Ubuntu පහසුවෙන් VirtualBox මගින් ස්ථාපිත කරමු
පෙර ලිපියකදී VirtualBox ගැන හදුන්වාදීමක් ඔබට තවමත් මතක ඇති. ඉතින් බොහෝ දෙනෙක් පොඩි ඉල්ලීමක් කර තිබුනා මේකෙන් Ubuntu ස්ථාපනය කරන එක ගැන ලිපියක් පළ කළ යුතුයි කියා. අද වන විට ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් ලෙස Ubuntu ඉදිරියෙන්ම සිටිනවා. ඉතින් Ubuntu භාවිතයට පුරුදු වීම ගොඩක් වැදගත්.
මේ වෙනකොට ඔබත් නොම්ලේ ලැබෙන CD එකක් ගෙදරටම ගෙන්වා ගෙන ඇති, නැත්නම් දැන්ම CD එකකට අයදුම් කරන්න. ඒත් මේදේට සති ගණනක් වැය වන නිසා නවතම සංස්කරණය දැන්ම Download කරගන්න. ඔබ එදිනෙදා සාමාන්‍ය භාවිතය සදහා ලබාගන්නා නිසා Ubuntu Desktop version එක ලබා ගන්න.
මුලදී ඕනෙම කෙනෙක් ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කරන්න පොඩි චකිතයක් ඇති කරගන්නවා, ඒනිසා Virtual machine එකක් භාවිතා කිරීමෙන් නවකයන්ට වුනත් ඇතිවන ගැටළු මගහරවා ගන්න පුළුවන්. අපි බලමු කොහොමද Virtual machines භාවිතා කර Ubuntu ස්ථාපනය කරන හැටි. (VirtualBox එක ඔබට නුපුරුදු දෙයක් නම් “VirtualBox භාවිතා කර මෙහෙයුම් පද්ධති කිහිපයක් සමග එකවර වැඩ කරමු “ලිපිය කියවා බලන්න)
1.මුලින්ම VirtualBox මෘදුකාංගය භාවිතා කර නව Virtual machine එකක් Ubuntu සදහා නිර්මාණය කරන්න.

2. දැන් මතකය(Memory) සදහා නිර්දේශිත අගයක් (300-500 MB)ලබා දෙන්න.

3. දෘඩ තැටියට 8Gb ක පමණ අගයක් ලබා දෙන්න.
4. අවසානයේ Virtual machine එකේ තොරතුරු මෙහෙම දැක ගන්න පුළුවන් වෙයි

5. දැන් ඔබ නිර්මාණය කරගත් Virtual machine එකේ settings වලට ගොස් Ubuntu ස්ථාපනය කිරීමට CD-ROM එක හෝ පරිගනකයේ ඇති Image file (ubuntu.ISO )එක පහත ආකරයට තෝරාගන්න.

දැන් නම් ඔබ කිසිදු අපහසුවකින් තොරව Ubuntu ස්ථාපිත කරගන්න සූදානම්. පළමුව Install ubuntu යන්න තෝරාගන්න,

දැන් ටික වේලාවක් පහත ආකාරයේ දසුනක් දැකගන්නට හැකිවේවි.
![]()
මීලගට ඔබට පියවර 7ක් විනාඩි 30ක පමණ කාලයකදී එකින් එක සම්පූර්ණ කරන්න තියෙනවා, ඇත්තටම ඉතා පහසු කාර්යන් නිසා වැඩිදුර පැහැදිලි කිරිමක් අවශ්‍ය වන්නේ නැහැ. අවසානයේ සියල්ල අවසන්වී වීමට virtual machine එක restart කල යුතුයි.
දැන් අලුතින්ම ස්ථාපිත කරගත් Ubuntu මෙහෙයුම් පද්ධතියේ පොඩි සැකසීම් කිහිපයක් සිදු කරගන්නා අයුරු බලමු. මුලින්ම Applications> Accessories වෙත ගොස් Terminal එකට පිවිසෙන්න. මෙය Windows මත ඇති Command prompt එකහා සමානයි.
- මුලින්ම මෙම මෙහෙයුම් පද්ධතියේ Administrator වැනි su (Super User) account එක සෑදිය යුතුයි.
- Terminal එකේ sudo passwd root සටහන් කරන්න. ඔබට අවශ්‍ය password ලබාදී දැන් මෙහෙයුම් පද්ධතියේ සම්පූර්ණ පහසුකම ලබාගන්නට Super user account එකට පිවිසෙන්න. Terminal එකේ su - සටහන් කරන්න.
ඉතින් මෙම් ලිපියේ අන්තර්ගතය Ubuntu වලට ආරම්භයක් පමනි, ඉදිරි ලිපි වලදී තවත් බොහෝ දේ ගැන සදහන් කරන්නම්.
Comments
12 Comments on Ubuntu පහසුවෙන් VirtualBox මගින් ස්ථාපිත කරමු
-
ChuttaFX on
අඟ, 17th මාර්තු 2009 ප.ව. 8:54
-
Kanishka | කණිෂ්ක on
අඟ, 17th මාර්තු 2009 ප.ව. 9:32
-
සමන් on
බදාදා, 18th මාර්තු 2009 පෙ.ව. 10:23
-
Kesara on
බ්‍රහස්, 19th මාර්තු 2009 ප.ව. 4:52
-
රුක්ෂාන් කොත්වල on
බ්‍රහස්, 19th මාර්තු 2009 ප.ව. 10:51
-
උදිත on
බ්‍රහස්, 19th මාර්තු 2009 ප.ව. 11:58
-
Namila on
සෙන, 21st මාර්තු 2009 ප.ව. 2:49
-
Roshan on
ඉරිදා, 22nd මාර්තු 2009 පෙ.ව. 7:15
-
RC7200 on
ඉරිදා, 22nd මාර්තු 2009 පෙ.ව. 10:35
-
රුක්ෂාන් කොත්වල on
සඳුදා, 23rd මාර්තු 2009 ප.ව. 8:19
-
nayana on
සඳුදා, 30th මාර්තු 2009 පෙ.ව. 11:26
-
Nandana Sisira Kumara on
අඟ, 30th ජූනි 2009 ප.ව. 9:00
meka mata nam godak wadagath. anith ayatath ehema wenna athi. obata bohoma sthuthi. virtual box walata internet connection1 share karaganna akaraya idiri lipi waladi dana ganeemata hakiwei kiyala wishwasa karanawa.
ලිපිය නම් හොඳයි…linux vi terminal වලින් ම පටන් ගමු…
අනර්ඝයි ! වින්ඩොස් හෝ මතක ඩිස්කයක් (VIRTUAL) නොමැතිව උබුන්ටු තැටිය පනගන්විය( mount ) නොහැකි ලෙඩේට බෙහෙතක් සොයමි.(CD-DVD ROM/VGA /නිවැරදිය)
හ්ම්…. කාලෙකින් !…. මේ වැෙඩ්ට 1GB වත් රැම් එක ඕනේ. ඊට අඩු නම් වැඩේට බහින එක සාර්ථක නැහැ. මම 512mb වලින් ට්‍රයි කලා. හිර වෙනවා. නැත්නම් උපරිමේටම slow
ලිපිය හොදයි. Thanks !
@ Kesara
ඔව් මතකය අවම වශයෙන් 1 GB පමණවත් ඕනේ.
මෙක මගින් MAC OS දාන්න පුලුවන්ද
මෙම තොරතුරු ලබා දුන්නාට ස්තූතියි
godak prayojanawath lipiyak
Thanx
This is very good effort. Wonderful.
@ උදිත
මම නම් හිතන්නේ බැරි වෙයි
හොද ලිපියක්.Thanks.Keep it up
Meka Godak wadagath.Thanks!
මොනවද ඔබට හිතෙන්නේ, අප සැමටම ඔබේ ප්‍රතිචාරය ගොඩක් වැදගත්!.
පින්තූරය මෙහි දැමීමට නම් gravatar වෙතට යන්න!

