VirtualBox භාවිතා කර මෙහෙයුම් පද්ධති කිහිපයක් සමග එකවර වැඩ කරමු
ඔබ මේ වනවිට මෙහෙයුම් පද්ධති කිහිපයක් භාවිතා කිරීමට හුරු වෙලා ඇති, නමුත් ඔබට අවශ්ය වෙලාවට අදාල මෙහෙයුම් පද්ධතිය භාවිතා කිරීමට යාමේදි එක්කො පරිගණකය නැවතත් Restart කිරීමට හො වෙනත් පරිගණකයක් භාවිතා කිරීමට සිදු වෙන එක සාමාන්ය දෙයක්නෙ. ඉතින් මේ දැන් භාවිතා කරමින් ඉන්න මෙහෙයුම් පද්ධතිය මතම තවත් මෙහෙයුම් පද්ධති කිහිපයක් ධාවනය කිරීමට හැකිනම් අපිට කොච්චර ලේසිද. වර්තමානයේ virtualization නමින් හැදින්වෙන්නේ මෙයයි. ගොඩක් අය මෙම ක්ෂේත්‍රය අදුනගන්නේ virtual machine නමිනි.
මේ ගැන පොඩි හැදින්වීමක් කළොත් දැනට භාවිතා කරමින් සිටින මෙහෙයුම් පද්ධතිය මතම virtualization මෘදුකගංයක් ස්ථාපිත කර, virtual machine කිහිපයක් නිර්මාණය කර ඔබටත් එකවර මෙහෙයුම් පද්ධති කිහිපයක් සමග වැඩ කරන්න පුළුවන්. මෙහි ඇති ප්‍රධාන ලක්ෂණ වන්නේ දෘඩාංග උපරිම ලෙස භාවිතයට ගැනීම, විවිධ අත්හදා බැලීම් සිදුකිරීමට හැකි වීම සහ පහසුවෙන් නැවත ප්‍රතිස්ථාපනය කිරීමට හැකි වීමය(Backups & Restore).
ඉතින් මේ සදහා වඩාත් උචිතම සහ පහසුම virtualization මෘදුකගංයක් තමා VirtualBox, එය ඔබට Windows සහ Linux මෙහෙයුම් පද්ධති වල කිසිදු අපහසුවකින් තොරව භාවිතා කළ හැකියි. දැනට මෙහි VirtualBox 2.1.2 සංස්කරණය නිකුත්වී තිබෙනවා, මේකත් නිදහස් සහ විවෘත කේත මෘදුකගංයක්(FOSS). ඉතින් කිසිම අපහසුවකින් තොරව භාවිතා කළ හැකියි. ඔබත් ස්ථාපිත කළානම්, දැන් තව තවත් මෙහෙයුම් පද්ධති ධාවනය කළ හැකියි. නමුත් එය පරිගණකයේ ඇති දෘඩාංග වල ධාරිතාව(RAM, CPU, Hard Disk Space, VGA) මත රදාපවතිනවා. පහත Video එක බැලීමෙන් නිවැරිදිව Virtual machine එකක් ස්ථාපිත කරගන්නා ආකාරය පිලිබද හොද අවබොධයක් ලබා ගන්න පුළුවන්.
මේ මම දැනට Vista මත භාවිතා කරන Windows XP මෙහෙයුම් පද්ධතිය.

ඇත්තටම භාවිතයේ වාසි බොහොමයක් පවතිනවා,
- Linux (Ubuntu, RedHat, fedora)වැනි මෙහෙයුම් පද්ධති සමග අත්හදා බැලීම් වලට ඇති චකිතය මගහරවා ගැනීමට හැකිවීම.
- පරිගණක ජාලකරණය පිලිබද විවිධ ආකරායේ ක්‍රියාකාරකම් එක් පරිගණකයක් මගින් සිදු කළ හැකි වීම.
- Hard Disk එකක් Format කිරීමට පෙර මෙහෙයුම් පද්ධතියක ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමට හැකිවීම.
- Backups කිරීමට පහසු වීම.
ඇත්තටම මේ ලිපියෙන් මා අරමුණු කළේ ඔබට Virtual Machine පිලිබද සරල අවබොධයක් ලබා දෙන්නයි. මෙයින් සිදු කළ හැකි දේ බොහොමයි. මම ඉදිරි ලිපිවලින් මෙයින් ගතහැකි තවත් බොහො ප්‍රයොජන සදහන් කරන්නම්.
Ubuntu හි VirtualBox ස්ථාපිත කිරීමට අපෙ ගයාන්ගෙ VirtualBox භාවිතා කර මෙහෙයුම් පද්ධති කිහිපයක් සමග එකවර වැඩ කරමු (Ubuntu Edition) 1 කොටස බ්ලොග් සටහන බලන්න
Comments
43 Comments on VirtualBox භාවිතා කර මෙහෙයුම් පද්ධති කිහිපයක් සමග එකවර වැඩ කරමු
-
ගයාන් කල්හාර on
අඟ, 27th ජන 2009 ප.ව. 6:52
-
කිසංක රත්නායක on
අඟ, 27th ජන 2009 ප.ව. 7:21
-
ගයාන් කල්හාර on
අඟ, 27th ජන 2009 ප.ව. 7:28
-
රුක්ෂාන් කොත්වල on
අඟ, 27th ජන 2009 ප.ව. 7:37
-
තාරක on
අඟ, 27th ජන 2009 ප.ව. 8:11
-
ගයාන් කල්හාර on
අඟ, 27th ජන 2009 ප.ව. 8:14
-
රුක්ෂාන් කොත්වල on
අඟ, 27th ජන 2009 ප.ව. 8:23
-
තාරක on
අඟ, 27th ජන 2009 ප.ව. 8:45
-
රුක්ෂාන් කොත්වල on
අඟ, 27th ජන 2009 ප.ව. 9:05
-
ගයාන් කල්හාර on
අඟ, 27th ජන 2009 ප.ව. 9:41
-
ගයාන් on
අඟ, 27th ජන 2009 ප.ව. 9:51
-
ගයාන් කල්හාර on
අඟ, 27th ජන 2009 ප.ව. 10:21
-
රුක්ෂාන් කොත්වල on
අඟ, 27th ජන 2009 ප.ව. 10:42
-
ගයාන් කල්හාර on
අඟ, 27th ජන 2009 ප.ව. 11:54
-
ගයාන් කල්හාර on
අඟ, 27th ජන 2009 ප.ව. 11:55
-
තාරක on
බදාදා, 28th ජන 2009 පෙ.ව. 5:41
-
Kesara on
බදාදා, 28th ජන 2009 පෙ.ව. 11:22
-
රුක්ෂාන් කොත්වල on
බදාදා, 28th ජන 2009 ප.ව. 5:38
-
ගයාන් කල්හාර on
බදාදා, 28th ජන 2009 ප.ව. 6:41
-
rahula on
බදාදා, 28th ජන 2009 ප.ව. 11:35
-
රුක්ෂාන් කොත්වල on
බ්‍රහස්, 29th ජන 2009 පෙ.ව. 8:38
-
Kesara on
බ්‍රහස්, 29th ජන 2009 ප.ව. 1:42
-
Thilina Guluwita on
බ්‍රහස්, 29th ජන 2009 ප.ව. 6:04
-
ගයාන් කල්හාර on
බ්‍රහස්, 29th ජන 2009 ප.ව. 7:10
-
ගයාන් කල්හාර# රුක්ෂාන් කොත්වල on
බ්‍රහස්, 29th ජන 2009 ප.ව. 7:11
-
රුක්ෂාන් කොත්වල on
බ්‍රහස්, 29th ජන 2009 ප.ව. 8:26
-
ගයාන් කල්හාර# රුක්ෂාන් කොත්වල on
බ්‍රහස්, 29th ජන 2009 ප.ව. 8:54
-
Kesara on
සිකු, 30th ජන 2009 පෙ.ව. 9:36
-
රුක්ෂාන් කොත්වල on
සිකු, 30th ජන 2009 ප.ව. 1:11
-
Namila on
සිකු, 30th ජන 2009 ප.ව. 7:44
-
Thilina Guluwita on
සිකු, 30th ජන 2009 ප.ව. 11:46
-
ගයාන් කල්හාර on
සෙන, 31st ජන 2009 ප.ව. 3:30
-
ගයාන් කල්හාර on
සෙන, 31st ජන 2009 ප.ව. 3:50
-
Harshana on
සෙන, 31st ජන 2009 ප.ව. 11:38
-
Gayan Kularatne on
සිකු, 6th පෙබ 2009 ප.ව. 8:41
-
රුක්ෂාන් on
සෙන, 7th පෙබ 2009 ප.ව. 10:16
-
Harsha on
සඳුදා, 23rd පෙබ 2009 පෙ.ව. 10:00
-
Password අමතකද? : කිසංකත් දැන් බ්ලොග් ලියනවා on
අඟ, 10th මාර්තු 2009 ප.ව. 1:42
-
ChuttaFX on
සිකු, 13th මාර්තු 2009 ප.ව. 9:05
-
Ubuntu පහසුවෙන් VirtualBox මගින් ස්ථාපිත කරමු : සිංහල බ්ලොග් on
අඟ, 17th මාර්තු 2009 ප.ව. 7:26
-
sanjeewa on
සෙන, 21st මාර්තු 2009 ප.ව. 2:13
-
RC7200 on
ඉරිදා, 22nd මාර්තු 2009 පෙ.ව. 11:15
-
sud on
සඳුදා, 31st මැයි 2010 ප.ව. 12:15
නියමයි, මම මේක භාවිත කරන හැටි උබුන්ටු මගින් පෙන්නන්න හිටියෙ, කමක් නෑ, මට වඩා හොඳට ඔයාට කරන්න පුලුවන්,
ඉක්මනට මේකෙන් කරන්න පුලුවන් අනිත් වැඩ කෑලි ටිකත් දමන්න
මචං RAM එක එහෙම කොහොම වෙන්න ඕනද?
@ Kisanka
මම 256 RAM වලින් උබුන්ටු වල 98 දුවනව. (xp ත් තිබ්බා) ඒත් 1-2 ජීබී තියනවනම් හොඳට වැඩ කරන්න පුලුවන් (256 වලදි XP වලට තව සොෆ්ට් එකක් දැම්මාම හිර වෙන්න බලනව)
@ ගයාන් කල්හාර
ඔව් මේ ගැන ලියන්න නම් ගොඩක් දේවල් තියෙනවනේ, උබුන්ටු වලට apt-get install මගින් පහසුවෙන් ස්ථාපිත කරගන්න පුළුවන්නේ. ඔබත් හැකි ඉක්මනින් මේ ගැන ලිපියක් පළ කරන්න, තවමත් අපෙ බොහො දෙනා මේ ගැන නොදන්න පාටයි.
@කිසංක රත්නායක
512 MB වුවත් Ubuntu, XP එකවර ධාවනය කරන්න ප්‍රමාණවත්, නමුත් 1 GB, 2GB RAM තමා නිර්දේශිත අගයන්.
මගේ බලොග් එකෙත් මේ ගැන ටිකක් ලියලා තියෙනවා මෙතනින් බලා ගන්න පුලුවන්
http://ctharaka.blogspot.com/2009/01/blog-post.html
ඔව් එහෙනම් මම දාන්නම් උබුන්ටු පැත්තෙන්, ඔයා දාන්න වින්ඩෝස් පැත්තෙන්, මම මේක ලින්ක් කරන්නම්, ඒ පෝස්ට් එකට
කොච්චර කිව්වත් ලින්ක්ස් වැඩ කෑලි ගැන ඉන්ෆො යනව අඩුයි, ඒ කියන්නෙ දන්නෙ නැති කෙනාට කොහොමවත් දැන ගන්න විදියක් නැහැ (අමාරුයි )
@ගයාන් කල්හාර
අන්න එහෙම අපි සැවොම එකතු වෙලා හොද දෙයක් කරනවනම් යහපත අපි හැමොටමනේ, මටත් කාලය සීමාසහිත නිසා තමය් Linux ගැන ලිපි මේ දිනවල පළ කරන්න බැරි.
Vmware ESX සහ Vmware ESXi වෙලුම් මගින් වෙනත් මෙහෙයුම් පද්ධතියක් නැතිවම පරිගනකය virtualized කරන්න පුලුවන්. ධරිතාව අඩු පරිගනක සදහා මෙය වඩාත් ගැලපෙනවා. වැඩි විස්තර මෙතනින් බලන්න.
http://www.vmware.com/products/esxi/uses.html
@ තාරක
ඔව් Vmwareමගින් මීට වඩා පහසුකම් ගන්න පුළුවන්, එත් ඉතින් FOSS නෙවෙයිනෙ.
මම මේ දැන් ලියන්ට පටන් ගත්ත. මම මේකට විඩියෝ එකක් හදල තියෙන්නෙ, අප්ලෝඩ් කරන එක තමා අවුල (මම ඩයල් අප් නෙ ) මම මේක දැන්ම දෙන්න හිටියෙ නෑ, ඒත් කමක් නෑ, අද පොස්ට් එක දාල පස්සෙ විඩියෝ එක දානව
@ Tharaka
ඕක FOSS නෙමෙයි නෙ, ලිනක්ස් වල දුවන්න බෑනෙ (පුලුවන්, virtualBOX වලින්
)
එල එල මල් හතයි
මගේ නම කොපි කලා නේද?
, කතෘභාග ගෙවන්න වෙයි
අහ්! ගයාන්-ගයාන් සටනක් වගේ
ඔන්න අය්යෙ මම දැම්ම, හරිද බලන්නකො.
කැමතිනම් මෙතන මගේ පෝස්ට් එකටත් ලින්ක් එකක් දෙන්න,
අහ් ලින්ක් එක දෙන්න අමතක උනා
මෙන්න
@ගයාන් කල්හාර & රුක්ෂාන් කොත්වල
VMware ESX / VMware ESXi කියන්නෙ නොමිලේ බෙදාහරින VMware වෙලුමක්. මේක දුවන්න වින්ඩෝස් වත් ලිනක්ස් වත් අවශ්‍යය නෑ. මේක Pen Drive එකකට කොපි කරලා ඒකෙන් පරිගනකය ක්‍රියාත්මක කරන්න පුලුවන්. ඒමත අවශ්‍යය මෙහෙයුම් පද්ධති ස්ථාපනය කරගන්න පුලුවන්.
මම උබුන්ටු සහ xp දෙකම භාවිතා කරනවා. වෛරස් තියන pen drives වගේ ඒවායෙ තියෙන ගොනු කොපි කරන්න උබුන්ටු භාවිතා කරනවා. මේ ක්‍රමේදි උබුන්ටු වලදි ගොනු කොපි කලොත් වෛරස් වින්ඩොස් වලට යයිද ??
නැත්නම් මේක ගොඩක් ප්‍රයෝජනවත් මට
මොකද, office එකේ pen, camara හැම එතේම වෛරස්
වැඩ නොකරත් බෑනේ මචං…….
Thank You Very Much !…
@ ගයාන් කල්හාර
ඔන්න මම අපෙ ලිපි දෙක සම්බන්ධ කළා
@තාරක
VMware Workstation, VMware Server තමා ප්‍රයොජනවත් වන්නේ. නමුත් ඒවා නොමිලේ ලැබෙන්නේ නැහැනේ(Warez, Torrent හැර )
.
වැඩිදුර තොරතුරු http://www.vmware.com/products/product_index.html
@ Kesara
නැහැ, වින්ඩොස් මතට Virus යන්නේ නැහැ. මොකද Virtual Machine එකක් කියන්නෙ වෙනමම පරිගණකයක් වගෙ
බොහොම තැන්ක්යූ සම්බන්ද කලාට
@ kesara
බයවෙන්න එපා, මේකෙදි ස්වාධීනවයි දෙකම වැඩ කරන්නෙ, සැකසුම් හදන්න පුලුවන් උනත්, එකිනෙකට වෙනස් නිසා වයිරස ගමන් කරන්නෙ නෑ, මොකද මේවගේ අවස්ථාවල් ගැන වයිරස් ලියන අය හිතන්නෙ නෑ (ගොඩක් අමාරු වැඩක් නෙ ALL PLATFORM වයිරස් එකක් හදන එක, අත්දැකීමෙන් කියන්නෙ
) හැදුවත් අඩුම ගානෙ 50-100 MB වත් වෙයි, එතකොට වයිරස් එකක් කියන්න බෑනෙ,
mata xp,vista ekka ubuntu dana vidiya kiyala denna kauruth neddddoo???????
@ rahula
පළමුව Windows මත VirtualBox ස්ථාපිත කරගන්න, ඒක නම් ගොඩක් පහසුයි. ඊලග පියවර නම් Virtual Machine එකක් සාදා Ubuntu ස්ථාපිත කිරීමයි. මෙහෙම කිව්වට ඔබට තේරුම් ගන්න අපහසු ඇති. මම මේ ගැන වෙනම බ්ලොග් ලිපියක් ලියන්නම්.
හරි මචං දෙන්නව විශ්වාස කරල මම වැඩේ පටං ගන්නවා.
Thank You very much !
Its better to deploy Windows on VirtualBox inside ubuntu. Since ubuntu uses very much less hardware resources than XP or any other Windows OS. Especially I do not recommend to use VirtualBox on Vista to run any other guest operating system. Ubuntu has yielded best results when it comes to VirtualBox. You can create a tap interface in ubuntu(Linux) so that it could be bind to your physical network interface to get a DHCP ip if you’re in a DHCP enabled network. Keep up the good work Rukshan.
@ kesara..
insurance එකක් දෙන්නම්.. හික්ස් (call Celinco)
බය වෙන්න එපා, දාලම බලන්න. (වැඩිම උනොත් පොඩ්ඩක් PC එක ස්ටක් වෙයි, එච්චරයි
)
@ රුක්ෂාන්
කෝ සුපිරි ප්‍රතිචාර දක්වන්නාට තෑග්ගක් නැද්ද?
@ ගයාන් කල්හාර
හි
හි
දෙන්නම් දෙන්නම්!
@ රුක්ෂාන්
ඒව හරියන්නෙ නෑ, මොනව හරි ඕනෙ අඩු ගානෙ, තව ලිනක්ස් ගැන ලිපියක් වත් ඕනෙ
@ ගයාන් කල්හාර
පොඩි අවුලක් ! මේතේ රැම් එක 512 . වර්චුවල් මැෂිත් එක හදලා ubuntu install කරද්දි අවුල් වෙනවා. 256 ක් අබුන්ටු වලට ඇරියට Host machine එකට memary මදි කියනවා. 120ක් ඇරලා දැන් දාන්න බලනවා. එත් ෂුවර් නෑ . 120න් උබුන්ටු වැඩ කරයිද ???………
@ Kesara
120MB නම් ප්‍රමාණවත් නැති වෙයි.
oyala ubuntu CD gedaratama gennwa ganna eke site eka dannawada????
@ kesara
ඔයා වින්ඩෝස් වල ඉඳන් උබුන්ටු දාන්නද හදන්නෙ?, එහෙනම් මම දන්නෙ නෑ හරියට, ඒත් උබුන්ටු වල ඉඳන් වින්ඩෝස් දානකොට ඔය ප්‍රොබ් එක එන්නෙ නෑ, මගේ මුලු රැම් එක 256, XP වලට 120 MB ඇරල තමා කලේ, වැඩ කරනව හැබැයි උපරිමේටම SLOW.
. win 98 නම් නියමෙට වැඩ
මම හිතන්නෙ අවුලක් වෙන එකක් නෑ, හැබැයි slow නම් වෙනවමයි, මම මගේ පරන මැශින් එකක් 96 MB RAM (64+32) වලින් ubuntu 8.04 දුවල තියනව, ඒත් ඔයාගෙ OS දෙකෙන් එකක් ස්ලෝ වෙයි. කොහොම උනත් host එකට ටිකක් වැඩිපුර දීල බලන්ට. මේක හරියට දුවන්න නම් 1 GB ඕනෙ, ඒත් අවුලක් නෑ
@ Namila
shipit.ubuntu.com යන්න, ඔයාට launch PAD account එකක් මුලින් හදාගන්න වෙනව.
අනේ දෙයක් කියන්නම ඕනෙ, කරුණාකරල, විශේෂ උවමනාවක් නැත්නම් CD 10-20 ගෙන්නන්න එපා, එහෙම උනොත් ඉක්මනටම අර Fedora වලට උන වැඩේම උබුන්ටු වලටත් වෙයි, CD එකක් දෙකක් ගෙන්නුවට කමක් නෑ
මම දකින විදිහට VmWare VirtualBox වලට වඩා ඉහලින් සිටිනව. මම නම් කරන්නෙ VMWare Images Download කරගෙන VmWare Player(නොමිලයේ) භාවිතයෙන් භාවිතා කිරීමයි, ස්ථාපනය කරපු ගොඩාක් VmWare Images Download කරන්න තියෙනව, හදීසියකට ටෙස්ට් කරන්න ඕන උනොත් VirtualBox වලට අපි Operating Syatem එකත් වෙනම ස්ථාපනය කරන්න වෙනව. මේ නිසා බාගෙන අපට අවෂ්‍ය දේ සඳහා භාවිතා කරන්නන්ට VmWare පහසුයි.
ඇත්තමට මට සබය්ක්ඊකදට ගැන දැනගන්න ලැබුේ ළගදී….. මං කැමතිමෙ web එකට…. රැඣ්ෂාන් නියම වැඩක්……
@ Gayan Kularatne
ඔබ සිංහල type කිරීමට භාවිතා කරන ක්‍රමය කුමක්ද?
oyala dannawada pen ekakin computer eka boot karanna thawa boot wnakota ena xp logo eka wenas karanna ane puluwannanm mata kiyala dennako
[...] මේක කරලා තියෙන්නේ VirtualBox වල ඉදගෙන, ඒ නිසා ඇත්තටම කරද්දී මීට වඩා [...]
Virtual Box bhawitha kireemedi, internet pahasu kama laba ganne kohomada? Mama Linux virtual box haraha install kara gath, namuth internet pahasukama share karaganna akaraya pilibada wataheemak na. Hakinam me gana lipiyak pala karanna. (wadi wisthara sahithawa)
[...] ලිපියකදී VirtualBox ගැන හදුන්වාදීමක් ඔබට තවමත් මතක ඇති. ඉතින් බොහෝ දෙනෙක් [...]
Thanks very good blog site,
hmmm methan Vmware sambandawa waradi matha keepayak satahan wela thiyenawa wage.
Vmware Desktop Free products wenne
1. Vmware server
2. Vmware player.
Desktop visualization kiyanne me Vmware products wada karanna thawath operating system ekaka support eka one. Ekiyanne Base OS ekak uda thama ape virtual machines run wenne. mokak hari case ekakin base OS ekata kela wunoth aye base OS install karala iwara wela thama wada patan ganna wenne. Eth virtual machine’s re-install karanna awashya naha. VMware product ekak install karala eken virtual machine eka open kalahama kisima awulak nathuwa wada. eth meka apita production danna bari main reason eka thama Base OS eke stability eka uda depend wena eka.
Oya gana hithapu VMware mahathwaru amuthu gamek dunna. e thama RH Kernel ekak aragena eke tikak modify karala haduwa VMware ESX kiyala product ekak. Eka wenne mehemayi
Mulinma RH kernel eka load wela eken hardware okkoma detect karala iwara wela, Redhat kernerl eka through load karanawa VMware ESX kernel ekak. oka ithin kernel kiwwata kernel ma neme. okata kiyana hari nama thama hypervisor. Godak aya hithan innawa VMware ESX kiyanne RH Kernel ekama thama kiyala. Eka waradi kathawak.
Kohoma hari install unayin passe thiyenne CLI interface ekak witharayi. apita meke wada karanna web through log wenna wenawa. Meke thiyena lokuma wasiya wenne Base OS ekak nathikama. Me wage virtualization mathods walata kiyanawa Bare Metal virtualization nathnam hypervizer kiyala. Wachanema therenawa kelinma yakade uda atha arala kiyala
.
Meka kisima kathawak nathuwa production danna puluwan product ekak. harima stable. features godak thiyenawa. owa gana kiyanna giyoth me wage blog dekak liyanna puluwan,
Tharaka Kiwwa ESXi kiyala ekak gana. ESXi kiyanne VMware ESX wagema ekak. ekama wenasa Meke RH Kernel ekak naha. Siyalla vmware walinma nishpadanaya karala thiyenne. aththatama kiyanawa nam meka VMware kastiyage amak. Meka through egollange premium product wechcha VMware ESX family eka market karanawa.
Ochchara thama mama danne. Sinhalen type karanna mama danne nathi eka gana kanagatuyi.
mata sinhalen hard disk aka gena visthara one karala thiyenawa puluwanda mata udaw karanda mage e-mail akata danda neththtan phone number aka danda mama call karannam thanks THERUWAN SARANAI
මොනවද ඔබට හිතෙන්නේ, අප සැමටම ඔබේ ප්‍රතිචාරය ගොඩක් වැදගත්!.
පින්තූරය මෙහි දැමීමට නම් gravatar වෙතට යන්න!

