Airtel ජනවාරි 12 වෙනිදා ආරම්භ වන වගයි

ජනවාරි 5, 2009 by
Filed under: තාක්ෂණික, පොදු 

අද දින අහන්නට ලැබුනු වැදගත් නිවේදනයක් තමා Airtel සමාගම ජනවාරි 12 වෙනිදා තම සේවා ආරම්භ කරන බව ජනමාධ්ය හරහා ප්‍රචාරය කිරීම. මෙය නම් පසුගිය වසරේ ලොකු පෙරලියක් කල සමාගමක්. මොකද අද වන විට සියලුම ජාලයන් වඩාත් තරගකාරි මිල ගණන් වලට තම සේවා සපයන එක. ඇත්තටම පාරිභොගික අපට නම් එය හොද කාරණයක්. අද දින අපට රූපවාහිනි වෙළද දැන්වීම්, පුවත්පත් දැන්වීම් සහ වෙබ් අඩවි මගින් උණුසුම් පුවතක් ලෙස දැන ගන්න පුලුවන් වුනා. පහත දැක්වෙන්නේ එවැනි පුවත්පත් දැන්වීමක්. airpaper2

මෙය රූපවාහිනී දැන්වීමක කොටසක්

තවමත් නව සබදතා වල මිල ගණන්, පැකේජ වල දුරකථන ඇමතුම් ගාස්තු ඔවුන් ප්‍රකාශ කර නැහැ, නමුත් ඔවුන් තමන්ට කැමති නොම්මරය ලබා ගැනීමට මහගු අවස්ථාවක් ලබා දෙනවා, මේ සදහා ඔබට තොරාගැනීම් 5ක් ලබාදී, පසුව ඔබට එක් නොම්මරයක් ලබා දීමට කටයුතු කරාවි. කොහොම වුනත් අද දින මේ සදහා දැඩි තදබදයක් තිබුනු බව නම් මාධ්ය වලින් දැන ගැනීමට හැකි වුනා.

Comments

13 Comments on Airtel ජනවාරි 12 වෙනිදා ආරම්භ වන වගයි

  1. කිසංක රත්නායක on සඳුදා, 5th ජන 2009 ප.ව. 8:20
  2. මේ අවුරුද්ද නම් සුභම වෙයි වගේ. සුභ ආරංචිම තමයි එන්නේ, මොකද අවුරුද්ද පටන්ගත්තෙත් කිලිනොච්චිය අල්ලා ගැනීමෙ ජයග්‍රහනයෙන්නේ. දැන් තවත් එකක්, ජංගම දුරකථන පාවිච්චි කරන රටේ ජනතාවතාවගේ අනාගතය නම් වඩාත් සුභවෙයි Airtel ආගමනයත් සමඟ. තත්වය මෙසේ වෙද්දි අතීතයේදී පාරිභෝගිකයින් සූරාකමින් දියුනු වු සමහර සමාගම් වලටනම් මෙය නපුරු සිහිනයක් වේවි.

  3. රුක්ෂාන් කොත්වල on සඳුදා, 5th ජන 2009 ප.ව. 8:33
  4. @ කිසංක
    ඔව් අපිට අහන්නම ලැබේන්නේ ගොඩක් සුභ ආරංචි, අපට 6වෙනි Mobile සමාගමත් මෙම වසරෙදි බලපොරොත්තු වෙන්න පුළුවන්, ඇත්තටම සමහර සමාගම් වල තිබුනු ඒකාධිකාරය බිද වැටෙන එක එම සමගම් වලට හොද නැති වුනත් පාරිභොගික අපට සුභ ආරංචියක්.

  5. මලී on සඳුදා, 5th ජන 2009 ප.ව. 10:19
  6. මමත් අදහස් කරන් ඉන්නවා අළුත් එකක් ගන්න කොහොම වෙතත් දැන්වීම නම් හරිම ලස්සනයි කියලයි මට හිතෙන්නේ.. ඉන්දි‍යවේ කරලා තිබ්බ දැන්වීම් පවා ලස්සනයිනේ..!

  7. Sameera on සඳුදා, 5th ජන 2009 ප.ව. 10:20
  8. ඇයි කට්ටිය එයාර්ටෙල් එන්නත් ක්ලින් මෙච්ර එයර්ටෙල් වලට කැමති??

  9. රුක්ෂාන් කොත්වල on සඳුදා, 5th ජන 2009 ප.ව. 10:36
  10. @ මලී
    ඔව් දැනට බොහො Airtel SIM දෙනෙක් ගැනීමට බලාපොරොත්තු වෙනවා

    @Sameera
    වැදගත් ප්‍රශ්නයක්, මීට වසර කීපයකට කලින් සසදදන විට අද මෙම සමගම් තරගකාරී මිල ගණන් ඉදිරිපත් කරනවා, ඉතින් පාරිභොගික අපට සුභයිනේ.නිකමට සිතා බලන්න පතක ඉස්සර මුදල රු 2000 පමණ, නමුත් අද තත්තවය කොහොමද?
    කට්ටිය Airtel වලිනුත් සහනයක් බලපොරොත්තු වන නිස වෙන්න ඇති මේ ගැන බලන්නේ.

  11. Namila on සඳුදා, 5th ජන 2009 ප.ව. 10:37
  12. මේ හින්දා TIGO,HUTCH නන්නත්තාර වෙයි නේ .හෑබෑයි Mobitel ඉතුරුවෙයි

  13. Kanishka on අඟ, 6th ජන 2009 පෙ.ව. 10:37
  14. How 2 buy a airtel connection?

  15. රුක්ෂාන් කොත්වල on බදාදා, 7th ජන 2009 ප.ව. 12:01
  16. @Kanishka
    Now you can book your SIM, after 12th they will issue the SIM.

  17. මහීඹ් on බ්‍රහස්, 8th ජන 2009 පෙ.ව. 9:39
  18. එයාර් ටෙල් සම්බන්ධතා ලබාගැනීඹට ලියාපදිංචි විය හැකි ස්ථාන, ඔවුන්ගේ මධ්‍යස්ථාන පිළිබඳ දන්න කෙනෙක් වේ නම් සඳහන් කරන්න.
    ස්තුතියි!

  19. Unanduwa on බ්‍රහස්, 8th ජන 2009 පෙ.ව. 10:09
  20. Is the Airtel prepaid sim, FREE???? please answer someone………….Tks

  21. MOHOMED RIKSHAN on බ්‍රහස්, 8th ජන 2009 ප.ව. 6:44
  22. thnks to air tell,all da services,specialy,dialog has put down da price….its a vry helpful thing..thnk u air tell..

  23. Nadeesh on සෙන, 10th ජන 2009 ප.ව. 1:30
  24. simple & nice.very cool

  25. Sappa on සෙන, 10th ජන 2009 ප.ව. 5:40
  26. එයා ටෙල් බ්‍රොඩ් බෑන්ඩ් ම්ළ ගනන් කොහොමද දන්නෑ නේ ?

මොනවද ඔබට හිතෙන්නේ, අප සැමටම ඔබේ ප්‍රතිචාරය ගොඩක් වැදගත්!.
පින්තූරය මෙහි දැමීමට නම් gravatar වෙතට යන්න!


සිංහලෙන්ම දැන්ම ලියන්න UCSC





Internet Top Blogs Page Rank Check Page copy protected against web site content infringement by Copyscape