අප රටේ වඩාත් ජනප්‍රිය වෙබ් අඩවි මොනවාද?

ජනවාරි 11, 2009 by · 13 Comments
Filed under: අන්තර්ජාලය, තාක්ෂණික, පොදු 

මමත් ඔය අන්තර්ජාලයේ නිකන් ඉන්න වෙලාවට බලන වාර්තාවක් තමා වැඩිම Traffic තිබෙන වෙබ් අඩවි මොනවාද කියා, ඉතින් මේ දේට වඩාත් සුදුසුම වෙබ් අඩවිය තමා Alexa වර්ගීකරණය. මේ සදහා ඔවුන් Alexa Tool bar එක ස්ථාපිත කරගත් පරිශීලකයන්ගෙන් කොපමණ පිවිසුම් ගණනක් ඇත්දයි සොයා බලනවා. මේ සදහා මම භාවිතා කරන්නේ Mozilla firefox හි SearchStatus 1.27 යන එකයි. මෙමගින් ඔබට යම් වෙබ් අඩවියක Alexa rank මෙන්ම Google PageRank ද පහසුවෙන් දැන ගත හැකියි. ඔන්න එහෙනම් ගැන මම පොඩි හැදින්වීමක් කළා.

මෙම බ්ලොග් ලිපියේ මතෘකාව අපරටේ වඩාත් ජනප්‍රියම වෙබ් අඩවි ගැන විග්‍රහයක්නෙ. මෙහිදී ඔබට අපරටේ ජනප්‍රියම වෙබ් අඩවි 100 ගැන දළ අවබොධයක් ලබා ගන්න පුලුවන්. කොහොමත් සෑම රටකම වගෙ අප රටෙත් Yahoo තමා පෙරමුණේ ඉන්නේ. ඇත්තටම Google පළමු ස්ථානයේ නැත්තේ ඔවුන් විවිධ රටවලට වෙන වෙනම සෙවුම් යන්ත්‍ර භාවිතා කිරීම නිසාය. එම නිසා තමයි ඊළගට Google.lk සහ Google.com සෙවුම් යන්ත්‍ර දෙක පිළිවෙලින් පෙරමුණේ සිටින්නේ. සිව්වන ස්ථානය නම් පුදුම සහගතයි. අප කවුරුත් හොදින් දන්නා Facebook හතරවෙනි තැනට ඇවිත්.

අප රටේ බ්ලොග්කරුවන් සැලකිය යුතු ප්‍රමාණයක් සිටිනා බවට හොද සාක්ෂියක් තමා Blogger.com හත්වෙනි තැනටත් WordPress.com 18වෙනි තැනටත් පත්වීම. මෙය අනෙකුත් ආසියාතික රටවල් සමග සැසදීමෙදි හොද කරුණක්. ඇත්තටම බ්ලොග්කරුවන් හැටියට අපිත් ආඩම්බර වෙන්න ඔනේ. අපේම් වෙබ් අඩවියක් ලෙස එළකිරි දසවෙනි ස්ථානයේ සිටීම පැසසිය යුතුයි.

අප රටේ පවතින යුදමය සහ දේශපාලන වාතාවරණය නිසා වෙන්න ඇති පුවත් පළ කරන වෙබ් අඩවි විශාල ප්‍රමාණයක් ඉදිරියෙන්ම සිටීම. මේ අතරින් Daily Mirror , BBC Newsline Ticker ,Lankaenews.com , Lankadeepa.lk යනවෙබ් අඩවි කැපී පෙනෙනවා. ඔබ තවත් සුපරික්ෂාකාරිව බැලුවොත් පෙනේවි File Hosting, Torrent, Video Sharing, Social Networks, Telecommunication වෙබ් අඩවිත් අප රටේ ඉතා ජනප්‍රිය බව.

වැඩි ඉල්ලුමක් පවතින වෙබ් අඩවි වර්ග දෙකක්(Proxy, ImageHosting) පහසුවෙන් සකසන අයුරු

ජනවාරි 3, 2009 by · 10 Comments
Filed under: අන්තර්ජාලය, ක්‍රම සහ විධි 

වර්තමානයේ ගොඩක් අන්තර්ජාලය පරිහරණය කරන අයට අවශය වන වෙබ් අඩ්වි වර්ග දෙකක් තමා Proxy, Free Image Hosting යන වෙබ් අඩ්වි වර්ගයන්. Proxy සදහා වැඩිම ඉල්ලුමක් පවතිනවා, මමත් ඔය ඉන්න ගමන් proxy එකක් හැදුවා. ගොඩක් ලේසියි.

මගින් නොමිලේ ලබා දෙන PHP script එකක් ඔබටත් සරල වැටහීමක් ඇත්නම් Proxy අඩවියක් ඉතාමත් පහසුවෙන් සාදා ගැනීමට පුළුවන්. මතක තබා ගත යුතු වැදගත් කරුණක් තියෙනවා, මෙම Proxy Host කිරිමේදී අදාල Web hosting server එක අනුමත කරන බව තහවුරු කරගන්න. දිනෙන් දින මෙවැනි වලට තිබෙන ඉල්ලුම වැඩි වෙමින් තිබෙනවා, මොකද Facebook, Myspace සහ Youtube වැනි ප්‍රචලිත වෙබ් අඩ්වි බොහො රටවල, කාර්යාල වල සහ පාසල් Block වල කර තිබෙනවා. එතකොට Proxy පිහිටෙන් තමා ඒවා බලන්න වෙන්නේ.

මම Image Hosting වෙබ් අඩවියක් ගැනත් සදහන් කලානේ, මේ සදහා වඩාත් ප්‍රචලිත free scripts තමා Mihalism Image Hosting Script එක. ඔබටත් මා සකස් කල නිදර්ශනයක් ImageVisit යන වෙබ් අඩවියෙන් බලා ගැනීමට පුලුවන්. ඉතින් මම මේ බ්ලොග් ලිපිය ලිවීමේ තවත් අරමුණක් තියෙනවා, කොහොමද මෙම වෙබ් අඩ්වි වර්ග දෙකෙන් ආදායමක් ලබාගන්න ආකරය සදහන් කරන එක. මම සකස් කළ proxy එකට $3 පමණ වැය කර $90 ක ශුද්ධ ලාභයක් ලබා ගත්තා. ඉතින් ඒ ගැන “අන්තර්ජාලයෙන් නිවැරිදිව මුදල් ඉපයීමට පටන් ගමු 2″ යන ලිපියෙන් සදහන් කරන්නම්.

Internet Top Blogs Page Rank Check Page copy protected against web site content infringement by Copyscape