Tigo හිමිකාරිත්වය මැද පෙරදිග Etisalat සමාගම හිමිකරගැනීම සහ ලංකාවේ ජංගම දුරකථන ක්ෂේත්‍රයේ අනාගතය
දැන් ටික කාලෙක ඉදන් Tigo සමාගමේ හිමිකාරිත්වය Millicom වෙතින් වෙනත් සමාගමකට පවරන්න යන බව ආරංචියක් තිබුනනේ, ඔන්න අද දැනගන්න ලැබුනා මැදපෙරදිග සමාගමක් වන Etisalat එය ඩොලර් මිලියන 155ට ලබා ගන්නා බව. ඇත්තටම මේ ගැන සංවාදයකට බදුන් කල යුතු කාරණා ගොඩක් තියෙනවා, එකක් තමයි දැනට ලංකාවේ ජංගම් දුරකථන සමාගම් අතර පවතින තරගකාරිත්වය, දැනට මේ ක්ෂේත්‍රයේ පවතින රැකියා අර්බුදය හා මිළ ගණන් අඩුකිරීම මත ඇතිවී ඇති අර්බුද ගැන සොයාබැලීම. දැනට අප රටේ ක්‍රියාත්මක වන සියලුම සමාගම්වල මව් සමාගම විදේශීය බහු ජාතික සමාගමක් නිසා මේ පරිවර්තනය වීම එතරම් අමුතු දෙයක් නෙවෙයි. නමුත් අපෙ බොහෝ දෙනා මේගැන දැනුවත් වෙලා ඉන්නේ ගොඩක් අඩුවෙන්. සමහර අය හිතන්නේ Airtel නම් ඉන්දියාවේ, Dialog නම් ශ්‍රී ලාංකික සමාගමක්, Mobitel අපේම දෙයක් කියලා
නමුත් ඇත්ත නම් මේ හැම සමාගමක්ම පාලනය වන්නේ විදේශීය සමාගම් වලිනුයි.
Mobitel > Maxis
Dialog > Axiata
Airtel > Bharathi Airtel
Hutch > Hutchison Telecommunications
හැබැයි මීට ටික කලක්ට ඉහතදී නම් Bharathi Airtel සහ Axiata වෙතින් ලොකු තරගකාරිත්වයක් තිබුනා tigo සමාගම පවරගන්න. බැරි වෙලාවත් එහෙම වුනානම් හොද සෙල්ලමක් බලා ගන්න තිබුනා, මොකද සමාගම් දෙකෙන් එකකට ග්‍රාහක පිරිස වැඩි කරගන්න තිබුනනේ. තරගකාරිත්වය ගැන කතා කරද්දි තමයි මතක් වුනේ ලෝකයේ විශාලතම ජංගම දුරකථන සමාගම් 20 ගැන(ග්‍රාහකයන් ගණන මිලියන වලින් දක්වා ඇත).
- China Mobile 499.5 (August 2009)
- United Kingdom Vodafone 302.6 (March 2009)
- Spain Telefónica / Movistar / O2 261.4 (March 2009)
- Mexico América Móvil 190.4 (April 2009)
- Norway Telenor 168.0 (June 2009)
- Germany T-Mobile 149.8 (June 2009)
- China Unicom 140.4
- Sweden TeliaSonera 134.8 (February 2009)
- France Orange / France Télécom 117.6 (September 2008)
- India Bharti Airtel 110.89 (August 2009)
- South Africa MTN Group 100.0 (April 2009)
- Russia MTS 91.7 (September 2008)
- United States Verizon Wireless 87.7 (June 2009)
- United Arab Emirates Etisalat 85.0 (July 2009)
- Egypt Orascom Telecom 84.0 (June 2009)
- India Reliance Communications 84.81 (August 2009)
- United States AT&T Mobility 79.6 (June 2009)
- Italy Telecom Italia / TIM 70.6 (September 2008)
- Japan NTT docomo 55.1 (August 2009)
- Malaysia Axiata Group 51.2(June 2009)
දැනට වල මේ පරිවර්ථනය ගැන යමක් කියන්න අපහසුයි, බලමු අනාගතයේ මොනවද වෙන්නේ කියලා
කලකට පසු නැවත ඔබ හමුවට…
මාස දෙකකට වගේ පසුව තමයි ලිපියක් ලියන්න අත ගැහුවේ, බොහෝ දෙනෙක් මගෙන් විවිධ මාර්ග වලින් විමසීම් කළා මොකද බ්ලොග් එක ලියන්නෙ නැත්තේ කියලා, ඒ හැමෝටම බොහොම ස්තූතීයි මාව දිරිමත් කළාට. ඇත්තටම පහුගිය දවස් ටිකේ ගොඩක් වැඩ කටයුතු යෙදිලා තිබ්බා. විශ්ව විද්‍යාලයේ විභාග වලට ප්‍රමුඛස්ථානය දිය යුතු නිසා තමයි මට ලිපි පල කරන්න බැරි වුනේ. ඒ ගැන ඔබෙන් සමාවෙන්න ඕනේ.
පහු ගිය දවස් වල හොද වැඩ ටිකකුත් කළා, Paypal වලින් ලංකාවට ලබාගත නොහැකි ගෙවීම් අතටම ලබා ගන්න හැටි ගැන ලිපියක් පළකලා මතක ඇතිනේ.
(Paypal වලින් ලැබෙන මුදල් ලංකාවට ගෙන්වා ගන්නා හොදම ක්‍රමයක්)
ඇත්තටම වැඩේ සාර්ථකයි, මම $600 ක පමණ මුදලක් මේ ක්‍රමය මගින් ලබා ගත්තා. 2checkout Payoneer Master Card එකකුත් තියෙන නිසා ගොඩක් ප්‍රයෝජනවත්, මොකද ගොඩක් තැන් වල ගෙවීම් කරන්නත් පුළුවන්නේ. ඉතින් මේ ගැන ගොඩක් අය මගෙන් හැමවිටම විමසීම් කරන නිසා තව ලිපියක් ලියන්නම්. කිහිප දෙනෙක් නම් මේ ක්‍රමය සාර්ථකද? නීත්‍යානුකූලද? වගේ ප්‍රශ්ණ අහපු නිසා බිල්පත් ඇතුලු කර ලිපියක් ලියන්නම්.
පසුගිය කාලේ Search Engine Optimization වලටත් මට වැඩි කාලයක් යොදවන්න සිදුවුනා, ඇත්තටම මගේ Internet Money වලින් 95% වගේ ලැබෙන්නේ ඒවාට අදාල සේවා මගින්. ඉතින් SEO ගැන ඉගෙන ගන්න එක ගොඩක් ප්‍රයෝජනවත්. මොකද අපෙ ලංකාවේ ගොඩක් අය Internet Money, Emoney කියලා එක එක මිථ්‍යා මත රාශියක් ඔලුවේ තබාගෙන නිකන් බොරුවට ලතවෙන බවක් පෙනවනේ. ඇත්තටම අන්තර්ජාලයෙන් මුදල් හොයන්න අදහසක් තියෙනවනම් යම් දෙයක් නිවැරිදිව ඉගෙන ගෙන, ක්‍රමානුකූලව වෙහෙස මහන්සීවී වැඩ කරන්න.
මම මේ දිනවල ඉදිරියට ලියන්න යන ලිපි ගැන පොඩි ඉගියක් දෙන්නම්.
- අන්තර්ජාලයෙන් මුදල් සෙවීමට මම භාවිතා කරන ක්‍රම සහ විධි (කොපි කරන්න එපා
) - Search Engine Optimization ගැන ලිපි පෙලක්
- Google Page Rank වැඩි කරන හැටි.
- Mobitel, Dialog & AIrtel HSDPA සබදතා තුනම භාවිත කර පරීක්ෂණ ලිපියක්.
- SLT ADSL අපට වැදගත් වෙන හැටි.
- අපේ ජංගම දුරකථන සමාගම් වල ඇත්ත තත්ත්වය.
ඉතින් ඔයලගෙත් අලුත් අදහස් එක්ක තමා මම ඉදිරි ලිපි ගැන තීරණයක් ගන්නේ.
යසරුවන් සොයුරානෙනි, ඔබ අපෙන් සමුගෙන අදට වසරකි

මීට අවුරුද්දකට පෙර ඔබ අපෙන් සමුගත් විට දරාගත නොහැකි ශෝකයක් අප සැවොටම ඇතිවුනි. ඔබ සිංහල බ්ලොග් අවකාශයේ ක්‍රියාශීලි බ්ලොග්කරුවකු හා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉමහත් මෙහෙවරක් කල ශිෂ්‍ය නායකයෙකි. අදට වසරකට පෙර හදිසි අනතුරකින් (දිවයින, අපේල් 17 වැනි බ්‍රහස්පතින්දා) ඔබ අපෙන් සදහටම වෙන්ව ගියත්, ඔබේ ක්‍රියාශීලි ජීවිතයත්, සමාජ මෙහෙවරත් හා සිංහල බ්ලොග් අවකාශයේ ඔබ දැක්වූ සහයෝගය අදටත් අප හද තුල රැව් දේ.
මේ කාලිංග අයියා එම අනුවේදිනීය පුවත අප හැමට දැන්වූ අයුරුයි >> සංවේගයෙන් දැනුම්දීමයි – යසරුවන් ගුණතිලකගේ හදිසි අභාවය
අවාසනාවකට අදවන විට යසරුවන්ගේ බ්ලොග් අඩවිය නම් අපට දකින්නට ලැබෙන්නේ නැහැ.
නවතම Google Page Rank වර්ගීකරණය
දැන් මේ දේ සිද්ධ වෙලා දවසක් දෙකක් ගත වුනා. හැබැයි මේ ගැන කවුරුත් කතා නොකරපු නිසා මේ ගැන ලියන්න හිතුනා. Google Page Rank ගැන හරි වැටහීමක් නැත්නම් Google PageRank™ ගැන සරල හැදින්වීමක් බලන්න.

ඕනෙම වෙබ් අඩවියක ගුණාත්මක බව තක්සේරු කරන්න අද කලේ භාවිතා කරන හොදම මිණුම් දණ්ඩ ලෙස කවුරුත් පිළිගන්නේ මේ Google Page Rank වර්ගීකරණය. ඉතින් අපි වෙබ් අඩවියක් හෝ බ්ලොග් එකක් පවත්වා ගෙන යද්දි අනිවාර්යයෙන් මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මමත් සති ගණනක් තිස්සේ අළුත් වර්ගීකරණය දැනගන්න හරි උනන්දුවෙන් සිටියෙ. ඇත්තටම මෙවර මේ බ්ලොග් එකට PR3 ලැබිලා තියෙනවා. ඒ මට back links ලබාදුන් අයගේ සහයෝගයත්, හොද අන්තරගතයක් නිර්මාණය කරගන්න ඔබ ලබාදුන් ප්‍රතිචාරත් නිසාත් තමා. ඉතින් ඒ හැමෝටම මම ස්තූති කරන්න ඕනෙනේ
,ඉතින් ඒ විතරක් මදිනේ, මගෙනුත් ඔබට වැඩි Google PR කරගැනීමට සහයක් දෙන්න ඕනෙනේ. ඉදිරියෙදී මම පහත ආකරයට අවශ්‍ය සහාය ලබා දීමට අදහස් කරනවා.
- සුපිරි ප්‍රතිචාර දක්වන්නො යටතේ සිටින අයට Dofollow backlinks ලැබීම.
- ඉදිරියේදි සියළුම ප්‍රතිචාර Dofollow comments(comment Luv)ආකරයට පරිවර්ථනය කිරීම. මොකද මෙම බ්ලොග් එකෙ සමහර ලිපි වලටත් Google PR වර්ගීකරනය ලැබී තිබෙනවා. උදාහරණයක් ලෙස වඩාත්ම ජනප්‍රිය ලිපි පරීක්ෂා කරන්න. ඉතින් ඒවගේ ප්‍රතිචාර දැක්වූ අයට හොද පිටුවහලක් ලැබෙයි.
- Search Engine Optimization ගැන ලිපි වැඩි ගණනක් පළ කිරීම. දැනටමත් මේ ගැන ගොඩක් අය විමසීම කරන නිසා ඉදිරි දිනවලදී ලිපි පළ කරන්නම්.
හැබයි මේ ප්‍රතිචාර දක්වන්නන්ට ලබා දුන් අනගි අවස්ථාවෙන් සමහර අයට අයුතු ප්‍රයෝජන ගන්න පුලුවන් නිසා, ප්‍රතිචාර ගැන මම දැඩි විමසිල්ලෙන් ඉන්නම්
ඉතින් මගෙ ඉලක්කය නම් මේ වසර තුලදී PR5 අත් කරගැනීම. ටිකක් අමාරු කටයුත්තක්. ඉතින් ඔබගේ වෙබ් අඩවි, බ්ලොග් අඩවි වල PR කොහොමද? මම දැකපු ගොඩක් බ්ලොග් අඩවි වල තත්වය සුභයි වගේ.
බ්ලොග් ලියන්නෙකු නැතිව ඉබේ ලියවෙන Auto Blog එකක් නිරමාණය කරන හැටි
Auto Blog එකක් යනු Plugin එකක් මගින් පාලනය වන බ්ලොග් වර්ගයක්. මේවාගේ පුදුම සහගත කරුණ නම් ඉබේටම අන්තර්ගතය නිර්මාණය වීමයි. එනම් තෝරාගත් මාතෘකාවකට අදාලව දිනකට බ්ලොග් ලිපි කිහිපයක්(හොද අන්තර්ගතයක්, රූප, වීඩියෝ සහිතව ) පල කරගැනීමට හැකිවීමයි. මේවැනි බ්ලොග් සෑදීම අද වන විට සිඝ්‍රයෙන් ප්‍රචලිත වුනත් හොද අවබෝධයකින් නිර්මාණය කළ යුතුයි.
Auto Blogඑකක් පවත්වා ගෙන යාමේ වාසි
මෙවැනි Auto blog එකක් WordPress Blog මගින් සාදන හැටි මම පැහැදිලි කරන්නම්
- මුලින්ම Unique Article Wizard Plugin එක ලබාගෙන බ්ලොග් එකේ ස්ථාපිත කරන්න.
- බ්ලොග් අඩවියට තෝරාගත් මාතෘකා(category) 10ක් පමණ එකතු කරන්න. (අපහසු නම් Keyword එකක් ආශ්‍රිතව මතෘකා කිහිපයක් සොයා ගන්න Wordtracker Keywords භාවිතා කරන්න ).
- Settings > UAW control මගින් ප්ලගීනය පහත උදාහරණයේ ඇති පරිදි සකසන්න. (ම free iphone keyword එකට අදාලව Auto blog එක නිර්මාණය කර ඇත)
මේ මම සෑදු Free iphone Auto blog එක
Discovery නාලිකාවේ ජනප්‍රියම වැඩසටහන Man Vs Wild
මේ දිනවල මමත් වෙලාව තියෙන ඕනෙම වෙලාවක නරඹන රූපවාහිනි වැඩසටහනක් තමා Man vs. Wild , හැබැයි කොටස් වශයෙන් බාගෙන තමයි නරඹන්නේ
එහෙනම් මේ මොකද්ද කියලා දැනගමුකො, මේ වැඩසටහන ක්‍රියාන්විත ගනයට අයත් වෙන එකක්. මිනිසෙකු පරිසරයත් සමග කරන සටනක් ලෙස දැක්වුවත් නිවැරිදියි. Bear Grylls නම් තැනැත්තා පෘථුවියේ අති දුෂ්කර ප්‍රදේශ වල කිසිවෙකුගේ සහායක් නැතිව කරන වික්‍රමයන් තමා මෙමෙ වැඩසටහනේ අන්තර්ගත වෙන්නේ. ඔහු බ්‍රිතාන්‍ය හමුදාවේ සේවය කර ඇති නිස මෙම භයානක අත්දැකීම ඔහු ජයගන්නේ නරඹන අපි සැවොම මවිත කරමින්, කොටින්ම ඔහුට කැමෙරා සහ රූපවාහිනි කණඩායමෙන් සහයක් ලැබෙන්නෙම නැහැ (නමුත් අන්තරාදායක අවස්ථා වල පමණක් සුළු සහායක් ලබා ගන්නවා).
මෙහි අන්තර්ගත පුදුම සහගත දේවල්
- ආහාර පාන සියල්ල පරිසරයෙන් ලබාගැනීම්
- පණ ඇති සතුන් අනුභව කිරීම
- සියලු උපකාරක ද්‍රව්‍යය පරිසරයෙන් ලබාගැනීම
මේ රසවත් වීඩියෝ කීපයක්….
Man vs. Wild trailer (seasons 1 &2)
Man Vs. Wild Commercial – May/June 2008
Man VS Wild PT 1 Nevada Desert
වැඩිදුර තොරතුරු:
http://en.wikipedia.org/wiki/Man_vs._Wild




