Tigo හිමිකාරිත්වය මැද පෙරදිග Etisalat සමාගම හිමිකරගැනීම සහ ලංකාවේ ජංගම දුරකථන ක්ෂේත්‍රයේ අනාගතය

ඔක්තෝබර් 16, 2009 by Rukshan Kothwala
Filed under: තාක්ෂණික, පොදු 

දැන් ටික කාලෙක ඉදන් Tigo සමාගමේ හිමිකාරිත්වය Millicom වෙතින් වෙනත් සමාගමකට පවරන්න යන බව ආරංචියක් තිබුනනේ, ඔන්න අද දැනගන්න ලැබුනා මැදපෙරදිග සමාගමක් වන Etisalat එය ඩොලර් මිලියන 155ට ලබා ගන්නා බව. ඇත්තටම මේ ගැන සංවාදයකට බදුන් කල යුතු කාරණා ගොඩක් තියෙනවා, එකක් තමයි දැනට ලංකාවේ ජංගම් දුරකථන සමාගම් අතර පවතින තරගකාරිත්වය, දැනට මේ ක්ෂේත්‍රයේ පවතින රැකියා අර්බුදය හා මිළ ගණන් අඩුකිරීම මත ඇතිවී ඇති අර්බුද ගැන සොයාබැලීම. දැනට අප රටේ ක්‍රියාත්මක වන සියලුම සමාගම්වල මව් සමාගම විදේශීය බහු ජාතික සමාගමක් නිසා මේ පරිවර්තනය වීම එතරම් අමුතු දෙයක් නෙවෙයි. නමුත් අපෙ බොහෝ දෙනා මේගැන දැනුවත් වෙලා ඉන්නේ ගොඩක් අඩුවෙන්. සමහර අය හිතන්නේ Airtel නම් ඉන්දියාවේ, Dialog නම් ශ්‍රී ලාංකික සමාගමක්, Mobitel අපේම දෙයක් කියලා :)

නමුත් ඇත්ත නම් මේ හැම සමාගමක්ම පාලනය වන්නේ විදේශීය සමාගම් වලිනුයි.

Mobitel > Maxis

Dialog > Axiata

Tigo > Millicom >> Etisalat :D

Airtel > Bharathi Airtel

Hutch > Hutchison Telecommunications

හැබැයි මීට ටික කලක්ට ඉහතදී නම් Bharathi Airtel සහ Axiata වෙතින් ලොකු තරගකාරිත්වයක් තිබුනා tigo සමාගම පවරගන්න. බැරි වෙලාවත් එහෙම වුනානම් හොද සෙල්ලමක් බලා ගන්න තිබුනා, මොකද සමාගම් දෙකෙන් එකකට ග්‍රාහක පිරිස වැඩි කරගන්න තිබුනනේ. තරගකාරිත්වය ගැන කතා කරද්දි තමයි මතක් වුනේ ලෝකයේ විශාලතම ජංගම දුරකථන සමාගම් 20 ගැන(ග්‍රාහකයන් ගණන මිලියන වලින් දක්වා ඇත).

  1. China Mobile 499.5 (August 2009)
  2. United Kingdom Vodafone 302.6 (March 2009)
  3. Spain Telefónica / Movistar / O2 261.4 (March 2009)
  4. Mexico América Móvil 190.4 (April 2009)
  5. Norway Telenor 168.0 (June 2009)
  6. Germany T-Mobile 149.8 (June 2009)
  7. China Unicom 140.4
  8. Sweden TeliaSonera 134.8 (February 2009)
  9. France Orange / France Télécom 117.6 (September 2008)
  10. India Bharti Airtel 110.89 (August 2009)
  11. South Africa MTN Group 100.0 (April 2009)
  12. Russia MTS 91.7 (September 2008)
  13. United States Verizon Wireless 87.7 (June 2009)
  14. United Arab Emirates Etisalat 85.0 (July 2009)
  15. Egypt Orascom Telecom 84.0 (June 2009)
  16. India Reliance Communications 84.81 (August 2009)
  17. United States AT&T Mobility 79.6 (June 2009)
  18. Italy Telecom Italia / TIM 70.6 (September 2008)
  19. Japan NTT docomo 55.1 (August 2009)
  20. Malaysia Axiata Group 51.2(June 2009)

දැනට වල මේ පරිවර්ථනය ගැන යමක් කියන්න අපහසුයි, බලමු අනාගතයේ මොනවද වෙන්නේ කියලා :)

Comments

37 Comments on Tigo හිමිකාරිත්වය මැද පෙරදිග Etisalat සමාගම හිමිකරගැනීම සහ ලංකාවේ ජංගම දුරකථන ක්ෂේත්‍රයේ අනාගතය

  1. Nuwan on සිකු, 16th ඔක් 2009 ප.ව. 7:47
  2. ගින්දර තමා

  3. අරුණ on සිකු, 16th ඔක් 2009 ප.ව. 8:48
  4. නියම ලිපියත්….. හොද ගවේශනයක්.. නියමයි… ඕන් මොබිටෙල් දේශියයි කියල කෑ ගහන එවුන්ට බලාගන්න ලිපියක් …. මේ කිසි කෙනෙක් අපිට ආදරේට කනෙක්ෂන් දෙන්නැ.. අපෙන් කඩාගන්නමයි බලන්නේ…..

  5. ගයන්ත on සිකු, 16th ඔක් 2009 ප.ව. 8:51
  6. Mobitel එකට Maxis එකත් එක්ක තියෙන ගණුදෙණුව මොකක්ද? o_O

    මොබිටෙල් එක SLTලගෙ නේ? :O

  7. namal wickramasinghe on සිකු, 16th ඔක් 2009 ප.ව. 8:59
  8. මුන් හැම කෙනාම බලන්නේ තමන්ගේ තරම වැඩි කරගන්න.. නැතුව ගුණාත්මක සේවාවක් පාරිභෝකයාට සපයන්න් නෙවේ….. :(

  9. admin on සිකු, 16th ඔක් 2009 ප.ව. 9:22
  10. @ ගයන්ත
    Mobitel, SLT වල 49% කොටස් අයිති මැලේසියාවේ Maxis සමාගමට

  11. thejan rathnayake on සෙන, 17th ඔක් 2009 පෙ.ව. 12:04
  12. Mobitel 100% දේශීය නොවුනට ඒකේ වැඩි පංගුව තියෙන්නේ අපට අයත්ව. මේ කාලයේ 100% ක් දේශීය ව්යාoපාර හොයාගන්න අමාරුයි. (බීඩි ඔතන ව්යායපාර වගේ ඒවා ඇරුණම . :) )

  13. සසික නානායක්කාර on සෙන, 17th ඔක් 2009 පෙ.ව. 2:37
  14. මේක තමයි ඇත්ත..කොච්චර තුන්වන ලොකයේ රටවල් කැගැහුවත් අපි තාමත් ආවඩන්නේ ඔය ලොක්කොන්ටම තමයි… දැන්වත් මේක නවත්තන්න ඔනේ නැද්ද ….?????

  15. Astronomer IYA on සෙන, 17th ඔක් 2009 පෙ.ව. 8:50
  16. Thnks for the Post anyway Rukshan !!

  17. shadeesh on සෙන, 17th ඔක් 2009 පෙ.ව. 9:56
  18. ටිගොලා මේ දෙවෙනිසැරෙට නෙද අයිතිය මාරුකරගන්නේ.hsdpa ; 3G දිලා පටන්ගනිද නැත්නම් බොනස්ම දීදී ඉදියිද දන්නැ

  19. කාලිංග on සෙන, 17th ඔක් 2009 පෙ.ව. 10:04
  20. හික්… ඔය ඔකොම සමාගම් වල අපි ගන්න කෝල් වලින් කොටසක් චීනෙටත් දෙනවා, ඔය අපේම දෙයක් කියලා ලංකාබෙල් ඇතුලුව. මොකද සුවාවී සමාගමෙන් ඔය හැම සමාගමටම මෙවලම් දීලා තියෙනේ බාවිතා කරනකන් ගෙවන්න :) ඇමතුමකින් කොටසක් :)

  21. Jaya on සෙන, 17th ඔක් 2009 පෙ.ව. 10:41
  22. Still Maxies not belongs to 49% of SLT. NTT sold their entire share to to maxies(35%) then they try collect rest of 14% from share market but they couldn’t acquire all shares. As far as I know Mobitel > Maxis somewhat wrong. b’cos Mobitel fullyown company of SLT and SLT is semi gov company.

  23. රොකියා on සෙන, 17th ඔක් 2009 ප.ව. 1:46
  24. මම හොය හොය හිටපු ලිපියක් තමයි දාල තියෙන්නෙ.

  25. eduticles on සෙන, 17th ඔක් 2009 ප.ව. 9:44
  26. mobitel අපේ නොවන බව දැනගත්තෙ මේ blog එකෙන්.

  27. රුවන් on ඉරිදා, 18th ඔක් 2009 ප.ව. 1:14
  28. මම sinhalablog ගොඩක් කලෙක ඉදන් බලනව, ගොඩක් නොදන්න දෙවල් ඉගෙනගත්ත. මෙතන ඉන්න ගොඩක් අය internet ගැන හොද දනුමක් තියෙන අය එ නිසා ඔයගොල්ලන්ගෙන්
    google adsense ගැන මේ පිටුවෙ http://www.dakshinalanka.net/deta%20besh.html තියෙන දෙවල් හරිද ? කවුරු හරි පැහැදිලි කරල දෙනවද

  29. Suren on සඳුදා, 19th ඔක් 2009 පෙ.ව. 10:21
  30. Etisalat Gaththa eka hodai.Airtel Vage ekak gaththanam evarai.

  31. annony on සඳුදා, 19th ඔක් 2009 ප.ව. 9:50
  32. @ රුවන්

    මේක හොර ජාවාරමක් වගෙම all sri lankan adsense users ලා ගේ accounts තර්ජනයට ලක් කරන විදිහේ ජාවාරමක් වගේ

    As example previous times Google allow all countries to put google adsense referral ads (which allow people to earn 250 $ from one referral) but now they only allow limited countries to put that ads. This happen due to lot of miss uses of that system.

  33. naliya on සඳුදා, 19th ඔක් 2009 ප.ව. 10:45
  34. nice post bro.im always reading ur blog when i get a free time i want connect with these talented sinhala blogger.do u help me for that???

  35. Danuka on අඟ, 20th ඔක් 2009 ප.ව. 1:28
  36. I cant agree with this article. only a 50% article. Statement about Hutch, Airtel and now tigo is correct. but,

    Mobitel is a subsidiary of SLT. SLT is a public quoted company in Sri Lanka. if you recheck the ownership details of SLT with percentages, can understand the reality. SL government and the public holding the majority of shares. its a sri lankan company

    Also dialog, subsidiary of Axiata (more than 50% of shares) and a listed company in Sri Lanka.

    Anyone can manage the company ( local or foreign), but thats not mean its not a sri lankan company.

    If you are a user of mobile?? whats you caring ownership or the service with low tariffs? obviously the service with low tariffs. if all providing same level service with same tariffs then we can consider the secondary things.

    pls recheck the heading of this article and the article body. also u wrote about the big mobile company of world. whats the importance of that.

    this article is given nothing than misleading.

    (but previous articles of this blog are very valuable and giving value addition. pls write like this. without writing this type of things.

  37. cyril on අඟ, 20th ඔක් 2009 ප.ව. 6:38
  38. lagadima tigo nama wenas karanawa kiyala aranchi, medaperadiga aya amerikan nam walata kamathi ne.

  39. Roshan on බදාදා, 21st ඔක් 2009 පෙ.ව. 6:26
  40. thanks ayya, wadagath lipiyak. me sheshtrayata yanna enna aya hatiyata apita godak dewal hithanna wei wage..

  41. Danuka on බදාදා, 21st ඔක් 2009 ප.ව. 12:34
  42. mama lipiye adu padu bala mamath lipiyak liwwa… check it

    Impact of tigo’s owership change to the market leadership of dialog

    http://wp.me/ptjVt-1ct

  43. ජානක on බදාදා, 21st ඔක් 2009 ප.ව. 3:19
  44. Etisalat ගත්ත කියන්නෙ ඉතින් හුරගෙන කයි නොපෙනෙන්න.මොකද මම ඉන්නෙ UAE වල.ශ්‍රී ලාන්කිකයො හැමෝම දන්නව කොහොමද මෙහෙ අය කිරීම කියල.අපිට වෙන කරන්න දෙයකුත් නැහැ.මොකද මෙහෙ තියෙන්නෙ Telecom Company 2කයි. අනිකDU. ඒත් ඒක තාම stable නැහැ.හැබැයි මුන් technology 1ක උපරිමයෙන් use කරයි.සල්ලි තියෙන company 1ක්.අපේ දේ ‍රැක ගන්න නම් SLT 1ට හොද Service 1ක් දෙන්න වෙයි.

  45. උකුස්සා on බදාදා, 21st ඔක් 2009 ප.ව. 5:02
  46. අපි හිතන් හිටියේ මොබිටෙල් අපේ සමාගමක් කියලා

  47. INDIKA on බ්‍රහස්, 22nd ඔක් 2009 පෙ.ව. 11:05
  48. දේශීයයි කියලා කිව්වට ඇතිතටම මොබිටෙල් ගැන දැනගත්තා

  49. eduticles on ඉරිදා, 25th ඔක් 2009 ප.ව. 2:12
  50. @ උකුස්සා

    මමත් හිතුවෙ එහෙමනෙ

  51. eduticles on ඉරිදා, 25th ඔක් 2009 ප.ව. 2:16
  52. @ namal wickramasinghe

    “මුන් හැම කෙනාම බලන්නේ තමන්ගේ තරම වැඩි කරගන්න.. නැතුව ගුණාත්මක සේවාවක් පාරිභෝකයාට සපයන්න් නෙවේ….. ”

    එක ඇත්ත! පාරිබොගිකයෝ වැඩි වෙනකොට සේවය අමතකයි

  53. Astronomer IYA on සිකු, 30th ඔක් 2009 ප.ව. 1:19
  54. Hello everyone !!!

    This blog now has PR 4 ..Congratz !! Rukshan !!

  55. අමිල නුවන් රණසිංහ on සඳුදා, 2nd නොවැ 2009 ප.ව. 5:25
  56. අද තමයි මං දැන ගත්තෙ මොබිටෙල් දේශීය සමාගමක් නොවේ කියල. කොහොමහරි දුරකථන සමාගම් අතර පවතින තරගකාරිත්වයෙන් වාසිය අපට. මොකද එයාල‍ගෙ අතරේ තියන තරගකාරිත්වය වැඩිවෙන විට වාසි අත්වෙන්නේ අපටනෙ. මතකද දැන් අවුරුදු ගානකට කලින් ජංගම දුරකථන වල එන ඇමතුම් නොමිලේ දෙන්න ලෑස්ති වෙද්දි (incoming free) දුරකථන සමාගම් වල විරුද්ධත්වය නිසා එය වැලකී ගියා. නමුත් පසුව ඒ අයටම සිදුවුනා නේද incoming free කරන්න.

  57. ganidu on ඉරිදා, 15th නොවැ 2009 ප.ව. 4:00
  58. මගේ ‍web directory එකේ සිංහල web & blog listing එකට ඔයාල දන්න සිංහල blog & websites ගැන සිංහලෙන්ම link submit කරන්න.
    බොහොම ස්තූතියි.

  59. indunil on සඳුදා, 16th නොවැ 2009 පෙ.ව. 6:50
  60. නියම වෙබ් අක. සින්හල පවිච්චි කරල වෙබ් සිටෙ අකක් හඩන හෑටි ලියන්න බෙරිද.

  61. indunil on අඟ, 17th නොවැ 2009 ප.ව. 10:18
  62. නියම්යි

  63. DDG on බදාදා, 18th නොවැ 2009 ප.ව. 12:16
  64. ෙමන්න ලන්කාෙව koල්ෙලක්ෙග සර්ච් එන්ජිමක්

    Lanka Search Engine

  65. senal on බදාදා, 18th නොවැ 2009 ප.ව. 6:53
  66. elekiri site eke

  67. Aqeel on සඳුදා, 21st දෙසැ 2009 ප.ව. 6:10
  68. U know what Mobitel Is 100 % ownned by SLT in 2002

    SLT’s Shares
    Global Telecommunications Holdings N.V of Netherlands, which currently owns 44.9% stake in Sri Lanka Telecom (SLT) whilst 49.5% is owned by the Government of Sri Lanka and the balance shares remain with the general public.

  69. Ansh Lucky Sri Jay on සිකු, 26th පෙබ 2010 ප.ව. 3:42
  70. මොබිටෙල් ගැන දැනගත්තා..

  71. roshan amarakoon on ඉරිදා, 28th මාර්තු 2010 ප.ව. 7:46
  72. ඔය එකක් විතරයි.අපි තේරුම් ගන්න ඕන ලංකාවෙ අපිට අපිවත් හිමි නැති විත්තිය.

  73. indika on සෙන, 22nd මැයි 2010 ප.ව. 1:11
  74. මම දන්න විදියටනම් මොබිටෙල් එක ඉස්සෙල්ලාම අයිතිය තිබුනෙ පිටරට කොම්පෑනි එකකට . ඒකට ඩයලොග් එක්ක තරග කරන්න බෑර්‍රව කඩාගන වෑටුනා. පස්සෙ ඒක ටෙලිකොම් එකෙන් මිලට ගත්තා. එතකොට ටෙලිකොම් එකේ කොටස් තිබුනෙ ජපානයේ එන් ටී ටී එකට . ඊට පස්සෙ එන් ටී ටී එක අපේ ආන්ඩුවත් එක්ක වලියක් දාගෙන ටෙලිකොම් එක දාලා ගියා .ඒ වෙත්දි ටෙලිකොම් එකේ කොටස් ආන්ඩුවට තිබුන. එන් ටී ටී එක යද්දි ,එන් ටී ටී එකේ කොටස් සින්ගප්පුරුවේ මෑක්සීස් එකට විකුනලා ගියා. ඒක තමයි ටෙලිකොම් එකයි මොබිටෙල් එකයි මෑක්සීස් කියන්නේ.

මොනවද ඔබට හිතෙන්නේ, අප සැමටම ඔබේ ප්‍රතිචාරය ගොඩක් වැදගත්!.
පින්තූරය මෙහි දැමීමට නම් gravatar වෙතට යන්න!


සිංහලෙන්ම දැන්ම ලියන්න UCSC





Internet Top Blogs Page Rank Check Page copy protected against web site content infringement by Copyscape