මමත් Airtel HSDPA වලට මාරු වුනා

පෙබරවාරි 25, 2009 by Rukshan Kothwala · 66 Comments
Filed under: අන්තර්ජාලය 

මෙච්චර ඉක්මනට HSDPA Connection එකක් ගන්න මම කලින් අදහස් කරලා තිබ්බේ නැහැ. ඒ තවමත් මම SLT ADSL ගැන පැහැදීමකින් ඉන්න නිසා. ඒත් අද මට Ebay එකෙන් ඇණවුම් කරපු Huawei E220 Unlocked Modem එක ලැබුනු නිසා පොඩ්ඩක් ඉක්මන් වුනා. මටත් මේ ගැන කිව්වේ අපෙ කිසංක, මීට සතියකට විතර පෙර නිදහස සොයා Airtel වෙත ගියෙමි යන ලිපියෙන් ඒ ගැන ලියල තිබුන බව ඔබටත් මතක ඇති. මේ දැනුත් භාවිතා කරන්නේ ඔහුගේ Data SIM එක. තාම Airtel අළුත් නිසා ගෙදරට Signal තියෙනවද බලන්න ඕනේනෙ :)

ඇත්තටම මේක සීමාරහිත පැකේජයක් නිසා මාසෙකට රුපියල් 1500 (Tax එක්ක1900)ලාභයි වගේ. කොහොමත් මේවාගේ දැන්වීම් වල පළ කරන වේගයන්ම ලැබෙන්නේ නැහැ. ඒ ගැන කාලිංගගේ ලංකාවේ HSDPA (Mobile Internet) මුලාව යන බ්ලොග් සටහනේ හොද පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. හැබැයි මට 1 Mbps (Download) , 200 Kbps (Upload) ක වේගයක් ලැබෙන පාටයි. ඇත්තටම මම නම් මේ වේගයන් ගැන සෑහීමකට පත් වෙනවා. මේ එක් දත්ත සටහනක්,

uk92opa1lg2dqil0n62.gif

මේ මම අද හවස ලබා ගත් Speedtest කීපයක්

කොහොමත් මේ ගැන මොනවත් කියන්න කල් මදිනෙ, හැබැයි දැනටනම් හොදයි වගෙ :D

නොමිලේ ගෙදරටම ලැබෙන Credit Card

මමත් මේ දවස් වල පොඩි අත්හදාබැලීම් වගයක් කරගෙන යනවා, එතකොට තමා මේ Prepaid MasterCard® ගැන දැනගන්න ලැබුනේ, ඒ ලංකාවේ අපිට අන්තර්ජාලයෙන් ලැබෙන ගෙවීම් මුදල් බවට පත් කිරීම තරමක් අපහසුයිනේ. තවම PayPal වලින් සම්පූර්ණ පහසුකම අප රටට සපයා නැති කම තමා ලොකුම අඩුව. ඉතින් මමත් Paypal මගින් ලැබෙන ගෙවීම් අපට ලබා ගත හැකි ආකරයකට පත් කරගන්න විවිධ උපක්‍රම සොයා බැලුවා. එතකොට තමා මේ පෙර ගෙවුම් credit card ගැන දැන ගන්න ලැබුනෙ. මේවා නොමිලේ දුන්නට වැඩ ගොඩක් කරන්න පුලුවන් වගේ. ඒවානම්,

  • සාමාන්‍ය Credit cardඑකක් ලබා ගැනීමට අපහසු අයට නොමිලේ ලබා ගත හැකි වීම (වයස 18 සම්පූර්ණ කල අයට)
  • අන්තර්ජාලයේ සිදු කරන ගෙවීම් ආරක්ෂිතව කිරීමට හැකි වීම
  • ATM මගින් මුදල් ලබා ගැනීමට පහසු වීම (ඔබට ලගම ATM එක මෙතනින් සොයාගන්න)
  • Freelance වෙබ් අඩවි වල අපට ලැබෙන ගෙවීම් පහසුවෙන් ලබා ගැනීමට හැකි වීම

මටත් මේ Credit Card එක අයදුම් කර ගෙදරටම නොමිලේ ගෙන්වගන්න සති 2-3 ක් ගත වුනා. එහෙනම් ඉක්මන් කළොත් හොදයි වගේ. ඇත්තටම මෙම සේවාව ලබා දෙන්නෙ Payoneer නම් වෙබ් අඩවිය. දැනට මෙම සේවාවට අනුබද්ධිතව වෙබ් අඩවි කිහිපයක් Credit cards ලබා දෙනවා. මම සම්බන්ධ වුනේ Odesk නම් වෙබ් අඩවියට. එහෙනම් මුලින්ම මෙම වෙබ් අඩවියෙ කෙනෙක් විදිහට ගිණුමක් ආරම්භ කරන්න. ඔය වැඩ ටික කරන අතරතුරේ Payoneer එකෙන් ලැබෙන Credit Card එකට අයදුම් කරන්න අදාල උපදෙස් ඔබට ලැබේවි. මේ මම ලබාගත් Credit card එක හා සමාන ආකෘතියක්

තවමත් මම මේ ගැන විවිධ අත්හදා බැලිම් කරගෙන යනවා. මෙම ලිපියත් ඉක්මනට පළ කලේ ඔයාලටත් Credi card එක කලින් අයදුම් කර ලබා ගත හැකි නිසා. එහෙනම් ප්‍රතිඵල ලැබෙන විදිහට මම මෙතන ප්‍රතිචාර දක්වන්නම් :D

Twitter මොනවද ඔබ කරන්නේ?

ඔබත් අන්තර්ජාලයේ නිතරම සැරිසරන කෙනෙක්ද? නැත්නම් යහළුවන් සහ නෑදෑ හිතමිතුරන් සමග තොරතුරු බෙදා ගන්නා කෙනෙක්ද? මෙයට කදිම වෙබ් අඩවියක් තමා Twitter, මෙය Web 2.0 තාක්ෂණයේ තවත් විප්ලවයක් වන අතර තමා දැනට කරමින් සිටින දේ අනෙකුත් අයට ක්ෂණිකව දැනුම් දීමටත්, අනෙකුත් අය කරන දේ එකම තැනකින් නැරඹීමටත් වඩාත් ඉක්මනින් Twitter වෙතින් කළ හැකියි. මෙයත් හරියට Facebook වල Profile Status Updates එක වගේ, ඒ බව පහත සැසදීමෙන් තහවුරු කරගන්න පුළුවන්.

Facebook : What are you doing right now?

Twitter : What are you doing?

ඒ කියන්නේ මේ වෙබ් අඩවි දෙකම අපෙ ක්‍රියාකාරකම් ගැන අවධියෙන් සිටීමට හොද ක්‍රමයක් හදුන්වලා දී තිබෙනවා. නමුත් Facebook වලට වඩා Twitter වල යම් කාර්යක්ෂම බවක් පෙනෙන්න තිබෙනවා, ඒනිසා මේ කාර්යයට Twitter නම් හොදයි වගේ. මේ Google Trends මගින් ලබා ගත්ත Twitter වලට ඇති ඉල්ලුම පිලිබද වාර්තාවක්. මෙහි ඇති අන්දමට නම් Twitter ඉතාමත් වේගයෙන් ප්‍රචලිත වන බව පැහැදිලියි.

මූලාශ්‍රය: http://www.google.com/trends?q=twitter

ඔබත් Twitter වල ක්‍රියාකාරි වුනා නම් හොදයි නේද :) , ඇත්තටම මෙහි Profile එකක් සාදා ගැනීම ඉතාමත් පහසුයි. ඔබට විනාඩියක්වත් වැය නොවන තරම් කෙටි කාලයකින් එයට බැදෙන්න පුළුවන්. එහෙනම් විනාඩි ගණනක් වැය කරලා මේ Video එක බලලම වැඩේ පටන් ගන්නකො.

මෙහි ඔබ දැනගත යුතු යෙදුම් කීපයක් තිබෙනවා. ඒවා නම්,

  • Following: ඔබ පරිශීලනය කරන්නන්
  • Followers: ඔබව පරිශීලනය කරන්නන්

Twitter භාවිතයෙන් ඔබට ලැබෙන වාසි,

  • සියළුම හිතමිතුරන් දැන් කරන්නේ මොකද්ද යන්න එකම වේලාවකදී දැන ගත හැකි වීම.
  • විවිධ බ්ලොග්කරුවන්ගේ නවතම තොරතුරු සබැදුම් සහිතව දැනගැනීමට හැකි වීම.(වර්තමානයේ බොහො බ්ලොග්කරුවන් twitter වල තමාගේ නවතම ලිපිය ගැන සදහන් කරනවා)
  • වෙබ් අඩවි වල යාවත්කලීන වීම වලට හොද ප්‍රචාරණයක් ලබා ගැනීමට හැකි වීම.

මේ සමග භාවිතා කළ හැකි සිත්ගන්නා සුළු භාවිතයන්,

Twitteroo: මෙය නොමිලේ ලබාගත හැකි Software එකක්. මෙයින් Desktop එකේ සිටම යාවත්කාලීනවීම් බලා ගත හැකියි.

Tweetbar: Twitter සදහා firefox addon එකක්.

Twittervision: Twitter භාවිතා කරන්නන් සිටින ස්ථානය Google map මගින් දැන ගැනීමට.

Twitterment: Twitter සදහාම වෙන්වූ සෙවුම් යන්ත්‍රය.

එහෙනම් මාවත් Twitter මගින් සම්බන්ධ කරගන්නකො. මේ මගේ Twitter Profile එක!

සිංහල බ්ලොග් මේ දිනවල ලංකාවේ වැඩිම පිවිසුම් ඇති වෙබ් අඩවි 100 අතරට

පෙබරවාරි 6, 2009 by · 53 Comments
Filed under: අන්තර්ජාලය, පොදු, බ්ලොග් 

අද නම් මට තරමක් සතුටු දවසක්, ඒ මෙතෙක් ජීවීතයේ මාගේ වෙබ් අඩවියක් Alexa Traffic වර්ග කිරීම වලට අනුව අප රටේ අන්තර්ජාලය භාවිතා කරන්නන් පරිශීලනය කරන(Alexa tools ඇති Web browser භාවිතා කරන) වෙබ් අඩවි අතරින් ලංකාවේ මුල්ම වෙබ් අඩවි 100 අතරට මාගේ සිංහල බ්ලොග් සටහන 97 වෙනි ස්ථානයට පැමිණීම. මිට පෙර පළවූ ලිපියක් මගින් අප රටේ වඩාත් ජනප්‍රිය වෙබ් අඩවි මොනවාද යන්න ගැන දළ අවබොධයක් ඔබට ලබා දුන්න මතක ඇති.

ඇත්තටම මේ සිංහල බ්ලොග් ලිපි කියවන ඔබගෙන් ලැබෙන අගනා සහාය මත තමා මට මෙතෙක් දුරට මෙම බ්ලොග් අඩවිය හොද මට්ටමකින් පවත්වා ගන්න හැකි වුනෙ. ඉතින් මෙම වර්ගීකරනයන් විව්ධ අවස්ථාවල වෙනස් වීම ස්වභාවිකයි, ඉතින් මෙම වර්ගීකරණයන් අනුවම වෙබ් අඩවි වර්ග කිරීමටම මා උත්සාහයක් දරන්නේ නැහැ. :)

ඔන්න එහෙනම් මම නිහතමානීව මා දිරිමත් කල ඔබ සැමට, ප්‍රතිචාර දක්වා මෙහි අන්තර්ගතය ඔපවත් කල ඔබට සහ ඔබේ වටිනා අදහස් වලට මම නිහතමානීව තුති පුදමි :D . ඉදිරියටත් සිංහල බ්ලොග් තුලින් හරවත් ලිපි සහ විවිධ සේවා ඔබට අඛණ්ඩව ලබා දෙන්න මම හොද උත්සාහයක් දරන්නම්.

“අන්තර්ජාලයේ අසීමිතව මුදල්”නම විකුණා සීමිතව මුදල් සොයන අපේම Internet ගුරූලා

Sorry, there are no polls available at the moment.

මේ දවස් වල පුවත්පත්, සගරා වල ඔබත් සිත්ගන්නා සුළු දැන්වීම් දැක ඇති. අන්තර්ජාලය භාවිතා කර නොමිලේ මුදල් සොයන ක්‍රම යන්නෙන් ටික කලක ඉදන් තමයි, අපෙ රටෙත් Internet ගුරුලා බිහි වෙන්න පටන් ගෙන තියෙන්නේ. සමහර විට ඔබත් මේ Internet ගුරු යන වචනයට ආගන්තුක ඇති, පොඩ්ඩක් තේරුම් කළොත් “අන්තර්ජාලයෙන් මුදල් සොයන ක්‍රම ඉගැන්වීමට විවිධ කෘති, CD, Software අලෙවි කරන්නන්” (හැබැයි ඔවුන්ගෙ ප්‍රධාන ආදායම නම් මේ දේවල් අලෙවි කිරීමෙන් ලැබෙන දේ තමා :D ), මෙවැනි පුද්ගලයන් විශාල ප්‍රමාණයක් අද වන විටත් විවිධ රටවල සිටිනවා. Joel Comm(Adsense Secret), Rich Jerk, Even Chia වැන්නවුන් මීට වසර කීපයකට පෙර මෙම ජාවාරම ගජරාමෙට කරගෙන සිටියා. මුලදි $197, 97, 47වැනි අධික මිල ගණන් වලට තිබූ පොත් මේ වන විට $9,7 වැනි පහල අගයකට වැටී තියෙනවා. මෙයට ප්‍රධානම හේතුව නම් Digitalpoint වැනි Forums වල සිටින සාමාජිකයන් විසින් දිගින් දිගටම එල්ල කරන ලද විවේචනාත්මක ලිපි සහ ඔවුන්ගේ එකමුතුවයි. කතාවක් තියෙනවනේ බොරුවට වැඩි ආයුශ නැහැ කියලා.

අනෙකුත් රටවල නම් තත්වය එසේයි, නමුත් අප රටේ? අප රටේ එක්තරා සගරාවක් පරිශීලනය කරද්දි දැකපු දැන්වීම් ටිකක් මමත් ඔය නිකමෙට කියවලා බැලුවා. එකක තිබුනා Google සමාගමේ part Time Job එකක් කරන එකක් ගැන, අනෙක් දැන්වීමක අසීමිතව මුදල් සොයන්න එම දැන්වීමේ තිබෙන වෙබ් අඩවිය දිනපතා පරිශීලනය කරන්න කියලා සදහන් කරලා තිබුනා, බැලින්නම් එම වෙබ් අඩවිය පුරාවට තිබ්බෙ Google Adsense දැන්වීමක් සහ වචන 20ක් පමණ. අඩුම තරමෙ එම වෙබ් අඩවියට වෙන කිසිදු පිටුවක් වත් එකතු කර නැහැ. ඉතින් ඔහුගේ ප්‍රධානම අරමුණ ඉතින් වෙන දෙයක් නෙවෙයිනේ, හැකි තරම් Ads මත Clicks ලබා ගැනීමනේ.

මෙම දැන්වීම් සෑම එකකම පාහේ ප්‍රධාන මාතෘකාව Google Adsense, හැබැයි බොහො දෙනෙක් මේ බව කෙලින්ම සදහන් කරන්නේ නැහැ. තවත් අය සදහන් කරන්නේ වෙබ් අඩවි වල දැන්වීම් නරඹා මුදල හොයන හැටි, ඒ(Survey, Bux) ගැන නම් කතා කරලා වැඩක් නැහැනේ. මුල් අවධියෙදි ගොඩක් නවකයන් මුලා වෙන තැනක් තමා Bux.to වගේ දේවල්. නම් අන්තර්ජාලයෙන් සිගමන් යැදීමක් වැනියි :D

ඔබත් මෙවැනි දැන්වීමක් දකින විට එහ වෙබ් අඩවියක ලිපිනයක් සදහන් කර ඇත්නම් නිකමට පිවිසෙන්න. බොහො වෙබ් අඩවි වලට Google PageRank එකක් නැති තරම්, Alexa rank එක ගැන සැලකුවොත් එම අඩවි වලට පිවිසෙන්නන්ගේ(Unique Visitors, daily Traffic) ගණන හොදින් තේරුම් ගන්න පුළුවන්. ඇත්තටම මට අවශ්ය වුනේ කාටවත් මඩ ප්‍රහාරයක් එල්ල කරන්න නොවේ, සත් ක්‍රියාවක් ලෙස මොකුත්ම නොදන්නා නවකයන්ට මෙවැනි පාඨමාලා මෙහෙයවන්නන් අප රටේ සිටිනු ඇත. නමුත් අපට මේ ගැන කතිකාවතක් අනිවාර්යයෙන් තිබිය යුතුය, නැත්නම් වෙන්නෙ තවත් සක්විතිලා අප රටේ බිහි වීමය

Internet Top Blogs Page Rank Check Page copy protected against web site content infringement by Copyscape