සිංහල බ්ලොග් මේ දිනවල ලංකාවේ වැඩිම පිවිසුම් ඇති වෙබ් අඩවි 100 අතරට

පෙබරවාරි 6, 2009 by · 53 Comments
Filed under: අන්තර්ජාලය, පොදු, බ්ලොග් 

අද නම් මට තරමක් සතුටු දවසක්, ඒ මෙතෙක් ජීවීතයේ මාගේ වෙබ් අඩවියක් Alexa Traffic වර්ග කිරීම වලට අනුව අප රටේ අන්තර්ජාලය භාවිතා කරන්නන් පරිශීලනය කරන(Alexa tools ඇති Web browser භාවිතා කරන) වෙබ් අඩවි අතරින් ලංකාවේ මුල්ම වෙබ් අඩවි 100 අතරට මාගේ සිංහල බ්ලොග් සටහන 97 වෙනි ස්ථානයට පැමිණීම. මිට පෙර පළවූ ලිපියක් මගින් අප රටේ වඩාත් ජනප්‍රිය වෙබ් අඩවි මොනවාද යන්න ගැන දළ අවබොධයක් ඔබට ලබා දුන්න මතක ඇති.

ඇත්තටම මේ සිංහල බ්ලොග් ලිපි කියවන ඔබගෙන් ලැබෙන අගනා සහාය මත තමා මට මෙතෙක් දුරට මෙම බ්ලොග් අඩවිය හොද මට්ටමකින් පවත්වා ගන්න හැකි වුනෙ. ඉතින් මෙම වර්ගීකරනයන් විව්ධ අවස්ථාවල වෙනස් වීම ස්වභාවිකයි, ඉතින් මෙම වර්ගීකරණයන් අනුවම වෙබ් අඩවි වර්ග කිරීමටම මා උත්සාහයක් දරන්නේ නැහැ. :)

ඔන්න එහෙනම් මම නිහතමානීව මා දිරිමත් කල ඔබ සැමට, ප්‍රතිචාර දක්වා මෙහි අන්තර්ගතය ඔපවත් කල ඔබට සහ ඔබේ වටිනා අදහස් වලට මම නිහතමානීව තුති පුදමි :D . ඉදිරියටත් සිංහල බ්ලොග් තුලින් හරවත් ලිපි සහ විවිධ සේවා ඔබට අඛණ්ඩව ලබා දෙන්න මම හොද උත්සාහයක් දරන්නම්.

සිංහල බ්ලොග්කරුවන් සමග සබැඳුම් හුවමාරු කරගැනීමට සිංහල බ්ලොග් සූදානම්

මේකත් මම කරන්න අදහස් කළේ අපෙ සිංහල බ්ලොග්කරුවන් අතර සහයොගිතාවය වැඩි කරගන්න. දැනටමත් මම කිහිප දෙනෙක් එක්ක සබැඳුම් හුවමාරු කරගෙන තියෙනවා. ඉතින් මට හිතුනා තවත් සිංහල බ්ලොග්කරුවන් සමග සබැඳුම් හුවමාරු කරගන්න. මමත් ඉතින් මේ බ්ලොග් එකක පටන් ගෙන මාසයක් පමණ වෙනවනේ. ලැබෙන ප්‍රතිචාර නම් සතුටුදායකයි. දැනට මුළු ප්‍රතිචාර ගණන මේ වන විට 325ක් පමණ. තවත් වැඩි තොරතුරු සදහන් කලොත් මසක් ගත වෙන්න පෙර නිත්ය පිවිසුම් (Unique Visitors) 5000කට ආසන්න ප්‍රමාණයකුත්, පිටු ප්‍රදර්ශණය වූ වාර ගණන(page Views) 12000කටත් වඩා වැඩි ගණනක්.

ඉතින් ඔබේ සහයොගයත් සමග තමා මට මෙච්චර දුරකට එන්න ලැබුනේ. ඉතින් මාත් සමග සබැඳුමක් හුවමාරු කරගැනීමට කැමති නම් පළමුව මෙම බ්ලොග් අඩවිය “රුක්ෂාන්ගේ බ්ලොග් සටහන” ලෙස ඔබේ සබැඳුම එක් කරන ස්ථානය එක් කර මෙහි ප්‍රතිචාරයක් ලෙස සදහන් කරන්න. මම හැකි ඉක්මනින් ඔබේ සිංහල බ්ලොග් අඩවියත් මාගේ “බ්ලොග් අඩවි” කොටසට එකතු කරන්නම්.

Wordpress බ්ලොග්කරණයට පිවිසෙමු

ඔබත් දැන් බ්ලොග් එකක් යනු කුමක්දැයි සරලව දන්නවා ඇති. කෙටියෙන් කිව්වොත් බ්ලොග් එකක් යනු අන්තර්ජාලයේ පවත්වා ගෙන යන දින පොතක්. ඉතින් අපිට විවිධ අරමුණු ඔස්සේ බ්ලොග් අඩවියක් පවත්වා ගෙන යන්න පුළුවන්. ඒවා නම් විනොදෙට, තමන් දන්න දේ අනික් අයත් සමග බෙදා හදා ගන්න, අන්තර්ජාලයෙන් මුදල් හොයන්න වගේ විවිධාකාර දේවල් තිබෙනවා. ඉතින් බ්ලොග් එකක ප්‍රධාන ලක්ෂණ කීපයක් පවතිනවා. කතෘ විසින් ලිපි පල කිරීම, බ්ලොග් අඩවියට පිවිසෙන්නන් විසින් ප්‍රතිචාර දැක්වීමට හැකි වීම, RSS feed එකක් මගින් යාවාත්කලීන වූ අන්තර්ගතය බ්ලොග් අඩවියට පිවිසීමකින් තොරව බලා ගැනීමට හැකි වීම. ඉතින් බ්ලොග් එකක් යනු කුමක්දැයි ගැන සම්පූර්ණ විස්තරයක් බ්ලොග් එකක් කියන්නෙ මොකද්ද? යන ලිපිය කියවීමෙන් හොද අවබොධයක් ලබා ගන්න පුළුවන්.

තමන්ගෙම කියා බ්ලොග් එකක් පවත්වාගෙන යාම හරිම ලේසියි. මෙය නොමිලේ හො සුළු මුදලක් වැය කර කරන්න පුළුවන්. මම නම් බ්ලොග් එකක් සදහා හැමොටම නිර්දේශ කරන්නේ Wordpress. මේ වගේ බ්ලොග් එකක් ලියන්න නම් Wordpress නැතුවම බැහැනේ. පහත දැක්වෙන්නේ Wordpress වලට අද පවතින ඉල්ලුම.


මූලාශ්‍රය: http://www.odesk.com/blog/2009/01/top-growth-tech-skills-in-2008

Wordpress trends

හිතාගන්නත් අමාරුයි නේද Wordpress මෙච්චර ප්‍රචලිතද කියලා! ඔබ තවමත් මෙයට ආධුනීක නම් නොම්ලේ ලබා දෙන බ්ලොග් සේවාවක් භාවිතා කරන්න. Wordpress.com නිර්දේශිතයි( විකල්ප: https://www.blogger.com ,http://www.blogsome.com, http://blogetery.com, http://bloggles.info)

Wordpress.com මගින් ඔබට කැමති නමක්.wordpress.com යන අකාරයට බ්ලොග් අඩවියක් පවත්වා ගෙන යන්න පුළුවන්. බ්ලොග් එකක් මෙහි ස්ථාපිත කරගන්න යන්නේ විනාඩියකටත් වඩා අඩු කාලයක්. ඔබටත් මෙම සිංහල බ්ලොග් එක වැනි බ්ලොග් අඩවියක් පවත්වා ගෙන යන්න නම් Domain name සහ Web hosting ගිණුමක් අවශ්ය වෙනවා. ඒ සදහා වර්ඩ්ප්‍රෙස් සිංහල අඩවිය මගින් සිංහල වර්ඩ්ප්‍රෙස් ස්ථාපිත කළ යුතුයි. ඇත්තටම මම සදහන් කලේ Wordpress බ්ලොග්කරණයට ආරම්භය පමණයි. තව සදහන් කළයුතු කරුණු ගොඩක් තියෙනවා. ඒ ගැන ඉදිරි ලිපි වලින් සදහන් කරන්නම්.

Google Adsense සිංහල බ්ලොග් වලට සාර්ථකද?

ජනවාරි 10, 2009 by · 3 Comments
Filed under: ක්‍රම සහ විධි, බ්ලොග් 

මට මේ බ්ලොග් ලිපිය ලියන්න හිතුනෙ දිනපතා සිංහල බ්ලොග් පරිශීලනය කරද්දි බොහොවිට සිංහල බ්ලොග් වල
Google Adsense මහජන සේවා දැන්වීම(Public Service Ads) දර්ශනය වන නිසා. ඔබ කවුරුත් දන්නවනෙ මෙම දැන්වීම් වලින් අපට ප්‍රතිලාභයක් නොලැබෙන බව. ඉතින් මෙය සිදුවීමට විවිධ හේතු තිබෙනවා, ඒවානම්,

  • සිංහල භාෂාව බ්ලොග් ලිපි හා අන්තර්ගතය සදහා මූලික කරගැනීම: අපට මෙම අභියොගයට මුහුණ දෙන්න වෙනවා, මොකද අපි සිංහල භාෂාවෙන් බ්ලොග් එක පවත්වාගෙන යාමෙදී මෙම ගැටලුවට මුහුණ දෙන්න වෙනවා.
  • අපරටේ Google Adwords සේවා භාවිතා වීම අඩු වීම: එබැවින් අපරටට අදාල දැන්වීම් මදක් අවම ප්‍රමාණයකින් පවතිනවා.
  • බ්ලොග් ලිපි වල අන්තර්ගතය ගුණාත්මක නොවීම: මෙයට ලිපි වල අන්තර්ගතය බලපානවා

ඔබත් අඩවියේ ක්‍රියාත්මක කරනවා නම්, පහත් කරුණු ගැනත් සලකා බලන්න.

  • හැකි සෑම විටම රූපක දැන්වීම(Image Ads) භාවිතා කරන්න.
  • තාක්ෂණික ලිපි පලකිරීමේදී English terms කීපයක් බ්ලොග් ලිපියට අන්තර්ගත කරන්න.
  • Adsense Ads ප්‍රමාණයන් කීපයක් අත්හදා බලා සාර්ථකම දැන්වීම් කීපය හදුනා ගන්න.
  • බ්ලොග් අඩවියට Back links සහ නිත්ය පිවිසුම(Unique Visitors, Traffic) ප්‍රමාණය වැඩි කරගන්න. මේ සදහා ඔබට අනෙකුත් සිංහල බ්ලොග් අඩවි වල ප්‍රතිචාර පළ කිරීම(SPAM නොවන ආකාරයට ).
  • වෙනත් අන්තර්ජාල දැන්වීම්කරණයන් අත්හදා බැලීම. මට පෙනුනු ආකරයට නම් maxbounty ඉතාමත් සාර්ථක විකල්ප ක්‍රමයකි.

මම නම් හිතන්නෙ සිංහල බ්ලොග්කරුවන් හැටියට මේ ගැනත් සැලකිලිමත් විය යුතුයි කියා, මොකද Google Adsense මහජන සේවා දැන්වීම(Public Service Ads) පළකිරිමෙන් සිදු වන්නේ බ්ලොග් අඩවියේ ඉඩප්‍රමාණයන් නිකරුනේ ඇහිරීයන නිසාය.

RSS feed පිලිබද සරල හැදින්වීමක්

මෙයත් Web 2.0 සමග පැමිණි හොද සේවාවක්, මෙම්ගින් ඔබට වෙබ් අඩ්වි පරිහරණය කිරිමේ වේලාව ඉතිරි කර ගත හැකියි. මොහොතක් සිතන්න, ඔබ වඩාත් ප්‍රියකරන බ්ලොග් අඩ්වි 10ක් පමණ දිනකට කියවීමට අවශය වුවත් අන්තර්ජාල්යේ සිටීමට ඇති කාලය සීමාසහිත නම්. අන්න එතකොට තමා RSS feed එක වැදගත් වෙන්නෙ, සරලව කිව්වොත් එයින් කරන්නේ යාවත්කාලීන(Updates) වුනු අන්තර්ගතය(Posts, Comments) ඔබට වෙබ් අඩවියට පිවිසීමකින් තොරව බලා ගැනීමට හැකි වීම.ඔබට මෙම සේවාව ලබා ගැනීමේ විවිධ ක්‍රම භාවිතා කරන්න පුලුවන්, ් වඩාත් පහසුම සහ මම දැනට භාවිත කරන ක්‍රම 2ක් ගැන සදහන් කරන්නම්. උදාහරණයක් ලෙස මෙම බ්ලොග් එකට දායකත්වය ලබාගන්නා අයුරු පැහැදිලි කරන්නම්.

Firefox Browser එක භාවිතා කරමින්

මෙය තමා මම දුටු වඩාත් පහසුම ක්‍රමය, මුලින්ම Firefox Browser එකේ http://www.sinhalablog.com/feed ලිපිනය සටහන් කරන්න, එවිට පහත ආකරයට, ඉතාමත් පහසුවෙන් කරගැනීමට පුලුවන්.

Firefox live bookmarking

Google Reader එක භාවිතා කරමින්(නිර්දේශිත ක්‍රමය)

මෙය තමා වඩාත්ම කාර්යක්ෂම ක්‍රමය, මොකද Google කිව්වොත් කරන්නෙ නොම්මර එකේ වැඩක්නේ. මුලින්ම Google Reader එකට පිවිසෙන්න, මෙයත් නොමිලේ ලබා දෙන Email Account(Gmail)එකක් හා සමානයි. දැන් මෙම බ්ලොග් එකේ දකුණු පස ඇතිSinhala blog RSS1

එකේ right click කර path එක copy කරගන්න. දැන් Google Reader එකට ගොස් පහත රූපසටහන් වල දැක්වා ඇති ආකාරයට උපදෙස් පිලිපදින්න.

RSS subcriptionඅවසානයේ ඔබට මෙම බ්ලොග් එකේ ඇති සියලුම ලිපි ඉතාමත් ඉක්මනින් පරිහරණය කිරීමට පුලුවන්. මෙහි ඇති සුවිශේෂිවත්වය නම් මෙවැනි බ්ලොග් අඩවි විශාල ගණනක් මෙයට එකතු කර එකම වෙලාවකදී, එකම තැනකදී බ්ලොග් අඩවි වලට වෙන වෙනම පිවිසෙන්නේ නැතිව බ්ලොග් ලිපි කියවීමට පුලුවන් වීම.

දැන් රුක්ෂානුත් එහෙනම් සිංහල බ්ලොග් ලියන්න පටන් ගෙන!

දෙසැම්බර් 29, 2008 by · 11 Comments
Filed under: පොදු, බ්ලොග් 

ඔන්න එහෙනම් මමත් මේ වැඩේට ටිකක් පහු වෙල හරි බැස්සා, දැනටමත් අපිට සිංහල බ්ලොග් සිය ගණනක් බලගන්න පුලුවන්නෙ. ඉතින් මටත් පොඩි ආසවක් ඇති වුනා සිංහල බ්ලොග් එකක් පටන් ගන්න.මමත් කැමතියි ඔය Internet එකේ ඉන්න ගමන් ආසවට කරන වැඩ ටික ඔයාලත් එක්ක බෙදා හදා ගන්න, මටත් ඉතින් වෙලාව ලැබුනම තමා මේකේ මොකක් හරි ලියන්න පුලුවන් වෙන්නෙ. මොකද අපි හැමොටම කාලය රන් හා සමානයිනෙ.

මම මේ බ්ලොග් එකෙන් කරන්න බලපොර්‍රොත්තු වෙන්නෙ අන්තරජාලයේ නවතම තොරතුරු, අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමේ පහසු ක්‍රම, තාක්ෂණික ලිපි ඔයලත් එක්ක බෙදා හදා ගන්න.ඉතින් මේ හැම දේටම ඔයලගෙ සහයොගය මට අවශය වෙනවනෙ. ඔයලගෙන් ලැබෙන ප්‍රතිචාර අනුව තමා මම මේ බ්ලොග් එක පවත්ව ගෙන යන්න අදහස් කරගෙන ඉන්නෙ.

RSS Feed

RSS


මොකද්ද මේ RSS Feed එකෙන් කෙරෙන්නේ?
Twitter

සිංහල උපකාරකත්වය

UCSC
සිංහල ගන්න
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

Internet Top Blogs Page Rank Check Page copy protected against web site content infringement by Copyscape