Godaddy වෙතින් $ 1.99 කට .com ඩොමේන් එකක්

පසුගිය ලිපියෙන් අඩු මුදලකට Web Hosting Account එකක් ලබාදෙන දීමනාවක් ගැන මම සදහන් කළා ඔබට මතක ඇති. අදත් අන්තර්ජාලයේ පොඩ්ඩක් විමසිල්ලෙන් ඉද්දි තමා Godaddy එකෙන් ලබාදෙන මෙම දීමනාව ගැන දනගන්න ලැබුනේ. දැනට ඩොමේන් එකක් ගන්න හොදම තැන Godaddy බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.සාමාන්‍යයෙන් මෙම දීමනාව ඔවුන් වසරකට දෙතුන් වතාවකට වඩා ලබා දෙන්නේ නැහැ. නමුත් අද දින අළුතෙන් .com ඩොමේන් එකක් ලියාපදිංචි කිරීමට වැය වන්නේ $2 වැනි සුළු මුදලක්. මේ සදහා කළ යුත්තේ මුදල් ගෙවීමට යන අවස්ථාවේදි Coupon Code එක ලෙස 199DOMAIN සටහන් කිරීමයි.

ImageVisit ~ Fast Way to Host Images

මතක තබා ගත කරුණක් තිබෙනවා, මේ දීමනාව ලැබෙන්නේ ඉතා සීමිත කාලයකට එක් ගිණුමකට එක වරක් පමණයි. නමුත් දීමනාව නම අපි හැමොටම වාසි සහගතයි :D

DreamHost වෙතින් දැවැන්ත මිළ අඩු කිරීමක් (වසරක් සදහා Web Hosting+Domain $9.24 යි)

මෙන්න නැවතත් අගනා දීමනාවක්! ඇත්තටම මෙය 92% ක මිළ අඩු කිර්‍රිමක්, ඔබත් මේ දිනවල Domain එකක් සමග අසීමිත ඉඩ කඩක් සපයන Web Hosting Account එකක් මිළට ගන්න බලාපොරොත්තු වෙනවානම් අනගි අවස්ථාවක්.
ImageVisit ~ Fast Way to Host Images

මීට මාසයකට පමන කලිනුත් ඔවුන් මේ දීමනාව ලබා දුන්නා, ඒ වෙලාවේ මමත් කලේ මේ අවස්ථාව ලබාගත් එකයි. ඉතින් මේ දීමනාව ලබා ගන්න නම් DreamHost වෙතට ගොස් Promotional Codes එක 777 ලෙස සටහන් කරන්න.
ImageVisit ~ Fast Way to Host Images

Google Apps භාවිතා කිරීමට හුරු වෙමු

Google සමාගමෙන් අපට ලබා දෙන තවත් වටිනා සේවාවක් තමා Google Apps. සමහර විට ඔබත් Gmail වලට සමාන Email ගිණුම් වෙනත් Domain නාමයන් මගින් භාවිතා කරන අවස්ථා දැක ඇති. ඒ කියන්නේ අප සතුව ඇති Domain නාමයක් උපයොගි කරගෙන Gmail වැනි සේවාවක් අපටම ලබා ගැනීමයි. උදාහරණයක් ලෙස එදිනෙදා භාවිතා කරන myemail@gmail.com Emailගිණුමක් myemail@mydoamin.com ආකරයට සකස් කරගන්න පුළුවන්. දැනට මෙම Google Apps මගින් අපට Email, Chat, Calendar, Docs සහ Sites සේවාවන් නොමිලේ ලබා ගන්න පුළුවන්. (වාණිජ කටයුතු සදහා ගෙවීම් සිදුකළ යුතු Premier Edition සේවාවක්ද පවතිනවා)

Google Apps ගැන පොඩි අවබොධයක් ලබා ගන්න පහත එක නරඹමු.

ඔබටත් මෙම සේවාවන් ලබා ගැනීමට අවශ්ය වන්නේ Domain නාමයක් සතුව තිබීම පමණයි. ඉතින් වැඩි තොරතුරු සහ මෙම සේවාවන් ලබා ගැනීමට Google Apps වෙතට පිවිසෙන්න.

Internet Top Blogs Page Rank Check Page copy protected against web site content infringement by Copyscape