Mobitel සහ Airtel සිදූ කළ පෙරලිය

ජනවාරි 6, 2009 by · 15 Comments
Filed under: පොදු 

ඔන්න අද මමත් ගියා නුවර තියෙන Mobitel සහ Airtel ශාඛා දෙකට, මොකද මේ දවස් වල අපට Airtel මගින් නොමිලේ ලබා දෙන කැමති නොම්මරය වෙන් කිරීමේ අයදුම්පත ලබාගන්න. ඉතින් මමත් ටිකක් කල්පනා කරලා පොරමයේ නොම්මර 5ක් සටහන් කලා, දැනට ඔවුන් 0757 යටතේ නොම්මර ලබාදෙනවා. බලමු 12 වෙනිදා වෙද්දි මම බලාපොරොත්තු වෙන නොම්මරය ලැබෙයිද කියලා, සමහර විට මම වාසනාවන්ත වෙයි.

කොහොමත් මේ සදහා වැඩි ඉල්ලුමක් පවතිනවා. මටනම් සිතෙන්නේ Mobitel සහ Airtel යන සමාගම් දෙක ලොකු පෙරලියක් කර ඇති බවයි. අද මා Mobitel පසු ගෙවුම් සේවාව සදහා බිල්පත ගෙවන විට තම වැටහී ගියේ මේවෙනකොට කොච්චර ප්‍රචලිතද කියා. නිලනොලත් ආකරයකින් මටත් දැන ගන්න ලැබුනා සතුව මේ වන විට Mobitel සතුව මිලියන 4ක පමණ පාරිභොගිකයන් පිරිසක් සිටින බව.

ඉතින් මම මේ කෙටි ලිපියෙන් අදහස් කලේ ඔබත් සමග මෙම දුරකථන සමාගම් දෙක කල පෙරළිය ගැන කතා කරන්න. කවුරු අඩුම ගාස්තු ඉදිරිපත් කරාවිද?

Internet Top Blogs Page Rank Check Page copy protected against web site content infringement by Copyscape