Twitter අක්‍රියයි Facebook එකත් අඩපණයි
මෙන්න නියම වැඩක්, අන්තර්ජාලයේ තරගකාරයො දෙන්නෙක්ට වුන හදිය. අද බොහෝ දෙනෙක් අතර කතා බහට ලක් වුනු මාතෘකාවක් තමයි Twitter අක්‍රිය වීම සහ Facebook අඩපණ වීම.
හැබැයි දැන්නම් ටික ටික යථා තත්වෙට පත් වෙනවා වගේ. මේ වගේ දැවැන්ත වෙබ් අඩවි පාලනය කරන්න් විශාල සහ පළපුරුදු කාර්යය මණ්ඩලයක් සිටිනවනේ. ඇත්තටම මට මේ හදිසි ලිපිය ලියන්නත් හිතුනේ මේ වගේ තරගකාරින් දෙදෙනෙක්ගේ වෙබ් අඩවි වල යම් අකර්මන්‍ය විමක් එකම දිනයෙත් වුන නිසයි. Facebook වල නම් පොඩි පොඩි අවුල් ටිකක් තියෙන්නේ, චැට්කරන්න සහ PM යවද්දි පොඩි ගැටලු ඇතිවෙනවා.
මේ Twitter ගැන පළවූ පුවත් වාර්තා (දැනට දැනගන්න ලැබෙන ආකාරයට DDOS Attack එකක්)

BBC news : Twitter site reopens after attack
Ongoing denial-of-service attack 1 hour ago
We are defending against a denial-of-service attack, and will update status again shortly.
Update: the site is back up, but we are continuing to defend against and recover from this attack.
We are determining the cause and will provide an update shortly.
Update: we are defending against a denial-of-service attack.
නිල වශයෙන් වන දැන්වීම් මෙතනින් දැනගන්න status.twitter
හැබැයි මේවගේ සිදුවීම් අලින් ආට එතරම් බලපෑමක් සිදු නොවුනත්, අන්තරජාලයෙන් බොහෝ ප්‍රයෝජන ගන්න විදේශිකයන්ට නම් මරු පහරක්
Facebook නව පෙනුමක් හදුන්වාදීමට බලපෑ කරුණු හා Facebook අනාගතය
මේ සතිය අවසන් වෙනවත් සමග බොහෝ දෙනෙක් අතරේ කතා බහට ලක්වුනු දෙයක් තමා Facebook නව පෙනුමක් හදුන්වා දීම. මීට මාස ගණනකට කලිනුත් ඔවුන් මේ දේම කළ බවට ඔබට මතක ඇති. බැලූ බැල්මට නම් මේ පෙනුම කිසි වැඩකට නැති එකක් ලෙස කෙනෙකුට තර්ක කරන්න පුලුවන්. මටත් එකවරම මේ නව පෙනුම දැකපුවහම පුදුම හිතුනා. ඉතින් මේ වෙනස් වීමක් පිටුපස අනිවාර්යයෙන් ලොකු හේතුවක් ඇති කියලා, අන්තර්ජාලයේ හොදට සොයා බැලුවා. ටිකක් මේ ගැන හොයද්දි තමා දැනගත්තේ මෙහි ප්‍රධාන අරමුණ. ඒ ඔවුන්ගේ තරගකරුවෙක් වන Twitter සමග කරට කර සටනක් දීම. ඇත්තම කිව්වොත් Twitter කොපි කිරීමක්
ඔබට Twitter ආගන්තුක නම් Twitter මොනවද ඔබ කරන්නේ? ලිපිය කියවන්න .මේ පසුගිය මාස වල මේ වෙබ් අඩවි දෙකේ සාමජික පිරිසේ ප්‍රමාණය ගැන සටහනක්.
තවමත් ප්‍රමාණාත්මකව Facebook ඉදිරියෙන් සිටියත් Twitter එන්න එන්නම අන්තර්ජාල භාවිතා කරන්නන් අතරේ ජනප්‍රිය වන ප්‍රවණතාවයක් තිබෙනවා. ඉතින් මේ දේ තමා නව පෙනුමට ගොඩක්ම බලපෑවේ. දැනට නව පෙනුමත් සමග විශේෂාංග කීපයක් ඔවුන් හදුන්වා දෙනවා.
- News Feed

ඔබගේ යහළුවන්ගේ නවතම තොරතුරු Facebook Homepage එකේ මැද, එනම් ප්‍රධානම කොටසේ ප්‍රදර්ශනය වීම තමා මෙම කොටසෙන් සිදු කරන්නේ. Twitter සමග සංසදනය කරද්දි කිසිම වෙනසක් පෙනෙන්න නැහැ. මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නේ අපෙ යහළුවන් කරන දේ ගැන ඉතාමත් ඉක්මනින් දැන ගැනීමට හැකිවීම. ඇත්තටම කලින් තිබූ ආකාරයට හැම දෙයක්ම මිශ්‍ර වී යාවත්කාලීන වීම දැන් පෙනෙන්නට නැහැ. ඉතින් Twitter මගින් ලබා ගන්නා මූලිකම පහසුකම දැන් පෙරටත් වඩා Facebook හොදින් සපයනවා.
2. The Publisher

මේ කලින් තිබූ Status Update කිරීම දැන් වැඩි පහසුකම් සහිතව ලබා දීම.
3. Discovering Content
මෙයින් ඉහතදී සදහන් නොවුනු යහළුවන්ගේ උපන්දින සිහිකැදවීම්, පින්තූර, යහළුවන්ගේ ක්‍රියාකාරකම් ආදී අනෙකුත් විශේෂාංග දකුණුපස වෙනමම දර්ශණය වෙමින් පවතිනවා.
කොහොමවුනත් දැන්නම් ගොඩක් අය මේ නව පෙනුමට කැමති නැහැ වගේ
, මේවන විට Alexa වර්ගීකරණයට අනුව දැන් 5වෙනි ස්ථානයේ සිට 8වෙනි තැනට පසුබැස තිබෙනවා. ඉතින් Facebook පරිහරණය කරන ප්‍රමාණය මේ දිනවල පැහැදිලි අඩුවීමක් මෙයට බලපාන්න ඇති. කොහොම නමුත් ඔවුන්ට අපේ අදහස Submit feedback here මගින් දැනුම් දෙන්න පුළුවන්.
Twitter මොනවද ඔබ කරන්නේ?
ඔබත් අන්තර්ජාලයේ නිතරම සැරිසරන කෙනෙක්ද? නැත්නම් යහළුවන් සහ නෑදෑ හිතමිතුරන් සමග තොරතුරු බෙදා ගන්නා කෙනෙක්ද? මෙයට කදිම වෙබ් අඩවියක් තමා Twitter, මෙය Web 2.0 තාක්ෂණයේ තවත් විප්ලවයක් වන අතර තමා දැනට කරමින් සිටින දේ අනෙකුත් අයට ක්ෂණිකව දැනුම් දීමටත්, අනෙකුත් අය කරන දේ එකම තැනකින් නැරඹීමටත් වඩාත් ඉක්මනින් Twitter වෙතින් කළ හැකියි. මෙයත් හරියට Facebook වල Profile Status Updates එක වගේ, ඒ බව පහත සැසදීමෙන් තහවුරු කරගන්න පුළුවන්.
Facebook : What are you doing right now?
Twitter : What are you doing?
ඒ කියන්නේ මේ වෙබ් අඩවි දෙකම අපෙ ක්‍රියාකාරකම් ගැන අවධියෙන් සිටීමට හොද ක්‍රමයක් හදුන්වලා දී තිබෙනවා. නමුත් Facebook වලට වඩා Twitter වල යම් කාර්යක්ෂම බවක් පෙනෙන්න තිබෙනවා, ඒනිසා මේ කාර්යයට Twitter නම් හොදයි වගේ. මේ Google Trends මගින් ලබා ගත්ත Twitter වලට ඇති ඉල්ලුම පිලිබද වාර්තාවක්. මෙහි ඇති අන්දමට නම් Twitter ඉතාමත් වේගයෙන් ප්‍රචලිත වන බව පැහැදිලියි.
මූලාශ්‍රය: http://www.google.com/trends?q=twitter
ඔබත් Twitter වල ක්‍රියාකාරි වුනා නම් හොදයි නේද
, ඇත්තටම මෙහි Profile එකක් සාදා ගැනීම ඉතාමත් පහසුයි. ඔබට විනාඩියක්වත් වැය නොවන තරම් කෙටි කාලයකින් එයට බැදෙන්න පුළුවන්. එහෙනම් විනාඩි ගණනක් වැය කරලා මේ Video එක බලලම වැඩේ පටන් ගන්නකො.
මෙහි ඔබ දැනගත යුතු යෙදුම් කීපයක් තිබෙනවා. ඒවා නම්,
- Following: ඔබ පරිශීලනය කරන්නන්
- Followers: ඔබව පරිශීලනය කරන්නන්
Twitter භාවිතයෙන් ඔබට ලැබෙන වාසි,
- සියළුම හිතමිතුරන් දැන් කරන්නේ මොකද්ද යන්න එකම වේලාවකදී දැන ගත හැකි වීම.
- විවිධ බ්ලොග්කරුවන්ගේ නවතම තොරතුරු සබැදුම් සහිතව දැනගැනීමට හැකි වීම.(වර්තමානයේ බොහො බ්ලොග්කරුවන් twitter වල තමාගේ නවතම ලිපිය ගැන සදහන් කරනවා)
- වෙබ් අඩවි වල යාවත්කලීන වීම වලට හොද ප්‍රචාරණයක් ලබා ගැනීමට හැකි වීම.
මේ සමග භාවිතා කළ හැකි සිත්ගන්නා සුළු භාවිතයන්,
Twitteroo: මෙය නොමිලේ ලබාගත හැකි Software එකක්. මෙයින් Desktop එකේ සිටම යාවත්කාලීනවීම් බලා ගත හැකියි.
Tweetbar: Twitter සදහා firefox addon එකක්.
Twittervision: Twitter භාවිතා කරන්නන් සිටින ස්ථානය Google map මගින් දැන ගැනීමට.
Twitterment: Twitter සදහාම වෙන්වූ සෙවුම් යන්ත්‍රය.
එහෙනම් මාවත් Twitter මගින් සම්බන්ධ කරගන්නකො. මේ මගේ Twitter Profile එක!


