DreamHost වෙතින් දැවැන්ත මිළ අඩු කිරීමක් (වසරක් සදහා Web Hosting+Domain $9.24 යි)
Filed under: අන්තර්ජාලය, ක්‍රම සහ විධි, දැන්වීම්කරණය, වෙබ් අඩවි, වෙබ් කළමනාකරනය
මෙන්න නැවතත් අගනා දීමනාවක්! ඇත්තටම මෙය 92% ක මිළ අඩු කිර්‍රිමක්, ඔබත් මේ දිනවල Domain එකක් සමග අසීමිත ඉඩ කඩක් සපයන Web Hosting Account එකක් මිළට ගන්න බලාපොරොත්තු වෙනවානම් අනගි අවස්ථාවක්.

මීට මාසයකට පමන කලිනුත් ඔවුන් මේ දීමනාව ලබා දුන්නා, ඒ වෙලාවේ මමත් කලේ මේ අවස්ථාව ලබාගත් එකයි. ඉතින් මේ දීමනාව ලබා ගන්න නම් DreamHost වෙතට ගොස් Promotional Codes එක 777 ලෙස සටහන් කරන්න.

Speedtest නව සේවා රැසක් හදුන්වා දෙයි
Filed under: අන්තර්ජාලය, ක්‍රම සහ විධි, තාක්ෂණික, වෙබ් අඩවි
දැන් කොයි කවුරුත් නිතරම භාවිතා කරන වෙබ් අඩවියක්නෙ
, ඒ අන්තරජාල සබදතාවයේ වේගය පරීක්ෂා කරන්න පහසුම ක්‍රමයක් බව අපි හැමෝම දන්නවනේ. ඔවුන් දැන් නව මුණුවරක් සමග නව සේවා රැසක් හදුන්වා දී තිබෙනවා.

Your Summary දළ වේගය, හොදම වේගය වැනි තොරතුරු
Your Results අතීතයේ ගත් වාර්තා ලබා ගැනීමට
Global ලොව වටා ඇති වලින් ලබාගත් තොරතුරු
දන්නවද? ඔවුන් දැන් අප භාවිතා කරන සියළුම IP Address වලින් ගිය වේගයන් ලබා දෙන බව. එහෙනම් අපෙ HSDPA සබදතා(dialog, Airtel) වල වේගයන් හැමෝටම දැනගන්න ලේසි පොටක් පෑදිලා වගේ
තව මෙතන සදහන් කරන්න බැරි වුනු ගොඩක් දේවල් තියෙනවා,
එකට ගිහිල්ලම බලන්නකො
බ්ලොග් ලියන්නෙකු නැතිව ඉබේ ලියවෙන Auto Blog එකක් නිරමාණය කරන හැටි
Auto Blog එකක් යනු Plugin එකක් මගින් පාලනය වන බ්ලොග් වර්ගයක්. මේවාගේ පුදුම සහගත කරුණ නම් ඉබේටම අන්තර්ගතය නිර්මාණය වීමයි. එනම් තෝරාගත් මාතෘකාවකට අදාලව දිනකට බ්ලොග් ලිපි කිහිපයක්(හොද අන්තර්ගතයක්, රූප, වීඩියෝ සහිතව ) පල කරගැනීමට හැකිවීමයි. මේවැනි බ්ලොග් සෑදීම අද වන විට සිඝ්‍රයෙන් ප්‍රචලිත වුනත් හොද අවබෝධයකින් නිර්මාණය කළ යුතුයි.
Auto Blogඑකක් පවත්වා ගෙන යාමේ වාසි
මෙවැනි Auto blog එකක් Wordpress Blog මගින් සාදන හැටි මම පැහැදිලි කරන්නම්
- මුලින්ම Unique Article Wizard Plugin එක ලබාගෙන බ්ලොග් එකේ ස්ථාපිත කරන්න.
- බ්ලොග් අඩවියට තෝරාගත් මාතෘකා(category) 10ක් පමණ එකතු කරන්න. (අපහසු නම් Keyword එකක් ආශ්‍රිතව මතෘකා කිහිපයක් සොයා ගන්න Wordtracker Keywords භාවිතා කරන්න ).
- Settings > UAW control මගින් ප්ලගීනය පහත උදාහරණයේ ඇති පරිදි සකසන්න. (ම free iphone keyword එකට අදාලව Auto blog එක නිර්මාණය කර ඇත)
මේ මම සෑදු Free iphone Auto blog එක
Rapidshare Premium Accounts හවුලේ භාවිතා කිරීමෙන් වලකින්න
අද උදේ කාලයේ දීර්ඝ බාගත කිරීමක් කරද්දි තමා මට මේ දේ සිද්ද වුනේ
එක් වරම සියලු බාගත කිරිම් නැවතී තිබෙද්දි තමා දැනගත්තේ Rapidshare Account එකේ මුර පදය වෙනස් කර ඇති බව. හේතුව කිහිප දෙනෙකු අතරේ හුවමාරු කරමින් භාවිතා කිරීම්. මේ SLT ADSL, LankaCOM සහ Airtel HSDPAයන අන්තර්ජාල සබදතා මගින් පසුගිය දිනවල භාවිත වුනු හැටි.

ඔවුන් මෙවැනි අවස්ථා වලදී මුලින් එක් අනතුරු ඇගවීමක් පහත අයුරින් දන්වනවා,

ඉතින් ඔබගේ Rapidshare Account එකත් දැනුවත්ව හෝ නොදැනුවත්ව තවත් අය අතරේ share වෙන්න පුළුවන්. ඒ නිසා මේ ගැන සැලකිලිමත් වෙන්න, නැත්නම් වෙන්නේ තමන්ගේ Rapidshare Account එක අහිමි වී යාමයි.
Discovery නාලිකාවේ ජනප්‍රියම වැඩසටහන Man Vs Wild
මේ දිනවල මමත් වෙලාව තියෙන ඕනෙම වෙලාවක නරඹන රූපවාහිනි වැඩසටහනක් තමා Man vs. Wild , හැබැයි කොටස් වශයෙන් බාගෙන තමයි නරඹන්නේ
එහෙනම් මේ මොකද්ද කියලා දැනගමුකො, මේ වැඩසටහන ක්‍රියාන්විත ගනයට අයත් වෙන එකක්. මිනිසෙකු පරිසරයත් සමග කරන සටනක් ලෙස දැක්වුවත් නිවැරිදියි. Bear Grylls නම් තැනැත්තා පෘථුවියේ අති දුෂ්කර ප්‍රදේශ වල කිසිවෙකුගේ සහායක් නැතිව කරන වික්‍රමයන් තමා මෙමෙ වැඩසටහනේ අන්තර්ගත වෙන්නේ. ඔහු බ්‍රිතාන්‍ය හමුදාවේ සේවය කර ඇති නිස මෙම භයානක අත්දැකීම ඔහු ජයගන්නේ නරඹන අපි සැවොම මවිත කරමින්, කොටින්ම ඔහුට කැමෙරා සහ රූපවාහිනි කණඩායමෙන් සහයක් ලැබෙන්නෙම නැහැ (නමුත් අන්තරාදායක අවස්ථා වල පමණක් සුළු සහායක් ලබා ගන්නවා).
මෙහි අන්තර්ගත පුදුම සහගත දේවල්
- ආහාර පාන සියල්ල පරිසරයෙන් ලබාගැනීම්
- පණ ඇති සතුන් අනුභව කිරීම
- සියලු උපකාරක ද්‍රව්‍යය පරිසරයෙන් ලබාගැනීම
මේ රසවත් වීඩියෝ කීපයක්….
Man vs. Wild trailer (seasons 1 &2)
Man Vs. Wild Commercial -- May/June 2008
Man VS Wild PT 1 Nevada Desert
වැඩිදුර තොරතුරු:
http://en.wikipedia.org/wiki/Man_vs._Wild
http://dsc.discovery.com/fansites/manvswild/manvswild.html
Ubuntu පහසුවෙන් VirtualBox මගින් ස්ථාපිත කරමු
Filed under: අන්තර්ජාලය, ක්‍රම සහ විධි, තාක්ෂණික, ලිනක්ස්
පෙර ලිපියකදී VirtualBox ගැන හදුන්වාදීමක් ඔබට තවමත් මතක ඇති. ඉතින් බොහෝ දෙනෙක් පොඩි ඉල්ලීමක් කර තිබුනා මේකෙන් Ubuntu ස්ථාපනය කරන එක ගැන ලිපියක් පළ කළ යුතුයි කියා. අද වන විට ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් ලෙස Ubuntu ඉදිරියෙන්ම සිටිනවා. ඉතින් Ubuntu භාවිතයට පුරුදු වීම ගොඩක් වැදගත්.
මේ වෙනකොට ඔබත් නොම්ලේ ලැබෙන CD එකක් ගෙදරටම ගෙන්වා ගෙන ඇති, නැත්නම් දැන්ම CD එකකට අයදුම් කරන්න. ඒත් මේදේට සති ගණනක් වැය වන නිසා නවතම සංස්කරණය දැන්ම Download කරගන්න. ඔබ එදිනෙදා සාමාන්‍ය භාවිතය සදහා ලබාගන්නා නිසා Ubuntu Desktop version එක ලබා ගන්න.
මුලදී ඕනෙම කෙනෙක් ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කරන්න පොඩි චකිතයක් ඇති කරගන්නවා, ඒනිසා Virtual machine එකක් භාවිතා කිරීමෙන් නවකයන්ට වුනත් ඇතිවන ගැටළු මගහරවා ගන්න පුළුවන්. අපි බලමු කොහොමද Virtual machines භාවිතා කර Ubuntu ස්ථාපනය කරන හැටි. (VirtualBox එක ඔබට නුපුරුදු දෙයක් නම් “VirtualBox භාවිතා කර මෙහෙයුම් පද්ධති කිහිපයක් සමග එකවර වැඩ කරමු “ලිපිය කියවා බලන්න)
1.මුලින්ම VirtualBox මෘදුකාංගය භාවිතා කර නව Virtual machine එකක් Ubuntu සදහා නිර්මාණය කරන්න.

2. දැන් මතකය(Memory) සදහා නිර්දේශිත අගයක් (300-500 MB)ලබා දෙන්න.

3. දෘඩ තැටියට 8Gb ක පමණ අගයක් ලබා දෙන්න.
4. අවසානයේ Virtual machine එකේ තොරතුරු මෙහෙම දැක ගන්න පුළුවන් වෙයි

5. දැන් ඔබ නිර්මාණය කරගත් Virtual machine එකේ settings වලට ගොස් Ubuntu ස්ථාපනය කිරීමට CD-ROM එක හෝ පරිගනකයේ ඇති Image file (ubuntu.ISO )එක පහත ආකරයට තෝරාගන්න.

දැන් නම් ඔබ කිසිදු අපහසුවකින් තොරව Ubuntu ස්ථාපිත කරගන්න සූදානම්. පළමුව Install ubuntu යන්න තෝරාගන්න,

දැන් ටික වේලාවක් පහත ආකාරයේ දසුනක් දැකගන්නට හැකිවේවි.
![]()
මීලගට ඔබට පියවර 7ක් විනාඩි 30ක පමණ කාලයකදී එකින් එක සම්පූර්ණ කරන්න තියෙනවා, ඇත්තටම ඉතා පහසු කාර්යන් නිසා වැඩිදුර පැහැදිලි කිරිමක් අවශ්‍ය වන්නේ නැහැ. අවසානයේ සියල්ල අවසන්වී වීමට virtual machine එක restart කල යුතුයි.
දැන් අලුතින්ම ස්ථාපිත කරගත් Ubuntu මෙහෙයුම් පද්ධතියේ පොඩි සැකසීම් කිහිපයක් සිදු කරගන්නා අයුරු බලමු. මුලින්ම Applications> Accessories වෙත ගොස් Terminal එකට පිවිසෙන්න. මෙය Windows මත ඇති Command prompt එකහා සමානයි.
- මුලින්ම මෙම මෙහෙයුම් පද්ධතියේ Administrator වැනි su (Super User) account එක සෑදිය යුතුයි.
- Terminal එකේ sudo passwd root සටහන් කරන්න. ඔබට අවශ්‍ය password ලබාදී දැන් මෙහෙයුම් පද්ධතියේ සම්පූර්ණ පහසුකම ලබාගන්නට Super user account එකට පිවිසෙන්න. Terminal එකේ su - සටහන් කරන්න.
ඉතින් මෙම් ලිපියේ අන්තර්ගතය Ubuntu වලට ආරම්භයක් පමනි, ඉදිරි ලිපි වලදී තවත් බොහෝ දේ ගැන සදහන් කරන්නම්.




