SeekLk Forum :: අන්තර්ජාල සමාජය ඇරඹූ වගයි!

ඔන්න එහෙනම් හා හා පුරා කියලා කට්ටියම බලන් හිටපු එක අද පටන් ගත්තා, මේ forum එක පටන් ගන්න එක කලින් නම් හීනයක් වෙලා තිබ්බේ. ඒ Vbuletin මිලදීගෙන හොද VPS එකක් සමග නඩත්තු කරන එක ලේසි පහසු වැඩක් නොවන නිසා. නමුත් කීප දෙනෙකුගෙ සහයෝගය නිසා ඒ වැඩේ ඉක්මන් වුනා. මේ forum එකේ ප්‍රධාන තේමාවක් තමා අන්තර්ජාලයෙන් මුදල් සොයන ආකරය පිලිබද අපේ කට්ටිය සමග තොරතුරු බෙදා ගැනීම.

ඉතින් දැනට අපි පහත දැක්වෙන තේමා ඔස්සේ මෙම SeekLk forum එක පවත්වාගෙන යනවා.

  • අන්තර්ජාලයෙන් මුදල් සෙවීම
  • Google Adsense, CPA, Affiliate marketing
  • Internet Marketing
  • Forex
  • Web Mastering(Programing, Promotions, CMS etc)
  • FOSS
  • Networking
  • අන්තර්ජාලයේ නවතම තොරතුරු

දැනට මම(Administrator) ඇතුලුව පාලකයින්(Forum Moderators) පස් දෙනෙකු මගින්. දැනට මම ඇතුලුව පාලකයින් පස් දෙනෙකු මගින් එක කළමනාකරණය කරනවා, ඉදිරියේදී සාමජිකයන්ගේ දායකත්වය ඇගයීමකට ලක් කර තවත් කිහිප දෙනෙක්(Forum Moderators) බදවා ගන්න  තමා අපේ බලාපොරොත්තුව :) තවත් බොහෝ අංග ඉදිරි සතියේ හදුන්වා දෙනවා, මේ සියලු දේවල් ඔබට අපි ලබාදෙන්නේ සේවාවක් ලෙස.

DreamHost වෙතින් දැවැන්ත මිළ අඩු කිරීමක් (වසරක් සදහා Web Hosting+Domain $9.24 යි)

මෙන්න නැවතත් අගනා දීමනාවක්! ඇත්තටම මෙය 92% ක මිළ අඩු කිර්‍රිමක්, ඔබත් මේ දිනවල Domain එකක් සමග අසීමිත ඉඩ කඩක් සපයන Web Hosting Account එකක් මිළට ගන්න බලාපොරොත්තු වෙනවානම් අනගි අවස්ථාවක්.
ImageVisit ~ Fast Way to Host Images

මීට මාසයකට පමන කලිනුත් ඔවුන් මේ දීමනාව ලබා දුන්නා, ඒ වෙලාවේ මමත් කලේ මේ අවස්ථාව ලබාගත් එකයි. ඉතින් මේ දීමනාව ලබා ගන්න නම් DreamHost වෙතට ගොස් Promotional Codes එක 777 ලෙස සටහන් කරන්න.
ImageVisit ~ Fast Way to Host Images

මොනවද මේ MFA වෙබ් අඩවි, ඔබත් MFA වෙබ් අඩ්වි හිමි කරුවෙක්ද?

සමහර විට ඔබ MFA වෙබ් අඩවි කියන්නෙ කුමක්දැයි හරියාකාරව නොදන්නවා ඇති. MFA නම් Made For Adsense යන්නයි, ඒ කියන්නෙ Google Adsense පමණක් අරමුණු කරගනිමින් වෙබ් අඩවි නිර්මාණය කිරීමයි. අන්තර්ජාලයේ මුදල් සෙවීමට පටන් ගන්නා නවකයන් තමන්ගේ ආරම්භය ලබා ගන්නේ Google Adsense මගිනි. නමුත් මෙහිදී බොහො දෙනෙක් පොට වරද්දා ගනී. ඔවුන් පළමුව උත්සාහ කරන්නේ ඉතා සීමිත අන්තර්ගතයක් ඇති වෙබ් අඩවියක් හො බ්ලොග් එකක් නිර්මාණය කර Google Adsense දැන්වීම් එක් කිරීමය.

එහෙනම් MFA වෙබ් අඩවියක් හදුනා ගන්නා හැටි බලමු, වර්තමානයේ නොම්ලේ ලබා දෙන බ්ලොග් සේවා (Blogspot, Wordpress)මගින් බොහො දෙනෙක් මෙවැනි වෙබ් අඩවි නිර්මාණය කරගනී. වඩාත්ම ප්‍රචලිත ක්‍රමය නම් highest paying keywords(Mesothelioma, Domains yahoo, Home loan, Health insurance වැනි ප්‍රචලිත සෙවුම්) භාවිතා කර බ්ලොග් එකක් නිර්මාණය කිරීමයි. මෙවැනි මාතෘකා අපට නුහුරු නිසා අනෙකුත් වෙබ් අඩවි මගින් කරුණු කෙලින්ම පිටපත් කර වෙබ් පිටු කිහිපයක් එකතු කර Google Adsense දැන්වීම් උපරිම ප්‍රමාණයක් එක් කරයි. පසුව කරන්නේ ප්‍රසිද්ධ Web forums වලට ගොස් කිරීමය නැතහොත් Ads මත Click කිරීමට අනෙක් අය පෙලඹවීමය. එම නිසා බොහො දෙනෙක් තමන්ටම ලැබෙන Google Adsense ගිණුම සදහටම අහිමි කරගනී. ඇත්තටම Adsense යනු අපට ලබා දී ඇති මහගු අවස්ථාවකි, ඉතින් Adsense සමග වැඩ කිරීමේදි පහත කරුණු ගැනත් සලකා බලන්න.

  • තමාටම දිගු කලක් වෙබ් අඩවි යාවත්කාලින කළ හැකි මාතෘකා තොරාගන්න. එය ඔබගේ අධ්යාපනයට, විනොදාස්වාදයට කරන දේ, රැකියාවට අදාල මාතෘකා විය හැක.
  • වෙබ් අඩවියට සැලකිය යුතු Traffic එකක් නැත්නම් තාවකාලිකව Google Adsense දැන්වීම් පළකිරීමෙන් වලකින්න, මෙම ක්ෂෙත්‍රයේ ප්‍රවීණයන් පවසන්නේ අවම වශයෙන් දිනකට නිත්ය පිවිසුම් (Unique visitors) 100 වත් තිබිය යුතු කියාය.
  • සෙවුම් යන්ත්‍ර මගින් ලැබෙන පිවිසුම් ප්‍රමාණය වැඩි කරගන්න, මෙ සදහා Search Engine Optimization(SEO) කිරීම අනිවාර්යය.
  • Google Analytics , Google Webmaster Central වැනි සේවාවක් මගින් වෙබ් අඩවියේ වාර්තා ගැන අවධියෙන් සිටින්න.
  • Google Adsense නිල බ්ලොග් සටහන මගින් නවතම සොයාගැනීම් සහ උපාය මාර්ග ගැන අවබොධයක් ලබාගන්න.

Facebook මගින් $100 වටිනා වෙළද දැන්වීම් නොමිලේ ලබා ගමු

Facebook කිව්වම ගොඩක් අයට මතක වෙන්නෙ යාළුවො එක්ක Chat කරන එක,විවිධ Games වලට පමණක් සීමා වූ දෙයක් කියා, තවත් සමහරු කියන්නේ කාලය කාදමන තැනක් කියා. ඇත්තටම එහෙම නැහැ, ඔනෙම දෙයක හොද සහ නරක කියන දෙපැත්තක් තියෙනව. ඉතින් අපි හොද පැත්ත තොරාගත්තනම් හරිනෙ.

ඉතින් මම Facebook එකෙන් ලබා ගන්නා විශිෂ්ටම සේවාවක් තමා මාගේ වෙබ් අඩවි වලට හොද ප්‍රචාරණයක් ලබා ගැනීම. මෙය ප්‍රධාන වශයෙන් ක්‍රම 2කට සිදු කළ හැකියි.

  1. මුදල් නොගෙවා භාවිතා කරන සරල ක්‍රම: මෙවැනි ක්‍රම ඉතා පහසුයි. ඔබට Profile Status එක ලෙස ඔබේ වෙබ් අඩවියට අදාල තොරතුරු ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. වර්තමානයේ Darren Rowse(http://www.Problogger.net), John Chow(http://www.johnchow.com)වැනි ලොව සුපතල බ්ලොග්කරුවන් සෑම දිනකම මෙම ක්‍රමය භාවිතා කරනවා. මතක තබා ගත යුතුයි, ඔබේ වෙබ් අඩවියේ ලිපිනය කෙලින්ම ප්‍රකාශයට පත්කරනවට වඩා TinyURL, URLhut වැනි වෙබ් ලිපින කෙටි කරන සේවාවක් භාවිතා කරන්න.
  2. මුදල් ගෙවා වෙළද දැන්වීම් ලබා ගැනීම:මේ බ්ලොග් ලිපියේ ප්‍රධාන අරමුණත් වුනේ මෙම ක්‍රමයට අවතීර්න වන හැටි කියා දෙන.

මෙමගින් ඔබට අත්වන වාසි

  • නොමිලේ ලැබෙන Coupon Codes භාවිතා කර දැන්වීම් ලබා ගැනීමට හැකි වීම.
  • දැන්වීම් ප්‍රදර්ශනය විය යුත්තේ කාටද, කුමන රටවලටද, වයස් මට්ටම් .. ඔබට තීරණය කිරිමට හැකි වීම.
  • ඔබට සැම අවස්ථාවකම දැන්වීම් පාලනය කිරීමට හැකි වීම.
  • ඔබටම දැන්වීම නිර්මාණය කිරීමට හැකිවීම.

මෙම සේවාව ලබා ගැනීමට Facebook Ads and Pages සක්‍රීය කරන්න. සොයා ගැනීමට අපහසුනම් දකුණුපස ඇති Applicationsnew-picture-61

කොටසට අවධානය යොමු කරන්න.

මෙහිදී මම දැනට කිසිදු මුදලක් වැය නොකර $250 වටිනා කූපන්පත් ලබාගෙන තියෙනවා.පහත දැක්වෙන රූපසටහන පරීක්ෂා කරන්න.(විශාලත්වය වැඩි නිසා ඔබට එය මත Click කරන්න වෙයි.)

3f2wq951lvedubiyhoe.gif

එහෙනම් දැන් එම කූපන් පත් ලබගෙන දැන්වීම්කරණය පටන් ගමු.

  1. පළමුව Visa Business Network Facebook application එක ඔබට සක්‍රීය කරන්න.
  2. ඔබ නිවැරිදිව එම application තුල ඇති පියවර අනුගමනය කලානම් ඔබගේ ඊමේල් ගිණුමට $100 වටිනා කූපන්පත ලැබේවි.
  3. දැන් නැවතත් Ad manage වෙතට ගොස් පහත ආකරයට කූපන් පත එක් කරගන්න.
  4. Billing > Funding sources > Enter coupon code.

තවත් කූපන් පත්

XXWW-7JVC-3FH6-R61T

EVCT-54YH-K1V8-EKE1

8CH1-5VW1-Y96N-2P94
1652-YMF5-23XX-CM66
EVCT-54YH-K1V8-EKE1
T5V6-1JKV-TNH9-2MRH
2JXY-WTFK-72Y0-VJ6Y
R1X5-0NH7-5FXW-5YEC
පහත රූපසටහනේ ඔබට මෙම බ්ලොග් එකේ දැන්වීමට අදාල පාලකපුවරුව බලාගැනීමට පුළුවන්.

q2vzmyb9op9pgvfgxmj.gif

Internet Top Blogs Page Rank Check Page copy protected against web site content infringement by Copyscape