SLT Home Express 512Kbps සමබදතාවය

ජනවාරි 1, 2009 by
Filed under: අන්තර්ජාලය, තාක්ෂණික 

මම මේ ලිපිය පල කරන්න අදහස් කලේ SLT එකෙන් අපිට පරිහරණය කරන්න ලබා දුන් අගනා Broadband ADSL (512 Kbps) සමබදතාවය ගැන කතා කරන්න, මොකද මම දැකපු සිංහල බ්ලොග් වල මේ ගැන කතා කරන්නෙ හරි අඩුවෙන් වීම, ඒකට ප්‍රධාන හේතුවක් නම් සමහර අන්තර්ල්ජාල සේවා සපයන්නන් කරන රැවටිලි නිසා. නමුත් දැනට මෙම සම්බන්දතාවය ගැන බොහො දෙනෙක් සෑහීමකට පත් වෙනවා. එයට ප්‍රධානම හේතුවක් තමා ලංකාවේ දැනට විශාලම International bandwidth එක SLT සතු වීම. ප්‍රමාණාත්මකව සදහන් කලොත් එය 3.8 Gbps (2009, ජනවාරි). මෙම සිතියමෙන් ඔබට එය ගැන අවබොධයක් ලබගන්න පුලුවුන්.

මම දැනට SLT Home Express 512Kbps සමබදතාවය වසර 2ක් පමණ භාවිතා කළා, ඉතින් මේ වෙනකන් වඩාත් හොද සේවාවක් ලබගන්නවා. ඉතින් ඔය ඉන්න ගමන් මමත් speedtest කරනවා. අපි වගේ හැමොම මෙම වෙබ් අඩවිය භාවිතා කර තැන තැන links දමන නිසා වෙන්න ඇති Google Page rank එක දැන් 8ක් වෙලා ඇත්තෙ. ඔන්න එහෙනම් මම දැන් ලබාගත්තු speedtest ටිකක්.

මෙහිදී server location එක තොඅරා ගැනීමේදි පහත කරුණු සලකා බලන්න

  • Torrent, Rapidshare (File Sharing) භාවිතා කරන විටනැගෙනහිර යුරොපියානු රටවල servers තොරාගන්න.
  • එදිනෙදා හාවිතා කරන වෙබ් අඩවි(Google, Facebook, MSN, Yahoo, Youtube) සදහා USA වල නගරද තොරාගන්න.

තවත් වැදගත් කරුණක් නම් අනෙකුත් අන්තර්ජාල සේවා සපයන්නන් විවිධ පැකේජ යටතේ තරගකාරි මිල ගණන් ඉදිරිපත් කරන විට තවමත් SLT සදහා ගාස්තු සංශොධනයක් හො වේගය වැඩි වීමක් සිදු නොවීම. ඇත්තටම දැන් නම් 1GB limited සමබදතාවය ලබාගන්නා පාරිභොගිකයන්ට නම් අසාධාරනයක් සිදු වෙනවා. මොකද දැන් SLT එකේම Mobitel ඊටත් වඩා අඩු මිලට අන්තර්ජාල සේවාවන් සපයන නිසා.

ඉතින් අපිට නව වසරේ වඩා හොද යමක් බලාපොරොත්තු වෙන්න පුලුවන් වෙයි.

Comments

14 Comments on SLT Home Express 512Kbps සමබදතාවය

  1. Namal on සිකු, 2nd ජන 2009 පෙ.ව. 8:06
  2. ඔවි ඔබ කියන කාරනය හරි
    When we talk about Internet 1st thing in our mind is SLT. But Dialog has given there unlimited broadband package to university students with a 50% lifetime discount. (i dont no whether dat dis. still available or not) Price and there speed is fairly good.
    But it real price is 3000/=. So when we caompair that with SLT pacages, yes SLT still stays in higher place.

  3. රුක්ෂාන් කොත්වල on සිකු, 2nd ජන 2009 පෙ.ව. 9:23
  4. @Namal
    ඔය කියන ආකරයට Unlimited and maximum speed ලැබෙනවද?

  5. රුක්ෂාන් කොත්වල on සිකු, 2nd ජන 2009 පෙ.ව. 11:01
  6. ඔන්න නවතම speedtest එකක්
    Speedtest

  7. Namila on සිකු, 2nd ජන 2009 පෙ.ව. 11:38
  8. අපේ එඩිස්ල් වල ස්පීඩ් එක වෑඩිකරන්නෙ නෑද්ද.අඩුම ගනේ 1Mබිට් පෙර් තප්පරයට ඩෙන්න ඔන්නේ එගොල්ලො.මොකද
    ඒ කට්ටිය ඉන්ටෙර්නෙට් ස්පීඩ් එක වඩිකරන්නෙ නෑ ඒ අය ලාබෙ තියගන්න බලන්නේ

  9. රුක්ෂාන් කොත්වල on සිකු, 2nd ජන 2009 පෙ.ව. 11:43
  10. ලගදි ඒ ගැන පියවරක් SLT එක ගනියි, කොහොමවුනත් අපට සාධාරන මුදලකට අන්තර්ජාල පහසුකම ලබදෙන්නේ SLT විතරයි.

  11. Namila on සිකු, 2nd ජන 2009 ප.ව. 12:11
  12. ඉවසලා බලමු

  13. කිසංක රත්නායක on සෙන, 3rd ජන 2009 ප.ව. 9:50
  14. දැනගන්න තියන විදියට නම් SLT ලා පුළුල් පරාස සබඳතා වර්ග 2 ක් අලුතින් හඳුන්වා දෙන්නයි යන්නෙ. එතකොට 256kbps, 512kbps, 1mbps හා 2mbps විදියට වර්ග 4ක් එනවා. 1mbps එක හා 2mbps එක සීමාරහිත කියලයි දැනගන්න තියන්නේ. නමුත් දැන් SLT එකට තියන ප්‍රශ්නය තමයි මේවට TRC එකේ අනුමැතිය නොලැබීම. මොකද එකේ ඉන්න අය මේක මගහරිනවා කියලා තමයි ආරංචි.

  15. රුක්ෂාන් කොත්වල on සෙන, 3rd ජන 2009 ප.ව. 10:06
  16. @ කිසංක
    ප්‍රථම වතාවට තමයි මම ඔය ගැන දැනගත්තෙ, TRC එහෙම ක්‍රියාමාර්ගයක් ගැනීමට හේතුවක් ඇති නේද?

  17. කිසංක රත්නායක on සෙන, 3rd ජන 2009 ප.ව. 10:36
  18. මේ යටතේ 512kbps හී සීමාව 2gbps දක්වා වැඩිවෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
    මෙය ක්‍රියාත්මක නොවීමට ඇති හේතුව නම් ටිකක් බැරෑරුම්.

  19. Namila on සෙන, 3rd ජන 2009 ප.ව. 10:56
  20. මචො 512Kbps එක 2 Gbps වෙනවද???

  21. රුක්ෂාන් කොත්වල on සඳුදා, 5th ජන 2009 පෙ.ව. 12:10
  22. @කිසංක
    ඔබ ලබා දෙන තොරතුරු මා වෙනත් කිසිම කිසිම තැනක දැක නැහැ. ඉතා අගනෙයි.

  23. රුක්ෂාන් කොත්වල on සඳුදා, 5th ජන 2009 පෙ.ව. 12:12
  24. ඔන්න නවතම speedtest

    අදනම් හොදයි වගෙ

  25. කිසංක රත්නායක on සඳුදා, 5th ජන 2009 ප.ව. 7:50
  26. @ Namila
    පොඩි වැරදීමක් මා අතින් වෙලා. 2gbps නෙමෙයි 2GB ලෙස නිවැරදි විය යුතුයි. Download සීමාව තමයි 2GB වෙන්නේ.

  27. රුක්ෂාන් කොත්වල on සඳුදා, 5th ජන 2009 ප.ව. 8:03
  28. @ කිසංක රත්නායක
    වැරදි සිදු වීම මිනිස් ගතියක්නෙ, පොඩි විහිළුවක් කලේ.

මොනවද ඔබට හිතෙන්නේ, අප සැමටම ඔබේ ප්‍රතිචාරය ගොඩක් වැදගත්!.
පින්තූරය මෙහි දැමීමට නම් gravatar වෙතට යන්න!


සිංහලෙන්ම දැන්ම ලියන්න UCSC





Internet Top Blogs Page Rank Check Page copy protected against web site content infringement by Copyscape