එකවර Gmail ගිණුම් රාශියක අන්තර්ගතය බලන හැටි

ඔබත් විවිධ අවශ්යතා සදහා Gmail ගිණුම් කිහිපයක් භාවිතා කරනවා ඇති. වර්තමානයේ බොහො දෙනෙක් තමාගෙ එදිනෙදා කටයුතු සදහා Gmail ගිණුම් කිහිපයක් භාවිතා කරන ප්‍රවණතාවයක් පවතිනවා. ඒත් මේවා සියල්ල වෙන වෙනම පරීක්ෂා කරන්න ගියොත් වෙන්නෙ දිගු වෙලාවක් මේ දේටම කාලය වෙන් කරන්නනේ. ඉතින් මේ සදහා අපට භාවිතා කළ හැකි හොදම ක්‍රමය තමා Mozilla Firfox හි ස්ථාපිත කළ හැකි Gmail Manager Addon එක භාවිතා කිරීම. මෙහිදී ඔබට ඉතාමත් කෙටි කලක් තුල Gmail ගිණුම් වෙත ලැබී ඇති Unread Emails මොනවාදැයි බලාගන්න පුළුවන්.

Gmail manager1

මෙහි ඇති විශේෂ ලක්ෂණ වන්නේ,

  • ලැබී ඇති නව Emails වල කෙටි සටහනක් ලබා ගැනීම.
  • Google Application මගින් භාවිතා කරන Email ගිණුම පවා යොදා ගැනීමට හැකි වීම.
  • Gmail ගිණුම් වැඩි ගණනක් කළමනාකරණය කල හැකි වීම.
  • Single click එකක් මගින් භාවිතා කරන සියලුම Gmail ගිණුම් වල නවතම අන්තර්ගතය පරීක්ෂා කිරීමට හැකිවීම.
  • යාවත්කාලීන වී ඇති Gmail ගිණුම් නිල් පාටින්ද, නව Emails නැති Gmail ගිණුම් රතු පාටින් දිස් වීම.

Gmail manager2

Google Apps භාවිතා කිරීමට හුරු වෙමු

Google සමාගමෙන් අපට ලබා දෙන තවත් වටිනා සේවාවක් තමා Google Apps. සමහර විට ඔබත් Gmail වලට සමාන Email ගිණුම් වෙනත් Domain නාමයන් මගින් භාවිතා කරන අවස්ථා දැක ඇති. ඒ කියන්නේ අප සතුව ඇති Domain නාමයක් උපයොගි කරගෙන Gmail වැනි සේවාවක් අපටම ලබා ගැනීමයි. උදාහරණයක් ලෙස එදිනෙදා භාවිතා කරන myemail@gmail.com Emailගිණුමක් myemail@mydoamin.com ආකරයට සකස් කරගන්න පුළුවන්. දැනට මෙම Google Apps මගින් අපට Email, Chat, Calendar, Docs සහ Sites සේවාවන් නොමිලේ ලබා ගන්න පුළුවන්. (වාණිජ කටයුතු සදහා ගෙවීම් සිදුකළ යුතු Premier Edition සේවාවක්ද පවතිනවා)

Google Apps ගැන පොඩි අවබොධයක් ලබා ගන්න පහත එක නරඹමු.

ඔබටත් මෙම සේවාවන් ලබා ගැනීමට අවශ්ය වන්නේ Domain නාමයක් සතුව තිබීම පමණයි. ඉතින් වැඩි තොරතුරු සහ මෙම සේවාවන් ලබා ගැනීමට Google Apps වෙතට පිවිසෙන්න.

Internet Top Blogs Page Rank Check Page copy protected against web site content infringement by Copyscape