යසරුවන් සොයුරානෙනි, ඔබ අපෙන් සමුගෙන අදට වසරකි

අප්‍රේල් 16, 2009 by Rukshan Kothwala · 6 Comments
Filed under: පොදු 

මීට අවුරුද්දකට පෙර ඔබ අපෙන් සමුගත් විට දරාගත නොහැකි ශෝකයක් අප සැවොටම ඇතිවුනි. ඔබ සිංහල බ්ලොග් අවකාශයේ ක්‍රියාශීලි බ්ලොග්කරුවකු හා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉමහත් මෙහෙවරක් කල ශිෂ්‍ය නායකයෙකි. අදට වසරකට පෙර හදිසි අනතුරකින් (දිවයින, අපේල් 17 වැනි බ්‍රහස්පතින්දා) ඔබ අපෙන් සදහටම වෙන්ව ගියත්, ඔබේ ක්‍රියාශීලි ජීවිතයත්, සමාජ මෙහෙවරත් හා සිංහල බ්ලොග් අවකාශයේ ඔබ දැක්වූ සහයෝගය අදටත් අප හද තුල රැව් දේ.

මේ කාලිංග අයියා එම අනුවේදිනීය පුවත අප හැමට දැන්වූ අයුරුයි >> සංවේගයෙන් දැනුම්දීමයි – යසරුවන් ගුණතිලකගේ හදිසි අභාවය

අවාසනාවකට අදවන විට යසරුවන්ගේ බ්ලොග් අඩවිය නම් අපට දකින්නට ලැබෙන්නේ නැහැ. :(

Paypal වලින් ලැබෙන මුදල් ලංකාවට ගෙන්වා ගන්නා හොදම ක්‍රමයක්

ලැබුවාවූ නව වසරේ මට අහන්න ලැබුනු සුභම ආරංචිය තමයි Paypal වලින් ගෙවීම් අපහසුවකින් තොරව මුදල් කර ගැනීමට නිශ්චිත ක්‍රමයක් සකස් කරගැනීම. මොකද තවමත් ලංකාවේ අපිට Paypal මගින් මුදල් ලබා ගත හැකි ගිණුම් දෙන්නෙ නෑනේ. මට මේ ගැන මුලින්ම කිව්වෙ ශර්මා (extreme-seo), දැනට ඔහු නම් රුපියල් මිලියන ගණනක් ආරක්ෂිතව ලංකාවටම ගෙන්වාගත් නිසා මමත් ඔය ගැන හොයලා බැලුවා.

ඉතින 2Checkout තමා මේ පහසුකම අපට ලබා දෙන්නෙ,

ImageVisit ~ Fast Way to Host Images

ඔන්න එහෙනම් ක්‍රමය ගැන කතා කරමුකො, මුලින්ම 2co වල සාමජිකත්වය ලබා ගත යුතුයි, මේ සදහා ජීවිතෙටම එක් වරක් ගෙවිය යුතු ගෙවීමක් ($49)සිදු කළ යුතුයි. දැනට එය ඔබට දැරිය නොහැකිනම් Plimus සේවාව භාවිතා කරන්න.

ඉතින් ඔබ සාමාජිකත්වය ලබා ගත් පසු අන්තර්ජාලයේ අලෙවි කල හැකි සේවාවක් හෝ භාණ්ඩයක් අලෙවි කරන වෙබ් අඩවියක් නිර්මානය කරගන්න. ඒ හරහා Paypal මගින් ලැබෙන මුදල් මෙම 2co ගිණුමට බැර වෙනවා. ඉතින් Payoneer Prepaid master card එකෙන් සතිපතා ලංකාවේ ඉදලම මුදල් ලබා ගන්න පුළුවන්.

මේ මට අද ලැබුනු සුභ පණිවිඩය :)

Hello Rukshan,

Thank you for providing the requested information. Your payment is scheduled to release this Thursday April 16, 2009.

If you require any further assistance, please feel free to reopen your ticket.

Thank you for your time, attention and patience in this matter.

Kburge
Prevention and Solution Team
2Checkout.com

වැඩේ අති සාර්ථකයි!
qjaw6voaxih1xplk9.gif

නවතම Google Page Rank වර්ගීකරණය

අප්‍රේල් 5, 2009 by Rukshan Kothwala · 22 Comments
Filed under: පොදු 

දැන් මේ දේ සිද්ධ වෙලා දවසක් දෙකක් ගත වුනා. හැබැයි මේ ගැන කවුරුත් කතා නොකරපු නිසා මේ ගැන ලියන්න හිතුනා. Google Page Rank ගැන හරි වැටහීමක් නැත්නම් Google PageRank™ ගැන සරල හැදින්වීමක් බලන්න.
ImageVisit ~ Fast Way to Host Images
ඕනෙම වෙබ් අඩවියක ගුණාත්මක බව තක්සේරු කරන්න අද කලේ භාවිතා කරන හොදම මිණුම් දණ්ඩ ලෙස කවුරුත් පිළිගන්නේ මේ Google Page Rank වර්ගීකරණය. ඉතින් අපි වෙබ් අඩවියක් හෝ බ්ලොග් එකක් පවත්වා ගෙන යද්දි අනිවාර්යයෙන් මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මමත් සති ගණනක් තිස්සේ අළුත් වර්ගීකරණය දැනගන්න හරි උනන්දුවෙන් සිටියෙ. ඇත්තටම මෙවර මේ බ්ලොග් එකට PR3 ලැබිලා තියෙනවා. ඒ මට back links ලබාදුන් අයගේ සහයෝගයත්, හොද අන්තරගතයක් නිර්මාණය කරගන්න ඔබ ලබාදුන් ප්‍රතිචාරත් නිසාත් තමා. ඉතින් ඒ හැමෝටම මම ස්තූති කරන්න ඕනෙනේ :) ,ඉතින් ඒ විතරක් මදිනේ, මගෙනුත් ඔබට වැඩි Google PR කරගැනීමට සහයක් දෙන්න ඕනෙනේ. ඉදිරියෙදී මම පහත ආකරයට අවශ්‍ය සහාය ලබා දීමට අදහස් කරනවා.

  • සුපිරි ප්‍රතිචාර දක්වන්නො යටතේ සිටින අයට Dofollow backlinks ලැබීම.
  • ImageVisit ~ Fast Way to Host Images

  • ඉදිරියේදි සියළුම ප්‍රතිචාර Dofollow comments(comment Luv)ආකරයට පරිවර්ථනය කිරීම. මොකද මෙම බ්ලොග් එකෙ සමහර ලිපි වලටත් Google PR වර්ගීකරනය ලැබී තිබෙනවා. උදාහරණයක් ලෙස වඩාත්ම ජනප්‍රිය ලිපි පරීක්ෂා කරන්න. ඉතින් ඒවගේ ප්‍රතිචාර දැක්වූ අයට හොද පිටුවහලක් ලැබෙයි.
  • Search Engine Optimization ගැන ලිපි වැඩි ගණනක් පළ කිරීම. දැනටමත් මේ ගැන ගොඩක් අය විමසීම කරන නිසා ඉදිරි දිනවලදී ලිපි පළ කරන්නම්.

හැබයි මේ ප්‍රතිචාර දක්වන්නන්ට ලබා දුන් අනගි අවස්ථාවෙන් සමහර අයට අයුතු ප්‍රයෝජන ගන්න පුලුවන් නිසා, ප්‍රතිචාර ගැන මම දැඩි විමසිල්ලෙන් ඉන්නම් :D

ඉතින් මගෙ ඉලක්කය නම් මේ වසර තුලදී PR5 අත් කරගැනීම. ටිකක් අමාරු කටයුත්තක්. ඉතින් ඔබගේ වෙබ් අඩවි, බ්ලොග් අඩවි වල PR කොහොමද? මම දැකපු ගොඩක් බ්ලොග් අඩවි වල තත්වය සුභයි වගේ.

Godaddy වෙතින් $ 1.99 කට .com ඩොමේන් එකක්

පසුගිය ලිපියෙන් අඩු මුදලකට Web Hosting Account එකක් ලබාදෙන දීමනාවක් ගැන මම සදහන් කළා ඔබට මතක ඇති. අදත් අන්තර්ජාලයේ පොඩ්ඩක් විමසිල්ලෙන් ඉද්දි තමා Godaddy එකෙන් ලබාදෙන මෙම දීමනාව ගැන දනගන්න ලැබුනේ. දැනට ඩොමේන් එකක් ගන්න හොදම තැන Godaddy බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.සාමාන්‍යයෙන් මෙම දීමනාව ඔවුන් වසරකට දෙතුන් වතාවකට වඩා ලබා දෙන්නේ නැහැ. නමුත් අද දින අළුතෙන් .com ඩොමේන් එකක් ලියාපදිංචි කිරීමට වැය වන්නේ $2 වැනි සුළු මුදලක්. මේ සදහා කළ යුත්තේ මුදල් ගෙවීමට යන අවස්ථාවේදි Coupon Code එක ලෙස 199DOMAIN සටහන් කිරීමයි.

ImageVisit ~ Fast Way to Host Images

මතක තබා ගත කරුණක් තිබෙනවා, මේ දීමනාව ලැබෙන්නේ ඉතා සීමිත කාලයකට එක් ගිණුමකට එක වරක් පමණයි. නමුත් දීමනාව නම අපි හැමොටම වාසි සහගතයි :D

Internet Top Blogs Page Rank Check Page copy protected against web site content infringement by Copyscape