Google PageRank™ ගැන සරල හැදින්වීමක්

වර්තමානයේ Google සමාගම කියන්නෙ හැම අතින්ම සාර්ථක වුනු සමාගමක්නේ, ඔවුන්ට වසර 10ක් පමණ කෙටි කලක් තුල මෙවැනි දුර ගමනක් එන්න ප්‍රධාන වශයෙන්ම බලපෑවෙ Google සෙවුම් යන්ත්‍රය බව අන්තර්ජාලයේ නොදන්න කෙනෙක් නැති තරම්නේ. ඇත්තටම Google වල රහස මොකක්ද? එය නම් මේ අරුම පුදුම Google PageRank™ (PR)තාක්ෂණයයි. 1995 දී Larry Page විසින් Stanford විශ්ව විද්යාලයේ කරන ලද සොයගැනීමක් තමා, පසුව Sergey Brin සමග 1998 දී Google ලෙස නවතම මුහුණුවරක් ගත් සෙවුම් යන්ත්‍රයක් බිහිවුනේ.

මෙම නව සෙවුම් යන්ත්‍රය එහි සෙවුම් පද(Key words) සමග පෙළ ගැසීමේදී(Search Index) අනුගමනය කල පිලිවෙත තමා මේ PageRank™ , ඇත්තටම මෙය තරමක් දුරට තේරුම් ගන්න අපහසුයි. මූලිකව මේ ගැන අර්ථ දැක්වීමක් කලොත් Google PageRank™ යනු යම් වෙබ් අඩවියකට(වෙබ් පිටුවකට )යොමු වී ඇති අන්තර්ගතයට අදාල සබැදුම්(Related Backlinks) සහ නියම අන්තර්ගතය(Unique Contents) මත 0 සිට 10 දක්වාපරිමාණයකට වර්ගීකරණයකි “. තේරුම් ගන්න අමාරුද මන්දා! :D

එහෙනම් තව ටිකක් උදාහරණ සහිතව පැහැදිලි කරන්නම්. වඩාත් ප්‍රචලිත සහ ගුණාත්මකභාවයෙන් වැඩි වෙබ අඩවි සදහා ඉහළ අගයකුත්(PR 7 සිට 10 දක්වා ), තරමක් හොද මට්ටමේ පවතින වෙබ් අඩවි සදහා PR 3-6 දක්වා අගයකුත් අන්කුත් සාමන්ය මට්ටමේ සහ නව වෙබ් අඩවි සදහා PR 0 සිට 3 දක්වාත් හිමි වෙනවා.

එහෙනම් Google PageRank™ පරීක්ෂා කලහැකි ආකාර ගැන සලකා බලමු.

  • Firfox addon SearchStatus ,Live PageRank , Google Pagerank Status අතරින් එකක් Mozilla firefox browser එකට එකතු කිරීම. (වඩාත් පහසුම සහ නිර්දේශිත ක්‍රමය )
  • Google Toolbar එක මගින්. (Web browser එකට ස්ථීරවම එකතු කිරීමට).
  • Page Rank Checker වැනි වෙබ් අඩවියකින් පරීක්ෂා කිරීම.

අප එදිනෙදා භාවිතා කරන වෙබ අඩවි වල PR ගැන වැටහීමක් සහ හේතු ගැන සොයා බලමුකො.

Google PR10 :- අහන්නත් දෙයක්ද, සෑම Google වෙබ් අඩවියකට(Adsense, Gmail) පාහේ ඉහළ PR එකක් සතු වෙනවා, හේතුව නම් ඔවුන් තමන්ගේ අඩවි ඉතා මනාව සම්බන්ද කර ඇති නිසයි.

Facebook PR9 :- ප්‍රචලිත නිසාම තමා :D

Speedtest PR8 :- මේකට නම් ප්‍රධාන හේතුව ගොඩක් අය speedtest එකක් කරලා යන එන හැම තැනම screens shots එකතු කර Backlinks සැපයීමයි.

Wikipedia PR8 :- මෙහි ඇති අන්තරගතයටම තමා.

Adobe PR9 :- මෙයට නම් අන්තරගතය සහ ප්‍රචලිතභාවය යන කරුණු දෙකම බලපා තිබෙනවා.

PR වැඩිවීමෙන් අපට ලැබෙන වාසි මොනවාද

  • Google සෙවුම් යන්ත්‍රයේ පෙළ ගැසීම්(Search Index)වල ඉදිරියට පැමිනීම.
  • Google Adsense දැන්වීම් මගින් ලැබෙන ආදායම ඉහල යාම.
  • වෙබ් අඩවියේ ගුණාත්මකභාවය වැඩිවීම.

මම දැනට උත්සාහ කලේ Google PageRank™ ගැන සරල වැටහීමක් ඔබටත් ලබා දෙන්න, මොකද අප රටේ ගොඩක් වෙබ් අඩවි පවත්වා ගෙන යන අය මේ ගැන සැලකිලිමත් වෙන බව හරි අඩුයි. මාස 3-4කට සැරයක් පමණ තමා මෙය මගින් යාවත්කාලීන කරන්නෙ, ඉතින් මම ඉදිරියට ලියන්න යන බ්ලොග් ලිපි වලට මෙය ගොඩක් ප්‍රයොජනවත් වෙනු නිසැකයි. වැඩිදුර තොරතුරු http://en.wikipedia.org/wiki/PageRank සහ http://www.google.com/corporate/tech.html මගින් පරිශීලනය කිරිමට පුළුවන්.

VirtualBox භාවිතා කර මෙහෙයුම් පද්ධති කිහිපයක් සමග එකවර වැඩ කරමු

ඔබ මේ වනවිට මෙහෙයුම් පද්ධති කිහිපයක් භාවිතා කිරීමට හුරු වෙලා ඇති, නමුත් ඔබට අවශ්ය වෙලාවට අදාල මෙහෙයුම් පද්ධතිය භාවිතා කිරීමට යාමේදි එක්කො පරිගණකය නැවතත් Restart කිරීමට හො වෙනත් පරිගණකයක් භාවිතා කිරීමට සිදු වෙන එක සාමාන්ය දෙයක්නෙ. ඉතින් මේ දැන් භාවිතා කරමින් ඉන්න මෙහෙයුම් පද්ධතිය මතම තවත් මෙහෙයුම් පද්ධති කිහිපයක් ධාවනය කිරීමට හැකිනම් අපිට කොච්චර ලේසිද. වර්තමානයේ virtualization නමින් හැදින්වෙන්නේ මෙයයි. ගොඩක් අය මෙම ක්ෂේත්‍රය අදුනගන්නේ virtual machine නමිනි.

මේ ගැන පොඩි හැදින්වීමක් කළොත් දැනට භාවිතා කරමින් සිටින මෙහෙයුම් පද්ධතිය මතම virtualization මෘදුකගංයක් ස්ථාපිත කර, virtual machine කිහිපයක් නිර්මාණය කර ඔබටත් එකවර මෙහෙයුම් පද්ධති කිහිපයක් සමග වැඩ කරන්න පුළුවන්. මෙහි ඇති ප්‍රධාන ලක්ෂණ වන්නේ දෘඩාංග උපරිම ලෙස භාවිතයට ගැනීම, විවිධ අත්හදා බැලීම් සිදුකිරීමට හැකි වීම සහ පහසුවෙන් නැවත ප්‍රතිස්ථාපනය කිරීමට හැකි වීමය(Backups & Restore).

ඉතින් මේ සදහා වඩාත් උචිතම සහ පහසුම virtualization මෘදුකගංයක් තමා VirtualBox, එය ඔබට Windows සහ Linux මෙහෙයුම් පද්ධති වල කිසිදු අපහසුවකින් තොරව භාවිතා කළ හැකියි. දැනට මෙහි VirtualBox 2.1.2 සංස්කරණය නිකුත්වී තිබෙනවා, මේකත් නිදහස් සහ විවෘත කේත මෘදුකගංයක්(FOSS). ඉතින් කිසිම අපහසුවකින් තොරව භාවිතා කළ හැකියි. ඔබත් ස්ථාපිත කළානම්, දැන් තව තවත් මෙහෙයුම් පද්ධති ධාවනය කළ හැකියි. නමුත් එය පරිගණකයේ ඇති දෘඩාංග වල ධාරිතාව(RAM, CPU, Hard Disk Space, VGA) මත රදාපවතිනවා. පහත Video එක බැලීමෙන් නිවැරිදිව Virtual machine එකක් ස්ථාපිත කරගන්නා ආකාරය පිලිබද හොද අවබොධයක් ලබා ගන්න පුළුවන්.

මේ මම දැනට Vista මත භාවිතා කරන Windows XP මෙහෙයුම් පද්ධතිය.

new-picture-28

ඇත්තටම භාවිතයේ වාසි බොහොමයක් පවතිනවා,

  • Linux (Ubuntu, RedHat, fedora)වැනි මෙහෙයුම් පද්ධති සමග අත්හදා බැලීම් වලට ඇති චකිතය මගහරවා ගැනීමට හැකිවීම.
  • පරිගණක ජාලකරණය පිලිබද විවිධ ආකරායේ ක්‍රියාකාරකම් එක් පරිගණකයක් මගින් සිදු කළ හැකි වීම.
  • Hard Disk එකක් Format කිරීමට පෙර මෙහෙයුම් පද්ධතියක ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමට හැකිවීම.
  • Backups කිරීමට පහසු වීම.

ඇත්තටම මේ ලිපියෙන් මා අරමුණු කළේ ඔබට Virtual Machine පිලිබද සරල අවබොධයක් ලබා දෙන්නයි. මෙයින් සිදු කළ හැකි දේ බොහොමයි. මම ඉදිරි ලිපිවලින් මෙයින් ගතහැකි තවත් බොහො ප්‍රයොජන සදහන් කරන්නම්.

Ubuntu හි VirtualBox ස්ථාපිත කිරීමට අපෙ ගයාන්ගෙ VirtualBox භාවිතා කර මෙහෙයුම් පද්ධති කිහිපයක් සමග එකවර වැඩ කරමු (Ubuntu Edition) 1 කොටස බ්ලොග් සටහන බලන්න

සිංහල බ්ලොග්කරුවන් සමග සබැඳුම් හුවමාරු කරගැනීමට සිංහල බ්ලොග් සූදානම්

මේකත් මම කරන්න අදහස් කළේ අපෙ සිංහල බ්ලොග්කරුවන් අතර සහයොගිතාවය වැඩි කරගන්න. දැනටමත් මම කිහිප දෙනෙක් එක්ක සබැඳුම් හුවමාරු කරගෙන තියෙනවා. ඉතින් මට හිතුනා තවත් සිංහල බ්ලොග්කරුවන් සමග සබැඳුම් හුවමාරු කරගන්න. මමත් ඉතින් මේ බ්ලොග් එකක පටන් ගෙන මාසයක් පමණ වෙනවනේ. ලැබෙන ප්‍රතිචාර නම් සතුටුදායකයි. දැනට මුළු ප්‍රතිචාර ගණන මේ වන විට 325ක් පමණ. තවත් වැඩි තොරතුරු සදහන් කලොත් මසක් ගත වෙන්න පෙර නිත්ය පිවිසුම් (Unique Visitors) 5000කට ආසන්න ප්‍රමාණයකුත්, පිටු ප්‍රදර්ශණය වූ වාර ගණන(page Views) 12000කටත් වඩා වැඩි ගණනක්.

ඉතින් ඔබේ සහයොගයත් සමග තමා මට මෙච්චර දුරකට එන්න ලැබුනේ. ඉතින් මාත් සමග සබැඳුමක් හුවමාරු කරගැනීමට කැමති නම් පළමුව මෙම බ්ලොග් අඩවිය “රුක්ෂාන්ගේ බ්ලොග් සටහන” ලෙස ඔබේ සබැඳුම එක් කරන ස්ථානය එක් කර මෙහි ප්‍රතිචාරයක් ලෙස සදහන් කරන්න. මම හැකි ඉක්මනින් ඔබේ සිංහල බ්ලොග් අඩවියත් මාගේ “බ්ලොග් අඩවි” කොටසට එකතු කරන්නම්.

WordPress බ්ලොග්කරණයට පිවිසෙමු

ඔබත් දැන් බ්ලොග් එකක් යනු කුමක්දැයි සරලව දන්නවා ඇති. කෙටියෙන් කිව්වොත් බ්ලොග් එකක් යනු අන්තර්ජාලයේ පවත්වා ගෙන යන දින පොතක්. ඉතින් අපිට විවිධ අරමුණු ඔස්සේ බ්ලොග් අඩවියක් පවත්වා ගෙන යන්න පුළුවන්. ඒවා නම් විනොදෙට, තමන් දන්න දේ අනික් අයත් සමග බෙදා හදා ගන්න, අන්තර්ජාලයෙන් මුදල් හොයන්න වගේ විවිධාකාර දේවල් තිබෙනවා. ඉතින් බ්ලොග් එකක ප්‍රධාන ලක්ෂණ කීපයක් පවතිනවා. කතෘ විසින් ලිපි පල කිරීම, බ්ලොග් අඩවියට පිවිසෙන්නන් විසින් ප්‍රතිචාර දැක්වීමට හැකි වීම, RSS feed එකක් මගින් යාවාත්කලීන වූ අන්තර්ගතය බ්ලොග් අඩවියට පිවිසීමකින් තොරව බලා ගැනීමට හැකි වීම. ඉතින් බ්ලොග් එකක් යනු කුමක්දැයි ගැන සම්පූර්ණ විස්තරයක් බ්ලොග් එකක් කියන්නෙ මොකද්ද? යන ලිපිය කියවීමෙන් හොද අවබොධයක් ලබා ගන්න පුළුවන්.

තමන්ගෙම කියා බ්ලොග් එකක් පවත්වාගෙන යාම හරිම ලේසියි. මෙය නොමිලේ හො සුළු මුදලක් වැය කර කරන්න පුළුවන්. මම නම් බ්ලොග් එකක් සදහා හැමොටම නිර්දේශ කරන්නේ WordPress. මේ වගේ බ්ලොග් එකක් ලියන්න නම් WordPress නැතුවම බැහැනේ. පහත දැක්වෙන්නේ WordPress වලට අද පවතින ඉල්ලුම.


මූලාශ්‍රය: http://www.odesk.com/blog/2009/01/top-growth-tech-skills-in-2008

Wordpress trends

හිතාගන්නත් අමාරුයි නේද WordPress මෙච්චර ප්‍රචලිතද කියලා! ඔබ තවමත් මෙයට ආධුනීක නම් නොම්ලේ ලබා දෙන බ්ලොග් සේවාවක් භාවිතා කරන්න. WordPress.com නිර්දේශිතයි( විකල්ප: https://www.blogger.com ,http://www.blogsome.com, http://blogetery.com, http://bloggles.info)

WordPress.com මගින් ඔබට කැමති නමක්.wordpress.com යන අකාරයට බ්ලොග් අඩවියක් පවත්වා ගෙන යන්න පුළුවන්. බ්ලොග් එකක් මෙහි ස්ථාපිත කරගන්න යන්නේ විනාඩියකටත් වඩා අඩු කාලයක්. ඔබටත් මෙම සිංහල බ්ලොග් එක වැනි බ්ලොග් අඩවියක් පවත්වා ගෙන යන්න නම් Domain name සහ Web hosting ගිණුමක් අවශ්ය වෙනවා. ඒ සදහා වර්ඩ්ප්‍රෙස් සිංහල අඩවිය මගින් සිංහල වර්ඩ්ප්‍රෙස් ස්ථාපිත කළ යුතුයි. ඇත්තටම මම සදහන් කලේ WordPress බ්ලොග්කරණයට ආරම්භය පමණයි. තව සදහන් කළයුතු කරුණු ගොඩක් තියෙනවා. ඒ ගැන ඉදිරි ලිපි වලින් සදහන් කරන්නම්.

HSDPA මොහොතින් මොහොත වෙනස් වීම

ජනවාරි 23, 2009 by · 26 Comments
Filed under: අන්තර්ජාලය, තාක්ෂණික 

අහ්! හිතුවද මම දැන් මොනවහරි සමාගමක වේගයන් අවුලක් ගැන කියන්න හදනවා කියලා, මේ ගැන මට ලියන්න හිතුනෙ දැන් අපෙ ගොඩක් අය HSDPA පාවිච්චි කරන ගමන් සමාගම් වලට බනින්න පුරුදු වෙලා ඉන්නවනේ. අද දින නම් මම ලොකු වෙනසක් දැක්කා, ඒ තමයි Dialog සමාගම මෙතෙක් ඔවුන් ලබාදුන් 7.2 Mbps සීමාරහිත සබදතාවය 1 Mbps ලෙස මින් ඉදිරියට ප්‍රචලිත කිරීම. (නවතම Dialog HSDPA වේගයන් )

ඇත්තටම මම මේ ගැන නම් දකින්නේ සුභ වාදිවයි. මොකද ලබා දිය නොහැකි වේගයක් සදහන් කරමින් දැන්වීම් පළ කරනවට වඩා ප්‍රායොගිකව ලබා දිය හැකි වේගයක් තම වෙබ් අඩවියේම ප්‍රකාශයට පත්කිරීම ඇත්තටම හොදයි. Mobitel සමාගමත් මීට ටික කලකට ඉහතදී නවතම පැකේජයන්(පසු ගෙවුම්, 3G Daily Delight) ලබා දෙමින් 1 Mbps, 3.6 Mbps වේගයන් ලබා දුන්නා.

මම නම් HSDPA භාවිතා නොකරන තරම්(ඔය හිටිගමන් යාළුවෙක්ගෙ HSDPA සබදතාවයක් පාවිච්චි කළොත් තමා :D ), මම නම් දකින අපෙ අයගෙ ලොකු වැරැද්දක් තමා, අවශ්යතාවය ගැන හිතන්නේ නැතිව අන්තර්ජාල සම්බන්දතාවය තොරා ගැනීම. මේ වගේ HSPA සබදතාවයක් අපට ගොඩක් ප්‍රයොජනවත් වන්නේ තැන තැන ගෙන යා හැකි හින්දනේ (ගොඩක් විශ්ව විද්යාල සිසුන් අතරෙ නම් ජනප්‍රියයි). මෙවැනි සබදතාවයකින් Films, Software, Songs බාගත කිරීමට බලාපොරොත්තු වෙනවනම් එය අපි කරගන්න ලොකු වැරැද්දක්නෙ, ඇත්තටම ඒ සදහා ADSL, Wimax, Broadband වැනි සබදතා භාවිතා කරන්න පුළුවන්. මම මේ ගැන සදහන් කලෙත් සමහරු අන්තර්ජාලය ගැන කිව්වොත් ඉතින් බාගත කිරීමටම හුරු වෙලානේ. මමත් ඔය ප්‍රමුඛ පෙළේ අන්තර්ජාල සේවා සපයන සමාගමක පුහුණුවක් ලබන කාලේ, කට්ටිය අහන දෙයක් තමා කොච්චර Download කලාද? මචන් අද කොච්චර GB ගණනක් Download කළාද යන්න! :D ඒ නම් ඉතින් අපෙ සමහර අය අන්තර්ජාලය ගැන දන්න ටිකනේ.
මගෙ තර්කය නම්, අපි අන්තරජාල සේවාවක් ලබා ගන්නකොට මුලින්ම හිතන්න ඔනෙ තමගේ අවශ්යතාවය මොකද්ද කියාය, කොහොම නමුත් මේ සමාගම් වල විවිධ පැකේජයන් සහ වේගයන් ගැන අපේ අන්තර්ජාල පරිහරණය කරන අය අවධියෙන් ඉන්න එකත් ලොකු හේතුවක් වෙන්න ඇති මේ සංශොධනයන් වලට(මෙයට බ්ලොග්කරුවන් මනා දායකත්වයක් ලබා දෙනවා).
ඉතින් අපි බලමු අනාගතය කොහොම වෙයිද කියලා

Demonoid සාමාජිකත්වය ලබා ගනිමු

ජනවාරි 21, 2009 by · 145 Comments
Filed under: අන්තර්ජාලය, වෙබ් අඩවි 

මෙතෙක් අන්තර්ජාලයේ වැඩිම කතා බහට ලක් වු Torrent වෙබ් අඩවිය තමා Demonoid, මොකද මෙය කීපවතාවක්ම වාරණයට සහ ක්‍රියාකාරකම් අත්හිටවූ නිසානේ. මෙම වෙබ් අඩවිය ගැන සරල හැදින්වීමක් කළොත් Demonoid යනු සර්බියානු වචනයකින් බිදී ආ වදනකි. මෙය දැනට ලොව දෙවන විශාලතම Torrent Tracker එක වන අතර මෙහි භාවිතා කිරීමට සාමාජිකත්වය ලබා ගැනීම අනිවාර්යයි. ඒ නිසා තමයි අනෙකුත් පොදු Torrent වෙබ් අඩවි මගින් ගන්න Torrent වලට වඩා වැඩි වේගයකින් බාගත කලහැකි වන්නේ.

ඉතින් බොහො දෙනෙක් මෙහි සාමාජිකත්වය ගැනීමට පෙලඹෙනවා, මා මේ බ්ලොග් සටහන ලියන අවස්තාවෙත් සාමාජිකත්වය කිසිදු අපහසුවකින් තොරව ලබා ගන්න පුළුවන්. අනෙකුත් අවස්තා වල නම් සාමාජිකත්වය ලබා ගන්න දැනට සාමාජිකත්වය ලබා ඇති කෙනෙකුගෙන් Demonoid Invite Codes ලබා ගන්න අවශ්ය වෙනවා. (මමත් ඉතින් පැරණි සාමාජිකයෙක් නිසා, මා සතුව ඇති Demonoid Invite Codes හැකි අයුරින් ඔබට ලබා දෙන්නම් :D )

දැනට මෙම වෙබ් අඩවියට වසර 6ක පමණ ඉතිහාසයක් පවතිනවා. ඔය අතරතුරේදි කිහිප විටක්ම මෙම වෙබ් අඩවිය සහ Tracker එක ක්‍රියා විරහිතව පැවතුනා, ඒ නීතිමය ප්‍රශ්න පැන නැගුනු නිසයි. දැනට මෙය යුක්‍රේනයේ වෙබ් ස්වර් එකක පවත්වා ගෙන යන බව සදහන් වෙනවා.

මටත් මේ ලිපිය ලියන්න හිතුනේ මේ වන විට මෙහි සාමාජිකත්වය Demonoid Invite Codes එකක් රහිතව ලබා ගත හැකි නිසාත් Torrent ගැන මගෙන් විවිධ කරුණු පිලිබද විමසීම් කරන හින්දා . ඉතින් ඔබ තවමත් මෙහි සාමාජිකයෙකු නොවේනම් Demonoid සාමාජිකත්වය දැන්ම ලබා ගන්න.

ඉදිරි පිටුවට »

Internet Top Blogs Page Rank Check Page copy protected against web site content infringement by Copyscape