බ්ලොග් ලියන්නෙකු නැතිව ඉබේ ලියවෙන Auto Blog එකක් නිරමාණය කරන හැටි

මාර්තු 26, 2009 by · 39 Comments
Filed under: පොදු, ලිනක්ස් 

Auto Blog එකක් යනු Plugin එකක් මගින් පාලනය වන බ්ලොග් වර්ගයක්. මේවාගේ පුදුම සහගත කරුණ නම් ඉබේටම අන්තර්ගතය නිර්මාණය වීමයි. එනම් තෝරාගත් මාතෘකාවකට අදාලව දිනකට බ්ලොග් ලිපි කිහිපයක්(හොද අන්තර්ගතයක්, රූප, වීඩියෝ සහිතව ) පල කරගැනීමට හැකිවීමයි. මේවැනි බ්ලොග් සෑදීම අද වන විට සිඝ්‍රයෙන් ප්‍රචලිත වුනත් හොද අවබෝධයකින් නිර්මාණය කළ යුතුයි.

Auto Blogඑකක් පවත්වා ගෙන යාමේ වාසි

  • MFA වෙබ් අඩවි සෑදීමට ගත කරන කාලය අඩු කර ගැනීමට හැකිවීම.
  • නොදන්නා මතෘකාවකට අදාලව වුවද බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට හැකිවීම.
  • Targeted keywords (High paying keywords) වලට හොදින් ක්‍රියාත්මක වීම.
  • අන්තර්ජාල දැන්වීමකරණයට උචිත වීම.
  • භාවිතයේ නොමැති Domain Names(Parking domains) වල අගය(Google Page rank, Alexa rank) වැඩි කළ හැකි වීම.
  • මෙවැනි Auto blog එකක් WordPress Blog මගින් සාදන හැටි මම පැහැදිලි කරන්නම් :)

    1. මුලින්ම Unique Article Wizard Plugin එක ලබාගෙන බ්ලොග් එකේ ස්ථාපිත කරන්න.
    2. බ්ලොග් අඩවියට තෝරාගත් මාතෘකා(category) 10ක් පමණ එකතු කරන්න. (අපහසු නම් Keyword එකක් ආශ්‍රිතව මතෘකා කිහිපයක් සොයා ගන්න Wordtracker Keywords භාවිතා කරන්න ).
    3. Settings > UAW control මගින් ප්ලගීනය පහත උදාහරණයේ ඇති පරිදි සකසන්න. (ම free iphone keyword එකට අදාලව Auto blog එක නිර්මාණය කර ඇත)

    ImageVisit ~ Fast Way to Host Images

    ImageVisit ~ Fast Way to Host Images

    වැඩි දුර තොරතුරු

    මේ මම සෑදු Free iphone Auto blog එක :D

    Ubuntu පහසුවෙන් VirtualBox මගින් ස්ථාපිත කරමු

    පෙර ලිපියකදී VirtualBox ගැන හදුන්වාදීමක් ඔබට තවමත් මතක ඇති. ඉතින් බොහෝ දෙනෙක් පොඩි ඉල්ලීමක් කර තිබුනා මේකෙන් Ubuntu ස්ථාපනය කරන එක ගැන ලිපියක් පළ කළ යුතුයි කියා. අද වන විට ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් ලෙස Ubuntu ඉදිරියෙන්ම සිටිනවා. ඉතින් Ubuntu භාවිතයට පුරුදු වීම ගොඩක් වැදගත්.

    මේ වෙනකොට ඔබත් නොම්ලේ ලැබෙන CD එකක් ගෙදරටම ගෙන්වා ගෙන ඇති, නැත්නම් දැන්ම CD එකකට අයදුම් කරන්න. ඒත් මේදේට සති ගණනක් වැය වන නිසා නවතම සංස්කරණය දැන්ම Download කරගන්න. ඔබ එදිනෙදා සාමාන්‍ය භාවිතය සදහා ලබාගන්නා නිසා Ubuntu Desktop version එක ලබා ගන්න.

    මුලදී ඕනෙම කෙනෙක් ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කරන්න පොඩි චකිතයක් ඇති කරගන්නවා, ඒනිසා Virtual machine එකක් භාවිතා කිරීමෙන් නවකයන්ට වුනත් ඇතිවන ගැටළු මගහරවා ගන්න පුළුවන්. අපි බලමු කොහොමද Virtual machines භාවිතා කර Ubuntu ස්ථාපනය කරන හැටි. (VirtualBox එක ඔබට නුපුරුදු දෙයක් නම් “VirtualBox භාවිතා කර මෙහෙයුම් පද්ධති කිහිපයක් සමග එකවර වැඩ කරමු “ලිපිය කියවා බලන්න)

    1.මුලින්ම VirtualBox මෘදුකාංගය භාවිතා කර නව Virtual machine එකක් Ubuntu සදහා නිර්මාණය කරන්න.
    ImageVisit ~ Fast Way to Host Images

    2. දැන් මතකය(Memory) සදහා නිර්දේශිත අගයක් (300-500 MB)ලබා දෙන්න.
    ImageVisit ~ Fast Way to Host Images

    3. දෘඩ තැටියට 8Gb ක පමණ අගයක් ලබා දෙන්න.

    4. අවසානයේ Virtual machine එකේ තොරතුරු මෙහෙම දැක ගන්න පුළුවන් වෙයි
    ImageVisit ~ Fast Way to Host Images

    5. දැන් ඔබ නිර්මාණය කරගත් Virtual machine එකේ settings වලට ගොස් Ubuntu ස්ථාපනය කිරීමට CD-ROM එක හෝ පරිගනකයේ ඇති Image file (ubuntu.ISO )එක පහත ආකරයට තෝරාගන්න.
    ImageVisit ~ Fast Way to Host Images

    දැන් නම් ඔබ කිසිදු අපහසුවකින් තොරව Ubuntu ස්ථාපිත කරගන්න සූදානම්. පළමුව Install ubuntu යන්න තෝරාගන්න,
    ImageVisit ~ Fast Way to Host Images

    දැන් ටික වේලාවක් පහත ආකාරයේ දසුනක් දැකගන්නට හැකිවේවි.
    h3485x5w1eox1974r0sv.jpg
    මීලගට ඔබට පියවර 7ක් විනාඩි 30ක පමණ කාලයකදී එකින් එක සම්පූර්ණ කරන්න තියෙනවා, ඇත්තටම ඉතා පහසු කාර්යන් නිසා වැඩිදුර පැහැදිලි කිරිමක් අවශ්‍ය වන්නේ නැහැ. අවසානයේ සියල්ල අවසන්වී වීමට virtual machine එක restart කල යුතුයි.

    දැන් අලුතින්ම ස්ථාපිත කරගත් Ubuntu මෙහෙයුම් පද්ධතියේ පොඩි සැකසීම් කිහිපයක් සිදු කරගන්නා අයුරු බලමු. මුලින්ම Applications> Accessories වෙත ගොස් Terminal එකට පිවිසෙන්න. මෙය Windows මත ඇති Command prompt එකහා සමානයි.

    • මුලින්ම මෙම මෙහෙයුම් පද්ධතියේ Administrator වැනි su (Super User) account එක සෑදිය යුතුයි.
    • Terminal එකේ sudo passwd root සටහන් කරන්න. ඔබට අවශ්‍ය password ලබාදී දැන් මෙහෙයුම් පද්ධතියේ සම්පූර්ණ පහසුකම ලබාගන්නට Super user account එකට පිවිසෙන්න. Terminal එකේ su - සටහන් කරන්න.

    ඉතින් මෙම් ලිපියේ අන්තර්ගතය Ubuntu වලට ආරම්භයක් පමනි, ඉදිරි ලිපි වලදී තවත් බොහෝ දේ ගැන සදහන් කරන්නම්.

    VirtualBox භාවිතා කර මෙහෙයුම් පද්ධති කිහිපයක් සමග එකවර වැඩ කරමු

    ඔබ මේ වනවිට මෙහෙයුම් පද්ධති කිහිපයක් භාවිතා කිරීමට හුරු වෙලා ඇති, නමුත් ඔබට අවශ්ය වෙලාවට අදාල මෙහෙයුම් පද්ධතිය භාවිතා කිරීමට යාමේදි එක්කො පරිගණකය නැවතත් Restart කිරීමට හො වෙනත් පරිගණකයක් භාවිතා කිරීමට සිදු වෙන එක සාමාන්ය දෙයක්නෙ. ඉතින් මේ දැන් භාවිතා කරමින් ඉන්න මෙහෙයුම් පද්ධතිය මතම තවත් මෙහෙයුම් පද්ධති කිහිපයක් ධාවනය කිරීමට හැකිනම් අපිට කොච්චර ලේසිද. වර්තමානයේ virtualization නමින් හැදින්වෙන්නේ මෙයයි. ගොඩක් අය මෙම ක්ෂේත්‍රය අදුනගන්නේ virtual machine නමිනි.

    මේ ගැන පොඩි හැදින්වීමක් කළොත් දැනට භාවිතා කරමින් සිටින මෙහෙයුම් පද්ධතිය මතම virtualization මෘදුකගංයක් ස්ථාපිත කර, virtual machine කිහිපයක් නිර්මාණය කර ඔබටත් එකවර මෙහෙයුම් පද්ධති කිහිපයක් සමග වැඩ කරන්න පුළුවන්. මෙහි ඇති ප්‍රධාන ලක්ෂණ වන්නේ දෘඩාංග උපරිම ලෙස භාවිතයට ගැනීම, විවිධ අත්හදා බැලීම් සිදුකිරීමට හැකි වීම සහ පහසුවෙන් නැවත ප්‍රතිස්ථාපනය කිරීමට හැකි වීමය(Backups & Restore).

    ඉතින් මේ සදහා වඩාත් උචිතම සහ පහසුම virtualization මෘදුකගංයක් තමා VirtualBox, එය ඔබට Windows සහ Linux මෙහෙයුම් පද්ධති වල කිසිදු අපහසුවකින් තොරව භාවිතා කළ හැකියි. දැනට මෙහි VirtualBox 2.1.2 සංස්කරණය නිකුත්වී තිබෙනවා, මේකත් නිදහස් සහ විවෘත කේත මෘදුකගංයක්(FOSS). ඉතින් කිසිම අපහසුවකින් තොරව භාවිතා කළ හැකියි. ඔබත් ස්ථාපිත කළානම්, දැන් තව තවත් මෙහෙයුම් පද්ධති ධාවනය කළ හැකියි. නමුත් එය පරිගණකයේ ඇති දෘඩාංග වල ධාරිතාව(RAM, CPU, Hard Disk Space, VGA) මත රදාපවතිනවා. පහත Video එක බැලීමෙන් නිවැරිදිව Virtual machine එකක් ස්ථාපිත කරගන්නා ආකාරය පිලිබද හොද අවබොධයක් ලබා ගන්න පුළුවන්.

    මේ මම දැනට Vista මත භාවිතා කරන Windows XP මෙහෙයුම් පද්ධතිය.

    new-picture-28

    ඇත්තටම භාවිතයේ වාසි බොහොමයක් පවතිනවා,

    • Linux (Ubuntu, RedHat, fedora)වැනි මෙහෙයුම් පද්ධති සමග අත්හදා බැලීම් වලට ඇති චකිතය මගහරවා ගැනීමට හැකිවීම.
    • පරිගණක ජාලකරණය පිලිබද විවිධ ආකරායේ ක්‍රියාකාරකම් එක් පරිගණකයක් මගින් සිදු කළ හැකි වීම.
    • Hard Disk එකක් Format කිරීමට පෙර මෙහෙයුම් පද්ධතියක ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමට හැකිවීම.
    • Backups කිරීමට පහසු වීම.

    ඇත්තටම මේ ලිපියෙන් මා අරමුණු කළේ ඔබට Virtual Machine පිලිබද සරල අවබොධයක් ලබා දෙන්නයි. මෙයින් සිදු කළ හැකි දේ බොහොමයි. මම ඉදිරි ලිපිවලින් මෙයින් ගතහැකි තවත් බොහො ප්‍රයොජන සදහන් කරන්නම්.

    Ubuntu හි VirtualBox ස්ථාපිත කිරීමට අපෙ ගයාන්ගෙ VirtualBox භාවිතා කර මෙහෙයුම් පද්ධති කිහිපයක් සමග එකවර වැඩ කරමු (Ubuntu Edition) 1 කොටස බ්ලොග් සටහන බලන්න

    WordPress බ්ලොග්කරණයට පිවිසෙමු

    ඔබත් දැන් බ්ලොග් එකක් යනු කුමක්දැයි සරලව දන්නවා ඇති. කෙටියෙන් කිව්වොත් බ්ලොග් එකක් යනු අන්තර්ජාලයේ පවත්වා ගෙන යන දින පොතක්. ඉතින් අපිට විවිධ අරමුණු ඔස්සේ බ්ලොග් අඩවියක් පවත්වා ගෙන යන්න පුළුවන්. ඒවා නම් විනොදෙට, තමන් දන්න දේ අනික් අයත් සමග බෙදා හදා ගන්න, අන්තර්ජාලයෙන් මුදල් හොයන්න වගේ විවිධාකාර දේවල් තිබෙනවා. ඉතින් බ්ලොග් එකක ප්‍රධාන ලක්ෂණ කීපයක් පවතිනවා. කතෘ විසින් ලිපි පල කිරීම, බ්ලොග් අඩවියට පිවිසෙන්නන් විසින් ප්‍රතිචාර දැක්වීමට හැකි වීම, RSS feed එකක් මගින් යාවාත්කලීන වූ අන්තර්ගතය බ්ලොග් අඩවියට පිවිසීමකින් තොරව බලා ගැනීමට හැකි වීම. ඉතින් බ්ලොග් එකක් යනු කුමක්දැයි ගැන සම්පූර්ණ විස්තරයක් බ්ලොග් එකක් කියන්නෙ මොකද්ද? යන ලිපිය කියවීමෙන් හොද අවබොධයක් ලබා ගන්න පුළුවන්.

    තමන්ගෙම කියා බ්ලොග් එකක් පවත්වාගෙන යාම හරිම ලේසියි. මෙය නොමිලේ හො සුළු මුදලක් වැය කර කරන්න පුළුවන්. මම නම් බ්ලොග් එකක් සදහා හැමොටම නිර්දේශ කරන්නේ WordPress. මේ වගේ බ්ලොග් එකක් ලියන්න නම් WordPress නැතුවම බැහැනේ. පහත දැක්වෙන්නේ WordPress වලට අද පවතින ඉල්ලුම.


    මූලාශ්‍රය: http://www.odesk.com/blog/2009/01/top-growth-tech-skills-in-2008

    Wordpress trends

    හිතාගන්නත් අමාරුයි නේද WordPress මෙච්චර ප්‍රචලිතද කියලා! ඔබ තවමත් මෙයට ආධුනීක නම් නොම්ලේ ලබා දෙන බ්ලොග් සේවාවක් භාවිතා කරන්න. WordPress.com නිර්දේශිතයි( විකල්ප: https://www.blogger.com ,http://www.blogsome.com, http://blogetery.com, http://bloggles.info)

    WordPress.com මගින් ඔබට කැමති නමක්.wordpress.com යන අකාරයට බ්ලොග් අඩවියක් පවත්වා ගෙන යන්න පුළුවන්. බ්ලොග් එකක් මෙහි ස්ථාපිත කරගන්න යන්නේ විනාඩියකටත් වඩා අඩු කාලයක්. ඔබටත් මෙම සිංහල බ්ලොග් එක වැනි බ්ලොග් අඩවියක් පවත්වා ගෙන යන්න නම් Domain name සහ Web hosting ගිණුමක් අවශ්ය වෙනවා. ඒ සදහා වර්ඩ්ප්‍රෙස් සිංහල අඩවිය මගින් සිංහල වර්ඩ්ප්‍රෙස් ස්ථාපිත කළ යුතුයි. ඇත්තටම මම සදහන් කලේ WordPress බ්ලොග්කරණයට ආරම්භය පමණයි. තව සදහන් කළයුතු කරුණු ගොඩක් තියෙනවා. ඒ ගැන ඉදිරි ලිපි වලින් සදහන් කරන්නම්.

    Internet Top Blogs Page Rank Check Page copy protected against web site content infringement by Copyscape