Mobitel HSDPA කොයිබටද?

නොවැම්බර් 28, 2009 by Rukshan Kothwala · 18 Comments
Filed under: අන්තර්ජාලය, තාක්ෂණික 

ලගකදි ඉදලා මොබිටෙල් HSDPA භවිතා කරන අපිට මුහුන දෙන්න වෙන ලොකු ගැටලුවක් තමයි වේගය අඩාල වීම. ඉස්සර නම් අපට තත්වයෙන් වඩාත් උසස්ම ලබා දුන්නේ මොබිටෙල්. නමුත් දැන්නම් තත්වය එන්න එන්නම බරපතලයි වගේ. මේකට ප්‍රධාන හේතු කීපයක් බලපාන්න ඇති.

  • මීට මාස කීපයකට කලින් පැකේජ වල මිල ගණන් අඩු කිරීම (Post Paid Internet ~ Zoom)
  • සෙනෙහසේ උපහාර පැකේජය මගින් නව සබදතා විශාල ප්‍රමාණයක් නිකුත් කිරීම.
  • 3G Weekly Delight 75 පැකේජය.

ඇත්තටම ඉහත දක්වා ඇති කාරණා දෙකම අප හැමටම හොද දෙයක්. නමුත් මේවා ක්‍රියත්ම්ක කිරීමේදී මීට වඩා සැලසුම් අවශ්‍යයි නේද. මේ තාක්ෂණය සීමිත යටිතල පහසුකම් මත ක්‍රියාත්මක වෙන නිසා, නව සබදතා නිකුත් කිරීමේදී මීට වඩ සැල්කිමත් වීම අනිවාර්යයි. නමුත් මම තවමත් මොබිටෙල් ගැන පූර්ණ විශ්වාසය තබාගෙන ඉන්නවා, ඒ පහත සදහන් කරුණු කාරණා මත.

  • අනෙකුත් සේවා සපයන්නා දෙදෙනාට(Airtel, Dialog) වඩා International Bandwidth එක ඉහල අගයක පවත්වා ගැනීම.
  • තවමත් ගෙවන මුදලට සාධාරණ සේවයක් ලබාදීම.
  • දීපව්‍යාප්ත පුළුල් ආවරණය.

ඉතින් මේ ගැන බ්ලොග්කරුවන් වන අපි හොද විමසිල්ලෙන් හිටියොත් හොද ප්‍රථිඵලයක් ලබා ගන්න පුලුවන්වෙයි. මීට පෙර  කාලිංග අයියගේ වටිනා බ්ලොග් ලිපි වලින්(Dialog Unlimited Mobile Broadband (HSDPA) vs Mobitel M3 Broadband , ලංකාවේ HSDPA (Mobile Internet) මුලාව… )ලොකු පෙරලියක් කරන්න පුලුවන් වුනානේ :D

පහත දැක්වෙන්නේ මේ දැන් මහනුවර අවටින් ගත්ත Speed Test කිහිපයක්.

Rapidshare වලින් බාද්දි

ඉතින් ඔබගේ අදහසත්, Speed Test ප්‍රථිඵලත් මෙතන දක්වන්න.

Payoneer Debit Cards ගැන සම්පූර්ණ සිංහල බ්ලොග් සටහන

මට මේ බ්ලොග් සටහන ලියන්න හිතුනේ බොහෝ දෙනෙක් නිතරම මේ ගැන අහන නිසා. මේ වෙනකොට ඔබ Payoneer Debit Cards ගැන අහලා ඇති, නමුත් මම දැක්ක දෙයක් තමයි මේවාගේ භාවිතය ගැන හරි අවබෝධයක් නැතිවිම.  ඉතින් මම දන්නා සියලු දේවල් මෙතන ලියන්න සිතුනා, සමහර විට හැම දෙයක්ම නැති වෙයි. එහෙම නැති දෙයක් තියෙනවනම් ප්‍රතිචාරයක් දමන්න. මේ Payoneer Debit Cards වලින් කරන්නෙ ලෝකයේ බොහෝ රටවලට සහයෝගය දක්වන ලෙස මුදල් ගෙන්වා ගැනීම් සහ ගෙවීම් කරන්න පහසුකම් ලබා දෙන එක. ඇත්තටම payoneer සේවාව මගින් කරන්නේ තුන්වෙනි පාර්ශවයක් ලෙස අවශ්‍යවිට Debit Cards නිකුත් කිරීම සහ ඒවා පාලනය කිරීම පමණයි. ඉතින් අපට කෙළින්ම payoneer වෙබ් අඩවියෙන් මේවා ලබාගන්න බැහැ, එතකොට තමයි අපට Vendor කෙනෙකු හරහා මෙයට අයදුම් කරන්න වෙන්නේ, මේ මගින් ගෙවීම් ලබාදෙන වෙබ් අඩවි කිහිපයක්.

  • GetAFreelancer
  • uTest
  • oDesk
  • ScriptLance
  • 2CheckOut
  • Plimus
  • FastSpring
  • MediaWhiz
  • Bux.to
  • Copeac
  • Text-Links-Ads
  • AWEmpire
  • Adult Friend Finder
  • Hustler Cash
  • FreedomRocks
  • rentacoder
  • GPA40
  • iStockPhoto
  • Fluc

නමුත් අපට හැම එකක්ම භාවිතා කරන්න බැහැනේ, ඉතින් තමන්ට අවශ්‍ය එක මොකද්ද කියන එක තමන්ම තෝරාගන්න. බොහෝ වෙබ් අඩවි මේවා නොම්ලේ එවන නිසා නිකරුනේ ගෙන්වා ගන්න යන්න එපා! මොකද cards 4-5 එකම නමට සහ ලිපිනයට ලැබුනම ඔවුන් යම් යම් සීමා පනවනවා. මේ මා සතුව Debit Cards ඇති. නමුත් මා භාවිතා කරන්නේ 2checkouts සහ Fastspring Debit Cards දෙක පමණයි :D

සාමන්‍යයෙන් Payoneer Debit Card එකකට අයදුම් කලාම දින 1-2 ඇතුලත එය අනුමත වුනාද නැද්ද යන්න ඔවුන් අපට දන්වනවා. අනුමත වුන Payoneer Debit Card එකක් ශ්‍රී ලංකාවට ලැබෙන්න සති තුනක් පමණ ගත වෙනවා, නමුත් ඔබට එය දින කීපයකින් ලබාගන්න අවශ්‍යනම් fedex හරහා තරමක මුදලක් වැය කර ගෙන්වාගන්න පුළුවන්.

Payoneer Debit Cards වලට මුදල් එක් කරන ආකාරය

  1. Vendor(2checkout, plimus, fastspring, GAF etc )මගින් නිකුත් කරන ගෙවීම් මගින්.
  2. Credit cards මගින් මේ පිටුවෙන්.
  3. Western Union හරහා. (USA වල සිටින අයගෙන් පමණි)

Payoneer Cards Supported ATM  යන්ත්‍ර ඇති ස්ථාන සොයාගන්න අවශ්‍යනම් මෙතනින් දැනගන්න.

Payoneer මගින් ලබාදෙන USA Bank Account එක ලබාගන්න ආකාරය:

මම නම් දැන් වැඩියෙන්ම භාවිතා කරන සේවාවක්, ඒ ඉතාම පහසුවෙන් මුදල් ලංකාවටම ලබාගන්න පහසු නිසා.

ඔබත් Payoneer Debit Card හිමියෙකු සහ එය කිහිප වතාවක් Load Attempts (අවම වශයෙන් 3ක්වත්), Transaction කර ඇත්නම් feedback@payoneer.com මගින් අයදුම් කරන්න, එවිට ඔවුන් ඔබට සුදුසුකම් පවතිනවාද යන්න සදහන් කරයි. වැඩිදුර තොරතුරු >> Payoneer USA Bank Account එකක වැදගත්කම සහ එම පහසුකම ලබාගන්න හැටි

තවත් විස්තර අවශ්‍යද???

Payoneer FAQ

Payoneer Forum

දුරකථන මගින්: 1-847-461-1386 x2 (9:00-6:00pm EST Sun-Fri)

Live Chat

Payoneer පිලිබද යාවත්කාලීන වීම් Twitter මගින් ලබාගන්න

RSS Feed

RSS


මොකද්ද මේ RSS Feed එකෙන් කෙරෙන්නේ?
Twitter

සිංහල උපකාරකත්වය

UCSC
සිංහල ගන්න
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

Internet Top Blogs Page Rank Check Page copy protected against web site content infringement by Copyscape