HSDPA මොහොතින් මොහොත වෙනස් වීම

ජනවාරි 23, 2009 by
Filed under: අන්තර්ජාලය, තාක්ෂණික 

අහ්! හිතුවද මම දැන් මොනවහරි සමාගමක වේගයන් අවුලක් ගැන කියන්න හදනවා කියලා, මේ ගැන මට ලියන්න හිතුනෙ දැන් අපෙ ගොඩක් අය HSDPA පාවිච්චි කරන ගමන් සමාගම් වලට බනින්න පුරුදු වෙලා ඉන්නවනේ. අද දින නම් මම ලොකු වෙනසක් දැක්කා, ඒ තමයි Dialog සමාගම මෙතෙක් ඔවුන් ලබාදුන් 7.2 Mbps සීමාරහිත සබදතාවය 1 Mbps ලෙස මින් ඉදිරියට ප්‍රචලිත කිරීම. (නවතම Dialog HSDPA වේගයන් )

ඇත්තටම මම මේ ගැන නම් දකින්නේ සුභ වාදිවයි. මොකද ලබා දිය නොහැකි වේගයක් සදහන් කරමින් දැන්වීම් පළ කරනවට වඩා ප්‍රායොගිකව ලබා දිය හැකි වේගයක් තම වෙබ් අඩවියේම ප්‍රකාශයට පත්කිරීම ඇත්තටම හොදයි. Mobitel සමාගමත් මීට ටික කලකට ඉහතදී නවතම පැකේජයන්(පසු ගෙවුම්, 3G Daily Delight) ලබා දෙමින් 1 Mbps, 3.6 Mbps වේගයන් ලබා දුන්නා.

මම නම් HSDPA භාවිතා නොකරන තරම්(ඔය හිටිගමන් යාළුවෙක්ගෙ HSDPA සබදතාවයක් පාවිච්චි කළොත් තමා :D ), මම නම් දකින අපෙ අයගෙ ලොකු වැරැද්දක් තමා, අවශ්යතාවය ගැන හිතන්නේ නැතිව අන්තර්ජාල සම්බන්දතාවය තොරා ගැනීම. මේ වගේ HSPA සබදතාවයක් අපට ගොඩක් ප්‍රයොජනවත් වන්නේ තැන තැන ගෙන යා හැකි හින්දනේ (ගොඩක් විශ්ව විද්යාල සිසුන් අතරෙ නම් ජනප්‍රියයි). මෙවැනි සබදතාවයකින් Films, Software, Songs බාගත කිරීමට බලාපොරොත්තු වෙනවනම් එය අපි කරගන්න ලොකු වැරැද්දක්නෙ, ඇත්තටම ඒ සදහා ADSL, Wimax, Broadband වැනි සබදතා භාවිතා කරන්න පුළුවන්. මම මේ ගැන සදහන් කලෙත් සමහරු අන්තර්ජාලය ගැන කිව්වොත් ඉතින් බාගත කිරීමටම හුරු වෙලානේ. මමත් ඔය ප්‍රමුඛ පෙළේ අන්තර්ජාල සේවා සපයන සමාගමක පුහුණුවක් ලබන කාලේ, කට්ටිය අහන දෙයක් තමා කොච්චර Download කලාද? මචන් අද කොච්චර GB ගණනක් Download කළාද යන්න! :D ඒ නම් ඉතින් අපෙ සමහර අය අන්තර්ජාලය ගැන දන්න ටිකනේ.
මගෙ තර්කය නම්, අපි අන්තරජාල සේවාවක් ලබා ගන්නකොට මුලින්ම හිතන්න ඔනෙ තමගේ අවශ්යතාවය මොකද්ද කියාය, කොහොම නමුත් මේ සමාගම් වල විවිධ පැකේජයන් සහ වේගයන් ගැන අපේ අන්තර්ජාල පරිහරණය කරන අය අවධියෙන් ඉන්න එකත් ලොකු හේතුවක් වෙන්න ඇති මේ සංශොධනයන් වලට(මෙයට බ්ලොග්කරුවන් මනා දායකත්වයක් ලබා දෙනවා).
ඉතින් අපි බලමු අනාගතය කොහොම වෙයිද කියලා

Comments

26 Comments on HSDPA මොහොතින් මොහොත වෙනස් වීම

  1. rangana on සිකු, 23rd ජන 2009 ප.ව. 10:04
  2. it’s true.

  3. මලින්ත on සිකු, 23rd ජන 2009 ප.ව. 10:22
  4. ඇත්ත තමයි. ඒත් මං වගේ අයට HSDPA ඇරෙන්න වෙන විසඳුමක් නෑ. මොකද මං ඉන්න පළාතට adsl තියා wimax වත් නැහැ. කොටින්ම කියනවනම් Dialog 3G වැඩ කරන්නෙත් නෑ. Mobitel විතරයි තියෙන්නෙ. ඉතින් ඒ වගේ වෙලාවක තියෙන එක පාවිච්චි කරනවා ඇරෙන්න වෙන විසඳුමක් නෑනෙ :D දැන් නම් මොබිටෙල් වල ගණන් ටිකක් හොඳයි, කාලෙකට කලින් මගේ වැඩේ හැම මාසෙම බිල එනකොට ඔළුව අප්සට් කරගෙන බැණ බැණ ඉන්න එක තමයි. ;)

  5. පහන් on සිකු, 23rd ජන 2009 ප.ව. 10:36
  6. ඒත් අර කලින් 7.2Mbps වල රැවටුන අයට මොකද කරන්නේ?
    මට නම් ඔච්චර speed එකක් වැඩක් නෑ. හරියට එනව(ඒ කිව්වේ stable and reliable) නම් 512Kbps උනත් කමක් නෑ. ප්‍රශ්නේ ඒක නෙවෙයිනේ. මේ මඟුල සතියකට දෙතුන් පාරක් ලෙඩ දෙනවා දෙනවාමයි. මට නම් එපා වෙලා තියෙන්නේ

  7. amila on සිකු, 23rd ජන 2009 ප.ව. 10:43
  8. :D

  9. කිසංක රත්නායක on සෙන, 24th ජන 2009 පෙ.ව. 1:42
  10. මෙච්චර කලක් බොරු කරලා දැන්වත් ඇත්ත කියන එක හොඳයි. ඒත් මෙච්චර කාලයක් ඔවුන් අපිව රැවටීම ගැනනම් කිසිම සමාවක් දෙන්න බෑ. හැම සමාගමක්ම මෙහෙම කරන්න ගියොත් ඒක නියමෙට තියෙයි.

  11. | බින්කු | ßÎŋƙƲ | on සෙන, 24th ජන 2009 පෙ.ව. 2:22
  12. අනේ මන්දා අයියා මම දැන් ලංකාවේ නැහැනේ. ඔය තැනින් තැන අවුල ගන්න කෑලි තමා මම දන්නේ. ආව දවසක අයියාගේන්ම අහලා ගන්න තමා වෙන්නේ. මේකේ හැටියට මට Connections දෙකක් ගන්න වෙයිද මන්දා!

  13. Roshan on සෙන, 24th ජන 2009 පෙ.ව. 6:59
  14. me kathawa aththa thamai. habai mata me HSDPA connection eka wadagath une ADSL ganna bari nisa, pradana washayen. habai mata thawath prashnayak thibuna. e thama ape gedetta Dialog 3G signal nathikama. mama inna thana edala 4km walin duradi (air distance) wage 3G signal nathi wenawa. mama mekata kare mage connection eke signal strength eka wadi karagana kramayak yodapu eka. kohoma hari eka sarthaka una. dan samannayen 170KB/s wage speed ekak thiyenawa.

  15. Malinda on සෙන, 24th ජන 2009 පෙ.ව. 9:28
  16. ඒක හොන්දා…. ඒත් 7.2ට රැවටිලා ගත්ත අයට මොකද දැන්නෑ කරන්නෙ. මෙයාලගෙ 1mbps දුන්නත් අර භාවිත සීමාවන් තියනව. ඒගේසයි පොදු IP එකකින් යන නිසා විවිද ගැටලුත් නැතිවාම නොවේ. හැබැයි ඇත්ත කියපු එකනම් ගොඩක් හොන්දා. ඒත් මෙයාලගෙ කුරැණෑගල 3g ආවරනය කිලෝමිටර 1.5 ක දුරින් ඉන්න අයටවත් එන්නෙ නෑ. වෙන ටවර් වලින් එන්නෙ. ‍ඒත් මොබිටෙල්ලගෙ මම කිලෝමීටර 4ටත් වඩා දුරින් ඉන්දල අන්තර්ජාල සම්බන්ධ කලගමන් HSDPA ඒ කියන්නෙ කුරැණෑගලට මාරැවෙනව. ඒත් ඩයලොගලගෙ ඒ පහසුකම නෑ

  17. chathura on සෙන, 24th ජන 2009 පෙ.ව. 11:44
  18. If U willing 2 perch 3.5G HSDPA connection, DIALOG nt perfectly cover MATALE area EDGE only cant appreciate wideband behave,, Mama ahuuna aiyo mage salli A madiwata modem ekath lock karala aiyoooo… mata udaw karanta..:P

  19. නිලන්‍ත on සෙන, 24th ජන 2009 ප.ව. 12:43
  20. මට නං කියන්නෙ මොනවද කියල හිතාගන්න බැහැ. මගේ ප්‍රදේශයට තියෙන්නෙ Dialog ඒකාධිකාරයක් නිසා මොකවත් කරන්න විදිහක් නෑ.(ADSL හෝ WiMax නැති නිසා). මම මේ සබඳතාවය ගන්න කාලේ Mobitel ලගේ සීමිත සබඳතාවයටත් අධික මුදලක් නියම කරල තිබුනා. නමුත් Dialog ලගේ අසීමිත කියන වචනයටයි සහ දත්ත වේගය යන කරුනු නිසයි මෙම සබඳතාවය ලබා ගත්තෙ.
    නමුත් ඒ දෙකම මේ වෙනකොට පුහු වෙඩිල්ලක් බවට පත්වෙලා තියෙනවා. ඒගොල්ලො සබඳතාවය ගන්නකොට එකඟවු දේවල් අඩුමගනනෙ ගිවිසුම් කාලය ඉවරවෙනකම් වත් ඉටුකරන්න අපොහොසත් වෙලා. මේක පාරිභෝගිකයන් මංකොල්ලා කෑම ඇරෙන්න වෙන මොකක්ද? දැන් සබඳතාවයේ වේගය සහ ගුණාත්මක භාවය ගැන මේගොල්ලො කියනව වගේ බැරිවෙලාවත් අපිට පොරොන්දුවෙච්ච ගාන ගෙවන්න බෑ ඒකනිසා පුලුවන් ගානක් ගෙවන්නම් කියල අපි කිව්වනං එහෙම. මේ කට්ටිය නිකං ඉඳීද?

    දැන් නම් Mobitel වලට මාරුවෙන්න කාලෙ හරි වගේ.

  21. නිලන්‍ත on සෙන, 24th ජන 2009 ප.ව. 12:47
  22. ෂික්, AirTel එකෙන්වත් තාම ආරංචියක් නෑනේ.

  23. රුක්ෂාන් කොත්වල on සෙන, 24th ජන 2009 ප.ව. 1:40
  24. @ නිලන්‍ත
    Airtel වල සීමාරහිත පැකේජයක් 1500 ට දෙනවා නේද?

  25. Mahi on සෙන, 24th ජන 2009 ප.ව. 1:43
  26. mama mekata kare mage connection eke signal strength eka wadi karagana kramayak yodapu eka. kohoma hari eka sarthaka una….

    Roshan…
    Mokakda malli umbe krame…Honda eka wage apita kiyapan…..

  27. රුක්ෂාන් කොත්වල on සෙන, 24th ජන 2009 ප.ව. 1:49
  28. @ Mahi
    රොෂාන්, අපිට ඔය කියන ක්‍රමය ගැන සදහනක් කරන්න, අනෙක් අයටත් වැදගත් වෙයි.

  29. Harshana on සෙන, 24th ජන 2009 ප.ව. 3:45
  30. AirTel උවත් කියන තරම් වේගයක් ලබාදෙන්නෙ නෑ, මගේ යාළුවෙක් අරගන්න උපරිම යන්නෙ 500kbps, ඊට වඩා හොදයි මොබිටෙල් 3G Daily Delight. මෙම මා විසින් තාවකාලිකව භාවිතා කරනව pkg. එකකට යනකම්, ඩයලොග් එකට මා අහුවුනු නිසා.

  31. නිලන්‍ත on සෙන, 24th ජන 2009 ප.ව. 4:12
  32. ඔය ඉතිං, හර්ෂන කියන විදිහට Airtel වැඩෙත් කොටඋඩ වගේ. ඒත් 500kbps නං හොඳටම ඇති. දැනට Dialog එක්ක කන කට්ටත් එක්ක බැලුවහම.

  33. රුක්ෂාන් කොත්වල on සෙන, 24th ජන 2009 ප.ව. 5:07
  34. @ Harshana
    නමුත් සීමාරහිත පැකේජයක් ගැන ඔවුන් සදහන් කරනවා නේද? වේගයන් නම් ඉතින් ඔහොම තමයි.

    @ නිලන්‍ත
    ඔබ බලාපොරොත්තු වන්නේ සීමාරහිත පැකේජයක්ද? අපිට මෙවැනි පැකේජයකින් එවැනි පහසුකම් ගැන බලපොරොත්තුවක් තබා ගන්න බැරි වෙයි.

    තව පොඩ්ඩෙන් කියන්න අමතක වුන, මේ බ්ලොග් ලිපිය ගැන http://lirneasia.net/ එකෙත් පළ වෙලා,
    http://lirneasia.net/2009/01/sri-lanka-mobile-broadband-advertising-dialog-takes-a-u-turn-et-tu-mobitel/
    ඒ ඉතින් මෙතන ප්‍රතිචාර දක්වලා ඔබ සැවොම ලබාදුන් සහයොගය නිසා.
    ඔබ සැමට මාගේ අවංක ස්තූතිය පිරිනමමි.

  35. කිසංක රත්නායක on සෙන, 24th ජන 2009 ප.ව. 7:01
  36. @රුක්ෂාන්
    lirneasia.net වල ඔබේ ලිපිය පලවීම පිළිබඳව මගෙන් සුභ පැතුම්!

  37. රුක්ෂාන් කොත්වල on සඳුදා, 26th ජන 2009 ප.ව. 10:24
  38. @කිසංක රත්නායක
    ඇත්තටම එවැනි පර්යේෂකයන් සිටින වෙබ් අඩවියක අප වෙබ් අඩවිය ගැන සදහන් වීම ඉතාම වැදගත්. මොකද අපහැම දෙනාගෙම අදහස් එකතු වුනාමනේ හොද් ප්‍රථිඵලයක් ගත හැක්කේ.

  39. දර්ශන අනුරාධ on අඟ, 27th ජන 2009 ප.ව. 12:58
  40. mage Dialog 6 month contact period eka labana mase iwara wenwa ita passe mama hoda HSDPA connection 1kata maruwenna ona….

  41. ගයන්ත on සඳුදා, 2nd පෙබ 2009 ප.ව. 9:51
  42. මම ගිය සුමානෙ ගත්තා Dialog HSDPA කනෙක්ශන් එකක්.
    Student Package එකක් ගත්තෙ.

    රු 7,490/= ක් වුනා ඔක්කොම ගාන.

    ඔව්! ඔව්!! SpeedTest.net එකෙන් Test එකක් දාලා බැලුවා.
    http://www.speedtest.net/result/400816292.png

    ම්ම්ම්! 1Mb නරකමත් නෑ නේද?

    මම දැනට නම් (තවම අරන් දවස් 3යි) උපරිම සැටිස්ග ඒ වුනත් අර FUP එක හින්ද තමයි පොඩ්ඩක් අවුල :(
    දැනටමත් ගිගා 1ක් පැනල තියෙන්නෙ

    බලමු බලමු ඉස්සරහට කොහොම වෙයිද කියලා!!! :)

  43. රුක්ෂාන් කොත්වල on සඳුදා, 2nd පෙබ 2009 ප.ව. 10:26
  44. @ ගයන්ත
    දැන් Dialog HSDPA 1 Mbps Connection එකක් නෙ ඔවුන් සදහන් කරන්නේ. FUP නම් අවුලක් තමා. ඔබ සිටින ප්‍රදේශය කුමක්ද?

  45. cool33 on අඟ, 3rd පෙබ 2009 ප.ව. 10:00
  46. Mobitel broad band eken net connect wena ganatama ape IP address eka wenas wenawa neda. Ai unique IP address ekak laben natththe.

  47. රුක්ෂාන් කොත්වල on අඟ, 3rd පෙබ 2009 ප.ව. 10:04
  48. @ cool33
    ඉතින් ඒක හොදයිනෙ

  49. දර්ශන අනුරාධ on බ්‍රහස්, 5th පෙබ 2009 ප.ව. 12:03
  50. @රුක්ශාන්
    මට නම් තම ගෙඩර 200KBps (1600Kbps) එනව එක වෙනස් වෙල නෑ.

  51. රුක්ෂාන් කොත්වල on බ්‍රහස්, 5th පෙබ 2009 ප.ව. 5:45
  52. @ දර්ශන අනුරාධ
    වේගය බලපාන්නේ Tower එකේ ධාරිතාවය මතනෙ, ඔබට 2Mbps ට වඩා වේගයක් ලැබී තියෙනවාද?

මොනවද ඔබට හිතෙන්නේ, අප සැමටම ඔබේ ප්‍රතිචාරය ගොඩක් වැදගත්!.
පින්තූරය මෙහි දැමීමට නම් gravatar වෙතට යන්න!


සිංහලෙන්ම දැන්ම ලියන්න UCSC





Internet Top Blogs Page Rank Check Page copy protected against web site content infringement by Copyscape