කලකට පසු නැවත ඔබ හමුවට…

ජූනි 4, 2009 by Rukshan Kothwala · 34 Comments
Filed under: පොදු 

මාස දෙකකට වගේ පසුව තමයි ලිපියක් ලියන්න අත ගැහුවේ, බොහෝ දෙනෙක් මගෙන් විවිධ මාර්ග වලින් විමසීම් කළා මොකද බ්ලොග් එක ලියන්නෙ නැත්තේ කියලා, ඒ හැමෝටම බොහොම ස්තූතීයි මාව දිරිමත් කළාට. ඇත්තටම පහුගිය දවස් ටිකේ ගොඩක් වැඩ කටයුතු යෙදිලා තිබ්බා. විශ්ව විද්‍යාලයේ විභාග වලට ප්‍රමුඛස්ථානය දිය යුතු නිසා තමයි මට ලිපි පල කරන්න බැරි වුනේ. ඒ ගැන ඔබෙන් සමාවෙන්න ඕනේ.
පහු ගිය දවස් වල හොද වැඩ ටිකකුත් කළා, Paypal වලින් ලංකාවට ලබාගත නොහැකි ගෙවීම් අතටම ලබා ගන්න හැටි ගැන ලිපියක් පළකලා මතක ඇතිනේ.
(Paypal වලින් ලැබෙන මුදල් ලංකාවට ගෙන්වා ගන්නා හොදම ක්‍රමයක්)
ඇත්තටම වැඩේ සාර්ථකයි, මම $600 ක පමණ මුදලක් මේ ක්‍රමය මගින් ලබා ගත්තා. 2checkout Payoneer Master Card එකකුත් තියෙන නිසා ගොඩක් ප්‍රයෝජනවත්, මොකද ගොඩක් තැන් වල ගෙවීම් කරන්නත් පුළුවන්නේ. ඉතින් මේ ගැන ගොඩක් අය මගෙන් හැමවිටම විමසීම් කරන නිසා තව ලිපියක් ලියන්නම්. කිහිප දෙනෙක් නම් මේ ක්‍රමය සාර්ථකද? නීත්‍යානුකූලද? වගේ ප්‍රශ්ණ අහපු නිසා බිල්පත් ඇතුලු කර ලිපියක් ලියන්නම්.
පසුගිය කාලේ Search Engine Optimization වලටත් මට වැඩි කාලයක් යොදවන්න සිදුවුනා, ඇත්තටම මගේ Internet Money වලින් 95% වගේ ලැබෙන්නේ ඒවාට අදාල සේවා මගින්. ඉතින් SEO ගැන ඉගෙන ගන්න එක ගොඩක් ප්‍රයෝජනවත්. මොකද අපෙ ලංකාවේ ගොඩක් අය Internet Money, Emoney කියලා එක එක මිථ්‍යා මත රාශියක් ඔලුවේ තබාගෙන නිකන් බොරුවට ලතවෙන බවක් පෙනවනේ. ඇත්තටම අන්තර්ජාලයෙන් මුදල් හොයන්න අදහසක් තියෙනවනම් යම් දෙයක් නිවැරිදිව ඉගෙන ගෙන, ක්‍රමානුකූලව වෙහෙස මහන්සීවී වැඩ කරන්න.
මම මේ දිනවල ඉදිරියට ලියන්න යන ලිපි ගැන පොඩි ඉගියක් දෙන්නම්.

  • අන්තර්ජාලයෙන් මුදල් සෙවීමට මම භාවිතා කරන ක්‍රම සහ විධි (කොපි කරන්න එපා :P )
  • Search Engine Optimization ගැන ලිපි පෙලක්
  • Google Page Rank වැඩි කරන හැටි.
  • Mobitel, Dialog & AIrtel HSDPA සබදතා තුනම භාවිත කර පරීක්ෂණ ලිපියක්.
  • SLT ADSL අපට වැදගත් වෙන හැටි.
  • අපේ ජංගම දුරකථන සමාගම් වල ඇත්ත තත්ත්වය.

ඉතින් ඔයලගෙත් අලුත් අදහස් එක්ක තමා මම ඉදිරි ලිපි ගැන තීරණයක් ගන්නේ. :)

Internet Top Blogs Page Rank Check Page copy protected against web site content infringement by Copyscape