අවදානම් සහිත අන්තර්ජාලයෙන් මුදල් උපයාගත හැකි HYIP ක්රමය
Filed under: අන්තර්ජාලය, ක්‍රම සහ විධි, මුදල් ඉපයීමේ ක්‍රම, වෙබ් අඩවි
මාස දෙකකට පසුව තමා මම අද නැවතත් ලිපියක් ලියන්නේ. පහු ගිය දවස් වල SeekLk forum එකේ වැඩ නිසාත්, රැකියාවේ කාර්ය බහුල වීමත් නිසාත්, Link Building වලට වැඩි වෙලාවක් ගත කරන්න සිදු වීමත් සහ අන්තර්ජාලයේ මුදල් උපයන තවත් ක්‍රම(HYIP, Forex, CPA, Stock Market) ගැන ඉගෙන ගන්න නිසා බ්ලොග් එකට වැඩි වේලාවක් කාලය වෙන් කරන්න බැරි වුනා. ඉතින් අද මම අප බොහෝ දෙනෙක්ට නුපුරුදු මාතෘකාවක් ගැන පොඩි සටහනක් ලියන්න හිතුනා.
මේ ගැන මම කලින් අසා තිබුනට අත්හදා බලන්න නම් ගියෙ නැහැ. ඒ මෙය ඉතාමත් අවදානම් ක්‍රමයක් නිසා. නමුත් මේ පිලිබද වැඩිදුරටත් හදාරද්දි තේරුනු දෙයක් නම් හරියමන් අවබෝදය ලබා ගත්තොත් ප්‍රථිඵල ධනාත්මකයි යන වග. අද මාතෘකාව HYIP – High Yield Investment Programs නම් කාටත් නුපුරුදු දෙයක් වගේ. එහෙනම් මුලින්ම wikipedia එකෙන් වැටහීමක් ලබා ගමු.
A high-yield investment program (HYIP) is a type of Ponzi scheme, which is an investment scam that promises an unsustainably high return on investment by paying previous investors with the money invested by newcomers.
යොමුව: http://en.wikipedia.org/wiki/High-yield_investment_program
මෙය ලෝක ආර්ථිකය සමග වක්‍රාකාරව සම්බන්ධ වූ දෙයක්. සරලවම තේරුම් ගත්තොත් වැඩි ප්‍රතිලාභ ලැබෙන ආයෝජන ක්‍රමයක්. නමුත් මේ වැඩසටහන් අතුරින් 95% පමණ කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි අප ආයෝජනය කල මුදලද පැහැර ගෙන යන්නන් තමා අන්තර්ජාලයේ වැඩි පුර දක්නට ලැබෙන්නේ. උදාහරණයක් ලෙස පහුගිය කාලේ සක්විති රණසිංහ, දඩුවම් මුදලාලි, Golden Keyවැනි මුදල් ආයෝජන ක්‍රම අප රටෙන්ම හදුනා ගන්න පුලුවන්. ඉතින් මේවා අසාර්ථක වන්න මූලිකම හේතුව විධිමත් ආකාරයේ දැනීමක් අප ලබා නොමැති නිසාත්, වැරදි මූල්‍ය ආයෝජන ක්‍රම අනුගමනය කිරීමය. ඉතින් අප හරියාකාරව දැනුවත්ව වැඩි තන්හාවට තම සියලු ධනය මේවාට යට නොකර සාර්ථක උපායමාර්ග මොනවාද යන්න තෝරාගමු.
අපි කවුරුත් දන්නවනේ අන්තර්ජාලයේ අපි තනියෙන් අතරමං වෙන්නෙ නැහැනේ. මම වසර 5ක් පමණ අන්තර්ජාලයේම වැඩි කාලයක් විවිධ ක්‍රියාකරකම් වලට සහ පළපුරුදු අයගේ අත්දැකීම් අනුව යමින් ලබා ගත් දැනීමම මෙයටත් පහු ගිය සති වල යොදා ගත්තා. බොහෝවිට මෙවැනි වෙබ් අඩවි ම්ගින් ආයෝජනය කළ මුදලට දිනකට 1% පමණ පොලියක් ලබා දෙනවා. ඇත්තටම මෙය විශ්වාස කල නොහැකි අවදානම් සහිත අගයක්. ඒ නිසාම තමයි මම මේ ගැන සොයන්න පහත වෙබ අඩවි වල සහාය ගත්තේ.
1. Talk gold forum
දැනට මෙම වෙබ් අඩවිය තමා මම දැකපු හොදම මූලාශ්‍රය. මෙම ක්ෂේත්‍රයේ හසල දැනීමක් ඇති දිනපතා අපට සහායක් ලබා ගත හැකි ප්‍රවීනයන් මෙහි සිටිනවා.
2. Golden talk
මෙම forum එකත් ඉහත දක්වා ඇති එක හා සමානව දැනීමක් ලබා ගන්න පුළුවන්.
3. Goldpoll
මෙම වෙබ් අඩ්වියෙන් HYIP ගැන දල අවබෝධයකුත්, වර්තමානයේ ක්‍රියාත්මක වන සාර්ථක වෙබ් අඩවි ගැන ස්වාධීන වාර්ථාවක් ලබා ගන්න පුළුවන්.
මමත් අත්හදා බැලීමක් වශයෙන් අන්තර්ජාලයෙන්ම උපයන මුදලෙන් කොටසක් ආයෝජනය කලා. ඒ දැනට හොද නමක් දිනා ඇති Genius Funds , PanaMoney , FxStar වෙබ් අඩවි වල. ඉතින් ප්‍රතිලාභ නම් නරක නැහැ. නමුත් අවදානමක් සහිතව කරන නිසා වැඩි විශ්වාසයක් තබාගන්න බැහැ. ඉතින් මෙච්චර පොලියක් දෙන්න ඔවුන් අපෙ මුද වලින් මොනවද කරන්නේ කියන වග අපට දැන්ගන්න ඕනෙනේ. බොහෝ විට මොවුන් අපගේ මුදල් forex සදහා ආයෝජනය කරනවා. මොකද දැනට අන්තර්ජාලයේ වැඩිම ආදායමක් ලැබිය හැකි සාර්ථකම ක්‍රමයක් තමා forex කියන්නේ. නමුත් මෙයට දීර්ඝ කාලීන අත්දැකීම් සමග හොද වත්කමකුත් අවශ්‍ය වෙනවා.
මේ වැඩසටහන් වලට යොදාගන්නා අපට පහසු Ecurrency මෙසේයි
ඉතින් මම මේ ලිපිය ලිව්වෙත් අපට මේ පිලිබද හරියාකාරව දැනීමක් ලබා ගන්නත්, අන්තර්ජාලයේ ස්වල්ප වශයෙන් හෝ ඇති විශ්වාසයක් තැබිය හැකි වෙබ් අඩවි ගැන සාකච්ඡා කරන්න.
අප අනුගනය කලයුතු උපදෙස් කිහිපයක්…
- නිතරම ඉහත දක්වා ඇති forum මගින් අවශ්‍ය උපදෙස් ලබා ගන්න.
- එක් වෙබ් අඩවියක ආයෝජනය කරනවාට වඩ කිහිපයක මුදල් ආයෝජනය කරන්න.
- අධික ප්‍රතිලාභ ලැබෙන කෙටි කාලයක් පවතින ක්‍රම වලට වඩා අඩු ප්‍රහිලාභ ලැබෙන දීර්ඝ කලීන ක්‍රම ගැන විශ්වාසය තබා ගන්න.
- මෙම වෙබ් අඩවි වල Alexa Rank, Google Page Rank පිලිබද විමසිල්ලෙන් ඉන්න.
සැලකිය යුතුයි:
මෙම වෙබ් අඩවි පිලිබද මාහට කිසිදු වගකීමක් දැරිය නොහැකියි. තමන්ගේ දැනුම් මට්ටම් අනුව ලාභ /අලාභ ලැබිමේ සම්භාවිතාවය ඔබ සතුය.
Payoneer Debit Cards ගැන සම්පූර්ණ සිංහල බ්ලොග් සටහන
Filed under: අන්තර්ජාලය, ක්‍රම සහ විධි, මුදල් ඉපයීමේ ක්‍රම, වෙබ් අඩවි
මට මේ බ්ලොග් සටහන ලියන්න හිතුනේ බොහෝ දෙනෙක් නිතරම මේ ගැන අහන නිසා. මේ වෙනකොට ඔබ Payoneer Debit Cards ගැන අහලා ඇති, නමුත් මම දැක්ක දෙයක් තමයි මේවාගේ භාවිතය ගැන හරි අවබෝධයක් නැතිවිම. ඉතින් මම දන්නා සියලු දේවල් මෙතන ලියන්න සිතුනා, සමහර විට හැම දෙයක්ම නැති වෙයි. එහෙම නැති දෙයක් තියෙනවනම් ප්‍රතිචාරයක් දමන්න. මේ Payoneer Debit Cards වලින් කරන්නෙ ලෝකයේ බොහෝ රටවලට සහයෝගය දක්වන ලෙස මුදල් ගෙන්වා ගැනීම් සහ ගෙවීම් කරන්න පහසුකම් ලබා දෙන එක. ඇත්තටම payoneer සේවාව මගින් කරන්නේ තුන්වෙනි පාර්ශවයක් ලෙස අවශ්‍යවිට Debit Cards නිකුත් කිරීම සහ ඒවා පාලනය කිරීම පමණයි. ඉතින් අපට කෙළින්ම payoneer වෙබ් අඩවියෙන් මේවා ලබාගන්න බැහැ, එතකොට තමයි අපට Vendor කෙනෙකු හරහා මෙයට අයදුම් කරන්න වෙන්නේ, මේ මගින් ගෙවීම් ලබාදෙන වෙබ් අඩවි කිහිපයක්.
- GetAFreelancer
- uTest
- oDesk
- ScriptLance
- 2CheckOut
- Plimus
- FastSpring
- MediaWhiz
- Bux.to
- Copeac
- Text-Links-Ads
- AWEmpire
- Adult Friend Finder
- Hustler Cash
- FreedomRocks
- rentacoder
- GPA40
- iStockPhoto
- Fluc
නමුත් අපට හැම එකක්ම භාවිතා කරන්න බැහැනේ, ඉතින් තමන්ට අවශ්‍ය එක මොකද්ද කියන එක තමන්ම තෝරාගන්න. බොහෝ වෙබ් අඩවි මේවා නොම්ලේ එවන නිසා නිකරුනේ ගෙන්වා ගන්න යන්න එපා! මොකද cards 4-5 එකම නමට සහ ලිපිනයට ලැබුනම ඔවුන් යම් යම් සීමා පනවනවා. මේ මා සතුව Debit Cards ඇති. නමුත් මා භාවිතා කරන්නේ 2checkouts සහ Fastspring Debit Cards දෙක පමණයි

සාමන්‍යයෙන් Payoneer Debit Card එකකට අයදුම් කලාම දින 1-2 ඇතුලත එය අනුමත වුනාද නැද්ද යන්න ඔවුන් අපට දන්වනවා. අනුමත වුන Payoneer Debit Card එකක් ශ්‍රී ලංකාවට ලැබෙන්න සති තුනක් පමණ ගත වෙනවා, නමුත් ඔබට එය දින කීපයකින් ලබාගන්න අවශ්‍යනම් fedex හරහා තරමක මුදලක් වැය කර ගෙන්වාගන්න පුළුවන්.
Payoneer Debit Cards වලට මුදල් එක් කරන ආකාරය
- Vendor(2checkout, plimus, fastspring, GAF etc )මගින් නිකුත් කරන ගෙවීම් මගින්.
- Credit cards මගින් මේ පිටුවෙන්.
- Western Union හරහා. (USA වල සිටින අයගෙන් පමණි)
Payoneer Cards Supported ATM යන්ත්‍ර ඇති ස්ථාන සොයාගන්න අවශ්‍යනම් මෙතනින් දැනගන්න.
Payoneer මගින් ලබාදෙන USA Bank Account එක ලබාගන්න ආකාරය:
මම නම් දැන් වැඩියෙන්ම භාවිතා කරන සේවාවක්, ඒ ඉතාම පහසුවෙන් මුදල් ලංකාවටම ලබාගන්න පහසු නිසා.

ඔබත් Payoneer Debit Card හිමියෙකු සහ එය කිහිප වතාවක් Load Attempts (අවම වශයෙන් 3ක්වත්), Transaction කර ඇත්නම් feedback@payoneer.com මගින් අයදුම් කරන්න, එවිට ඔවුන් ඔබට සුදුසුකම් පවතිනවාද යන්න සදහන් කරයි. වැඩිදුර තොරතුරු >> Payoneer USA Bank Account එකක වැදගත්කම සහ එම පහසුකම ලබාගන්න හැටි
තවත් විස්තර අවශ්‍යද???
දුරකථන මගින්: 1-847-461-1386 x2 (9:00-6:00pm EST Sun-Fri)
Payoneer පිලිබද යාවත්කාලීන වීම් Twitter මගින් ලබාගන්න
අන්තර්ජාලයේ Backlinks වෙළදාම SEO වලට ආරම්භයක්
Filed under: අන්තර්ජාලය, ක්‍රම සහ විධි, තාක්ෂණික, මුදල් ඉපයීමේ ක්‍රම
අන්තර්ජාලයේ Google ගැන නොදන්න කෙනෙක් නැහැනේ, ඇත්තටම Google මෙතරම් සාර්ථක වුනෙත් විශේෂ හේතූ කීපයකට. ඔවුන්ගේ සරල පෙනුමක් ඇති සෙවුම් යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය පදනම් කරගෙන තමා මෙතරම් දියුණු වුනේ. අපට අවශ්‍ය මොහොතක යම් සෙවීම්ක් කරන විට අනිවාර්යයෙන් Google භාවිතා කරන එක අමුතු දෙයක් නොවෙයිනේ. අද කාලයේ වෙබ් අඩවි හිමිකරුවන්ගේ ප්‍රධානම ඉලක්කයක් තමා Google වල යම් සෙවීම් ප්‍රථිඵල වල ඉහළින්ම සිටීම. සාමාන්‍යයෙන් මුල්ම පිටුවෙ ඉහළින්ම ඇති ප්‍රථිඵල වල වෙබ් අඩවි වලටනේ අවධානය යොමු වන්නේ. මේ කාරණය තමා මූලිකම හේතුව වුනේ Search Engine Optimization (SEO) යන ක්‍රියාවලිය නිර්මාණය වීමට.වර්තමානයේ මෙය ප්‍රධාඅ වශයෙන් මූලික කරුණු දෙකක් මත බලපානවා.
- වෙබ් අඩවියේ අන්තර්ගතය: මෙහිදී තමාගේ වෙබ් අඩවියේ අන්තර්ගතය ඒකීය(Unique Content), නව තොරතුරු(Fresh Content) සහ යාවත්කාලීන(Updatable) වීම ඉතාම වැදගත්.
- වෙබ් අඩවියට බාහිරින් ඇති සබැදුම් සහ ඒවායේ ප්‍රබලත්වය: සබැදුම් වල Google Page Rank(PR) එක, එය කොපමණ දුරට අපගේ වෙබ් අඩවියේ අන්තර්ගතයට අදාලත්වයක් දරනවාද යන්න වැදගත්.
මෙම ලිපියෙන් අද මම හදුන්වා දෙන්න යන්නේ දෙවැනි කාරණය සහ ඒවටා නිර්මාණය වී ඇති වෙලදාම. ඇත්තටම මගේ අන්තර්ජාලයේ ආදායමෙන් 95% පමණ ලැබෙන්නේ මේවාට අදාල ක්‍රියාකාරකම් වලින්
මොනවා වුනත් බාහිරින් සබැදුම් ලබාගැනීම එතරම් පහසු කටයුත්තක් නෙවෙයි. ඒ වගේම බාහිරින් සබැදුම් ලබාගැනීමෙදී ඒවා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරනවා,
- Nofollow Backlinks: SEO වලට සහාය නොදක්වන
- Dofollow backlinks: SEO වලට සහාය දක්වන
ඉතින් අපගේ අභියෝගය තමයි වැඩි Google Page Rank(PR) එකක් ඇති, අපගේ වෙබ් අඩවියට අදාලත්වයක් ඇති සහ Dofollow ඝණයට වැටෙන සබැදුම් ලබාගැනීම. ඉතින් මේ දේවල් වෙන් කර හදුනාගන්න පහසු ක්‍රමයක් අපිට අවශ්‍ය වෙනවනේ, ඉතින් ඒකට මම භාවිතා කරන පහසුම ක්‍රමය තමා Mozilla Firefox Browser එකත් එක්ක SearchStatus plugin එක භාවිතා කිරීම.
මෙය සාර්ථකව ස්ථාපනය කරගත් පසු, ඉහත රූපයේ ආකාරයට “Highlight Nofollow Links” මත click කරන්න. එවිට Dofollow link එකක් සාමාන්‍ය ආකරායටත් Nofollow Link එකක් රෝස පැහැගන්වුනු පසුබිමක් යටතේ දිස් වෙයි. සරලව කිව්වොත් අප ලබාගත යුත්තේ රෝස පැහැ ගැන්වෙන්නේ නැති සබැදුම්. ඉතින් ලබාගන්න ක්‍රම බොහොමයක් පවතිනවා. ඒවානම්,
- Dofollow Blog Commenting.
- Directory Submission.
- Article Submission.
- Link exchanging with web masters.
- Forum Posting.
ඇත්තටම මෙම ලිපිය ඉහත ක්‍රම වලට ආරම්භයක්, මුලින්ම පළවෙනි ක්‍රමය ගැන සදහනක් කරන්නම්. මෙයින් සිදු කරන්නේ Blog එකක ප්‍රථිචාර දමන අවස්ථාවේ එයින් අපට Link එකක් ලබාගැනීම. නමුත් එම බ්ලොග් අඩවිය Dofollow ආකාරයේ එකක් වෙන්න ඕනෙනේ. නමුත් SPAM නොකිරීමට වග බලාගන්න. ඔබ යම් ප්‍රතිචාරයක් දමද්දි එම බ්ලොග් අඩවියේ අන්තර්ගතයට සාධාරණයක් ඉටු කරන්න. නැත්නම් ඔබේ ප්‍රතිචාරය දිගු කලක් ප්‍රදර්ශනය වෙන්නේ නැහැනේ. ඔන්න එහෙනම් මම භාවිතා කරන ක්‍රම කීපයක්, මුලින්ම Google එකෙ පහත දේවල් සොයන්න. ලැබෙන ප්‍රථිඵල වල ඇති වල Google PR සහ Dofollow යන්න ඉහත Plugin එක මගින් තහවුරු කරගන්න.
- site:.com “Powered by BlogEngine.NET”
- site:.com “Allowed HTML tags:<a>”
- site:.com “login or register to post comments”
ඔබ කොතරම් කාලය මෙයට වැය කරනවාද යන්න තමා වැදගත් වෙන්නේ. ඇත්තටම මම නම් ගොඩක් වෙලාවට මේවා හොයන එක තමා කරන්නේ. ඉතින් අවශ්‍ය වෙලාවට ගැණුම්කරුවන්ට සපයන්න එපැයි
ඔබ සමහර විට පුදුම වෙයි, මම සමහරවිට දිනකට $200 පමණ ආදායමක් මෙයින්ම ලබාගන්නවා
, හැබැයි මේකට තරමක් අත්දැකීම ලබාගන්න ඕනේ. ඉතින් ඔබත් අන්තර්ජාලයේ නිකරුනේ කාලය ගත කරන්නේ නැතිව්, යම් ප්‍රයෝජනයක් ඇති දෙයක් කරන්න. මොකද අපෙ රට ගොඩ නගන්න අපිට හැකි අයුරින් ක්‍රියාශීලිව දායක වෙන්න ඕනේනෙ

Fastspring මගින් Paypal වලින් ලැබෙන මුදල් ලංකාවට ගෙන්වා ගන්නා ආකාරය
ඔන්න නැවතත් සුභ ආරංචියක් වලින් ලංකාවට මුදල් ලබා ගන්න බැරි අපට. මිට පෙර ලිපියකින් 2checkout වලින්(Paypal වලින් ලැබෙන මුදල් ලංකාවට ගෙන්වා ගන්නා හොදම ක්‍රම) මේ හා සමාන ක්‍රියාවලියක් විස්තර කලා ඔබට මතක ඇති. නමුත් එහි අවාසි කීපයක් දක්නට ලැබුනා. ඒවා නම්,
- මුලින්ම $49ක් වැය කිරිමට සිදුවීම.
- අපගේ එක් වෙබ් අඩවියකට පමණක් වලංගු වීම.
ඇත්තටම අපෙ රටට ත්වමත් කෙළින්ම මගින් ලැබෙන ගෙවීම් ලබාගත නොහැකි නිසා මෙවැනි තුන්වන පාර්ශවයක සහාය අනිවාර්යයෙන් ලබා ගත් යුතු වෙනවා. මීට පෙර මම 2checkout භාවිතාකලත් එහි ඇති අවාසි නිසා Fastspring ගැන අත්හදා බැලීම කරගෙන යනවා, ඇත්තටම මෙහි පහත ආකාරයට වාසි හදුනාගන්න පුළුවන්.
- සාමාජිකත්වය නොමිලේ ලබාදීම.
- වෙබ් අඩවි රාශියක අපගේ භාණ්ඩ හා සේවා සැපයීමට හැකි වීම.
- support@fastspring.com මගින් ඉතා ඉක්මනින් සහාය ලබාගත හැකි වීම.
- සති දෙකකට සැරයක් ලංකාට්වට මුදල් ලබාගත හැකිවීම.(ඔබගේ බැංකු ඉතුරුම් ගිණුමට හෝ payoneer card එකට)
- Payoneer prepaid Master card සැපයීම.
ඔන්න එහෙනම් ඔබටත් මෙහි සේවාව ඉක්මනින් ලබාගන්න හැටි මම විස්තර කරන්නම්.මුලින්ම fastspring වෙතට ගොස් වෙන්න.
මේ වීඩියෝ එක මගින් පොඩි වැටහීමකුත් ලබා ගන්න පුළුවන්,
දැනට මම මෙම සේවාව් භාවිතා කරන්න පටන්ගෙන සතියක් පමණ ගත වෙනවා. මේ ගෙවීම කීපයක් ලැබුණු පසු,


වැදගත්ම දෙයක් කියන්න අමතක වුනා, ඔබගේ ගිණුම සක්‍රීය වුනු පසු payoneeer card එක මෙතනින් ලබාගන්න. හැබැයි දවස් 20ක් පමණ ගතවෙයි. මොනව වුනත් මුදල් ලබා ගන්න පහසුම ක්‍රමය තමා payoneer card එක.
වැඩිදුර තොරතුරු
http://www.fastspring.com/
http://www.fastspring.com/blog/
Payoneer USA Bank Account එකක වැදගත්කම සහ එම පහසුකම ලබාගන්න හැටි
ලගදි USA Bank Account එකක් ලැබුනු නිසා මේ ගැන දැනුවත් කරන්න ලිපියක් ලියන්න සිතුනා. මෙම සේවාව සපයන්නේ Payoneer, ඔවුන් දැන් ඕනෑම රටක සිටින Payoneer Debit card (නොමිලේ ගෙදරටම ලැබෙන Credit Card)හිමියන්ට මෙම සේවාව සහනදායි මුදලකට සපයනවා. මුලින්ම බලමු USA Bank Account එකක ඇති වැදගත්කම,
- Paypal, Moneybookers, 2checkout, Adsense etc මගින් ලැබෙන ගෙවීම් එකතු කර Payoneer Debit card එක මගින් ශ්‍රී ලංකාවේ සිට මුදල් ලබා ගැනීමේ හැකියාව.
- වසරකට $20ක සහනදායි නඩත්තු මුදලක් අය කිරීම.
- ATM එකක් හරහා මුදල් ලබා ගැනිමේදී 1% ක් තරම් අඩු සේවා ගාස්තුවක් අය කිරීම.
- Paypal, Moneybookers, 2checkout, Adsense මගින් Withdraw කිරීමේදි නොමිලේ සහ අනෙකුත් ක්‍රම වලට වඩා ඉක්මනින් මුදල් ලබා ගත හැකි වීම.
- ACH ක්‍රමයට තුන්වෙනි පාර්ශවයකින් ලැබෙන ඕනෑම තැන්පතුවක් ලබා ගැනීමට හැකි වීම.
මම නම් මේ දිනවල අත්හදාබැලීම් දෙකක් සිදු කරා, ඒ Paypal සහ Moneybookers Withdraw වලින් කිරීම්. ඔබටත් paypal මුදල් ලබා ගත හැකි ගිණුමක් (මේ සදහා විදේශයක(India, USA, UK etc) සිටින කෙනෙකුගේ සහාය අවශ්‍ය වෙනවා ) තිබේ නම් මෙම Payoneer USA Bank Account එක කෙලින්ම Paypal ගිණුමට සම්බන්ධ කර දින 2-3 ඇතුලත ලංකාවටම මුදල් ගෙන්වා ගත හැකියි
MoneyBookers වලින් නම් සතියක් පමණ ගත වෙනවා
පහත රූප සටහන බලන්න
මේ Payoneer USA Bank Account එකේ විස්තර දැක්වෙන හැටි
ඉතින් මෙම පහසුකම ලැබෙන හැටි කිව්වෙ නැහැනේ
, තවමත් මෙය ලබාගන්න ආකාරය Payoneer වෙබ් අඩවියේ දක්වා නැහැ, ඔබත් Payoneer Debit Card හිමියෙකු සහ එය කිහිප වතාවක් Load, Transaction කර ඇත්නම් feedback@payoneer.com මගින් අයදුම් කරන්න, එවිට ඔවුන් ඔබට සුදුසුකම් පවතිනවාද යන්න සදහන් කරයි.
Paypal වලින් ලැබෙන මුදල් ලංකාවට ගෙන්වා ගන්නා හොදම ක්‍රමයක්
Filed under: අන්තර්ජාලය, ක්‍රම සහ විධි, මුදල් ඉපයීමේ ක්‍රම, වෙබ් අඩවි, වෙබ් කළමනාකරනය
ලැබුවාවූ නව වසරේ මට අහන්න ලැබුනු සුභම ආරංචිය තමයි Paypal වලින් ගෙවීම් අපහසුවකින් තොරව මුදල් කර ගැනීමට නිශ්චිත ක්‍රමයක් සකස් කරගැනීම. මොකද තවමත් ලංකාවේ අපිට Paypal මගින් මුදල් ලබා ගත හැකි ගිණුම් දෙන්නෙ නෑනේ. මට මේ ගැන මුලින්ම කිව්වෙ ශර්මා (extreme-seo), දැනට ඔහු නම් රුපියල් මිලියන ගණනක් ආරක්ෂිතව ලංකාවටම ගෙන්වාගත් නිසා මමත් ඔය ගැන හොයලා බැලුවා.
ඉතින 2Checkout තමා මේ පහසුකම අපට ලබා දෙන්නෙ,
ඔන්න එහෙනම් ක්‍රමය ගැන කතා කරමුකො, මුලින්ම 2co වල සාමජිකත්වය ලබා ගත යුතුයි, මේ සදහා ජීවිතෙටම එක් වරක් ගෙවිය යුතු ගෙවීමක් ($49)සිදු කළ යුතුයි. දැනට එය ඔබට දැරිය නොහැකිනම් Plimus සේවාව භාවිතා කරන්න.
ඉතින් ඔබ සාමාජිකත්වය ලබා ගත් පසු අන්තර්ජාලයේ අලෙවි කල හැකි සේවාවක් හෝ භාණ්ඩයක් අලෙවි කරන වෙබ් අඩවියක් නිර්මානය කරගන්න. ඒ හරහා Paypal මගින් ලැබෙන මුදල් මෙම 2co ගිණුමට බැර වෙනවා. ඉතින් Payoneer Prepaid master card එකෙන් සතිපතා ලංකාවේ ඉදලම මුදල් ලබා ගන්න පුළුවන්.
මේ මට අද ලැබුනු සුභ පණිවිඩය
Hello Rukshan,
Thank you for providing the requested information. Your payment is scheduled to release this Thursday April 16, 2009.
If you require any further assistance, please feel free to reopen your ticket.
Thank you for your time, attention and patience in this matter.
Kburge
Prevention and Solution Team
2Checkout.com








