Tigo හිමිකාරිත්වය මැද පෙරදිග Etisalat සමාගම හිමිකරගැනීම සහ ලංකාවේ ජංගම දුරකථන ක්ෂේත්‍රයේ අනාගතය
දැන් ටික කාලෙක ඉදන් Tigo සමාගමේ හිමිකාරිත්වය Millicom වෙතින් වෙනත් සමාගමකට පවරන්න යන බව ආරංචියක් තිබුනනේ, ඔන්න අද දැනගන්න ලැබුනා මැදපෙරදිග සමාගමක් වන Etisalat එය ඩොලර් මිලියන 155ට ලබා ගන්නා බව. ඇත්තටම මේ ගැන සංවාදයකට බදුන් කල යුතු කාරණා ගොඩක් තියෙනවා, එකක් තමයි දැනට ලංකාවේ ජංගම් දුරකථන සමාගම් අතර පවතින තරගකාරිත්වය, දැනට මේ ක්ෂේත්‍රයේ පවතින රැකියා අර්බුදය හා මිළ ගණන් අඩුකිරීම මත ඇතිවී ඇති අර්බුද ගැන සොයාබැලීම. දැනට අප රටේ ක්‍රියාත්මක වන සියලුම සමාගම්වල මව් සමාගම විදේශීය බහු ජාතික සමාගමක් නිසා මේ පරිවර්තනය වීම එතරම් අමුතු දෙයක් නෙවෙයි. නමුත් අපෙ බොහෝ දෙනා මේගැන දැනුවත් වෙලා ඉන්නේ ගොඩක් අඩුවෙන්. සමහර අය හිතන්නේ Airtel නම් ඉන්දියාවේ, Dialog නම් ශ්‍රී ලාංකික සමාගමක්, Mobitel අපේම දෙයක් කියලා
නමුත් ඇත්ත නම් මේ හැම සමාගමක්ම පාලනය වන්නේ විදේශීය සමාගම් වලිනුයි.
Mobitel > Maxis
Dialog > Axiata
Airtel > Bharathi Airtel
Hutch > Hutchison Telecommunications
හැබැයි මීට ටික කලක්ට ඉහතදී නම් Bharathi Airtel සහ Axiata වෙතින් ලොකු තරගකාරිත්වයක් තිබුනා tigo සමාගම පවරගන්න. බැරි වෙලාවත් එහෙම වුනානම් හොද සෙල්ලමක් බලා ගන්න තිබුනා, මොකද සමාගම් දෙකෙන් එකකට ග්‍රාහක පිරිස වැඩි කරගන්න තිබුනනේ. තරගකාරිත්වය ගැන කතා කරද්දි තමයි මතක් වුනේ ලෝකයේ විශාලතම ජංගම දුරකථන සමාගම් 20 ගැන(ග්‍රාහකයන් ගණන මිලියන වලින් දක්වා ඇත).
- China Mobile 499.5 (August 2009)
- United Kingdom Vodafone 302.6 (March 2009)
- Spain Telefónica / Movistar / O2 261.4 (March 2009)
- Mexico América Móvil 190.4 (April 2009)
- Norway Telenor 168.0 (June 2009)
- Germany T-Mobile 149.8 (June 2009)
- China Unicom 140.4
- Sweden TeliaSonera 134.8 (February 2009)
- France Orange / France Télécom 117.6 (September 2008)
- India Bharti Airtel 110.89 (August 2009)
- South Africa MTN Group 100.0 (April 2009)
- Russia MTS 91.7 (September 2008)
- United States Verizon Wireless 87.7 (June 2009)
- United Arab Emirates Etisalat 85.0 (July 2009)
- Egypt Orascom Telecom 84.0 (June 2009)
- India Reliance Communications 84.81 (August 2009)
- United States AT&T Mobility 79.6 (June 2009)
- Italy Telecom Italia / TIM 70.6 (September 2008)
- Japan NTT docomo 55.1 (August 2009)
- Malaysia Axiata Group 51.2(June 2009)
දැනට වල මේ පරිවර්ථනය ගැන යමක් කියන්න අපහසුයි, බලමු අනාගතයේ මොනවද වෙන්නේ කියලා
Mobile Phone Service සමාගම් අතර සීතල යුද්ධය
Sorry, there are no polls available at the moment.මේකත් නිකන් සමාගම් අතර කිව්වට මේ දිනවල අපිට පේන්නේ සමාගම් දෙකක් අතරෙ ද්වන්ධ සටනක්නේ. මේ දිනවල අපිට මාධ්ය මගින් දක්නට ලැබෙන “Hello Sri Lanka” වෙළද දැන්වීම් කීපයෙන්ම අපිට ඒ උණුසුම දකින්න පුළුවන්. කොහොමත් මේ සීතල යුද්ධය ආරම්භ වෙන්න මම දැක්ක කාරණා තුනක් තියෙනවා.
- ඉන්දියානු Airtel සමාගම අපරටේ සේවා ඇරඹිමට කටයුතු කිරීම.
- Mobitel උපහාර පැකේජය.
- Tigo තත්පරයට අයකිරීමේ ක්‍රමය හදුන්වාදීම.
ඇත්තටම මෙයින් ලොකුම පහර එල්ල වුනේ මෙතෙක් අප රටේ ප්‍රමුඛතම සමාගමක් වන Dialog GSM වෙතට. මේ දිනවල Airtel මගින් නොමිලේ දෙන SIM පත ලබා ගැනීමට බොහො දෙනෙක් උදේ පාන්දර ඉදලම පොලිමෙ ඉන්න එක හැම නගරෙකම දක්නට පුළුවන්නෙ (මට නම් පොලිමේ ඉන්න කම්මැලියි ). Mobitel වල නම් තරමක නිහැඩියාවක් පවතිනවා, මොකද ඔවුන්ගේ ගාස්තු පිළිබද බොහො දෙනෙක්ගේ ප්‍රතිචාරය ධනාත්මකයි. මමනම් හිතන්නේ අපට 2009 වසර වලට නම් සුභයි වගේ, ඒ 6වෙනි සමාගමත් මෙරට ස්ථාපිත වෙන බව පසුගිය දිනවල ප්‍රචාරය වුනානේ.
කොහොම වුනත් මේ සීතල යුද්ධයෙන් සියලු ප්‍රතිලාභ ලැබෙන්නේ පාරිභොගික අපටයි.

