Windows7 Beta1 නිකුත් වෙයි

ජනවාරි 13, 2009 by · 10 Comments
Filed under: තාක්ෂණික, වින්ඩොස් 

පසුගිය සතිය ගෙවෙනවාත් සමග ගොඩක් කතාබහට ලක්වුනු මාතෘකාවක් තමයි ජනවාරි 9 වෙනිදා Windows7 Beta1 නිකුත් වීම. මටත් මේ ගැන කුතුහලයක් ඇති වුනේ Youtube වල නවතම තාක්ෂණික Videos ගැන සොයා බලද්දි.

පසුව මේ පිලිබද නිල වෙබ් අඩවිය පිරික්සීමෙදි මේ ගැන නවතම තොරතුරු රාශියක් ලබාගත්තා. මෙය අපටත් අත්හදා බැලීමට Microsoft මගින් නිල වශයෙන් නිකුත් කර තිබෙනවා. මෙය ස්ථාපිත කිරීමට පහත අවම අවශ්යතා සපුරාලිය යුතුයි.

  • 1 GHz 32-bit or 64-bit processor
  • 1 GB of system memory
  • 16 GB of available disk space
  • Support for DirectX 9 graphics with 128 MB memory (to enable the Aero theme)
  • DVD-R/W Drive
  • යාවත්කාලීන කිරීමට අන්තර්ජාල සබදතාවය.

දැනටමත් ස්ථාපිත කරගත් ගොඩක් අය කියන්නේ මෙය Windows Vista ට වඩා වේගවත් සහ පහසුයි කියා. ඔබටත් අත්හදා බැලීමට අවශ්ය නම් පහත දක්වා ඇති Links මගින් බාගත හැකියි.

32 bit සංස්කරණය

64 bit සංස්කරණය

වැඩි තොරතුරු Windows7 නිල වෙබ් අඩවිය මගින් ලබාගන්න.

Internet Top Blogs Page Rank Check Page copy protected against web site content infringement by Copyscape