata suba pathanna bari una. dan oba 95 wana sthanaye neda inne. parakku wela hari, obata suba pathum kiwwa onna.
අනිවාර්යෙන්ම එය එසේ සිදුවිය යුතුයි . අපි නොදන්නා තොරතුරු රාශියක් මෙම අඩවිය තුල අන්තර් ගත වී තිබෙනවා. තව තව මෙය දියුනු වේවායි පතනවා
මමත් සිංහල blog site ඒකක් පටන් ගන්න කැමතියි, උපදෙස් ටිකක් දෙන්න (වියදම ඒහෙම)
@ Thilina
ඔබට අවශ්‍ය උපදෙස් මම ඕනෙම වෙලාවක දෙන්න සුදානම්, වියදම ගැන කිව්වොත් Domain එකට වසරකට $10පමණද, Web Hosting වලට විවිධ අගයනුත් පවතීවි.
thanks. සල්ලි ටිකක් සෙට් කරගෙන ඉක්මට වැෙඩ්ට බහින්න ඹ්නෙ (අවුරැද්දකට රැ 5000 විතර ඇතිද?)
wow… ela ela
අද ඉදලා මමත් ඔබගේ වෙබ් අඩවියේ සාමාජිකයෙක්!!!!!!!!
http://www.sinhalablog.com Sri Lanka 300
Rukshan Site eka gana tikak unandu wenna wei.
nathnam ranking thawa passata yai ..!
මොනවද ඔබට හිතෙන්නේ, අප සැමටම ඔබේ ප්‍රතිචාරය ගොඩක් වැදගත්!.
පින්තූරය මෙහි දැමීමට නම් gravatar වෙතට යන්න!

