අවදානම් සහිත අන්තර්ජාලයෙන් මුදල් උපයාගත හැකි HYIP ක්රමය
Filed under: අන්තර්ජාලය, ක්‍රම සහ විධි, මුදල් ඉපයීමේ ක්‍රම, වෙබ් අඩවි
මාස දෙකකට පසුව තමා මම අද නැවතත් ලිපියක් ලියන්නේ. පහු ගිය දවස් වල SeekLk forum එකේ වැඩ නිසාත්, රැකියාවේ කාර්ය බහුල වීමත් නිසාත්, Link Building වලට වැඩි වෙලාවක් ගත කරන්න සිදු වීමත් සහ අන්තර්ජාලයේ මුදල් උපයන තවත් ක්‍රම(HYIP, Forex, CPA, Stock Market) ගැන ඉගෙන ගන්න නිසා බ්ලොග් එකට වැඩි වේලාවක් කාලය වෙන් කරන්න බැරි වුනා. ඉතින් අද මම අප බොහෝ දෙනෙක්ට නුපුරුදු මාතෘකාවක් ගැන පොඩි සටහනක් ලියන්න හිතුනා.
මේ ගැන මම කලින් අසා තිබුනට අත්හදා බලන්න නම් ගියෙ නැහැ. ඒ මෙය ඉතාමත් අවදානම් ක්‍රමයක් නිසා. නමුත් මේ පිලිබද වැඩිදුරටත් හදාරද්දි තේරුනු දෙයක් නම් හරියමන් අවබෝදය ලබා ගත්තොත් ප්‍රථිඵල ධනාත්මකයි යන වග. අද මාතෘකාව HYIP – High Yield Investment Programs නම් කාටත් නුපුරුදු දෙයක් වගේ. එහෙනම් මුලින්ම wikipedia එකෙන් වැටහීමක් ලබා ගමු.
A high-yield investment program (HYIP) is a type of Ponzi scheme, which is an investment scam that promises an unsustainably high return on investment by paying previous investors with the money invested by newcomers.
යොමුව: http://en.wikipedia.org/wiki/High-yield_investment_program
මෙය ලෝක ආර්ථිකය සමග වක්‍රාකාරව සම්බන්ධ වූ දෙයක්. සරලවම තේරුම් ගත්තොත් වැඩි ප්‍රතිලාභ ලැබෙන ආයෝජන ක්‍රමයක්. නමුත් මේ වැඩසටහන් අතුරින් 95% පමණ කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි අප ආයෝජනය කල මුදලද පැහැර ගෙන යන්නන් තමා අන්තර්ජාලයේ වැඩි පුර දක්නට ලැබෙන්නේ. උදාහරණයක් ලෙස පහුගිය කාලේ සක්විති රණසිංහ, දඩුවම් මුදලාලි, Golden Keyවැනි මුදල් ආයෝජන ක්‍රම අප රටෙන්ම හදුනා ගන්න පුලුවන්. ඉතින් මේවා අසාර්ථක වන්න මූලිකම හේතුව විධිමත් ආකාරයේ දැනීමක් අප ලබා නොමැති නිසාත්, වැරදි මූල්‍ය ආයෝජන ක්‍රම අනුගමනය කිරීමය. ඉතින් අප හරියාකාරව දැනුවත්ව වැඩි තන්හාවට තම සියලු ධනය මේවාට යට නොකර සාර්ථක උපායමාර්ග මොනවාද යන්න තෝරාගමු.
අපි කවුරුත් දන්නවනේ අන්තර්ජාලයේ අපි තනියෙන් අතරමං වෙන්නෙ නැහැනේ. මම වසර 5ක් පමණ අන්තර්ජාලයේම වැඩි කාලයක් විවිධ ක්‍රියාකරකම් වලට සහ පළපුරුදු අයගේ අත්දැකීම් අනුව යමින් ලබා ගත් දැනීමම මෙයටත් පහු ගිය සති වල යොදා ගත්තා. බොහෝවිට මෙවැනි වෙබ් අඩවි ම්ගින් ආයෝජනය කළ මුදලට දිනකට 1% පමණ පොලියක් ලබා දෙනවා. ඇත්තටම මෙය විශ්වාස කල නොහැකි අවදානම් සහිත අගයක්. ඒ නිසාම තමයි මම මේ ගැන සොයන්න පහත වෙබ අඩවි වල සහාය ගත්තේ.
1. Talk gold forum
දැනට මෙම වෙබ් අඩවිය තමා මම දැකපු හොදම මූලාශ්‍රය. මෙම ක්ෂේත්‍රයේ හසල දැනීමක් ඇති දිනපතා අපට සහායක් ලබා ගත හැකි ප්‍රවීනයන් මෙහි සිටිනවා.
2. Golden talk
මෙම forum එකත් ඉහත දක්වා ඇති එක හා සමානව දැනීමක් ලබා ගන්න පුළුවන්.
3. Goldpoll
මෙම වෙබ් අඩ්වියෙන් HYIP ගැන දල අවබෝධයකුත්, වර්තමානයේ ක්‍රියාත්මක වන සාර්ථක වෙබ් අඩවි ගැන ස්වාධීන වාර්ථාවක් ලබා ගන්න පුළුවන්.
මමත් අත්හදා බැලීමක් වශයෙන් අන්තර්ජාලයෙන්ම උපයන මුදලෙන් කොටසක් ආයෝජනය කලා. ඒ දැනට හොද නමක් දිනා ඇති Genius Funds , PanaMoney , FxStar වෙබ් අඩවි වල. ඉතින් ප්‍රතිලාභ නම් නරක නැහැ. නමුත් අවදානමක් සහිතව කරන නිසා වැඩි විශ්වාසයක් තබාගන්න බැහැ. ඉතින් මෙච්චර පොලියක් දෙන්න ඔවුන් අපෙ මුද වලින් මොනවද කරන්නේ කියන වග අපට දැන්ගන්න ඕනෙනේ. බොහෝ විට මොවුන් අපගේ මුදල් forex සදහා ආයෝජනය කරනවා. මොකද දැනට අන්තර්ජාලයේ වැඩිම ආදායමක් ලැබිය හැකි සාර්ථකම ක්‍රමයක් තමා forex කියන්නේ. නමුත් මෙයට දීර්ඝ කාලීන අත්දැකීම් සමග හොද වත්කමකුත් අවශ්‍ය වෙනවා.
මේ වැඩසටහන් වලට යොදාගන්නා අපට පහසු Ecurrency මෙසේයි
ඉතින් මම මේ ලිපිය ලිව්වෙත් අපට මේ පිලිබද හරියාකාරව දැනීමක් ලබා ගන්නත්, අන්තර්ජාලයේ ස්වල්ප වශයෙන් හෝ ඇති විශ්වාසයක් තැබිය හැකි වෙබ් අඩවි ගැන සාකච්ඡා කරන්න.
අප අනුගනය කලයුතු උපදෙස් කිහිපයක්…
- නිතරම ඉහත දක්වා ඇති forum මගින් අවශ්‍ය උපදෙස් ලබා ගන්න.
- එක් වෙබ් අඩවියක ආයෝජනය කරනවාට වඩ කිහිපයක මුදල් ආයෝජනය කරන්න.
- අධික ප්‍රතිලාභ ලැබෙන කෙටි කාලයක් පවතින ක්‍රම වලට වඩා අඩු ප්‍රහිලාභ ලැබෙන දීර්ඝ කලීන ක්‍රම ගැන විශ්වාසය තබා ගන්න.
- මෙම වෙබ් අඩවි වල Alexa Rank, Google Page Rank පිලිබද විමසිල්ලෙන් ඉන්න.
සැලකිය යුතුයි:
මෙම වෙබ් අඩවි පිලිබද මාහට කිසිදු වගකීමක් දැරිය නොහැකියි. තමන්ගේ දැනුම් මට්ටම් අනුව ලාභ /අලාභ ලැබිමේ සම්භාවිතාවය ඔබ සතුය.
SeekLk Forum :: අන්තර්ජාල සමාජය ඇරඹූ වගයි!
Filed under: අන්තර්ජාලය, දැන්වීම්කරණය, පොදු, වෙබ් අඩවි, වෙබ් කළමනාකරනය
ඔන්න එහෙනම් හා හා පුරා කියලා කට්ටියම බලන් හිටපු එක අද පටන් ගත්තා, මේ forum එක පටන් ගන්න එක කලින් නම් හීනයක් වෙලා තිබ්බේ. ඒ Vbuletin මිලදීගෙන හොද VPS එකක් සමග නඩත්තු කරන එක ලේසි පහසු වැඩක් නොවන නිසා. නමුත් කීප දෙනෙකුගෙ සහයෝගය නිසා ඒ වැඩේ ඉක්මන් වුනා. මේ forum එකේ ප්‍රධාන තේමාවක් තමා අන්තර්ජාලයෙන් මුදල් සොයන ආකරය පිලිබද අපේ කට්ටිය සමග තොරතුරු බෙදා ගැනීම.
ඉතින් දැනට අපි පහත දැක්වෙන තේමා ඔස්සේ මෙම SeekLk forum එක පවත්වාගෙන යනවා.
- අන්තර්ජාලයෙන් මුදල් සෙවීම
- Google Adsense, CPA, Affiliate marketing
- Internet Marketing
- Forex
- Web Mastering(Programing, Promotions, CMS etc)
- FOSS
- Networking
- අන්තර්ජාලයේ නවතම තොරතුරු
දැනට මම(Administrator) ඇතුලුව පාලකයින්(Forum Moderators) පස් දෙනෙකු මගින්. දැනට මම ඇතුලුව පාලකයින් පස් දෙනෙකු මගින් එක කළමනාකරණය කරනවා, ඉදිරියේදී සාමජිකයන්ගේ දායකත්වය ඇගයීමකට ලක් කර තවත් කිහිප දෙනෙක්(Forum Moderators) බදවා ගන්න තමා අපේ බලාපොරොත්තුව
තවත් බොහෝ අංග ඉදිරි සතියේ හදුන්වා දෙනවා, මේ සියලු දේවල් ඔබට අපි ලබාදෙන්නේ සේවාවක් ලෙස.
Mobitel HSDPA කොයිබටද?
ලගකදි ඉදලා මොබිටෙල් HSDPA භවිතා කරන අපිට මුහුන දෙන්න වෙන ලොකු ගැටලුවක් තමයි වේගය අඩාල වීම. ඉස්සර නම් අපට තත්වයෙන් වඩාත් උසස්ම ලබා දුන්නේ මොබිටෙල්. නමුත් දැන්නම් තත්වය එන්න එන්නම බරපතලයි වගේ. මේකට ප්‍රධාන හේතු කීපයක් බලපාන්න ඇති.
- මීට මාස කීපයකට කලින් පැකේජ වල මිල ගණන් අඩු කිරීම (Post Paid Internet ~ Zoom)
- සෙනෙහසේ උපහාර පැකේජය මගින් නව සබදතා විශාල ප්‍රමාණයක් නිකුත් කිරීම.
- 3G Weekly Delight 75 පැකේජය.
ඇත්තටම ඉහත දක්වා ඇති කාරණා දෙකම අප හැමටම හොද දෙයක්. නමුත් මේවා ක්‍රියත්ම්ක කිරීමේදී මීට වඩා සැලසුම් අවශ්‍යයි නේද. මේ තාක්ෂණය සීමිත යටිතල පහසුකම් මත ක්‍රියාත්මක වෙන නිසා, නව සබදතා නිකුත් කිරීමේදී මීට වඩ සැල්කිමත් වීම අනිවාර්යයි. නමුත් මම තවමත් මොබිටෙල් ගැන පූර්ණ විශ්වාසය තබාගෙන ඉන්නවා, ඒ පහත සදහන් කරුණු කාරණා මත.
- අනෙකුත් සේවා සපයන්නා දෙදෙනාට(Airtel, Dialog) වඩා International Bandwidth එක ඉහල අගයක පවත්වා ගැනීම.
- තවමත් ගෙවන මුදලට සාධාරණ සේවයක් ලබාදීම.
- දීපව්‍යාප්ත පුළුල් ආවරණය.
ඉතින් මේ ගැන බ්ලොග්කරුවන් වන අපි හොද විමසිල්ලෙන් හිටියොත් හොද ප්‍රථිඵලයක් ලබා ගන්න පුලුවන්වෙයි. මීට පෙර කාලිංග අයියගේ වටිනා බ්ලොග් ලිපි වලින්(Dialog Unlimited Mobile Broadband (HSDPA) vs Mobitel M3 Broadband , ලංකාවේ HSDPA (Mobile Internet) මුලාව… )ලොකු පෙරලියක් කරන්න පුලුවන් වුනානේ
පහත දැක්වෙන්නේ මේ දැන් මහනුවර අවටින් ගත්ත Speed Test කිහිපයක්.






Rapidshare වලින් බාද්දි

ඉතින් ඔබගේ අදහසත්, Speed Test ප්‍රථිඵලත් මෙතන දක්වන්න.
Payoneer Debit Cards ගැන සම්පූර්ණ සිංහල බ්ලොග් සටහන
Filed under: අන්තර්ජාලය, ක්‍රම සහ විධි, මුදල් ඉපයීමේ ක්‍රම, වෙබ් අඩවි
මට මේ බ්ලොග් සටහන ලියන්න හිතුනේ බොහෝ දෙනෙක් නිතරම මේ ගැන අහන නිසා. මේ වෙනකොට ඔබ Payoneer Debit Cards ගැන අහලා ඇති, නමුත් මම දැක්ක දෙයක් තමයි මේවාගේ භාවිතය ගැන හරි අවබෝධයක් නැතිවිම. ඉතින් මම දන්නා සියලු දේවල් මෙතන ලියන්න සිතුනා, සමහර විට හැම දෙයක්ම නැති වෙයි. එහෙම නැති දෙයක් තියෙනවනම් ප්‍රතිචාරයක් දමන්න. මේ Payoneer Debit Cards වලින් කරන්නෙ ලෝකයේ බොහෝ රටවලට සහයෝගය දක්වන ලෙස මුදල් ගෙන්වා ගැනීම් සහ ගෙවීම් කරන්න පහසුකම් ලබා දෙන එක. ඇත්තටම payoneer සේවාව මගින් කරන්නේ තුන්වෙනි පාර්ශවයක් ලෙස අවශ්‍යවිට Debit Cards නිකුත් කිරීම සහ ඒවා පාලනය කිරීම පමණයි. ඉතින් අපට කෙළින්ම payoneer වෙබ් අඩවියෙන් මේවා ලබාගන්න බැහැ, එතකොට තමයි අපට Vendor කෙනෙකු හරහා මෙයට අයදුම් කරන්න වෙන්නේ, මේ මගින් ගෙවීම් ලබාදෙන වෙබ් අඩවි කිහිපයක්.
- GetAFreelancer
- uTest
- oDesk
- ScriptLance
- 2CheckOut
- Plimus
- FastSpring
- MediaWhiz
- Bux.to
- Copeac
- Text-Links-Ads
- AWEmpire
- Adult Friend Finder
- Hustler Cash
- FreedomRocks
- rentacoder
- GPA40
- iStockPhoto
- Fluc
නමුත් අපට හැම එකක්ම භාවිතා කරන්න බැහැනේ, ඉතින් තමන්ට අවශ්‍ය එක මොකද්ද කියන එක තමන්ම තෝරාගන්න. බොහෝ වෙබ් අඩවි මේවා නොම්ලේ එවන නිසා නිකරුනේ ගෙන්වා ගන්න යන්න එපා! මොකද cards 4-5 එකම නමට සහ ලිපිනයට ලැබුනම ඔවුන් යම් යම් සීමා පනවනවා. මේ මා සතුව Debit Cards ඇති. නමුත් මා භාවිතා කරන්නේ 2checkouts සහ Fastspring Debit Cards දෙක පමණයි

සාමන්‍යයෙන් Payoneer Debit Card එකකට අයදුම් කලාම දින 1-2 ඇතුලත එය අනුමත වුනාද නැද්ද යන්න ඔවුන් අපට දන්වනවා. අනුමත වුන Payoneer Debit Card එකක් ශ්‍රී ලංකාවට ලැබෙන්න සති තුනක් පමණ ගත වෙනවා, නමුත් ඔබට එය දින කීපයකින් ලබාගන්න අවශ්‍යනම් fedex හරහා තරමක මුදලක් වැය කර ගෙන්වාගන්න පුළුවන්.
Payoneer Debit Cards වලට මුදල් එක් කරන ආකාරය
- Vendor(2checkout, plimus, fastspring, GAF etc )මගින් නිකුත් කරන ගෙවීම් මගින්.
- Credit cards මගින් මේ පිටුවෙන්.
- Western Union හරහා. (USA වල සිටින අයගෙන් පමණි)
Payoneer Cards Supported ATM යන්ත්‍ර ඇති ස්ථාන සොයාගන්න අවශ්‍යනම් මෙතනින් දැනගන්න.
Payoneer මගින් ලබාදෙන USA Bank Account එක ලබාගන්න ආකාරය:
මම නම් දැන් වැඩියෙන්ම භාවිතා කරන සේවාවක්, ඒ ඉතාම පහසුවෙන් මුදල් ලංකාවටම ලබාගන්න පහසු නිසා.

ඔබත් Payoneer Debit Card හිමියෙකු සහ එය කිහිප වතාවක් Load Attempts (අවම වශයෙන් 3ක්වත්), Transaction කර ඇත්නම් feedback@payoneer.com මගින් අයදුම් කරන්න, එවිට ඔවුන් ඔබට සුදුසුකම් පවතිනවාද යන්න සදහන් කරයි. වැඩිදුර තොරතුරු >> Payoneer USA Bank Account එකක වැදගත්කම සහ එම පහසුකම ලබාගන්න හැටි
තවත් විස්තර අවශ්‍යද???
දුරකථන මගින්: 1-847-461-1386 x2 (9:00-6:00pm EST Sun-Fri)
Payoneer පිලිබද යාවත්කාලීන වීම් Twitter මගින් ලබාගන්න
Tigo හිමිකාරිත්වය මැද පෙරදිග Etisalat සමාගම හිමිකරගැනීම සහ ලංකාවේ ජංගම දුරකථන ක්ෂේත්‍රයේ අනාගතය
දැන් ටික කාලෙක ඉදන් Tigo සමාගමේ හිමිකාරිත්වය Millicom වෙතින් වෙනත් සමාගමකට පවරන්න යන බව ආරංචියක් තිබුනනේ, ඔන්න අද දැනගන්න ලැබුනා මැදපෙරදිග සමාගමක් වන Etisalat එය ඩොලර් මිලියන 155ට ලබා ගන්නා බව. ඇත්තටම මේ ගැන සංවාදයකට බදුන් කල යුතු කාරණා ගොඩක් තියෙනවා, එකක් තමයි දැනට ලංකාවේ ජංගම් දුරකථන සමාගම් අතර පවතින තරගකාරිත්වය, දැනට මේ ක්ෂේත්‍රයේ පවතින රැකියා අර්බුදය හා මිළ ගණන් අඩුකිරීම මත ඇතිවී ඇති අර්බුද ගැන සොයාබැලීම. දැනට අප රටේ ක්‍රියාත්මක වන සියලුම සමාගම්වල මව් සමාගම විදේශීය බහු ජාතික සමාගමක් නිසා මේ පරිවර්තනය වීම එතරම් අමුතු දෙයක් නෙවෙයි. නමුත් අපෙ බොහෝ දෙනා මේගැන දැනුවත් වෙලා ඉන්නේ ගොඩක් අඩුවෙන්. සමහර අය හිතන්නේ Airtel නම් ඉන්දියාවේ, Dialog නම් ශ්‍රී ලාංකික සමාගමක්, Mobitel අපේම දෙයක් කියලා
නමුත් ඇත්ත නම් මේ හැම සමාගමක්ම පාලනය වන්නේ විදේශීය සමාගම් වලිනුයි.
Mobitel > Maxis
Dialog > Axiata
Airtel > Bharathi Airtel
Hutch > Hutchison Telecommunications
හැබැයි මීට ටික කලක්ට ඉහතදී නම් Bharathi Airtel සහ Axiata වෙතින් ලොකු තරගකාරිත්වයක් තිබුනා tigo සමාගම පවරගන්න. බැරි වෙලාවත් එහෙම වුනානම් හොද සෙල්ලමක් බලා ගන්න තිබුනා, මොකද සමාගම් දෙකෙන් එකකට ග්‍රාහක පිරිස වැඩි කරගන්න තිබුනනේ. තරගකාරිත්වය ගැන කතා කරද්දි තමයි මතක් වුනේ ලෝකයේ විශාලතම ජංගම දුරකථන සමාගම් 20 ගැන(ග්‍රාහකයන් ගණන මිලියන වලින් දක්වා ඇත).
- China Mobile 499.5 (August 2009)
- United Kingdom Vodafone 302.6 (March 2009)
- Spain Telefónica / Movistar / O2 261.4 (March 2009)
- Mexico América Móvil 190.4 (April 2009)
- Norway Telenor 168.0 (June 2009)
- Germany T-Mobile 149.8 (June 2009)
- China Unicom 140.4
- Sweden TeliaSonera 134.8 (February 2009)
- France Orange / France Télécom 117.6 (September 2008)
- India Bharti Airtel 110.89 (August 2009)
- South Africa MTN Group 100.0 (April 2009)
- Russia MTS 91.7 (September 2008)
- United States Verizon Wireless 87.7 (June 2009)
- United Arab Emirates Etisalat 85.0 (July 2009)
- Egypt Orascom Telecom 84.0 (June 2009)
- India Reliance Communications 84.81 (August 2009)
- United States AT&T Mobility 79.6 (June 2009)
- Italy Telecom Italia / TIM 70.6 (September 2008)
- Japan NTT docomo 55.1 (August 2009)
- Malaysia Axiata Group 51.2(June 2009)
දැනට වල මේ පරිවර්ථනය ගැන යමක් කියන්න අපහසුයි, බලමු අනාගතයේ මොනවද වෙන්නේ කියලා
අන්තර්ජාලයේ Backlinks වෙළදාම SEO වලට ආරම්භයක්
Filed under: අන්තර්ජාලය, ක්‍රම සහ විධි, තාක්ෂණික, මුදල් ඉපයීමේ ක්‍රම
අන්තර්ජාලයේ Google ගැන නොදන්න කෙනෙක් නැහැනේ, ඇත්තටම Google මෙතරම් සාර්ථක වුනෙත් විශේෂ හේතූ කීපයකට. ඔවුන්ගේ සරල පෙනුමක් ඇති සෙවුම් යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය පදනම් කරගෙන තමා මෙතරම් දියුණු වුනේ. අපට අවශ්‍ය මොහොතක යම් සෙවීම්ක් කරන විට අනිවාර්යයෙන් Google භාවිතා කරන එක අමුතු දෙයක් නොවෙයිනේ. අද කාලයේ වෙබ් අඩවි හිමිකරුවන්ගේ ප්‍රධානම ඉලක්කයක් තමා Google වල යම් සෙවීම් ප්‍රථිඵල වල ඉහළින්ම සිටීම. සාමාන්‍යයෙන් මුල්ම පිටුවෙ ඉහළින්ම ඇති ප්‍රථිඵල වල වෙබ් අඩවි වලටනේ අවධානය යොමු වන්නේ. මේ කාරණය තමා මූලිකම හේතුව වුනේ Search Engine Optimization (SEO) යන ක්‍රියාවලිය නිර්මාණය වීමට.වර්තමානයේ මෙය ප්‍රධාඅ වශයෙන් මූලික කරුණු දෙකක් මත බලපානවා.
- වෙබ් අඩවියේ අන්තර්ගතය: මෙහිදී තමාගේ වෙබ් අඩවියේ අන්තර්ගතය ඒකීය(Unique Content), නව තොරතුරු(Fresh Content) සහ යාවත්කාලීන(Updatable) වීම ඉතාම වැදගත්.
- වෙබ් අඩවියට බාහිරින් ඇති සබැදුම් සහ ඒවායේ ප්‍රබලත්වය: සබැදුම් වල Google Page Rank(PR) එක, එය කොපමණ දුරට අපගේ වෙබ් අඩවියේ අන්තර්ගතයට අදාලත්වයක් දරනවාද යන්න වැදගත්.
මෙම ලිපියෙන් අද මම හදුන්වා දෙන්න යන්නේ දෙවැනි කාරණය සහ ඒවටා නිර්මාණය වී ඇති වෙලදාම. ඇත්තටම මගේ අන්තර්ජාලයේ ආදායමෙන් 95% පමණ ලැබෙන්නේ මේවාට අදාල ක්‍රියාකාරකම් වලින්
මොනවා වුනත් බාහිරින් සබැදුම් ලබාගැනීම එතරම් පහසු කටයුත්තක් නෙවෙයි. ඒ වගේම බාහිරින් සබැදුම් ලබාගැනීමෙදී ඒවා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරනවා,
- Nofollow Backlinks: SEO වලට සහාය නොදක්වන
- Dofollow backlinks: SEO වලට සහාය දක්වන
ඉතින් අපගේ අභියෝගය තමයි වැඩි Google Page Rank(PR) එකක් ඇති, අපගේ වෙබ් අඩවියට අදාලත්වයක් ඇති සහ Dofollow ඝණයට වැටෙන සබැදුම් ලබාගැනීම. ඉතින් මේ දේවල් වෙන් කර හදුනාගන්න පහසු ක්‍රමයක් අපිට අවශ්‍ය වෙනවනේ, ඉතින් ඒකට මම භාවිතා කරන පහසුම ක්‍රමය තමා Mozilla Firefox Browser එකත් එක්ක SearchStatus plugin එක භාවිතා කිරීම.
මෙය සාර්ථකව ස්ථාපනය කරගත් පසු, ඉහත රූපයේ ආකාරයට “Highlight Nofollow Links” මත click කරන්න. එවිට Dofollow link එකක් සාමාන්‍ය ආකරායටත් Nofollow Link එකක් රෝස පැහැගන්වුනු පසුබිමක් යටතේ දිස් වෙයි. සරලව කිව්වොත් අප ලබාගත යුත්තේ රෝස පැහැ ගැන්වෙන්නේ නැති සබැදුම්. ඉතින් ලබාගන්න ක්‍රම බොහොමයක් පවතිනවා. ඒවානම්,
- Dofollow Blog Commenting.
- Directory Submission.
- Article Submission.
- Link exchanging with web masters.
- Forum Posting.
ඇත්තටම මෙම ලිපිය ඉහත ක්‍රම වලට ආරම්භයක්, මුලින්ම පළවෙනි ක්‍රමය ගැන සදහනක් කරන්නම්. මෙයින් සිදු කරන්නේ Blog එකක ප්‍රථිචාර දමන අවස්ථාවේ එයින් අපට Link එකක් ලබාගැනීම. නමුත් එම බ්ලොග් අඩවිය Dofollow ආකාරයේ එකක් වෙන්න ඕනෙනේ. නමුත් SPAM නොකිරීමට වග බලාගන්න. ඔබ යම් ප්‍රතිචාරයක් දමද්දි එම බ්ලොග් අඩවියේ අන්තර්ගතයට සාධාරණයක් ඉටු කරන්න. නැත්නම් ඔබේ ප්‍රතිචාරය දිගු කලක් ප්‍රදර්ශනය වෙන්නේ නැහැනේ. ඔන්න එහෙනම් මම භාවිතා කරන ක්‍රම කීපයක්, මුලින්ම Google එකෙ පහත දේවල් සොයන්න. ලැබෙන ප්‍රථිඵල වල ඇති වල Google PR සහ Dofollow යන්න ඉහත Plugin එක මගින් තහවුරු කරගන්න.
- site:.com “Powered by BlogEngine.NET”
- site:.com “Allowed HTML tags:<a>”
- site:.com “login or register to post comments”
ඔබ කොතරම් කාලය මෙයට වැය කරනවාද යන්න තමා වැදගත් වෙන්නේ. ඇත්තටම මම නම් ගොඩක් වෙලාවට මේවා හොයන එක තමා කරන්නේ. ඉතින් අවශ්‍ය වෙලාවට ගැණුම්කරුවන්ට සපයන්න එපැයි
ඔබ සමහර විට පුදුම වෙයි, මම සමහරවිට දිනකට $200 පමණ ආදායමක් මෙයින්ම ලබාගන්නවා
, හැබැයි මේකට තරමක් අත්දැකීම ලබාගන්න ඕනේ. ඉතින් ඔබත් අන්තර්ජාලයේ නිකරුනේ කාලය ගත කරන්නේ නැතිව්, යම් ප්‍රයෝජනයක් ඇති දෙයක් කරන්න. මොකද අපෙ රට ගොඩ නගන්න අපිට හැකි අයුරින් ක්‍රියාශීලිව දායක වෙන්න ඕනේනෙ





