Airtel ජනවාරි 12 වෙනිදා ආරම්භ වන වගයි

ජනවාරි 5, 2009 by · 13 Comments
Filed under: තාක්ෂණික, පොදු 

අද දින අහන්නට ලැබුනු වැදගත් නිවේදනයක් තමා Airtel සමාගම ජනවාරි 12 වෙනිදා තම සේවා ආරම්භ කරන බව ජනමාධ්ය හරහා ප්‍රචාරය කිරීම. මෙය නම් පසුගිය වසරේ ලොකු පෙරලියක් කල සමාගමක්. මොකද අද වන විට සියලුම ජාලයන් වඩාත් තරගකාරි මිල ගණන් වලට තම සේවා සපයන එක. ඇත්තටම පාරිභොගික අපට නම් එය හොද කාරණයක්. අද දින අපට රූපවාහිනි වෙළද දැන්වීම්, පුවත්පත් දැන්වීම් සහ වෙබ් අඩවි මගින් උණුසුම් පුවතක් ලෙස දැන ගන්න පුලුවන් වුනා. පහත දැක්වෙන්නේ එවැනි පුවත්පත් දැන්වීමක්. airpaper2

මෙය රූපවාහිනී දැන්වීමක කොටසක්

තවමත් නව සබදතා වල මිල ගණන්, පැකේජ වල දුරකථන ඇමතුම් ගාස්තු ඔවුන් ප්‍රකාශ කර නැහැ, නමුත් ඔවුන් තමන්ට කැමති නොම්මරය ලබා ගැනීමට මහගු අවස්ථාවක් ලබා දෙනවා, මේ සදහා ඔබට තොරාගැනීම් 5ක් ලබාදී, පසුව ඔබට එක් නොම්මරයක් ලබා දීමට කටයුතු කරාවි. කොහොම වුනත් අද දින මේ සදහා දැඩි තදබදයක් තිබුනු බව නම් මාධ්ය වලින් දැන ගැනීමට හැකි වුනා.

« පෙර පිටුවට

Internet Top Blogs Page Rank Check Page copy protected against web site content infringement by Copyscape