Google PageRank™ ගැන සරල හැදින්වීමක්
වර්තමානයේ Google සමාගම කියන්නෙ හැම අතින්ම සාර්ථක වුනු සමාගමක්නේ, ඔවුන්ට වසර 10ක් පමණ කෙටි කලක් තුල මෙවැනි දුර ගමනක් එන්න ප්‍රධාන වශයෙන්ම බලපෑවෙ Google සෙවුම් යන්ත්‍රය බව අන්තර්ජාලයේ නොදන්න කෙනෙක් නැති තරම්නේ. ඇත්තටම Google වල රහස මොකක්ද? එය නම් මේ අරුම පුදුම Google PageRank™ (PR)තාක්ෂණයයි. 1995 දී Larry Page විසින් Stanford විශ්ව විද්යාලයේ කරන ලද සොයගැනීමක් තමා, පසුව Sergey Brin සමග 1998 දී Google ලෙස නවතම මුහුණුවරක් ගත් සෙවුම් යන්ත්‍රයක් බිහිවුනේ.
මෙම නව සෙවුම් යන්ත්‍රය එහි සෙවුම් පද(Key words) සමග පෙළ ගැසීමේදී(Search Index) අනුගමනය කල පිලිවෙත තමා මේ PageRank™ , ඇත්තටම මෙය තරමක් දුරට තේරුම් ගන්න අපහසුයි. මූලිකව මේ ගැන අර්ථ දැක්වීමක් කලොත් “Google PageRank™ යනු යම් වෙබ් අඩවියකට(වෙබ් පිටුවකට )යොමු වී ඇති අන්තර්ගතයට අදාල සබැදුම්(Related Backlinks) සහ නියම අන්තර්ගතය(Unique Contents) මත 0 සිට 10 දක්වාපරිමාණයකට වර්ගීකරණයකි “. තේරුම් ගන්න අමාරුද මන්දා!
එහෙනම් තව ටිකක් උදාහරණ සහිතව පැහැදිලි කරන්නම්. වඩාත් ප්‍රචලිත සහ ගුණාත්මකභාවයෙන් වැඩි වෙබ අඩවි සදහා ඉහළ අගයකුත්(PR 7 සිට 10 දක්වා ), තරමක් හොද මට්ටමේ පවතින වෙබ් අඩවි සදහා PR 3-6 දක්වා අගයකුත් අන්කුත් සාමන්ය මට්ටමේ සහ නව වෙබ් අඩවි සදහා PR 0 සිට 3 දක්වාත් හිමි වෙනවා.
එහෙනම් Google PageRank™ පරීක්ෂා කලහැකි ආකාර ගැන සලකා බලමු.
- Firfox addon SearchStatus ,Live PageRank , Google Pagerank Status අතරින් එකක් Mozilla firefox browser එකට එකතු කිරීම. (වඩාත් පහසුම සහ නිර්දේශිත ක්‍රමය )
- Google Toolbar එක මගින්. (Web browser එකට ස්ථීරවම එකතු කිරීමට).
- Page Rank Checker වැනි වෙබ් අඩවියකින් පරීක්ෂා කිරීම.
අප එදිනෙදා භාවිතා කරන වෙබ අඩවි වල PR ගැන වැටහීමක් සහ හේතු ගැන සොයා බලමුකො.
Google PR10 :- අහන්නත් දෙයක්ද, සෑම Google වෙබ් අඩවියකට(Adsense, Gmail) පාහේ ඉහළ PR එකක් සතු වෙනවා, හේතුව නම් ඔවුන් තමන්ගේ අඩවි ඉතා මනාව සම්බන්ද කර ඇති නිසයි.
Facebook PR9 :- ප්‍රචලිත නිසාම තමා
Speedtest PR8 :- මේකට නම් ප්‍රධාන හේතුව ගොඩක් අය speedtest එකක් කරලා යන එන හැම තැනම screens shots එකතු කර Backlinks සැපයීමයි.
Wikipedia PR8 :- මෙහි ඇති අන්තරගතයටම තමා.
Adobe PR9 :- මෙයට නම් අන්තරගතය සහ ප්‍රචලිතභාවය යන කරුණු දෙකම බලපා තිබෙනවා.
PR වැඩිවීමෙන් අපට ලැබෙන වාසි මොනවාද
- Google සෙවුම් යන්ත්‍රයේ පෙළ ගැසීම්(Search Index)වල ඉදිරියට පැමිනීම.
- Google Adsense දැන්වීම් මගින් ලැබෙන ආදායම ඉහල යාම.
- වෙබ් අඩවියේ ගුණාත්මකභාවය වැඩිවීම.
මම දැනට උත්සාහ කලේ Google PageRank™ ගැන සරල වැටහීමක් ඔබටත් ලබා දෙන්න, මොකද අප රටේ ගොඩක් වෙබ් අඩවි පවත්වා ගෙන යන අය මේ ගැන සැලකිලිමත් වෙන බව හරි අඩුයි. මාස 3-4කට සැරයක් පමණ තමා මෙය මගින් යාවත්කාලීන කරන්නෙ, ඉතින් මම ඉදිරියට ලියන්න යන බ්ලොග් ලිපි වලට මෙය ගොඩක් ප්‍රයොජනවත් වෙනු නිසැකයි. වැඩිදුර තොරතුරු http://en.wikipedia.org/wiki/PageRank සහ http://www.google.com/corporate/tech.html මගින් පරිශීලනය කිරිමට පුළුවන්.
Comments
26 Comments on Google PageRank™ ගැන සරල හැදින්වීමක්
-
Chanaka on
බදාදා, 28th ජන 2009 ප.ව. 11:07
-
ගයාන් කල්හාර on
බ්‍රහස්, 29th ජන 2009 පෙ.ව. 6:52
-
රුක්ෂාන් කොත්වල on
බ්‍රහස්, 29th ජන 2009 පෙ.ව. 8:31
-
rahula on
බ්‍රහස්, 29th ජන 2009 පෙ.ව. 9:19
-
Sameera Shaakunthala on
බ්‍රහස්, 29th ජන 2009 ප.ව. 1:38
-
saliya on
බ්‍රහස්, 29th ජන 2009 ප.ව. 4:43
-
රුක්ෂාන් කොත්වල on
බ්‍රහස්, 29th ජන 2009 ප.ව. 5:05
-
Namila on
බ්‍රහස්, 29th ජන 2009 ප.ව. 10:58
-
චමිල on
සිකු, 30th ජන 2009 පෙ.ව. 12:31
-
දර්ශන අනුරාධ on
සඳුදා, 2nd පෙබ 2009 ප.ව. 4:57
-
“අන්තර්ජාලයේ අසීමිතව මුදල්”නම විකුණා සීමිතව මුදල් සොයන අපේම Internet ගුරූලා : සිංහල බ්ලොග් on
සඳුදා, 2nd පෙබ 2009 ප.ව. 6:34
-
සිංහල බ්ලොග් කියවනය » Blog Archive » “අන්තර්ජාලයේ අසීමිතව මුදල්”නම විකුණා සීමිතව මුදල් සොයන අපේම Internet on
සඳුදා, 2nd පෙබ 2009 ප.ව. 6:58
-
නාගයා on
අඟ, 3rd පෙබ 2009 පෙ.ව. 1:16
-
දර්ශන අනුරාධ on
බ්‍රහස්, 5th පෙබ 2009 පෙ.ව. 11:47
-
පැතුම් on
බදාදා, 11th පෙබ 2009 පෙ.ව. 12:16
-
රුක්ෂාන් කොත්වල on
බදාදා, 11th පෙබ 2009 ප.ව. 9:23
-
බ්ලොග් ලියන්නෙකු නැතිව ඉබේ ලියවෙන Auto Blog එකක් නිරමාණය කරන හැටි : සිංහල බ්ලොග් on
බ්‍රහස්, 26th මාර්තු 2009 පෙ.ව. 5:25
-
සසික නානායක්කාර on
බදාදා, 8th අප්‍රේ 2009 ප.ව. 8:10
-
හසී on
බ්‍රහස්, 28th මැයි 2009 ප.ව. 6:57
-
නලින කාරියවසම් on
සිකු, 29th මැයි 2009 පෙ.ව. 9:47
-
Astronomer IYA on
සඳුදා, 6th ජූලි 2009 පෙ.ව. 2:56
-
..:: මනුශාන් ගේ සයිබර් අවකාශය ::.. » Blog Archive » මටත් google PageRank 3 ක් on
සිකු, 31st ජූලි 2009 පෙ.ව. 10:56
-
අන්තර්ජාලයේ Backlinks වෙළදාම SEO වලට ආරම්භයක් : සිංහල බ්ලොග් on
සෙන, 5th සැප් 2009 පෙ.ව. 8:30
-
asith on
සිකු, 11th සැප් 2009 ප.ව. 11:49
-
eduticles on
සඳුදා, 19th ඔක් 2009 ප.ව. 11:21
-
CD Athuraliya on
සිකු, 19th පෙබ 2010 පෙ.ව. 11:33
Niyama vedak ayya kavadavath denan hitia nethi deval godak gena vetahimak lebenava me blog1 beluvama
keep it up! good luck!
හ්ම්ම්. නියම තොරතුරු ටිකක්.
මගේ වෙබ් අඩවියෙ PR එකනම් කියන්න ඕනෙ නෑ
@ Chanaka
බොහොම ස්තූතියි
, ඔබෙන් ලැබෙන ප්‍රතිචාර මට ඉමහත් රුකුලක්.
@ ගයාන් කල්හාර
නැහැ ඔබටත් තව මාස 3-4 කින් PR එකක් ලැබෙයි. මාගෙත් පරණ වෙබ් අඩවි කිහිපයකට PR 2,3 තිබෙනවා.
kiyala vedek ne niyama thoraturu tika
Thanks for the information
Here are my results: ![]()
http://shaakunthala.blogspot.com (2/10)
http://www.ucsclodge.lk/blogs/shaakunthala (1/10)
page rank eka mage blog eke 0 anee,alexa rank eka num 700,000 withara.
page rank elata bala panne back links witharamada?
@saliya
Backlinks කිව්වත් වර්ග දෙකක් තියෙනවා, PR වලට බලපාන්නේ do-follow links විතරයි. ඔබ තවත් කාලයක් බ්ලොග් අඩවිය යාවත්කලීන කරමින් සිටින්න. මීලග PR updates වීමේදි ඔබටත් ලැබේවි.
mage kalin tibuna site walata pagerank eka 2 awa..
http://www.mypagerank.net me site eken obata ethamat lesiyen page rank eka baleemata pulwan..meke tawa boho weda keli tiyenawa……
බොහෝම ස්තුතියි මේ විස්තර වලට… මටත් 2/10 ක pageRank එකක් ලැබුනා.
මගෙත් බ්ලොග් එකේ තම Page Rank එක 0
[...] නිකමට පිවිසෙන්න. බොහො වෙබ් අඩවි වලට Google PageRank එකක් නැති තරම්, Alexa rank එක ගැන සැලකුවොත් [...]
[...] නිකමට පිවිසෙන්න. බොහො වෙබ් අඩවි වලට Google PageRank එකක් නැති තරම්, Alexa rank එක ගැන සැලකුවොත් [...]
මගෙත් 2/10 තමා ඉතින්…තාම ළදරු අවදියේ නේ….
මෙ පිටුවෙ PR එක ඩන් 3/10 ![]()
නියමයි
බොහොම හොඳ ලිපියක් රුක්ෂාන්. මමත් මේ දවස් වල බ්ලොග් එකක් ලියන්න ගත්තනෙ. ඒක නිසාම ටිකක් උනන්දු උනා මේ සටහන පිළිබඳව. අපිට page rank එකක් ඉබේම ලැබෙනවද අපි site/blog එක update කලාම?
@ පැතුම්
එහෙමම කියන්න බැහැ, ඔබ හොද අන්තර්ගතයක් සහිතව මාස ගණනක් Updates දිගටම කරගෙන ගියහොත් PR එකක් ලැබේවි. මෙම බ්ලොග් අඩවියත් තවම අළුත් නිසා මීලග Page rank Update එකේදී තමා PR එකක් බලාපොරොත්තු විය හැක්කේ.
[...] නොමැති Domain Names(Parking domains) වල අගය(Google Page rank, Alexa rank) වැඩි කළ හැකි [...]
co.cc වැනි ඩොමේන් එකකදි මෙය වලංගු වෙන්නේ නැද්ද?අළුත් බ්ලොග් එකකට රැන්එක ඉබේම ලැබෙනවද? නැතිනම් එ සදහා කුමක් කල යුතුද?
බොහොම ස්තූතියි විස්තර දුන්නට.
මටත් හම්බවෙලා නොවැ Page rank 2ක්.තාම ඉතිං මාත් පොඩි එකා නොවැ….
apitath oka baganna puluwan da?
If you have higher PR you can easily monetize the blog by selling links..
Refer to TLA for more, I think it’s a good service. I sold a link fro my blog for $ 17 per a month 3 days back…
I think it’s worth and Rukshan, how do you explain selling links from a blog?
Thanks
Cheers!
[...] [...]
[...] සහ ඒවායේ ප්‍රබලත්වය: සබැදුම් වල Google Page Rank(PR) එක, එය කොපමණ දුරට අපගේ වෙබ් අඩවියේ [...]
machan,apita page rank eka 8 withara thiyena site ekak thibuna kiyala hithamu.
eka godak watinawada?meken witharak salli hoyanna puluwan da back links sell karala?
@ Rukshan,
මගේ PR eka 3 තිබුන බ්ලොග් එකක PR එක එකපාරටම 0 ක් බවට පත් උනා. ඒ ඇයි කියලා දන්නවද? Can you give me reasons for such a situation
very useful content. thanks a lot!
මොනවද ඔබට හිතෙන්නේ, අප සැමටම ඔබේ ප්‍රතිචාරය ගොඩක් වැදගත්!.
පින්තූරය මෙහි දැමීමට නම් gravatar වෙතට යන්න!

